ගණන් කථාව Chapter 28

For English

Read ගණන් කථාව Chapter 28 Online

Read ගණන් කථාව Chapter 28 online from the Holy Bible. This chapter is part of the Book of ගණන් කථාව in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of ගණන් කථාව and the Holy Bible online.

Choose a Chapter

A+ A A-

ගණන් කථාව 28

පරිච්ඡේදය 28

1. ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට කියනසේක:

2. ඔබ ඉශ්‍රායෙල් පුත්‍රයන්ට අණකරමින්, මාගේ පූජාව එනම් මිහිරි සුවඳක් ඇති ගින්නෙන් කළ යුතු මාගේ පූජා පිණිස මාගේ භෝජන ඒවායේ නියම කාලවලදී මට ඔප්පුකරන්ට බලාගන්නැයි ඔවුන්ට කියන්න.

3. ඔබ ඔවුන්ට මෙසේ කියන්න-ඔබ සැම ස්වාමීන්වහන්සේට ඔප්පුකරන්නාවූ ගිනි පූජාව නම් නිරන්තර දවන පූජාවක් පිණිස දවස්පතාම කැලල් නැති එක් අවුරුදු බැටළුපැටවුන් දෙදෙනෙක්ය.

4. එක බැටළුපැටවෙකු උදය පූජාකරන්න; අනික් බැටළුපැටවා සවස පූජාකරන්න;

5. ආහාර පූජාවකට කොටා සිඳගත් තෙල් හිනකින් සතරෙන් කොටසක් සමඟ මිශ්‍රකළ සිහින් පිටි ඒඵාවකින් දසයෙන් කොටසක් ඔප්පුකරන්න.

6. එය ස්වාමීන්වහන්සේට ගිනි පූජාවක් කොට මිහිරි සුවඳක් පිණිස සීනයි කන්දේදී නියමකළාවූ නිරන්තර දවන පූජාවක්ය.

7. ඒකේ පාන පූජාව එක එක බැටළුපැටවාට හිනකින් සතරෙන් කොටසක්ය. ස්වාමීන්වහන්සේට පාන පූජාවක් පිණිස ශුද්ධස්ථානයෙහි මද්‍යපානය වත්කරන්න.

8. අනික් බැටළු පැටවා සවස පූජාකරන්න. උදය ආහාර පූජාව මෙන්ද ඒකේ පාන පූජාව මෙන්ද ඒක ස්වාමීන්වහන්සේට මිහිරි සුවඳක් ඇති ගිනි පූජාවක් කොට ඔප්පුකරන්න.

9. සබත් දවසේදී කැලල් නැති එක් අවුරුදු බැටළුපැටවුන් දෙදෙනෙකුද ආහාර පූජාවකට තෙල් මිශ්‍ර සිහින් පිටි ඒඵාවකින් දසයෙන් දෙකොටසක්ද ඒකේ පාන පූජාවද ඔප්පුකරන්න.

10. මෙය වනාහි නිරන්තර දවන පූජාව සහ ඒකේ පාන පූජාවද ඇර එක එක සබත් දවසේදී ඔප්පුකරන දවන පූජාවය.

11. ඔබ සැමගේ මාසාරම්භවලදී ස්වාමීන්වහන්සේට දවන පූජාවක් ඔප්පුකරන්න; එනම් ස්වාමීන්වහන්සේට ගින්නෙන් කරන පූජාවක් වන මිහිරි සුවඳ ඇති දවන පූජාවක් පිණිස කැලල් නැති තරුණ ගොන් දෙදෙනෙක්ද එක බැටළුවෙක්ද එක් අවුරුදු බැටළුපැටවුන් සත් දෙනෙක්ද,

12. එක එක ගොනාට ආහාර පූජාවක් පිණිස තෙල් මිශ්‍ර සිහින් පිටි ඒඵාවකින් දසයෙන් තුන් කොටසක්ද එක එක බැටළුවාට ආහාර පූජාවක් කොට තෙල් මිශ්‍ර සිහින් පිටියෙන් දසයෙන් දෙකොටසක්ද,

13. එක එක බැටළුපැටවාට ආහාර පූජාවක් කොට තෙල් මිශ්‍ර සිහින් පිටියෙන් දසයෙන් කොටසක්ද ඔප්පුකරන්න.

14. උන්ගේ පාන පූජා නම් ගොනෙකුට මුද්‍රිකපාන හිනකින් දෙකෙන් කොටසක්ද එක එක බැටළුවාට හිනකින් තුනෙන් කොටසක්ද එක එක බැටළු පැටවාට හිනකින් සතරෙන් කොටසක්ද වන්නේය. මෙය අවුරුද්දේ මාස වලින් එක එක මාසයේ දවන පූජාවය.

15. නිරන්තර දවන පූජාව ඇර ස්වාමීන්වහන්සේට පාප පූජාවක් පිණිස එළුවෙක්ද උගේ පාන පූජාවද ඔප්පුකරනු ලබන්නේය.

16. පළමුවෙනි මස දසසතරවෙනි දින ස්වාමීන්වහන්සේගේ පාස්කුවය.

17. ඒ මාසයේ පසළොස්වෙනි දින මංගල්‍ය දවසක්ය. සත් දවසක් මුහුන් නොදැමූ රොටි කෑ යුතුය.

18. පළමුවෙනි දවසේ ශුද්ධ රැස්වීමක් වන්නේය; කිසි බර වැඩක් නොකරන්න.

19. තවද ස්වාමීන්වහන්සේට දවන පූජාවක් වන ගිනි පූජාවක් කොට කැලල් නැති තරුණ ගොන් දෙදෙනෙක්ද එක බැටළුවෙක්ද එක් අවුරුදු බැටළුපැටවුන් සත් දෙනෙක්ද රැගෙන ඔප්පුකරන්න.

20. උන්ගේ ආහාර පූජාව වන තෙල් මිශ්‍ර සිහින් පිටියෙන් එක එක ගොනාට දසයෙන් තුන් කොටසක්ද එක එක බැටළුවාට දසයෙන් දෙකොටසක්ද,

21. බැටළුපැටවුන් සත් දෙනාගෙන් එක එක බැටළුපැටවාට දසයෙන් කොටසක්ද බැගින් ඔප්පුකරන්න;

22. ඔබ සැම උදෙසා සමඟිකමක් කරන පිණිස පාප පූජාවකට එක එළුවෙකුත් පූජාකරන්න.

23. නිරන්තර දවන පූජාවක් වන උදයේ දවන පූජාව ඇර මේවාත් ඔප්පුකරන්න.

24. එලෙස සත් දවසක් එක එක දවසට ස්වාමීන්වහන්සේට මිහිරි සුවඳක් ඇති ගිනි පූජාවේ ආහාරය ඔප්පුකරන්න. නිරන්තර දවන පූජාව ඇර ඒකත් ඒකේ පාන පූජාවත් ඔප්පුකරනු ලබන්නේය.

25. සත්වෙනි දින ශුද්ධ රැස්වීමක් පවත්වන්න; බර වැඩක් නොකරන්න.

26. තවද ඔබ සැමගේ සති මංගල්‍යයේදී ඔබ සැම ස්වාමීන්වහන්සේට අලුත් ආහාර පූජාවක් ඔප්පුකරන ප්‍රථම ඵල දවසේදීත් ශුද්ධ රැස්වීමක් පවත්වන්න; කිසි බර වැඩක් නොකරන්න.

27. එහෙත් ස්වාමීන්වහන්සේට මිහිරි සුවඳක් පිණිස දවන පූජාවකට තරුණ ගොන් දෙදෙනෙක්ද එක බැටළුවෙක්ද එක් අවුරුදු බැටළුපැටවුන් සත් දෙනෙක්ද,

28. උන්ගේ ආහාර පූජාව වන තෙල් මිශ්‍ර සිහින් පිටියෙන් එක එක ගොනාට දසයෙන් තුන්කොටසක්ද එක එක බැටළුවාට දසයෙන් දෙකොටසක්ද,

29. බැටළුපැටවුන් සත් දෙනාගෙන් එක එක බැටළුපැටවාට දසයෙන් කොටසක්ද,

30. ඔබ සැම උදෙසා සමඟිකමක් කරන පිණිස එක එළුවෙක්ද ඔප්පුකරන්න.

31. නිරන්තර දවන පූජාව සහ ඒකේ පාන පූජාවද ඇර උන්ද උන්ගේ පාන පූජාවල්ද ඔප්පුකරන්න. උන් කැලල් නැති සත්තු විය යුතුය.

About ගණන් කථාව Chapter 28

Read ගණන් කථාව Chapter 28 online from the Holy Bible. This chapter is part of the Book of ගණන් කථාව in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: ගණන් කථාව
Chapter: 28
Testament: Old Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading ගණන් කථාව. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading ගණන් කථාව Chapter 28 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is ගණන් කථාව Chapter 28?

ගණන් කථාව Chapter 28 is part of the Book of ගණන් කථාව in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete ගණන් කථාව Chapter 28 online for free with easy chapter navigation.

More Chapters from ගණන්-කථාව

  1. ගණන් කථාව Chapter 26
  2. ගණන් කථාව Chapter 21
  3. ගණන් කථාව Chapter 10
  4. ගණන් කථාව Chapter 1
  5. ගණන් කථාව Chapter 36
  6. ගණන් කථාව Chapter 27
  7. ගණන් කථාව Chapter 23

Explore More from පැරණි ගිවිසුම

  1. යෙරෙමියා Chapter 20
  2. 1 ලේකම් Chapter 1
  3. මලාකි Chapter 2
  4. නික්මයාම Chapter 1
  5. උත්පත්ති Chapter 37
  6. ගීතාවලිය Chapter 59
  7. හොෂෙයා Chapter 8

Related Chapters & Readings

  1. විනිශ්චයකාරයන් Chapter 4
  2. උත්පත්ති Chapter 29
  3. ක්රිරයා Chapter 28
  4. 1 ලේකම් Chapter 21
  5. මීකා Chapter 6
  6. 2 ලේකම් Chapter 17
  7. ගීතාවලිය Chapter 37
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *