ගණන් කථාව Chapter 25

For English

Read ගණන් කථාව Chapter 25 Online

Read ගණන් කථාව Chapter 25 online from the Holy Bible. This chapter is part of the Book of ගණන් කථාව in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of ගණන් කථාව and the Holy Bible online.

Choose a Chapter

ගණන් කථාව 25

පරිච්ඡේදය 25

1. ඉශ්‍රායෙල්වරු ෂිට්ටීම්හි සිටියෝය, එවිට සෙනඟ මෝවබ් දූවරුන් සමඟ වේශ්‍යාකම් කරන්ට පටන් ගත්තෝය.

2. ඒ තැනැත්තියෝ තමුන්ගේ දෙවිවරුන්ගේ යාගවලට සෙනඟ කැඳෙවුවෝය. සෙනඟ කා ඔවුන්ගේ දෙවිවරුන් ඉදිරියේ වැඳ වැටුණෝය.

3. තවද ඉශ්‍රායෙල් බාල්පෙයෝර්ට බැඳුණේ විය. ස්වාමීන්වහන්සේගේ උදහසද ඉශ්‍රායෙල්වරුන්ට විරුද්ධව ඇවුළුණේය.

4. ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: සෙනඟගේ සියලු නායකයන් රැගෙන ස්වාමීන්වහන්සේගේ තද උදහස ඉශ්‍රායෙල්වරුන් කෙරෙන් පහවෙන පිණිස ඔවුන් ස්වාමීන්වහන්සේ උදෙසා සූර්යයා ඉදිරිපිට එල්ලා තබන්නැයි කීසේක.

5. මෝසෙස් ඉශ්‍රායෙල්වරුන්ගේ විනිශ්චයකාරයන්ට කථාකොට: ඔබ සැම එකිනෙකා බාල්පෙයෝර්ට එක්වූ තම තමාගේ මිනිසුන් මරන්නැයි කීය.

6. එකල ඔවුන් සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩ ළඟ හඬමින් සිටියදී ඉශ්‍රායෙල් පුත්‍රයන්ගෙන් එක්කෙනෙක් මෝසෙස් ඉදිරියෙහිද ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ මුළු සභාව ඉදිරියෙහිද මිදියන් ස්ත්‍රියෙකු කැඳවාගෙන තමාගේ සහෝදරයන් ළඟට ආයේය.

7. එවිට පූජකවූ ආරොන්ගේ පුත්‍රවූ එලෙයාසර්ගේ පුත්‍ර වන පීනෙහාස් ඒ දැක සභා මධ්‍යයෙන් නැගිට හෙල්ලයක් අතින් ගෙන,

8. ඉශ්‍රායෙල් මනුෂ්‍යයා පස්සේ කූඩාරමට ඇතුල්වී ඉශ්‍රායෙල් මනුෂ්‍යයාද ඒ ස්ත්‍රීගේ බඩද සිදුරුවන ලෙස ඒ දෙදෙනාටම ඇන්නේය. එවිට ඉශ්‍රායෙල් පුත්‍රයන් කෙරෙන් වසංගතය නැවතුණේය.

9. වසංගතයෙන් මැරුණු අය විසිහතර දහසක්ය.

10. ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට:

11. පූජක ආරොන්ගේ පුත්‍රවූ එලෙයාසර්ගේ පුත්‍රයා වන පීනෙහාස් මා විසින් මාගේ ජ්වලිතයෙන් ඉශ්‍රායෙල් පුත්‍රයන් විනාශ නොකරන පිණිස ඔවුන් අතරෙහි මාගේ ජ්වලිතයෙන් ජ්වලිතව සිටීමෙන් ඉශ්‍රායෙල් පුත්‍රයන් කෙරෙන් මාගේ උදහස පහකෙළේය.

12. එබැවින් මාගේ ශාන්තියේ ගිවිසුම ඔහුට දෙමි.

13. ඔහු තමාගේ දෙවියන්වහන්සේ ගැන ජ්වලිතව සිට ඉශ්‍රායෙල් පුත්‍රයන් උදෙසා සමඟිකමක් කළ බැවින් එය ඔහුටත් ඔහුගෙන් පසු ඔහුගේ වංශයටත් සදාකාල පූජකකමක ගිවිසුමක් වන්නේය කියා කියන්නැයි කීසේක.

14. මරනු ලැබූ එනම් මිදියන් ස්ත්‍රිය සමඟ මරනු ලැබූ ඉශ්‍රායෙල් මනුෂ්‍යයාගේ නම සිම්රීය, ඔහු වනාහි සාලුගේ පුත්‍රවූ, සිමියොන්වරුන්ගේ පිය වංශයක අධිපතියෙක්ය.

15. මරනු ලැබූ මිදියන් ස්ත්‍රියගේ නම කොස්බීය, ඈ වනාහි මිදියන්වරුන්ගේ පියවංශයක සෙනඟගේ ප්‍රධානියා වූ ශූර්ගේ දුවය.

16. තවද ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට:

17. මිදියන්වරුන් පෙයෝර්ගේ කාරණයේදීද පෙයෝර්ගේ කාරණය නිසා වසංගතය පැමිණි දවසේදී මරනු ලැබූ ඔවුන්ගේ සහෝදරී වන මිදියන් අධිපතියෙකුගේ දුවවූ කොස්බීගේ කාරණයේදීද ඔවුන් ඔබ සැමට කළාවූ ඔවුන්ගේ ප්‍රයෝගවලින් ඔවුන් ඔබ සැමට සතුරුකම් කරන බැවින්,

18. ඔවුන්ට සතුරුකම්කොට පහරදෙන්නැයි කීසේක.

About ගණන් කථාව Chapter 25

Read ගණන් කථාව Chapter 25 online from the Holy Bible. This chapter is part of the Book of ගණන් කථාව in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: ගණන් කථාව
Chapter: 25
Testament: Old Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading ගණන් කථාව. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading ගණන් කථාව Chapter 25 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is ගණන් කථාව Chapter 25?

ගණන් කථාව Chapter 25 is part of the Book of ගණන් කථාව in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete ගණන් කථාව Chapter 25 online for free with easy chapter navigation.

More Chapters from ගණන්-කථාව

  1. ගණන් කථාව Chapter 26
  2. ගණන් කථාව Chapter 21
  3. ගණන් කථාව Chapter 10
  4. ගණන් කථාව Chapter 27
  5. ගණන් කථාව Chapter 23
  6. ගණන් කථාව Chapter 19
  7. ගණන් කථාව Chapter 16

Explore More from පැරණි ගිවිසුම

  1. එසකියෙල් Chapter 10
  2. 2 සාමුවෙල් Chapter 11
  3. යෙසායා Chapter 10
  4. යෙසායා Chapter 55
  5. උත්පත්ති Chapter 22
  6. එසකියෙල් Chapter 41
  7. ගීතාවලිය Chapter 140

Related Chapters & Readings

  1. එසකියෙල් Chapter 1
  2. නික්මයාම Chapter 38
  3. යෝෂුවා Chapter 14
  4. 1 ලේකම් Chapter 28
  5. එළිදරව් Chapter 14
  6. නික්මයාම Chapter 4
  7. 1 ලේකම් Chapter 2
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *