Read ගණන් කථාව Chapter 29 Online
Read ගණන් කථාව Chapter 29 online from the Holy Bible. This chapter is part of the Book of ගණන් කථාව in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of ගණන් කථාව and the Holy Bible online.
Choose a Chapter
ගණන් කථාව 29
පරිච්ඡේදය 29
1. සත්වෙනි මාසයේ පළමුවෙනි දින ශුද්ධ රැස්වීමක් පවත්වන්න; කිසි බර වැඩක් නොකරන්න. ඒක ඔබ සැමට හොරණෑ පිඹීමේ දවසක්ය.
2. ස්වාමීන්වහන්සේට ගිනි පූජාවක් කොට මිහිරි සුවඳක් පිණිස ඔවුන්ගේ නියෝගය ලෙස අමාවක දවසේ දවන පූජාව සහ ඒකේ ආහාර පූජාවද,
3. නිරන්තර දවන පූජාව සහ ආහාර පූජාවද ඒවායේ පාන පූජාද ඇර ස්වාමීන්වහන්සේට මිහිරි සුවඳක් පිණිස දවන පූජාවක්කොට කැලල් නැති තරුණ ගොනෙක්ද එක බැටළුවෙක්ද එක් අවුරුදු බැටළුපැටවුන් සත් දෙනෙක්ද,
4. උන්ගේ ආහාර පූජාව වන තෙල් මිශ්‍ර සිහින් පිටියෙන් එක එක ගොනාට දසයෙන් තුන් කොටසක්ද එක එක බැටළුවාට දසයෙන් දෙකොටසක්ද,
5. බැටළුපැටවුන් සත් දෙනාගෙන් එක එක බැටළුපැටවාට දසයෙන් කොටසක්ද,
6. ඔබ සැම උදෙසා සමඟිකමක් කරන පිණිස පාප පූජාවක් කොට එක එළුවෙක්ද ඔප්පුකරන්න.
7. මේ සත්වෙනි මස දසවෙනි දවසේ ශුද්ධ රැස්වීමක් පවත්වා කිසි ආකාර වැඩක් නොකර දුක් විලාසයෙන් සිටින්න.
8. එහෙත් සමඟිකමක් කිරීමේ පාප පූජාව සහ නිරන්තර දවන පූජාවත් ඒකේ ආහාර පූජාවත් ඒවායේ පාන පූජාවලුත් ඇර,
9. ස්වාමීන්වහන්සේට මිහිරි සුවඳක් ඇති දවන පූජාවක් කොට කැලල් නැති එක තරුණ ගොනෙක්ද එක බැටළුවෙක්ද එක් අවුරුදු බැටළු පැටවුන් සත් දෙනෙක්ද රැගෙන,
10. උන් සහ උන්ගේ ආහාර පූජාව වන තෙල් මිශ්‍ර සිහින් පිටියෙන් එක එක ගොනාට දසයෙන් තුන් කොටසක්ද එක එක බැටළුවාට දසයෙන් දෙකොටසක්ද,
11. බැටළුපැටවුන් සත් දෙනාගෙන් එක එක බැටළුපැටවාට දසයෙන් කොටසක්ද පාප පූජාවක් පිණිස එක එළුවෙක්ද ඔප්පුකරන්න.
12. සත්වෙනි මස පසළොස්වෙනි දවසේ ශුද්ධ රැස්වීමක් පවත්වන්න; කිසි බර වැඩක් නොකරන්න, සත් දවසක් ස්වාමීන්වහන්සේට මංගල්‍යයක් පවත්වන්න.
13. නිරන්තර දවන පූජාව සහ ඒකේ ආහාර පූජාවද ඒකේ පාන පූජාවද ඇර ස්වාමීන්වහන්සේට මිහිරි සුවඳක් ඇති ගිනි පූජාවක් පිණිස,
14. කැලල් නැති තරුණ ගොන් දහතුන් දෙනෙක්ද බැටළුවන් දෙදෙනෙක්ද එක් අවුරුදු බැටළුපැටවුන් දසසතර දෙනෙක්ද,
15. උන්ගේ ආහාර පූජාව වන තෙල් මිශ්‍ර සිහින් පිටියෙන් ගොන් දහතුන් දෙනාගෙන් එක එක ගොනාට දසයෙන් තුන් කොටසක්ද බැටළුවන් දෙන්නාගෙන් එක එක බැටළුවාට දසයෙන් දෙකොටසක්ද,
16. බැටළුපැටවුන් දසසතර දෙනාගෙන් එක එක බැටළුපැටවාට දසයෙන් කොටසක්ද පාප පූජාවක් පිණිස එක එළුවෙක්ද ඔප්පුකරන්න.
17. දෙවෙනි දවසේ නිරන්තරවූ දවන පූජාව සහ ඒකේ ආහාර පූජාවද ඒකේ පාන පූජාද ඇර,
18. කැලල් නැති තරුණ ගොන් දොළොස් දෙනෙක්ද බැටළුවන් දෙන්නෙක්ද එක් අවුරුදු බැටළුපැටවුන් දසසතර දෙනෙක්ද,
19. ගොනුන්ටත් බැටළුවන්ටත් බැටළුපැටවුන්ටත් නියෝගයේ ප්‍රකාරයට උන්ගේ ගණනේ හැටියට උන්ගේ ආහාර පූජාව සහ පාන පූජාද පාප පූජාවක් පිණිස එක එළුවෙක්ද ඔප්පුකරන්න.
20. තුන්වෙනි දවසේ නිරන්තරවූ දවන පූජාව සහ ඒකේ ආහාර පූජාවද ඒකේ පාන පූජාවද ඇර,
21. කැලල් නැති ගොන් එකොළොස් දෙනෙක්ද බැටළුවන් දෙන්නෙක්ද එක් අවුරුදු බැටළුපැටවුන් දසසතර දෙනෙක්ද,
22. ගොනුන්ටත් බැටළුවන්ටත් බැටළුපැටවුන්ටත් නියෝගයේ ප්‍රකාරයට උන්ගේ ගණනේ හැටියට උන්ගේ ආහාර පූජාව සහ පාන පූජාද පාප පූජාවක් පිණිස එළුවෙක්ද ඔප්පුකරන්න.
23. සතරවෙනි දවසේ නිරන්තර දවන පූජාව සහ ඒකේ ආහාර පූජාවද ඒකේ පාන පූජාවද ඇර,
24. කැලල් නැති ගොන් දස දෙනෙක්ද බැටළුවන් දෙන්නෙක්ද එක් අවුරුදු බැටළුපැටවුන් දසසතර දෙනෙක්ද,
25. ගොනුන්ටත් බැටළුවන්ටත් බැටළුපැටවුන්ටත් නියෝගයේ ප්‍රකාරයට උන්ගේ ගණනේ හැටියට උන්ගේ ආහාර පූජාව සහ පාන පූජාවද පාප පූජාවක් පිණිස එළුවෙක්ද ඔප්පුකරන්න.
26. පස්වෙනි දවසේ නිරන්තර දවන පූජාව සහ ඒකේ ආහාර පූජාවද ඒකේ පාන පූජාවද ඇර,
27. කැලල් නැති ගොන් නවදෙනෙක්ද බැටළුවන් දෙන්නෙක්ද එක් අවුරුදු බැටළුපැටවුන් දසසතර දෙනෙක්ද,
28. ගොනුන්ටත් බැටළුවන්ටත් බැටළුපැටවුන්ටත් නියෝගයේ ප්‍රකාරයට උන්ගේ ගණනේ හැටියට උන්ගේ ආහාර පූජාව සහ පාන පූජාද පාප පූජාවක් පිණිස එළුවෙක්ද ඔප්පුකරන්න.
29. සවෙනි දවසේ නිරන්තර දවන පූජාව සහ ඒකේ ආහාර පූජාවද ඒකේ පාන පූජාවද ඇර,
30. කැලල් නැති ගොන් අට දෙනෙක්ද බැටළුවන් දෙන්නෙක්ද එක් අවුරුදු බැටළුපැටවුන් දසසතර දෙනෙක්ද,
31. ගොනුන්ටත් බැටළුවන්ටත් බැටළුපැටවුන්ටත් නියෝගයේ ප්‍රකාරයට උන්ගේ ගණනේ හැටියට ආහාර පූජාව සහ පාන පූජාද පාප පූජාවක් පිණිස එක එළුවෙක්ද ඔප්පුකරන්න.
32. සත්වෙනි දවසේ නිරන්තර දවන පූජාව සහ ඒකේ ආහාර පූජාවද ඒකේ පාන පූජාවද ඇර,
33. කැලල් නැති ගොන් සත්දෙනෙක්ද බැටළුවන් දෙන්නෙක්ද එක් අවුරුදු බැටළුපැටවුන් දසසතර දෙනෙක්ද,
34. ගොනුන්ටත් බැටළුවන්ටත් බැටළුපැටවුන්ටත් නියෝගයේ ප්‍රකාරයට උන්ගේ ගණනේ හැටියට ආහාර පූජාව සහ පාන පූජාද පාප පූජාවක් පිණිස එක එළුවෙක්ද ඔප්පුකරන්න.
35. අටවෙනි දවසේ ගරුමය රැස්වීමක් පවත්වන්න. කිසි බර වැඩක් නොකරන්න.
36. එහෙත් නිරන්තර දවන පූජාව සහ ඒකේ ආහාර පූජාවද පාන පූජාවද ඇර,
37. ස්වාමීන්වහන්සේට මිහිරි සුවඳක් ඇති ගිනි පූජාවක් කොට දවන පූජාවක් පිණිස කැලල් නැති එක ගොනෙක්ද එක බැටළුවෙක්ද එක් අවුරුදු බැටළුපැටවුන් සත් දෙනෙක්ද,
38. ගොනාටත් බැටළුවාටත් බැටළුපැටවුන්ටත් නියෝගයේ ප්‍රකාරයට උන්ගේ ගණනේ හැටියට උන්ගේ ආහාර පූජාවද පාන පූජාද පාප පූජාවක් පිණිස එක එළුවෙක්ද ඔප්පුකරන්න.
39. ඔබ සැමගේ බාරවලටත් ඔබ සැමගේ ස්වෙච්ඡා පූජාවලටත් අඩංගුවන්නාවූ ඔබ සැමගේ දවන පූජාද ආහාර පූජාද පාන පූජාද ශාන්ති පූජාද ඇර මේවා ඔබ සැමගේ නියම මංගල්‍යවලදී ස්වාමීන්වහන්සේට ඔප්පුකරන්න කියා ඔවුන්ට කියන්නැයි කීසේක.
40. මෝසෙස්ද ස්වාමීන්වහන්සේ තමාට අණකළ සියල්ල ලෙස ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කීවේය.
About ගණන් කථාව Chapter 29
Read ගණන් කථාව Chapter 29 online from the Holy Bible. This chapter is part of the Book of ගණන් කථාව in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.
Book Information
Book: ගණන් කථාව
Chapter: 29
Testament: Old Testament
How to Read this Chapter
Use the Previous and Next Chapter buttons to continue reading ගණන් කථාව. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.
More Resources
Continue Reading the Bible
Continue reading ගණන් කථාව Chapter 29 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.
Frequently Asked Questions
What is ගණන් කථාව Chapter 29?
ගණන් කථාව Chapter 29 is part of the Book of ගණන් කථාව in the Holy Bible.
Can I read this chapter online?
Yes. You can read the complete ගණන් කථාව Chapter 29 online for free with easy chapter navigation.
More Chapters from ගණන්-කථාව
- ගණන් කථාව Chapter 26
- ගණන් කථාව Chapter 21
- ගණන් කථාව Chapter 10
- ගණන් කථාව Chapter 27
- ගණන් කථාව Chapter 23
- ගණන් කථාව Chapter 19
- ගණන් කථාව Chapter 16
Explore More from පැරණි ගිවිසුම
- යෙසායා Chapter 6
- ගීතාවලිය Chapter 129
- නික්මයාම Chapter 20
- ගණන් කථාව Chapter 35
- 2 ලේකම් Chapter 25
- උත්පත්ති Chapter 34
- ගීතාවලිය Chapter 4