එසකියෙල් Chapter 45

For English

Read එසකියෙල් Chapter 45 Online

Read එසකියෙල් Chapter 45 online from the Holy Bible. This chapter is part of the Book of එසකියෙල් in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of එසකියෙල් and the Holy Bible online.

Choose a Chapter

එසකියෙල් 45

පරිච්ඡේදය 45

1. තවද නුඹලා දේශය උරුම කරගැනීමට පසඇට දමන කල, උපහාරයක් කොට දේශයෙන් ශුද්ධ කොටසක් ස්වාමීන්වහන්සේට ඔප්පුකරන්න. ඒකේ දිග දඬු විසිපන් දහසක්ද පළල දඬු දසදහසක්ද වන්නේය. වටකර ඒකේ සියලු සීමා තුළ ඒක ශුද්ධය.

2. එයින් පන්සියයක් දිගද පන්සියයක් පළලද ඇති වටකරින් සතරැස්වූ පංගුවක් ශුද්ධස්ථානයට වේවා; ඊට පිටි -බිමක් පිණිස රියන් පනසකුත් වටේට තිබේවා.

3. ඒ මිම්මෙන් විසිපන් දහසක් දිගද දසදහසක් පළලද ඇති ඉඩමක් මනින්න. ඒක තුළ ශුද්ධස්ථානය වන අති ශුද්ධස්ථානය වන්නේය.

4. ඒක දේශයෙන් ශුද්ධ කොටසක්ය; ඒක ස්වාමීන්වහන්සේට සේවයකරන්ට පැමිණෙන්නාවූ ශුද්ධස්ථානයේ සේවකයන්වූ පූජකයන්ට වන්නේය; ඒක ඔවුන්ගේ ගෙවල්වලට ඉඩමක්ද ශුද්ධස්ථානයට ශුද්ධවූ තැනක්ද වන්නේය.

5. විසිපන්දහසක් දිගද දසදහසක් පළලද ඇති ඉඩමක් ගෘහයේ සේවකයන්වූ ලෙවීවරුන්ට උරුමයක් පිණිස කාමර විස්සක් ඇතුළුව වේවා.

6. නුවර කොටස පිණිස පන්දහසක් පළලද විසිපන්දහසක් දිගද ඇති ඉඩමක් උපහාරයවූ ශුද්ධ කොටස ළඟ නියමකරන්න. ඒක මුළු ඉශ්‍රායෙල් වංශයට වන්නේය.

7. පඬුරවූ ශුද්ධ කොටසටත් නුවර කොටසටත් දෙපැත්තෙහි, එනම් උපහාරයවූ ශුද්ධ කොටසටත් නුවර කොටසටත් යාව දිගටම බස්නාහිර පැත්තෙහි සහ නැගෙනහිර පැත්තෙහි, අධිපතියාට කොටස්වේවා. ඒවායේ දිග බස්නාහිර සීමාවේ සිට නැගෙනහිර සීමාවට (ගෝත්‍ර) කොටස්වලින් එකක හරියේ තිබේවා.

8. දේශයෙහි ඒවා ඉශ්‍රායෙල්වරුන් අතරෙහි ඔහුට කොටසක් වන්නේය. එසේ මාගේ අධිපතීන් මාගේ සෙනඟට තවත් පීඩා නොකර, දේශය ඉශ්‍රායෙල් වංශයට ඔවුන්ගේ ගෝත්‍ර ප්‍රකාරයට දෙනවා ඇත.

9. ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: එම්බා ඉශ්‍රායෙල් අධිපතිවරුනි, ඉතින් නුඹලාට ඇති. බලාත්කාරය සහ කොල්ලකෑමද පහකොට, යුක්තිය සහ ධර්මිෂ්ඨකමද කර, මාගේ සෙනඟට බලාත්කාරකිරීමෙන් වැලකෙන්නැයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.

10. හරි තරාදිද හරි ඒඵාවක්ද හරි බාත් මිම්මක්ද නුඹලාට තිබේවා.

11. බාතට හෝමෙරෙන් දසයෙන් කොටසක්ද ඒඵාවට හෝමෙරෙන් දසයෙන් කොටසක්ද අල්ලන පිණිස ඒඵාව හා බාත එක ප්‍රමාණය වන්නේය. ඒවායේ ප්‍රමාණය හෝමෙරට හරිව තිබේවා. ෂෙකෙලට ගේරා විස්සක්ය.

12. නුඹලාගේ මානෙය ෂෙකෙල් විස්සක්ව, ෂෙකෙල් විසිපහක්ව, ෂෙකෙල් පහළොහක්ව, තිබෙන්නේය.

13. නුඹලා ඔප්පු කළ යුතුවූ එසවීම් පූජාව නම් තිරිඟු හෝමෙරකින් ඒඵාවෙන් හයෙන් කොටසක්ය, යව හෝමෙරකිනුත් ඒඵාවෙන් හයෙන් කොටසක් දිය යුතුය.

14. තෙල් සම්බන්ධ නියමය නම්: බාත් දසයක් අඩංගුවූ හෝමෙර වන කෝරකින් බාතෙන් දසයෙන් පංගුවක් දිය යුතුය; හෝමෙරට බාත් දසයක් වේ.

15. ඉශ්‍රායෙල්වරුන් උදෙසා සමඟිකමක් කිරීමට ආහාර පූජාවටත් දවන පූජාවටත් ශාන්ති පූජාවලටත් ඔවුන්ගේ සාරවත් බිම්වල එළු බැටළු රැළවලින් දෙසියයකින් එක සතෙකු බැගින් දෙන්ට යෙදේවයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.

16. දේශයේ මුළු සෙනඟ ඒ එසවීම් පූජාව ඉශ්‍රායෙල් අධිපතියාට දිය යුතුය.

17. අධිපතියාගේ යුතුකම නම් ඉශ්‍රායෙල් වංශයේ සියලු නියම කාලවල මංගල්‍යවලදීත් අමාවක්වලදීත් සබත් දවස්වලදීත් දවන පූජාද ආහාර පූජාද පාන පූජාද සපයාදීමය. ඉශ්‍රායෙල් වංශය උදෙසා සමඟිකමක් කරන්ට පාප පූජාවද ආහාර පූජාවද දවන පූජාවද ශාන්ති පූජාද ඔහු විසින් පිළියෙළකළ යුතුය.

18. ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: පළමුවෙනි මාසයේ පළමුවෙනිදා කැලලක් නැති තරුණ ගොනෙක් රැගෙන ශුද්ධස්ථානයේ දෝෂ පහකරන්න.

19. පූජකයාද පාප පූජාවේ ලේ වලින් ස්වල්පයක් රැගෙන ගෘහයේ උළුවස්සේ කණුවලත් පූජාසනයේ පිළේ කොන් සතරෙත් ඇතුල් මළුවේ දොරටුවේ උළුවස්සේ කණුවලත් ගාන්නේය.

20. මාසයේ සත්වෙනි දවසේදීත් එසේම කොට, මුළාවෙන අය නිසාත් අනුවණ තැනැත්තා නිසාත් ගෘහය උදෙසා සමඟිකමක් කරන්න .

21. පළමුවෙනි මාසයේදී දහහතරවෙනිදා පටන් පාස්කු මංගල්‍යය සත් දවසක් පවත්වමින්, මුහුන් නැති රොටි කන්න.

22. ඒ දවසේදී අධිපතියා තමා උදෙසාත් දේශයේ මුළු සෙනඟ උදෙසාත් තරුණ ගොනෙක් පාප පූජාවක් කොට පිළියෙළකරන්නේය.

23. ඔහු මංගල්‍යයේ දවස් සතේ ස්වාමීන්වහන්සේට දවන පූජාවක් කොට සත් දවසෙන් එක එක දවසට කැලලක් නැති ගොන් සත්දෙනෙකුත් බැටළුවන් සත්දෙනෙකුත් පාප පූජාවක් කොට දවසට එළුවෙකුත් පිළියෙළකරන්නේය.

24. ඔහු ආහාර පූජාවක් කොට ගොනෙකුට පිටි ඒඵාවක්ද බැටළුවෙකුට ඒඵාවක්ද ඒඵාවකට තෙල් හිනක්ද බැගින් පිළියෙළකරන්නේය.

25. සත්වෙනි මාසයේ පහළොස්වෙනිදා මංගල්‍යයේදී ඔහු එසේම සත් දවසක් ඒ පාප පූජාවද දවන පූජාවද ආහාර පූජාවද තෙල්ද සඳහා පිළියෙළකරන්නේය.

About එසකියෙල් Chapter 45

Read එසකියෙල් Chapter 45 online from the Holy Bible. This chapter is part of the Book of එසකියෙල් in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: එසකියෙල්
Chapter: 45
Testament: Old Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading එසකියෙල්. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading එසකියෙල් Chapter 45 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is එසකියෙල් Chapter 45?

එසකියෙල් Chapter 45 is part of the Book of එසකියෙල් in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete එසකියෙල් Chapter 45 online for free with easy chapter navigation.

More Chapters from එසකියෙල්

  1. එසකියෙල් Chapter 5
  2. එසකියෙල් Chapter 24
  3. එසකියෙල් Chapter 40
  4. එසකියෙල් Chapter 34
  5. එසකියෙල් Chapter 28
  6. එසකියෙල් Chapter 17
  7. එසකියෙල් Chapter 9

Explore More from පැරණි ගිවිසුම

  1. 1 ලේකම් Chapter 24
  2. ගීතාවලිය Chapter 95
  3. ශෙපනියා Chapter 1
  4. නික්මයාම Chapter 8
  5. ද්වීතීය කථාව Chapter 14
  6. යෙරෙමියා Chapter 49
  7. හග්ගයි Chapter 1

Related Chapters & Readings

  1. එසකියෙල් Chapter 28
  2. එළිදරව් Chapter 11
  3. යෝෂුවා Chapter 7
  4. ශු. මතෙව් Chapter 1
  5. යෙරෙමියා Chapter 44
  6. ක්රිරයා Chapter 12
  7. ද්වීතීය කථාව Chapter 32
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *