ගණන් කථාව Chapter 36

For English

Read ගණන් කථාව Chapter 36 Online

Read ගණන් කථාව Chapter 36 online from the Holy Bible. This chapter is part of the Book of ගණන් කථාව in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of ගණන් කථාව and the Holy Bible online.

Choose a Chapter

A+ A A-

ගණන් කථාව 36

පරිච්ඡේදය 36

1. යෝසෙප් පුත්‍රයන්ගේ වංශවලින් මනස්සේගේ පුත්‍රයා වන මාකීර්ගේ පුත්‍රවූ ගිලියද් පුත්‍රයන්ගේ වංශයේ පිය පෙළපත්වල ප්‍රධානියෝ අවුත් මෝසෙස් ඉදිරියෙහිද ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ පිය පෙළපත්වල ප්‍රධානීන්ව සිටි අධිපතීන් ඉදිරියෙහිද කථාකොට:

2. දේශය උරුමයක් කොට පසඇට දැමීමෙන් ඉශ්‍රායෙල් පුත්‍රයන්ට දෙන ලෙස ස්වාමීන්වහන්සේ අපේ ස්වාමිතුමාට අණකළසේක. අපේ ස්වාමිතුමා අපේ සහෝදරවූ ශෙලෝඵෙහාද්ගේ උරුමය ඔහුගේ දූවරුන්ට දෙන ලෙස ස්වාමීන්වහන්සේගෙන් අණ ලැබීය.

3. ඉදින් ඔවුන් ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ වෙන ගෝත්‍රවල පුත්‍රයන්ගෙන් කිසිවෙකුට විවාහවූවොත් ඔවුන්ගේ උරුමය අපේ පියවරුන්ගේ උරුමයෙන් පහවී ඔවුන් අයිතිවන ගෝත්‍රයේ උරුමයට එක් කරනු ලබනවා ඇත. මෙසේ ඒක අපේ උරුම කොටසින් පහවන්නේය.

4. මෙසේ ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ ජුබිලිය පැමිණි කල්හි ඔවුන්ගේ උරුමය ඔවුන් අයිතිවන ගෝත්‍රයේ උරුමයට එක් කරනු ලැබ අපේ පියවරුන්ගේ ගෝත්‍රයේ උරුමයෙන් පහවේයයි කීවෝය.

5. මෝසෙස් ස්වාමීන්වහන්සේගේ වචනය හැටියට ඉශ්‍රායෙල් පුත්‍රයන්ට අණකොට: යෝසෙප් පුත්‍රයන්ගේ ගෝත්‍රයේ අය කියනවා හරිය.

6. ස්වාමීන්වහන්සේ ශෙලෝඵෙහාද්ගේ දූවරුන් ගැන අණකර තිබෙන කාරණාව මේය-ඔව්හු තමුන් කැමති තැනැත්තන් සමඟ විවාහ වෙත්වා; එහෙත් ඔවුන් විවාහ විය යුතු තමුන්ගේ පියාගේ ගෝත්‍රයේ වංශයක තැනැත්තන් සමඟ පමණක්ය.

7. මෙසේ ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ උරුමයක් ගෝත්‍රයෙන් ගෝත්‍රයට නොයන්නේය. මක්නිසාද සියලු ඉශ්‍රායෙල් පුත්‍රයෝ තම තමුන්ගේ පියවරුන්ගේ ගෝත්‍රයේ උරුමයට බැඳී සිටිත්වා.

8. ඉශ්‍රායෙල් පුත්‍රයන්ට තම තමුන්ගේ පියවරුන්ගේ උරුමය හිමිවෙන පිණිස ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ කිසි ගෝත්‍රයක උරුමයක් ලබන එක එක දුව ඇගේ පිය ගෝත්‍රයේ වංශයක කෙනෙකුගේ භාර්යාව වේවා.

9. මෙසේ උරුමයක් එක ගෝත්‍රයකින් වෙන ගෝත්‍රයකට මාරු නොවන්නේය; මක්නිසාද ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ සියලු ගෝත්‍රයන් තම තමුන්ගේ උරුමයටම බැඳී සිටිනවා ඇතැයි කීවේය.

10. ශෙලෝඵෙහාද්ගේ දූවරු ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළ ලෙසම කළෝය.

11. මෙසේ ශෙලෝඵෙහාද්ගේ දූවරුන්වූ මාලාද තිර්ශාද හොග්ලාද මිල්කාද නෝවාද යන මොව්හු තමුන්ගේ පියාගේ සහෝදරයන්ගේ පුත්‍රයන් සමඟ විවාහ වූහ.

12. ඔව්හු යෝසෙප්ගේ පුත්‍රවූ මනස්සේගේ පුත්‍රයන්ගේ වංශවල අය සමඟ විවාහ වූවෝය, ඔවුන්ගේ උරුමයද ඔවුන්ගේ පිය වංශයේ ගෝත්‍රයෙහිම පැවතුණේය.

13. ස්වාමීන්වහන්සේ යොර්දාන අසබඩ යෙරිකෝව ළඟ මෝවබ් සමභූමිවලදී මෝසෙස් ලවා ඉශ්‍රායෙල් පුත්‍රයන්ට අණකෙරෙවූ ආඥාද විනිශ්චයවල්ද මේවාය.

About ගණන් කථාව Chapter 36

Read ගණන් කථාව Chapter 36 online from the Holy Bible. This chapter is part of the Book of ගණන් කථාව in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: ගණන් කථාව
Chapter: 36
Testament: Old Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading ගණන් කථාව. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading ගණන් කථාව Chapter 36 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is ගණන් කථාව Chapter 36?

ගණන් කථාව Chapter 36 is part of the Book of ගණන් කථාව in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete ගණන් කථාව Chapter 36 online for free with easy chapter navigation.

More Chapters from ගණන්-කථාව

  1. ගණන් කථාව Chapter 26
  2. ගණන් කථාව Chapter 21
  3. ගණන් කථාව Chapter 10
  4. ගණන් කථාව Chapter 27
  5. ගණන් කථාව Chapter 23
  6. ගණන් කථාව Chapter 19
  7. ගණන් කථාව Chapter 16

Explore More from පැරණි ගිවිසුම

  1. හිතෝපදේශ Chapter 6
  2. 1 සාමුවෙල් Chapter 31
  3. 1 රාජාවලිය Chapter 12
  4. නික්මයාම Chapter 3
  5. එස්තර් Chapter 10
  6. ද්වීතීය කථාව Chapter 32
  7. ගීතාවලිය Chapter 102

Related Chapters & Readings

  1. යෙරෙමියා Chapter 19
  2. යෙසායා Chapter 31
  3. 2 ලේකම් Chapter 16
  4. හිතෝපදේශ Chapter 15
  5. හිතෝපදේශ Chapter 23
  6. යෙසායා Chapter 45
  7. ගණන් කථාව Chapter 31
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *