Read නික්මයාම Chapter 25 Online
Read නික්මයාම Chapter 25 online from the Holy Bible. This chapter is part of the Book of නික්මයාම in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of නික්මයාම and the Holy Bible online.
Choose a Chapter
නික්මයාම 25
පරිච්ඡේදය 25
1. ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට කියනසේක්:
2. මට පඬුරක් ගෙනෙන්ට ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කියන්න. තමාගේ සිත එළඹවන එක එක අයගෙන් මාගේ පඬුර ගන්න.
3. ඔවුන්ගෙන් ඔබ සැම විසින් ගත යුතු පඬුර නම්-රන්, රිදී, සහ පිත්තලද;
4. නිල්, රත්නිල්, රතු නූල්ද සිහින් හණ රෙදි සහ එළු ලොම්ද;
5. රතු සායම් පෙවූ බැටළුහම්, තහෂ් හම් සහ ෂිටිම් ලීද;
6. එළිය පිණිස තෙල්, ආලේප තෛල සහ සුවඳදුම් පූජාවට සුගන්ධ ද්‍රව්‍ය,
7. ඒඵොද් සහ ළයවැස්ම උදෙසා නඛමාණික්‍යද බැඳීමට ගල්ද යන මේවාය.
8. මා ඔවුන් අතරේ වාසයකරන පිණිස ඔව්හු මට ශුද්ධ ස්ථානයක් සාදත්වා.
9. මා විසින් ඔබට පෙන්වන සියල්ල ලෙස එනම් මණ්ඩපයේ ආදර්ශයද එහි සියලු බඩුවල ආදර්ශයද ලෙස එය සාදන්න.
10. ඔව්හු ෂිටිම් ලීවලින් පෙට්ටියක් සාදත්වා. ඒකේ දිග දෙරියන් හමාරක්ද ඒකේ පළල එක්රියන් හමාරක්ද ඒකේ උස එක්රියන් හමාරක්ද වියයුතුය.
11. ඔබ එය පවිත්‍ර රනින් වැසිය යුතුය, ඇතුළත් පිටත් එසේ වසා වටකරින් ඊට රන් ලීස්තරයක් සෑදිය යුතුය.
12. ඔබ ඒකට රන් වළලු සතරක් වාත්තුකොට ඒකේ පාද සතරේ තැබිය යුතුය; එක පැත්තකට වළලු දෙකක්ද අනික් පැත්තට වළලු දෙකක්ද වියයුතුය.
13. ෂිටිම් ලීයෙන් පොලු සාදා ඒවා රනින් වසන්න.
14. පෙට්ටිය ඔසවන පිණිස පෙට්ටියේ පැතිවල තිබෙන වළලුවල ඒ පොලු දමන්න.
15. පොලු පෙට්ටියේ වළලුවල වන්නේය. ඒවා එයින් අහක්කරනු නොලබන්නේය.
16. මා විසින් ඔබට දෙන සාක්ෂිය පෙට්ටියෙහි තබන්න.
17. පවිත්‍ර රනින් කරුණාසනයක් සාදන්න; ඒකේ දිග දෙරියන් හමාරක්ද ඒකේ පළල එක්රියන් හමාරක්ද විය යුතුය.
18. රන් තළා කෙරුබ්වරුන් දෙදෙනෙක් සාදා කරුණාසනයේ දෙකෙළවරෙහි පිහිටුවන්න.
19. එක් කෙළවරක කෙරුබයෙක්ද අනික් කෙළවර කෙරුබයෙක්ද බැගින් සාදන්න. ඔබ සැම කරුණාසනය හා සම්බන්ධකොට දෙකෙළවර පිට කෙරුබ්වරුන් සෑදිය යුතුය.
20. කෙරුබ්වරුන්ගේ පියාපත්වලින් කරුණාසනය වැසෙන හැටියට ඊට උඩින් පියාපත් විහිදී ඔවුන්ගේ මුහුණු එකිනෙකා දෙසට තිබේවා; කෙරුබ්වරුන්ගේ මුහුණු කරුණාසනය දෙසට තිබේවා.
21. කරුණාසනය පෙට්ටිය පිට ඉහළින් තබන්න; මා විසින් ඔබට දෙන සාක්ෂිය පෙට්ටියෙහි තබන්න.
22. මම එහිදී ඔබට සම්මුඛව සාක්ෂි පෙට්ටිය මතුයෙහි සිටින කෙරුබිම් දෙදෙනා අතරේ කරුණාසනය උඩ සිට මා විසින් ඔබ ලවා ඉශ්‍රායෙල් පුත්‍රයන් උදෙසා අණකරවන සියල්ල ගැන ඔබ සමඟ කථාකරන්නෙමි.
23. ෂිටිම් ලීවලින් මේසයක්ද සාදන්න. ඒකේ දිග දෙරියනක්ද ඒකේ පළල එක් රියනක්ද ඒකේ උස එක් රියන් හමාරක්ද විය යුතුය.
24. ඒක පවිත්‍ර රනින් වසා වටකරින් ඊට රන් ලීස්තරයක් සාදන්න.
25. වටකරින් ඊට අල්ලක පළල ඇති පටියක්ද සාදා ඒ පටිය වටේ රන් ලීස්තරයක් සාදන්න.
26. ඊට රන් වළලු සතරක් සාදා එහි කකුල් සතරේ කොන් සතරෙහි ඒ වළලු දමන්න.
27. මේසය ගෙනයන පිණිස පොලු තැබීමට ඒ වළලු පටිය ළඟම තිබිය යුතුය.
28. මේසය ගෙනයන පිණිස ෂිටිම් ලීවලින් පොලු සාදා ඒවා රනින් වසන්න.
29. ඒකේ තැටිද ඒකේ හැඳිද ඒකේ කෙණ්ඩිද ඒකේ පාත්‍රාද ඒවායින් වත්කරන පිණිස පවිත්‍ර රනින් සාදන්න.
30. පිදීමේ රොටි මේසය පිට මා ඉදිරියෙහි නිතරම තබන්න.
31. පවිත්‍ර රනින් පහන් රුකක් සාදන්න. අඩියද කඳද ඇතුළුව පහන් රුක තළා සාදනු ලැබිය යුතුය; ඒකේ කුසලාන්ද මොට්ටුද මල්ද එක වැඩක් විය යුතුය.
32. එහි පැතිවලින් නික්මෙන අතු සයක් විය යුතුය; පහන් රුකේ එක පැත්තක අතු තුනක්ද අනික් පැත්තේ අතු තුනක්ද විය යුතුය.
33. කොට්ටම්බා මල් හා සමානව සාදනලද පෙති කුසලාන් තුනක් මොට්ටුවකුත් මලකුත් ඇතුව එක අත්තකද කොට්ටම්බා මල් හා සමානව සාදනලද පෙති කුසලාන් තුනක් මොට්ටුවකුත් මලකුත් ඇතුව අනික් අත්තේද විය යුතුය. පහන්රුකෙන් නික්මෙන අතු සයේම එසේ විය යුතුය.
34. පහන්රුකේ කොට්ටම්බා මල් සමානව සාදනලද පෙති කුසලාන් සතරක් ඒවායේ මොට්ටු සහ මල්ද සහිතව ඇතිවිය යුතුය.
35. පහන්රුකෙන් නික්මෙන අතු සයට ඒකේ අතු දෙකක් යට ඊට සම්බන්ධව මොට්ටුවක්ද අනික් අතු දෙක යට ඊට සම්බන්ධව මොට්ටුවක්ද අනික් අතු දෙක යට ඊට සම්බන්ධවූ මොට්ටුවක්ද වන්නේය.
36. ඒවායේ මොට්ටු සහ අතු ඊට සම්බන්ධ වන්නේය. ඒ සියල්ල තළනලද පවිත්‍ර රනින් කළ වැඩක් විය යුතුය.
37. ඒකේ පහන් සතක් සාදන්න. ඔව්හු ඒක ඉදිරිපිටින් එළිය වැටෙන පිණිස ඒවා දල්වන්නෝය.
38. ඒකේ කතුරුද කතුරු තැටිද පවිත්‍ර රනින් විය යුතුය.
39. එයද මේ සියලු භාජනද පවිත්‍රවූ රන් තලෙන්තයකින් සෑදිය යුතුය.
40. කන්දේදී ඔබට පෙන්වනලද ආදර්ශය ලෙස ඒවා සාදන්ට බලාගන්න.
About නික්මයාම Chapter 25
Read නික්මයාම Chapter 25 online from the Holy Bible. This chapter is part of the Book of නික්මයාම in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.
Book Information
Book: නික්මයාම
Chapter: 25
Testament: Old Testament
How to Read this Chapter
Use the Previous and Next Chapter buttons to continue reading නික්මයාම. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.
More Resources
Continue Reading the Bible
Continue reading නික්මයාම Chapter 25 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.
Frequently Asked Questions
What is නික්මයාම Chapter 25?
නික්මයාම Chapter 25 is part of the Book of නික්මයාම in the Holy Bible.
Can I read this chapter online?
Yes. You can read the complete නික්මයාම Chapter 25 online for free with easy chapter navigation.
More Chapters from නික්මයාම
- නික්මයාම Chapter 1
- නික්මයාම Chapter 30
- නික්මයාම Chapter 26
- නික්මයාම Chapter 12
- නික්මයාම Chapter 9
- නික්මයාම Chapter 2
- නික්මයාම Chapter 21
Explore More from පැරණි ගිවිසුම
- 1 රාජාවලිය Chapter 6
- යෙරෙමියා Chapter 14
- යෙසායා Chapter 19
- උත්පත්ති Chapter 28
- ගණන් කථාව Chapter 26
- නෙහෙමියා Chapter 8
- 1 සාමුවෙල් Chapter 30