Read 2 ලේකම් Chapter 20 Online
Read 2 ලේකම් Chapter 20 online from the Holy Bible. This chapter is part of the Book of 2 ලේකම් in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of 2 ලේකම් and the Holy Bible online.
Choose a Chapter
2 ලේකම් 20
පරිච්ඡේදය 20
1. මින්පසු මෝවබ් පුත්‍රයෝද අම්මොන් පුත්‍රයෝද ඔවුන් සමඟ අම්මොනිවරුන්ගෙන්සමහරෙක්ද යෙහෝෂාපාට්ට විරුද්ධව යුද්ධයට ආවෝය.
2. එවිට සමහරෙක් ඇවිත් යෙහෝෂාපාට්ට කථාකොට: මුහුද එගොඩින් සිරියේ සිට මහත් සමූහයක් ඔබට විරුද්ධව එන්නාහ; ඔව්හු හශශොන්-තාමාර්හි (ඒන්-ගෙදිය කියන්නෙක් ඊටමයි) සිටිතියි කියා දැන්නුවෝය.
3. එවිට යෙහෝෂාපාට් භයවී, ස්වාමීන්වහන්සේ සොයන්ට සිත යොමුකර, යුදා මුළුල්ලෙහි උපවාසයක් ප්‍රකාශකෙළේය.
4. ස්වාමීන්වහන්සේගෙන් පිහිට ඉල්ලන පිණිස යුදාවරු රැස්වූවෝය. යුදාහි සියලු නුවරවලින් ඔව්හු ස්වාමීන්වහන්සේ සොයන්ට ආවෝය.
5. එවිට යෙහෝෂාපාට් ස්වාමීන්වහන්සේගේ ගෘහයෙහි අලුත් මළුව ඉදිරිපිට යුදා සහ යෙරුසලමේ සිට රැස්වූ සභාව මැද සිට කියනුයේ:
6. අපේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්ස, ඔබ ස්වර්ගයෙහි දෙවියන්වහන්සේ නොවනසේක්ද? ජාතීන්ගේ සියලු රාජ්‍යවල් කෙරෙහි ආණ්ඩුකරන්නෙත් ඔබ නොවේද? ඔබගේ අතේ බලය හා පරාක්‍රමය තිබේ, ඔබට විරුද්ධව සිටින්ට පුළුවන් කෙනෙකුත් නැත. අපේ දෙවියන්වහන්ස,
7. ඔබගේ සෙනඟවූ ඉශ්‍රායෙල් ඉදිරිපිටින් ඔබම මේ දේශයේ වැසියන් පන්නාදමා, ඔබගේ මිත්‍රවූ ආබ්‍රහම්ගේ වංශයට ඒක සදාකාලයටම නුදුන්සේක්ද?
8. ඔව්හු මෙහි වාසයකොට, ඔබගේ නාමයට මෙහි ශුද්ධස්ථානයක් ගොඩනගා කථාකොට-
9. අප පිටට යම් විපත්තියක් එනම් කඩුව හෝ දඬුවමක් හෝ වසංගතයක් හෝ සාගතයක් හෝ පැමුණුණොත්, ඔබගේ නාමය මේ ගෘහයෙහි තබා තිබෙන නිසා, අපි මේ ගෘහය හා ඔබ ඉදිරියෙහි සිට අපේ දුකේදී ඔබට යාච්ඤාකරන්නෙමුව, එවිට ඔබ ශ්‍රවණය කොට ගළවනසේකැයි කීවෝය.
10. බැලුවමැනව, ඉශ්‍රායෙල් මිසරයෙන් ආකල අම්මොන් සහ මෝවබ් පුත්‍රයන්ද සෙයිර් කඳුකරයේ වැසියන්ද අතරට පැමිණෙන්ට ඔබ ඔවුන්ට ඉඩ නුදුන් බැවින්, ඔව්හු ඔවුන් විනාශනොකර, ඔවුන් වෙතින් අහක්ව ගියෝය.
11. එහෙත් ඔබ අපට හිමිකරදුන් ඔබගේ උරුමයෙන් අප පන්නාදමන්ට ඊමෙන් ඔවුන් අපට ප්‍රතිඵල දෙන හැටි බැලුවමැනව.
12. අපේ දෙවියන්වහන්ස, ඔබ ඔවුන් විනිශ්චය නොකරනසේක්ද? මක්නිසාද අපට විරුද්ධව එන මේ මහත් සමූහයා ඉදිරියෙහි සිටින්ට අපට ශක්තිය නැත; අපි මක්කරමුද කියාත් නොදනිමුව. නුමුත් අපේ ඇස් ඔබ දෙසම යොමුකර තිබේයයි කීවේය.
13. මුළු යුදා තමුන්ගේ අතදරුවන්ද භාර්යාවන්ද දරුවන්ද සමඟ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සිටියෝය.
14. එවිට ස්වාමීන්වහන්සේගේ ආත්මය සභාව මැද සිටි ආසාප්ගේ පුත්‍රයන්ගෙන් එක්කෙනෙක්වූ ලෙවීය මත්තනියාගේ පුත්‍රවූ යෙයියෙල්ගේ පුත්‍රයා වන බෙනායාගේ පුත්‍රවූ සෙකරියාගේ පුත්‍රයා වන යහසීයෙල් කෙරෙහි පහළ වූයේය.
15. ඔහු කථාකොට: සියලු යුදාවරුනි, යෙරුසලමේ වැසියෙනි, යෙහෝෂාපාට් රජ්ජුරුවෙනි, ඇහුම්කන්දෙන්න. ස්වාමීන්වහන්සේ ඔබ සැමට මෙසේ කියනසේක-මේ මහත් සමූහයා නිසා භයනොවෙන්න, නොකැලඹෙන්න; මක්නිසාද මේ යුද්ධය ඔබ සැමගේ නොව දෙවියන්වහන්සේගේය.
16. හෙට ඔවුන්ට විරුද්ධව යන්න. බලව, ඔව්හු ශීශ් නම් නැගුමෙන් නැගී එති; යෙරුයෙල් කාන්තාරයට ඉස්සරහපිට මිටියාවතේ කෙළවරදී ඔව්හු ඔබ සැමට සම්බවන්නෝය.
17. යුදාවරුනි, යෙරුසලමේ වැසියෙනි, මේ යුද්ධයේදී ඔබ සැම සටන්කරන්ට ඕනෑ නැත. සැරසී නිශ්චලව සිට ස්වාමීන්වහන්සේ ඔබ සැමට දෙන ගැළවීම බලාසිටින්න. ස්වාමීන්වහන්සේ ඔබ සැම සමඟ සිටින නිසා භයනොවී, නොකැලඹී, හෙට ඔවුන් වෙතට පිටත්ව යන්නය කියා වදාරනසේකැයි කීවේය.
18. එවිට යෙහෝෂාපාට් මුහුණින් බිමට නැමුණේය. සියලු යුදාවරුද යෙරුසලමේ වැසියෝද ස්වාමීන්වහන්සේට නමස්කාරකරමින් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි වැඳවැටුණෝය.
19. කොහාතිවරුන්ගේ පුත්‍රයෝද කොරාවරුන්ගේ පුත්‍රයෝද වන ලෙවීවරු ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ඉතා මහත් හඬකින් ප්‍රශංසා කිරීමට නැගුටුණෝය.
20. ඔව්හු අලුයම නැගිට තෙකෝවා කාන්තාරයට පිටත්ව ගියෝය. ඔවුන් පිටත්වෙද්දී යෙහෝෂාපාට් නැගිට සිට කථාකොට: යුදාවරුනි, යෙරුසලමේ වැසියෙනි, මාගේ වචන අසන්න; ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කෙරෙහි විශ්වාසය තබන්න, එවිට ඔබ සැම ස්ථිරවන්නහුය; උන්වහන්සේගේ ප්‍රොපේතවරුන් විශ්වාස කරන්න. එවිට ඔබ සැම සඵලවන්නහුයයි කීවේය.
21. ඔහු සෙනඟ සමඟ මන්ත්‍රණයකොට ස්වාමීන්වහන්සේට ගීතිකාකරන්නන් පත්කෙළේය. ඔව්හු යුද්ධ සේනාවට පෙරටුව යමින්, ශුද්ධකමේ අලංකාරයෙන් යුක්තව ප්‍රශංසා කරමින්-ස්වාමීන්වහන්සේට ස්තුතිකරන්න, මක්නිසාද උන්වහන්සේගේ කරුණාව සදාකල්ම
22. ඔවුන් ප්‍රීති ඝෝෂාවද ප්‍රශංසාවද පටන්ගත් වේලාවේදී යුදාට විරුද්ධව ඇවිත් සිටි අම්මොන් සහ මෝවබ් පුත්‍රයන්ටද සෙයිර් කඳුකරයේ වැසියන්ටද විරුද්ධ ස්වාමීන්වහන්සේ රැක සිටින සේනාවක් සිටෙවුසේක; ඔව්හු පැරදුණෝය.
23. මක්නිසාද අම්මොන් සහ මෝවබ් පුත්‍රයන් සෙයිර් කඳුකරයේ වැසියන් සිඳදමා විනාශකරන පිණිස ඔවුන්ට විරුද්ධව නැගිට්ටෝය. සෙයිර් වැසියන් මුළුමනින්ම නැතිකළායින් පසු ඔව්හු එකෙක් අනිකෙකු විනාශකරන්ට උපකාරවූහ.
24. යුදාවරු වනාහි කාන්තාරයේ මුරකොටුව උඩට ඇවිත් ඒ සමූහයා දෙස බැලූ විට, ඔවුන් මළකඳන්ව බිම වැටී ඉන්නවා දුටුවෝය, ගැළවුණාවූ කිසිවෙක්ද නොසිටියේය.
25. යෙහෝෂාපාට්ද ඔහුගේ සෙනඟද ඔවුන්ගෙන් කොල්ලය ගන්ට ආ කල වස්තුවද මළකඳන්ද. අනර්ඝ බඩුද ඔවුන්ට සම්බවුණේය; ගෙනයන්ට බැරි තරමට ඔව්හු ඒවා ගළවාගත්තෝය. කොල්ලය අධික බැවින් ඔවුන් තුන් දවසක් ඒවා එකතුකරමින් සිටියෝය.
26. සතරවෙනිදා ඔව්හු බෙරාකා. මිටියාවතේ රැස්වුණෝය; ඔවුන් එහිදී ස්වාමීන්වහන්සේට ප්‍රශංසාකළ බැවින් අද දක්වා තිබෙන පරිදි ඒ ස්ථානයට බෙරාකා. මිටියාවතයයි කියනලද්දේය.
27. එවිට යුදා සහ යෙරුසලමේ සියලු මනුෂ්‍යයෝද ඔවුන්ට පෙරටුව යෙහෝෂාපාට්ද ප්‍රීතියෙන් යෙරුසලමට හැරී යන්ට පිටත් වුණෝය; මක්නිසාද ස්වාමීන්වහන්සේ ඔවුන්ගේ සතුරන් ගැන ප්‍රීතිවෙන්ට ඔවුන්ට සැලැස්සූසේක.
28. ඔව්හු වීණාද මහ වීණාද හොරණෑද ඇතුව යෙරුසලමට ස්වාමීන්වහන්සේගේ ගෘහයට ආවෝය.
29. ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල්ගේ සතුරන්ට විරුද්ධව සටන්කළ බව දේශවල සියලු රාජ්‍යයන් ඇසූ විට ඔවුන් පිටට දෙවියන්වහන්සේගෙන් භීතියක් පැමිණියේය.
30. මෙසේ යෙහෝෂාපාට්ගේ රාජ්‍යය නිශ්චලව තිබුණේය. මක්නිසාද ඔහුගේ දෙවියන්වහන්සේ හාත්පසින්ම ඔහුට සමාදානය දුන්සේක.
31. යෙහෝෂාපාට් යුදා කෙරෙහි රජකම්කෙළේය. ඔහු රජවෙනකල අවුරුදු තිස්පහක් වයස්ව සිටියේය; ඔහු යෙරුසලමෙහි විසිපස් අවුරුද්දක් රජකම්කෙළේය. ඔහුගේ මෑණියන්ගේ නම අසූබාය, ඈ ෂීල්හිගේ දුවය.
32. ඔහු තමාගේ පියවූ ආසාගේ මාර්ගයෙහි හැසිරෙමින්, එයින් අහක්නොවී, ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි හරිව තිබුණු දේ කෙළේය.
33. එසේ වුවත් උස්තැන් අහක්නොකරනලද්දේය; ඒ වන තුරු සෙනඟ තමුන්ගේ පියවරුන්ගේ දෙවියන්වහන්සේ දෙසට තමුන්ගේ සිත් යොමුකළෙත් නැත.
34. යෙහෝෂාපාට්ගේ ඉතිරි ක්‍රියා මුල පටන් අග දක්වා ඉශ්‍රායෙල් රජුන්ගේ පොතෙහි අන්තර්ගතවූ, හනානීගේ පුත්‍ර යේහුගේ ඉතිහාසයෙහි ලියා තිබේ.
35. මින්පසු යුදාහි රජවූ යෙහෝෂාපාට් ඉතා දුර්ජන ලෙස හැසුරුණු ඉශ්‍රායෙල් රජවූ අහසියාට එකතුවුණේය.
36. ඔහු තර්ෂිෂ්ට යාමට නැව් සාදන පිණිස ඔහුට එකතුවිය. ඔව්හු එශියොන්-ගෙබෙර්හි නැව් සෑදුවෝය.
37. එවිට මරේෂාහි දෝදාවාහුගේ පුත්‍රවූ එලියෙසෙර් යෙහෝෂාපාට්ට විරුද්ධව අනාගතවාක්‍ය පවසමින්: ඔබ අහසියාට එකතුවුණු නිසා ස්වාමීන්වහන්සේ ඔබේ වැඩ බින්දසේකැයි කීයේය. තවද නැව් බිදී තර්ෂිෂ්ට යන්ට බැරිවිය.
About 2 ලේකම් Chapter 20
Read 2 ලේකම් Chapter 20 online from the Holy Bible. This chapter is part of the Book of 2 ලේකම් in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.
Book Information
Book: 2 ලේකම්
Chapter: 20
Testament: Old Testament
How to Read this Chapter
Use the Previous and Next Chapter buttons to continue reading 2 ලේකම්. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.
More Resources
Continue Reading the Bible
Continue reading 2 ලේකම් Chapter 20 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.
Frequently Asked Questions
What is 2 ලේකම් Chapter 20?
2 ලේකම් Chapter 20 is part of the Book of 2 ලේකම් in the Holy Bible.
Can I read this chapter online?
Yes. You can read the complete 2 ලේකම් Chapter 20 online for free with easy chapter navigation.
More Chapters from 2 ලේකම්
- 2 ලේකම් Chapter 18
- 2 ලේකම් Chapter 3
- 2 ලේකම් Chapter 16
- 2 ලේකම් Chapter 12
- 2 ලේකම් Chapter 28
- 2 ලේකම් Chapter 11
- 2 ලේකම් Chapter 35
Explore More from පැරණි ගිවිසුම
- යෙසායා Chapter 61
- යෙසායා Chapter 2
- ලෙවී කථාව Chapter 9
- යෙරෙමියා Chapter 32
- රූත්ගේ කථාව Chapter 2
- 1 සාමුවෙල් Chapter 20
- ගීතාවලිය Chapter 47