Read ගණන් කථාව Chapter 30 Online
Read ගණන් කථාව Chapter 30 online from the Holy Bible. This chapter is part of the Book of ගණන් කථාව in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of ගණන් කථාව and the Holy Bible online.
Choose a Chapter
ගණන් කථාව 30
පරිච්ඡේදය 30
1. මෝසෙස් ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ ගෝත්‍රවල ප්‍රධානීන්ට කථාකොට: ස්වාමීන්වහන්සේ අණකර තිබෙන දේ මේය-
2. මනුෂ්‍යයෙක් ස්වාමීන්වහන්සේට බාරයක් වුණොත් නොහොත් යමකින් වැලකීමට බැඳෙන හැටියට දිවුරුමක් දිවුළොත් ඔහු තමාගේ වචනය කඩනොකර තමාගේ මුඛයෙන් නික්මෙන සියල්ල ලෙස කෙරේවා.
3. ස්ත්‍රියෙක් ඇගේ තරුණ වයසේදී ඇගේ පියාගේ ගෙයි සිටින අතර ස්වාමීන්වහන්සේට බාරයක් වී යමකින් වැලකීමට බැඳෙන කල,
4. ඇගේ පියා ඇගේ බාරය හා ඈ බැඳුණු බැදීමේ වචනද අසා ඒ ගැන කිසිවක් නොකියා සිටියොත්, ඇගේ සියලු බාරද ඈ විසින් ඉෂ්ට කරන්ට බැඳුණු හැම බැඳීම්ද ස්ථිරවන්නේය.
5. එහෙත් ඇගේ පියා එය ඇසූ දවසේදී ඈට තහනම්කළොත්, ඇගේ බාරද ඈ බැඳුණ බැඳීම්ද ස්ථිර නොවන්නේය. ඇගේ පියා ඈට තහනම් කළ බැවින් ස්වාමීන්වහන්සේ ඈට ක්ෂමාකරනසේක.
6. ඇගේ බාර ඈ පිට තිබියදී නොහොත් ඈ බැඳෙන හැටියට අපරීක්ෂාවෙන් ඇගේ තොල්වලින් කියාවුණාවූ දේ තිබියදී ඈ පුරුෂයෙකු සමඟ විවාහවූවානම්,
7. ඇගේ පුරුෂයා ඒ ඇසූ දවසේදී කිසිවක් නොකීවොත්, ඇගේ බාරද ඈ බැඳුණු ඇගේ බැඳීම්ද ස්ථිර වන්නේය.
8. එහෙත් ඇගේ පුරුෂයා ඒ ඇසූ දවසේදී ඈට තහනම් කළොත්, ඈ කෙරෙහි තිබෙන ඇගේ බාරයද ඈ බැඳෙන හැටියට අපරීක්ෂාවෙන් ඇගේ තොල් වලින් කියවුණාවූ වචනද ඔහු අවලංගුකරන්නේය. ස්වාමීන්වහන්සේද ඈට ක්ෂමාකරනසේක.
9. එහෙත් වැන්දඹුවකු විසින් හෝ අත්හරිනලද භාර්යාවකු විසින් හෝ බාරයක් වූ කල්හි ඈ බැඳුණු සියල්ලම ඈ කෙරෙහි ස්ථිරවන්නේය.
10. තවද ඇගේ පුරුෂයාගේ ගෙයිදී ඈ බාරයක් වුණොත් නොහොත් යමකින් වැලකීමට ඈ දිවුරුමකින් බැඳුණොත්,
11. ඇගේ පුරුෂයාද ඒ අසා කිසිවක් නොකීයේනම්, ඈට තහනම් නොකෙළේ නම්, ඇගේ සියලු බාරද ඈ කරන්ට බැඳුණාවූ සියල්ලද ස්ථිරවන්නේය.
12. එහෙත් ඇගේ පුරුෂයා ඒ ඇසූ දවසේදී ඒවා මුළුමනින්ම අවලංගු කෙළේනම්, ඇගේ බාරවල් ගැනද ඇගේ බැඳීම ගැනද ඇගේ තොල් වලින් නික්මුණාවූ කිසිවක් ස්ථිර නොවන්නේය. ඇගේ පුරුෂයා ඒවා අවලංගු කෙළේය; ස්වාමීන්වහන්සේද එය ඈට ක්ෂමාකරනසේක.
13. සියලු බාරවල්ද ප්‍රාණයට දුක් විලාසයෙන් සිටීමට කරන සියලු දිවුරුම්ද ඇගේ පුරුෂයාට ස්ථිර කරන්ට හෝ අවලංගුකරන්ට හෝ පුළුවන.
14. එහෙත් ඇගේ පුරුෂයා දවසින් දවස ඒ ගැන නිශ්ශබ්දව සිටියොත් ඈ කෙරෙහි තිබෙන ඇගේ සියලු බාරවල් හෝ ඇගේ සියලු බැඳීම් ඔහු විසින් ස්ථිරකරනු ලැබේ. ඔහු ඒ ඇසූ දවසේදී ඈට කිසිවක් නොකී බැවින් ඔහු ඒවා ස්ථීරකෙළේය.
15. එහෙත් ඔහු ඒවා ඇසුවායින් පසු යම් අන්දමකින් ඒවා අවලංගුකළොත්, ඔහු ඇගේ අයුතුකම දරන්නේයයි කීවේය.
16. පුරුෂයෙකු සහ ඔහුගේ භාර්යාව අතරේද පියෙකු සහ ඔහුගේ දුව ඇගේ තරුණ වයසේදී ඇගේ පියාගේ ගෙයි සිටින කල ඈ අතරේද පවත්වන ලෙස ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළ පනත් මේවාය.
About ගණන් කථාව Chapter 30
Read ගණන් කථාව Chapter 30 online from the Holy Bible. This chapter is part of the Book of ගණන් කථාව in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.
Book Information
Book: ගණන් කථාව
Chapter: 30
Testament: Old Testament
How to Read this Chapter
Use the Previous and Next Chapter buttons to continue reading ගණන් කථාව. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.
More Resources
Continue Reading the Bible
Continue reading ගණන් කථාව Chapter 30 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.
Frequently Asked Questions
What is ගණන් කථාව Chapter 30?
ගණන් කථාව Chapter 30 is part of the Book of ගණන් කථාව in the Holy Bible.
Can I read this chapter online?
Yes. You can read the complete ගණන් කථාව Chapter 30 online for free with easy chapter navigation.
More Chapters from ගණන්-කථාව
- ගණන් කථාව Chapter 26
- ගණන් කථාව Chapter 21
- ගණන් කථාව Chapter 10
- ගණන් කථාව Chapter 27
- ගණන් කථාව Chapter 23
- ගණන් කථාව Chapter 19
- ගණන් කථාව Chapter 16
Explore More from පැරණි ගිවිසුම
- 1 රාජාවලිය Chapter 22
- ද්වීතීය කථාව Chapter 31
- 1 රාජාවලිය Chapter 2
- යෙරෙමියා Chapter 15
- ගීතාවලිය Chapter 68
- 2 ලේකම් Chapter 28
- හබක්කුක් Chapter 1