ගණන් කථාව Chapter 18

For English

Read ගණන් කථාව Chapter 18 Online

Read ගණන් කථාව Chapter 18 online from the Holy Bible. This chapter is part of the Book of ගණන් කථාව in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of ගණන් කථාව and the Holy Bible online.

Choose a Chapter

ගණන් කථාව 18

පරිච්ඡේදය 18

1. ස්වාමීන්වහන්සේ ආරොන්ට කථාකොට: ඔබද ඔබ සමඟ ඔබේ පුත්‍රයෝද ඔබේ පිය වංශයද ශුද්ධස්ථානය සම්බන්ධ අයුතුකම ගැන වග කියනවා ඇත. ඔබද ඔබ සමඟ ඔබේ පුත්‍රයෝද ඔබ සැමගේ පූජකකම සම්බන්ධ අයුතුකම ගැන වග කියනවා ඇත.

2. ඔබේ පිය ගෝත්‍රයවූ ලෙවීගේ ගෝත්‍රය වන ඔබේ සහෝදරයන්ද ඔබට එකතුවී ඔබට සේවයකරන පිණිස ඔවුන් ඔබ සමඟ ළඟට පමුණුවාගන්න. එහෙත් ඔබද ඔබ සමඟ ඔබේ පුත්‍රයෝද සාක්ෂි මණ්ඩපය ඉදිරියෙහි සිටින්න.

3. ඔව්හු ඔබටත් මුළු කූඩාරමටත් සේවයකරත්වා. ඔවුන්වත් ඔබ සැමවත් නොනසින පිණිස ඔව්හු ශුද්ධස්ථානයේ භාජනවලටවත් පූජාසනයටවත් ළංනොවෙත්වා.

4. කූඩාරමේ සියලුම සේවය පිණිස ඔව්හු ඔබට එකතුවී සම්මුඛවීමේ කූඩාරම සම්බන්ධව සේවය කරත්වා. අන්‍යයෙක් ඔබ සැම ළඟට නොපැමිණේවා.

5. ඉශ්‍රායෙල් පුත්‍රයන් පිට උදහස තවත් නොපැමිණෙන පිණිස ශුද්ධස්ථානයේ භාරයද පූජාසනයේ සේවයද ඔබ සැම විසින් බලාගතයුතුය.

6. බලව, මම ලෙවීවරුන්වූ ඔබ සැමගේ සහෝදරයන් ඉශ්‍රායෙල් පුත්‍රයන් අතරෙන් ගතිමි. සම්මුඛවීමේ කූඩාරමේ මෙහෙය කරන පිණිස ඔබ සැමට ත්‍යාගයක් කොට ඔව්හු ස්වාමීන්වහන්සේට දෙනලද්දෝය.

7. ඔබද ඔබ සමඟ ඔබේ පුත්‍රයෝද පූජාසනයේ සියලු දේ ගැනත් තිරයට ඇතුළත තිබෙන දේ ගැනත් ඔබ සැමගේ පූජකකම පවත්වමින් මෙහෙකරන්න. මම පූජකකම ත්‍යාග සේවයක් කොට ඔබ සැමට දෙමි. නුමුත් ළංවන අන්‍යයා මරනු ලබන්නේයයි කීසේක.

8. ස්වාමීන්වහන්සේ ආරොන්ට කථාකොට: බලව, මාගේ එසවීමේ පූජාවල භාරය එනම් ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ කැපකරනලද සියලුම දේවල් ඔබට සහ ඔබේ පුත්‍රයන්ටද ආලේපකිරීම හේතුකොටගෙන සදාකාලයටම නියම කොටසක් කොට මා විසින් දී තිබේ.

9. ගින්නෙහි නොදවන්නාවූ අති ශුද්ධ දේ වලින් ඔබට අයිති වන්නේ ඔවුන්ගේ සියලු පූජා එනම් ඔවුන්ගේ සියලු ආහාර පූජාද ඔවුන්ගේ සියලු පාප පූජාද ඔවුන්ගේ සියලු වරද පූජාද යන මේවාය; ඔවුන් මට දෙන දේවල් ඔබටත් ඔබේ පුත්‍රයන්ටත් අති ශුද්ධ වන්නේය.

10. අතිශුද්ධ දේවල් ලෙස එයින් කන්න. සියලු පිරිමින්ට එයින් කන්ට පුළුවන; ඒක ඔබට ශුද්ධ වන්නේය.

11. මේවාත් ඔබට අයිතිය, එනම්, ඔවුන්ගේ දීමනාවේ එසවීමේ පූජාවවූ ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ සියලුම තේව පූජාය. ඒවා ඔබටත් ඔබ සමඟ ඔබේ පුත්‍රයන්ටත් ඔබේ දූවරුන්ටත් සදාකාලයටම නියම කොටසක් කොට මා විසින් දී තිබේ. ඔබේ ගෙයි පවිත්‍රව සිටින සියල්ලන්ට එයින් කන්ට පුළුවන.

12. තෙල්වලින් උතුම්වූ කොටසද මුද්‍රික යුසයෙන් හා ධාන්‍ය වලින් උතුම්වූ කොටසද වන ඔවුන් ස්වාමීන්වහන්සේට දෙන්නාවූ දේවල ප්‍රථම ඒවා මම ඔබට දුනිමි.

13. ඔවුන් ස්වාමීන්වහන්සේට ගෙනෙන්නාවූ ඔවුන්ගේ දේශයෙහි තිබෙන සියලු දේවල ප්‍රථම ඵල ඔබට වේ; ඔබේ ගෙයි පවිත්‍රව සිටින සියල්ලන්ට එයින් කන්ට පුළුවන.

14. ඉශ්‍රායෙල්වරුන් අතරෙහි කැපකරනලද සියල්ල ඔබට වන්නේය.

15. ස්වාමීන්වහන්සේට ඔප්පුකරනු ලබන සියලු සත්වයන්ගෙන් මනුෂ්‍යයන්ගේ වේවා මෘගයන්ගේ වේවා ගර්භයේ සියලුම ප්‍රථම ඵල ඔබට අයිතිය. එසේවී නුමුත් මනුෂ්‍යයන්ගේ කුලුඳුලන් ඔබ සැබවින් මිදිය යුතුය, අපවිත්‍ර මෘගයන්ගේ කුලුඳුලන්ද ඔබ විසින් මිදිය යුතුය.

16. මසක දරුවා පටන් ඔවුන්ගෙන් මුදනු ලබන්ට සිටින්නන්, ඔබේ නියමයේ හැටියට, ගේරා විස්සක්වූ ශුද්ධස්ථානයේ ෂෙකෙලේ ප්‍රකාරයට, ෂෙකෙල් පහකට මුදන්න.

17. එහෙත් එළදෙනෙකුගේ හෝ බැටළුදෙනෙකුගේ හෝ එළුදෙනෙකුගේ හෝ කුලුඳුලා නොමිදිය යුතුය, උන් ශුද්ධය. උන්ගේ ලේ පූජාසනය පිට ඉස, ස්වාමීන්වහන්සේට මිහිරි සුවඳක් පිණිස ගිනි පූජාවක් කොට උන්ගේ තෙල දවන්න.

18. එහෙත් උන්ගේ මාංස ඔබට වන්නේය, තේව ළැපැත්ත හා දකුණු කළවය ඔබට වන්නාක්මෙන් ඒවාත් ඔබට වන්නේය.

19. ඉශ්‍රායෙල් පුත්‍රයන් විසින් ස්වාමීන්වහන්සේට පූජාකරන ශුද්ධ දේවලින් සියලු එසවීමේ පූජා ඔබටත් ඔබ සමඟ ඔබේ පුත්‍රයන්ටත් ඔබේ දූවරුන්ටත් සදාකාලේට නියම කොටසක් කොට මා විසින් දී තිබේ. ඒක ඔබටත් ඔබ සමඟ ඔබේ වංශයටත් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි නිරන්තරවූ ලවණ ගිවිසුමක්යයි කීසේක.

20. ස්වාමීන්වහන්සේ ආරොන්ට කථාකොට: ඔවුන්ගේ දේශයෙහි කිසි උරුමයක්වත් ඔවුන් අතරෙහි කිසි කොටසක්වත් ඔබට නොවන්නේය. ඉශ්‍රායෙල් පුත්‍රයන් අතරෙහි ඔබේ කොටසද ඔබේ උරුමයද මමය.

21. බලව, ලෙවීගේ පුත්‍රයන්ට ඔවුන් කරන මෙහෙය එනම් සම්මුඛවීමේ කූඩාරමේ මෙහෙය නිසා උරුමයක් කොට ඉශ්‍රායෙල්වරුන්ගේ සියල්ලෙන් දසයෙන් කොටසක් මා විසින් දී තිබේ.

22. ඉශ්‍රායෙල් පුත්‍රයෝ පාපය දරා නොනසින පිණිස මෙතැන් පටන් රැස්වීමේ කූඩාරම ළඟට නොපැමිණෙත්වා.

23. එහෙත් ලෙවීවරුම සම්මුඛවීමේ කූඩාරමේ මෙහෙය කර තමුන්ගේ අපරාධ ගැන වග කියන්නෝය. ඒක ඔබ සැමගේ පරම්පරාවල සදාකාල පනතක් වන්නේය, ඉශ්‍රායෙල් පුත්‍රයන් අතරෙහි ඔවුන්ට කිසි උරුමයක් නොවන්නේය.

24. මක්නිසාද එසවීමේ පූජාවක් කොට ඉශ්‍රායෙල් පුත්‍රයන් ස්වාමීන්වහන්සේට ඔප්පුකරන දසයෙන් කොටස ලෙවීවරුන්ට උරුමයක් කොට මා විසින් දී තිබේ. එබැවින් ඉශ්‍රායෙල් පුත්‍රයන් අතරෙහි කිසි උරුමයක් ඔවුන්ට නොලැබෙන්නේය කියා මම ඔවුන්ට කීයෙමියි කීසේක.

25. ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට කියනසේක්:

26. තවද ඔබ ලෙවීවරුන්ට මෙසේ කියන්න-ඔබ සැමගේ උරුමය කොට මා විසින් ඉශ්‍රායෙල් පුත්‍රයන්ට දී තිබෙන දසයෙන් කොටස ඔබ සැම ඔවුන්ගෙන් ගන්න කල එයින් දසයෙන් කොටසක් ස්වාමීන්වහන්සේට එසවීමේ පූජාවක් කොට ඔප්පුකරන්න.

27. ඔබ සැමගේ එසවීමේ පූජාව පාවරේ ධාන්‍ය මෙන්ද මිදිපැසේ පූර්ණකම මෙන්ද ඔබ සැමට ගණන්ගනු ලබන්නේය.

28. මෙලෙස ඔබ සැම ඉශ්‍රායෙල් පුත්‍රයන්ගෙන් ලබන ඔබ සැමගේ ඒ සියලුම දසයෙන් කොටස්වලින් ඔබ සැමත් ස්වාමීන්වහන්සේට එසවීමේ පූජාවක් ඔප්පුකර ස්වාමීන්වහන්සේගේ එසවීමේ පූජාව පූජකවූ ආරොන්ට දෙන්න.

29. ඔබ සැමට ලැබෙන සියලු දීමනාවලින් ස්වාමීන්වහන්සේගේ සියලු එසවීමේ පූජා ඔබ සැම ඔප්පුකළයුතු වන්නේ සියලු උතුම් කොට්ඨාසවලින්ය, එනම් එයින් ශුද්ධවූ කොටසය.

30. එබැවින් ඔබ සැම එයින් උතුම් කොට්ඨාසය ඔප්පුකරන විට එය පාවරේ අස්වැන්න මෙන්ද මිදි පැසේ පූර්ණකම මෙන්ද ලෙවීවරුන්ට ගණන්ගනු ලබන්නේය.

31. එය සම්මුඛවීමේ කූඩාරමෙහි ඔබ සැමගේ මෙහෙයට විපාකය වන බැවින් ඔබ සැමටත් ඔබ සැමගේ ගෙයි වැසියන්ටත් සියලු තැන්හිදී එය කන්ට පුළුවන.

32. එසේ ඔබ සැම එයින් උතුම් කොට්ඨාසය එසෙවු කල ඒ ගැන කිසි පාපයක් දරන්නේවත් ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ ශුද්ධවූ දේවල් දූෂණයකොට ඔබ සැම නසින්නේවත් නැත කියා ඔවුන්ට කියන්නැයි කීසේක.

About ගණන් කථාව Chapter 18

Read ගණන් කථාව Chapter 18 online from the Holy Bible. This chapter is part of the Book of ගණන් කථාව in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: ගණන් කථාව
Chapter: 18
Testament: Old Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading ගණන් කථාව. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading ගණන් කථාව Chapter 18 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is ගණන් කථාව Chapter 18?

ගණන් කථාව Chapter 18 is part of the Book of ගණන් කථාව in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete ගණන් කථාව Chapter 18 online for free with easy chapter navigation.

More Chapters from ගණන්-කථාව

  1. ගණන් කථාව Chapter 26
  2. ගණන් කථාව Chapter 21
  3. ගණන් කථාව Chapter 27
  4. ගණන් කථාව Chapter 23
  5. ගණන් කථාව Chapter 19
  6. ගණන් කථාව Chapter 10
  7. ගණන් කථාව Chapter 1

Explore More from පැරණි ගිවිසුම

  1. හිතෝපදේශ Chapter 4
  2. උත්පත්ති Chapter 46
  3. නික්මයාම Chapter 34
  4. 2 රාජාවලිය Chapter 20
  5. යෝබ් Chapter 3
  6. එස්තර් Chapter 1
  7. 1 සාමුවෙල් Chapter 29

Related Chapters & Readings

  1. ගීතාවලිය Chapter 120
  2. යෙරෙමියා Chapter 4
  3. මලාකි Chapter 1
  4. හොෂෙයා Chapter 12
  5. ගණන් කථාව Chapter 28
  6. 1 සාමුවෙල් Chapter 30
  7. හොෂෙයා Chapter 3
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *