Read ගණන් කථාව Chapter 10 Online
Read ගණන් කථාව Chapter 10 online from the Holy Bible. This chapter is part of the Book of ගණන් කථාව in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of ගණන් කථාව and the Holy Bible online.
Choose a Chapter
ගණන් කථාව 10
පරිච්ඡේදය 10
1. ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට කියනසේක්:
2. සභාව කැඳවීමටත් සේනාව පිටත්කර වීමටත් පිඹින පිණිස රිදී හොරණෑ දෙකක් සාදාගන්න; ඒවා තළාපු කර්මාන්තයෙන් සාදන්න.
3. ඒවා පිඹින කල මුළු සභාව සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩ ළඟට ඔබ වෙතට රැස්වෙත්වා.
4. එක හොරණෑවක් පමණක් පිම්බ කල ඉශ්‍රායෙල් දහස් ගණන්වල ප්‍රධානියෝ වන අධිපතීහු ඔබ වෙතට රැස්වෙත්වා.
5. ඔබ සැම මහත් හඬකින් පිම්බ කල නැගෙනහිර පැත්තෙහි කූඩාරම් ගසාගන සිටින සේනාවෝ පිටත්වෙත්වා.
6. දෙවෙනි වර මහත් හඬකින් පිම්බ කල දකුණු පැත්තෙහි කූඩාරම් ගසාගන සිටින සේනාවෝ පිටත්වෙත්වා. එසේ ඔවුන්ගේ ගමන් පිණිස මහත් හඬකින් පිඹින්නෝය.
7. නුමුත් සභාව රැස්කරවන්ට ඕනෑවූ විට මහත් ශබ්දයක් නොකොට පිඹින්න.
8. පූජකයෝවූ ආරොන්ගේ පුත්‍රයෝ හොරණෑ පිඹිත්වා; ඒවා ඔබ සැමගේ පරම්පරාවල ඔබ සැමට නිරන්තර පනතක් පිණිස වන්නේය.
9. ඔබ සැමගේ දේශයෙහි ඔබ සැමට සතුරුකම් කරන සතුරාට විරුද්ධව ඔබ සැම යුද්ධයට යන විටද මහත් හඬකින් හොරණෑ පිඹින්න; එවිට ඔබ සැම ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සිහිකරනු ලැබ ඔබ සැමගේ සතුරන්ගෙන් ගළවනු ලබන්නහුය.
10. ඔබ සැමගේ ප්‍රීති දවසෙහිත් ඔබ සැමගේ නියම මංගල්‍යවලදීත් ඔබ සැමගේ මාස් ආරම්භයෙහිදීත් ඔබ සැමගේ දවන පූජාද ශාන්ති පූජාද ඔප්පුකරන කල හොරණෑ පිඹින්න; ඒවා ඔබ සැමගේ දෙවියන්වහන්සේ ඉදිරියෙහි ඔබ සැමට සිහිවීමක් පිණිස වන්නේය. මම ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේයයි කීසේක.
11. දෙවෙනි වර්ෂයෙහි දෙවෙනි මස විසිවෙනි දින වලාකුළ සාක්ෂි මණ්ඩපය කෙරෙන් ඔසවාගන්නා ලද්දේය.
12. එවිට ඉශ්‍රායෙල් පුත්‍රයෝ තමුන්ගේ ගමන් ප්‍රකාර සීනයි කාන්තාරයෙන් පිටත්ව ගියෝය; වලාකුළ පාරාන් කාන්තාරයෙහි නැවතුණේය.
13. එවිට ඔව්හු ස්වාමීන්වහන්සේ මෝසෙස් ලවා අණ කෙරෙවු ලෙස පළමු වරට ගමන්කළෝය.
14. පළමුකොට යූදා පුත්‍රයන්ගේ කඳවුරේ ධජය ඔවුන්ගේ සේනාවල හැටියට පිටත්විය. ඔහුගේ සේනාවට අධිපතියා අම්මිනාදාබ්ගේ පුත්‍රවූ නාෂොන්ය.
15. ඉස්සාඛර් පුත්‍රයන්ගේ ගෝත්‍රයේ සේනාවට අධිපතියා ශූවර්ගේ පුත්‍රවූ නෙතනේල්ය.
16. සාබුලොන් පුත්‍රයන්ගේ ගෝත්‍රයේ සේනාවට අධිපතියා හේලොන්ගේ පුත්‍රවූ එලියාබ්ය.
17. මණ්ඩපයද බානලද්දේය; එවිට මණ්ඩපය උසුලා ගෙනයන්නෝ වන ගේර්ෂොන්ගේ පුත්‍රයෝද මෙරාරීගේ පුත්‍රයෝද පිටත්ව ගියෝය.
18. රූබෙන්ගේ කඳවුරේ ධජය ඔවුන්ගේ සේනාවල හැටියට පිටත්ව ගියේය. ඔහුගේ සේනාවට අධිපතියා ෂෙදෙවුර්ගේ පුත්‍රවූ එලිශූර්ය.
19. සිමියොන් පුත්‍රයන්ගේ ගෝත්‍රයේ සේනාවට අධිපතියා ශුරිෂද්දයිගේ පුත්‍රවූ ෂෙලුමියෙල්ය.
20. ගාද් පුත්‍රයන්ගේ ගෝත්‍රයේ සේනාවට අධිපතියා දෙවුයෙල්ගේ පුත්‍රවූ එලියාසාප්ය.
21. එවිට කොහාත්වරු පිටත්වී ශුද්ධස්ථානය උසුලාගන ගියෝය. ඔවුන් එනතුරු අනික් අය මණ්ඩපය පිහිටෙවුවෝය.
22. එප්‍රායිම් පුත්‍රයන්ගේ කඳවුරේ ධජය ඔවුන්ගේ සේනාවල හැටියට පිටත්ව ගියේය. ඔහුගේ සේනාවට අධිපතියා අම්මිහුද්ගේ පුත්‍රවූ එලිෂාමාය.
23. මනස්සේ පුත්‍රයන්ගේ ගෝත්‍රයේ සේනාවට අධිපතියා පෙදාශූර්ගේ පුත්‍රවූ ගමාලියෙල්ය.
24. බෙන්යමින් පුත්‍රයන්ගේ ගෝත්‍රයේ සේනාවට අධිපතියා ගිදෙයොනිගේ පුත්‍රවූ අබිදාන්ය.
25. සියලු කඳවුරුවලින් අන්තිම එකවූ දාන් පුත්‍රයන්ගේ කඳවුරේ ධජය ඔවුන්ගේ සේනාවල හැටියට පිටත්ව ගියේය. ඔහුගේ සේනාවට අධිපතියා අම්මිෂද්දයිගේ පුත්‍රවූ අහියෙසෙර්ය.
26. ආෂෙර් පුත්‍රයන්ගේ ගෝත්‍රයේ සේනාවට අධිපතියා ඔක්‍රාන්ගේ පුත්‍රවූ පගීයෙල්ය.
27. නප්තලී පුත්‍රයන්ගේ ගෝත්‍රයේ සේනාවට අධිපතියා ඒනාන්ගේ පුත්‍රවූ අහිරාය.
28. තමුන්ගේ සේනාවල හැටියට ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ ගමන් කිරීම් මෙයාකාරය; ඔව්හුද පිටත්ව ගියෝය.
29. මෝසෙස් තමාගේ මාමා වන මිදියන්හි රෙවුයෙල්ගේ පුත්‍රවූ හොබාබ්ට කියනුයේ: මම ඔබ සැමට දෙන්නෙමියි කියා ස්වාමීන්වහන්සේ කී ස්ථානයට අපි ගමන්කරමුව. අප සමඟ එන්න, අපි ඔබට යහපත කරන්නෙමුව. මක්නිසාද ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් ගැන යහපත කථාකර තිබේයයි කීවේය.
30. ඔහුද: මම නොඑන්නෙමි; මාගේ දේශයටත් මාගේ නෑයන් වෙතටත් යන්නෙමියි ඔහුට කීවේය.
31. මෝසෙස්ද: අප අත්හැර නොයන මෙන් ඉල්ලමි; මක්නිසාද අප විසින් කාන්තාරයෙහි කඳවුරු බැඳගන්ට ඕනෑ කෙසේදැයි ඔබ දන්න බැවින් ඔබ අපට ඇස් මෙන් වෙනවා ඇත.
32. ඉදින් ඔබ අප සමඟ යන්නෙහි නම් ස්වාමීන්වහන්සේ අපට කරන යහපතම අපි සැබවින් ඔබට කරන්නෙමුයයි කීවේය.
33. ඔව්හු ස්වාමීන්වහන්සේගේ කන්දෙන් පිටත්ව තුන් දවසක ගමන් ගියෝය; ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටියද ඔවුන්ට නවතින තැනක් සොයන පිණිස ඔවුන්ට පෙරටුවෙන් තුන් දිනක් ගමන් කෙළේය.
34. ඔවුන් කඳවුරෙන් පිටත්වූ කල ස්වාමීන්වහන්සේගේ වලාකුළ දවාලේදී ඔවුන්ට උඩින් තිබුණේය.
35. තවද ගිවිසුම් පෙට්ටිය පිටත්වෙන කල මෝසෙස් කියනුයේ: ස්වාමීන්වහන්ස නැගුටුණු මැනව, ඔබගේ සතුරෝ විසිරයෙත්වා; ඔබට වෛරවෙන්නෝද ඔබ ඉදිරියෙන් පලා යෙත්වයි කීවේය.
36. ගිවිසුම් පෙට්ටිය නැවතුණු කල ඔහු: ස්වාමීන්වහන්ස, ඉශ්‍රායෙල්වරුන්ගේ දහස් ගණන්වලින් දස දහස් දෙනා වෙතට හැරී අව මැනවයි කීවේය.
About ගණන් කථාව Chapter 10
Read ගණන් කථාව Chapter 10 online from the Holy Bible. This chapter is part of the Book of ගණන් කථාව in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.
Book Information
Book: ගණන් කථාව
Chapter: 10
Testament: Old Testament
How to Read this Chapter
Use the Previous and Next Chapter buttons to continue reading ගණන් කථාව. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.
More Resources
Continue Reading the Bible
Continue reading ගණන් කථාව Chapter 10 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.
Frequently Asked Questions
What is ගණන් කථාව Chapter 10?
ගණන් කථාව Chapter 10 is part of the Book of ගණන් කථාව in the Holy Bible.
Can I read this chapter online?
Yes. You can read the complete ගණන් කථාව Chapter 10 online for free with easy chapter navigation.
More Chapters from ගණන්-කථාව
- ගණන් කථාව Chapter 26
- ගණන් කථාව Chapter 21
- ගණන් කථාව Chapter 27
- ගණන් කථාව Chapter 23
- ගණන් කථාව Chapter 19
- ගණන් කථාව Chapter 1
- ගණන් කථාව Chapter 36
Explore More from පැරණි ගිවිසුම
- ගණන් කථාව Chapter 30
- ගණන් කථාව Chapter 26
- ලෙවී කථාව Chapter 4
- නෙහෙමියා Chapter 4
- 2 ලේකම් Chapter 11
- ද්වීතීය කථාව Chapter 3
- ගීතාවලිය Chapter 135