Read ගණන් කථාව Chapter 19 Online
Read ගණන් කථාව Chapter 19 online from the Holy Bible. This chapter is part of the Book of ගණන් කථාව in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of ගණන් කථාව and the Holy Bible online.
Choose a Chapter
ගණන් කථාව 19
පරිච්ඡේදය 19
1. ස්වාමීන්වහන්සේ මෝසෙස්ට සහ ආරොන්ට කථාකොට කියනසේක්:
2. ස්වාමීන්වහන්සේ අණකළ ව්‍යවස්ථාවේ පනත මේය: කැලලක් නැති, සම්පූර්ණවූ, වියගහ නොදැරුවාවූ රතු ගොන් නෑම්බියක් ඔබ ළඟට ගෙනෙන්ට ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කියන්න.
3. ඔබ සැම ඌ පූජකවූ එලෙයාසර්ට දෙන්න, ඔහු ඌ කඳවුරෙන් පිටතට ගෙනයේවා, ඌ ඔහු ඉදිරියෙහි යම් කෙනෙකු විසින් මරනු ලැබේවා.
4. පූජකවූ එලෙයාසර්ද තමාගේ ඇඟිල්ලට උගේ ලෙයින් ගෙන සම්මුඛවීමේ කූඩාරමේ ඉස්සරහ පැත්ත දෙසට උගේ ලෙයින් සත්වරක් ඉසීවා.
5. ඔහු ඉදිරියෙහි යම් කෙනෙක් ඒ ගොන් නෑම්බිය පුළුස්සා දමාවා; උගේ හමද මාංසද ලේද ගොම සමඟ පුළුස්සා දමාවා.
6. පූජකයා කිහිරි දඬුද හිසොප්ද රතු ලොම්ද රැගෙන ගොන් නෑම්බිය දැවෙන ගින්න මැදට දමාවා.
7. එවිට පූජකයා තමාගේ වස්ත්‍ර සෝදා වතුර නාගත යුතුය, පසුව කඳවුරට ඇතුල්වෙන්ට ඔහුට පුළුවන, ඔහු සවස් වන තෙක් අපවිත්‍රව සිටින්නේය.
8. ඌ දැවූ තැනැත්තේ තමාගේ වස්ත්‍ර දියෙන් සෝදා, වතුර නාගන, සවස් වන තෙක් අපවිත්‍රව සිටින්නේය.
9. පවිත්‍ර මනුෂ්‍යයෙක් ගොන් නෑම්බියගේ අලු එකතුකර කඳවුරෙන් පිටත පවිත්‍ර තැනක තබාවා, එය අපවිත්‍රකම පහකිරීමේ වතුරක් පිණිස ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ සභාව උදෙසා තබාගනු ලබන්නේය. එය පාප පූජාවක්ය.
10. ගොන් නෑම්බියගේ අලු එකතුකරන්නා තමාගේ වස්ත්‍ර සෝදාගත යුතුය. ඔහු සවස් වන තෙක් අපවිත්‍රව සිටින්නේය. එය ඉශ්‍රායෙල් පුත්‍රයන්ටද ඔවුන් අතරෙහි සිටින විදේශියාටද සදාකාල පනතක් පිණිස වන්නේය.
11. යම් මනුෂ්‍යයෙකුගේ මළකඳක ස්පර්ශවන තැනැත්තේ සත් දවසක් අපවිත්‍රව සිටින්නේය.
12. ඔහු තුන්වෙනිදා එයින් දෝෂ පහකර ගනීවා, එවිට සත්වෙනි දින ඔහු පවිත්‍රවන්නේය. නුමුත් ඔහු තුන්වෙනිදා දෝෂ පහකරනොගත්තොත් සත්වෙනි දින පවිත්‍රනොවන්නේය.
13. යමෙක් මැරුණු මිනිසෙකුගේ මළකඳට ස්පර්ශවූ කල්හි, ඔහු දෝෂ පහකර නොගත්තොත්, ස්වාමීන්වහන්සේගේ මණ්ඩපය දූෂණය කරන්නේය; ඒ තැනැත්තේ ඉශ්‍රායෙල්වරුන් අතරෙන් සිඳදමනු ලබන්නේය. අපවිත්‍රකම පහකිරීමේ වතුර ඔහු කෙරෙහි නොඉස්ස බැවින් ඔහු අපවිත්‍රවන්නේය; ඔහුගේ අපවිත්‍රකම ඒ වන තුරු ඔහු කෙරෙහි තිබේ.
14. මනුෂ්‍යයෙක් කූඩාරමක මැරුණු කල්හි ව්‍යවස්ථාව මේය: ඒ කූඩාරමට ඇතුල්වන සියල්ලෝද කූඩාරමේ සිටින සියල්ලෝද සත් දවසක් අපවිත්‍රව සිටින්නෝය.
15. කඩවැස්මක් නොබැඳ ඇරලා තිබෙන සියලු භාජන අපවිත්‍රය.
16. කඩුවෙන් මැරුම්කෑ කෙනෙකුටවත් මළකඳකවත් මිනී ඇටයකවත් මිනී වළකවත් එළිමහනේදී ස්පර්ශවන තැනැත්තේ සත් දවසක් අපවිත්‍ර වන්නේය.
17. පුලුස්සා දැමූ පාප පූජාවේ අලුවලින් ස්වල්පයක් අපවිත්‍ර තැනැත්තා උදෙසා රැගෙන භාජනයක දමා ගලායන වතුර ඒවා පිට වත්කරත්වා.
18. එවිට පවිත්‍ර කෙනෙක් හිසොප් රැගෙන ඒ වතුරේ ගල්වා කූඩාරමේද එහි සියලු භාජනවලද එහි සිටිය සියලු තැනැත්තන් පිටද ඇටයක්වත් මැරුම්කෑ කෙනෙක්වත් මළකෙනෙක්වත් මිනීවළක්වත් ස්පර්ශවූ තැනැත්තා පිටද ඉසීවා.
19. එසේ පවිත්‍ර තැනැත්තේ තුන්වෙනි දාත් සත්වෙනි දාත් අපවිත්‍ර තැනැත්තාට වතුර ඉසීවා. එසේ සත්වෙනි දින හෙතෙම ඔහුගේ දෝෂ පහකරාවා; ඔහු තමාගේ වස්ත්‍ර සෝදා වතුර නාගන සවස පවිත්‍ර වන්නේය.
20. එහෙත් යමෙක් අපවිත්‍රවී තමාගේ දෝෂ පහකරනොගත්තොත්, ඒ තැනැත්තා ස්වාමීන්වහන්සේගේ ශුද්ධස්ථානය දූෂණයකළ බැවින්, සභා මධ්‍යයෙන් සිඳිනු ලබන්නේය. අපවිත්‍රකම පහකිරීමේ වතුර ඔහු පිට නොඉසිනලද්දේය; ඔහු අපවිත්‍රය.
21. එය ඔවුන්ට නිරන්තර පනතක් වන්නේය. අපවිත්‍රකම පහකිරීමේ වතුර ඉසින්නාද තමාගේ වස්ත්‍ර සෝදා ගනීවා; අපවිත්‍රකම පහකිරීමේ වතුර ස්පර්ශවන තැනැත්තේද සවස් වනතෙක් අපවිත්‍රවන්නේය.
22. අපවිත්‍ර අය ස්පර්ශවන සියල්ල අපවිත්‍රවන්නේය; එහි ස්පර්ශවන තැනැත්තේද සවස් වනතෙක් අපවිත්‍රවන්නේයයි කීසේක.
About ගණන් කථාව Chapter 19
Read ගණන් කථාව Chapter 19 online from the Holy Bible. This chapter is part of the Book of ගණන් කථාව in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.
Book Information
Book: ගණන් කථාව
Chapter: 19
Testament: Old Testament
How to Read this Chapter
Use the Previous and Next Chapter buttons to continue reading ගණන් කථාව. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.
More Resources
Continue Reading the Bible
Continue reading ගණන් කථාව Chapter 19 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.
Frequently Asked Questions
What is ගණන් කථාව Chapter 19?
ගණන් කථාව Chapter 19 is part of the Book of ගණන් කථාව in the Holy Bible.
Can I read this chapter online?
Yes. You can read the complete ගණන් කථාව Chapter 19 online for free with easy chapter navigation.
More Chapters from ගණන්-කථාව
- ගණන් කථාව Chapter 26
- ගණන් කථාව Chapter 21
- ගණන් කථාව Chapter 27
- ගණන් කථාව Chapter 10
- ගණන් කථාව Chapter 1
- ගණන් කථාව Chapter 36
- ගණන් කථාව Chapter 23
Explore More from පැරණි ගිවිසුම
- යෙසායා Chapter 27
- උත්පත්ති Chapter 23
- 2 රාජාවලිය Chapter 23
- නික්මයාම Chapter 36
- නික්මයාම Chapter 12
- යෙසායා Chapter 57
- යෙසායා Chapter 30