යෝබ් Chapter 39

For English

Read යෝබ් Chapter 39 Online

Read යෝබ් Chapter 39 online from the Holy Bible. This chapter is part of the Book of යෝබ් in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of යෝබ් and the Holy Bible online.

Choose a Chapter

යෝබ් 39

පරිච්ඡේදය 39

1. පර්වතවල වල් එළුවන් බිහිකරන කාලය ඔබ දන්නවාද? නොහොත් මුවදෙනුන් විළිරුදා විඳින වේලාව ඔබට දැනගන්ට පුළුවන්ද?

2. උන්ට සම්පූර්ණවන මාස ගණන් කරන්ට ඔබට පුළුවන්ද? උන් බිහිකරන කාලය ඔබ දන්නවාද?

3. උන් නැමී උන්ගේ පැටවුන් බිහිකර උන්ගේ රුදා පහකරගනිති.

4. උන්ගේ පැටව් ලොකුවී, එළියෙහි වැඩී, පිටත්ව ගොස් නෑවිත් සිටිති.

5. වල් කොටළුවා නිදහස්කර හැරියේ කවුද? නොහොත් වල් කොටළුවාගේ බැඳුම් මිදුවේ කවුද?

6. මම කාන්තාරය උගේ ගෙයද ලුණු භූමිය උගේ වාසස්ථානයද කොට නියමකෙළෙමි.

7. ඌ නගරයේ ඝෝෂාවට සිනාසෙයි, දක්කන්නාගේ මොරගැසීම් ඌට නෑසෙයි.

8. කඳුකර පළාත උගේ ගොදුරු බිමය, ඌ සෑම අමු දේ සොයයි.

9. කුළුහරකා ඔබට වැඩකරන්ට කැමතිවේද? ඌ ඔබේ ගාලේ ලගිනවා ඇද්ද?

10. කුළුහරකා ලනුවකින් හීවිටේ බඳින්ට ඔබට පුළුවන්ද? නොහොත් ඌ ඔබ පස්සේ මිටියාවත් පෝරුගානවා ඇද්ද?

11. උගේ ශක්තිය මහත් බැවින් ඔබ ඌ විශ්වාසකර, ඔබේ වැඩ ඌට භාරදෙන්නෙහිද?

12. ඌ ඔබේ අස්වැන්න ගෙනැවිත් ඔබේ පාවරට එකතුකරනවා ඇත කියා ඔබ ඌ කෙරෙහි විශ්වාසය තබන්නෙහිද?

13. පැස්බරාගේ පියාපත් ප්‍රීතිමත්ලෙස වැනෙයි, නුමුත් ඒ පියාපත් හා පිහාටු කරුණාවත්ද?

14. නැත, ඌ උගේ බිජු බිම දමා, ධූලියෙහි උණුසුම්කර,

15. ඒවා පයට පෑගෙන්ටත් වල් සතුන්ට පොඩිවෙන්ටත් පුළුවන් බව මතකනැතිකරන්නේය.

16. උගේ පැටවුන් ඌට අයිති නැතුවාක් මෙන් ඌ උන්ට තදකම් පාන්නේය. උගේ මහන්සිය නිෂ්ඵල නුමුත් ඊට උගේ සැලකිල්ලක් නැත;

17. මක්නිසාද දෙවියන්වහන්සේ උගෙන් ප්‍රඥාව වලක්වා, ඌට නුවණ නොදී ඇරියසේක.

18. ඌ පියාපත් උස්සා ගසාගන යන කල, ඌ අශ්වයාටත් අසරුවාටත් සිනාසෙන්නේය.

19. ඔබ අශ්වයාට වෙර දුන්නෙහිද? ‍ලෙළදෙන කෙඳිවලින් උගේ බෙල්ල පැළදෙවුවෙහිද?

20. ඌට පළඟැටියෙකු මෙන් පනින්ට සැලැස්සුවෙහිද? උගේ හේෂාවරයේ බලවත්කම භයංකරය.

21. ඌ මිටියාවතෙහි කුරගසා, ශක්තිය නිසා ප්‍රීතිමත්වී, යුද්ධායුධවලට මූණපාන්ට යන්නේය.

22. ඌ භයට සරදම්කොට තැති නොගෙන සිටින්නේය; කඩුවටද පිටු නොපාන්නේය.

23. ඊකොපුවද දිලියෙන හෙල්ලයද කුඩා හෙල්ලයද ඌට වැදී ශබ්ද නගින්නේය.

24. සැරකමෙන්ද කෝපයෙන්ද ඌ වේගයෙන් පැනයන්නේය; ඇසෙන්නේ හොරණෑ ශබ්දය බව ඌ විශ්වාස නොකර,

25. ඇසෙන එක එක හොරණෑ ශබ්දයට ඌ: අහා! කියමින්, දුරදීම සටනටද සේනාපතීන්ගේ ගර්ජනාව හා ඝෝෂාවටද ඉව අල්ලයි.

26. උකුස්සා ඉහළ නැගී දකුණු දිශාව දෙසට උගේ පියාපත් විදහන්නේ ඔබේ නුවණින්ද?

27. නොහොත් රාජාලියා උඩට ඉගිලී උගේ කැදැල්ල උස් තැන සාදන්නේ ඔබේ අණටද?

28. ඌ පර්වතය පිට වාසයකරන්නේය, පර්වතයේද පර්වත කූටයේද වසන්නේය.

29. එතැන සිට ඌ ගොදුරු සොයන්නේය; දුරදීම උගේ ඇස්වලට පෙනෙන්නේය.

30. උගේ පැටව්ද ලේ උරා බොති. මළකඳන් ඇති තැනම ඌ සිටින්නේයයි කීසේක.

About යෝබ් Chapter 39

Read යෝබ් Chapter 39 online from the Holy Bible. This chapter is part of the Book of යෝබ් in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: යෝබ්
Chapter: 39
Testament: Old Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading යෝබ්. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading යෝබ් Chapter 39 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is යෝබ් Chapter 39?

යෝබ් Chapter 39 is part of the Book of යෝබ් in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete යෝබ් Chapter 39 online for free with easy chapter navigation.

More Chapters from පැරණි ගිවිසුම

  1. නික්මයාම Chapter 1
  2. නික්මයාම Chapter 12
  3. නික්මයාම Chapter 30
  4. නික්මයාම Chapter 26
  5. නික්මයාම Chapter 21
  6. නික්මයාම Chapter 9
  7. නික්මයාම Chapter 2

Explore More from යෝබ්

  1. යෝබ් Chapter 17
  2. යෝබ් Chapter 9
  3. යෝබ් Chapter 13
  4. යෝබ් Chapter 20
  5. යෝබ් Chapter 42
  6. යෝබ් Chapter 6
  7. යෝබ් Chapter 2

Related Chapters & Readings

  1. ශු. මතෙව් Chapter 8
  2. ශු. මතෙව් Chapter 28
  3. නාහුම් Chapter 3
  4. යෝෂුවා Chapter 4
  5. යෙරෙමියා Chapter 19
  6. ගලාති Chapter 1
  7. ගීතාවලිය Chapter 100
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *