ගණන් කථාව Chapter 12

For English

Read ගණන් කථාව Chapter 12 Online

Read ගණන් කථාව Chapter 12 online from the Holy Bible. This chapter is part of the Book of ගණන් කථාව in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of ගණන් කථාව and the Holy Bible online.

Choose a Chapter

ගණන් කථාව 12

පරිච්ඡේදය 12

1. මෝසෙස් පාවාගත් කුෂ් ස්ත්‍රිය නිසා මිරියාම් සහ ආරොන් ඔහුට විරුද්ධව කථාකළෝය. මක්නිසාද ඔහු කුෂ් ස්ත්‍රියෙක් සරණපාවාගෙන සිටියේය.

2. ඔව්හුද: ස්වාමීන්වහන්සේ කථාකෙරෙවුවේ මෝසෙස් ලවා පමණක්ද? උන්වහන්සේ අප ලවාත් කථානොකෙරෙවුසේක්දැයි කීවෝය. ස්වාමීන්වහන්සේ ඒක ඇසූසේක.

3. මෝසෙස් නම් මනුෂ්‍ය තෙමේ පොළෝ මතුයෙහි සිටි සියලු මනුෂ්‍යයන්ට වඩා අධික වශයෙන් මෘදු ගුණාන්විත කෙනෙක් වූයේය.

4. ස්වාමීන්වහන්සේ එකෙණෙහිම මෝසෙස් හා ආරොන්ටත් මිරියාම්ටත් කථාකොට: ඔබ සැම තුන්දෙනා සම්මුඛවීමේ කූඩාරම ළඟට පිටතට එන්නැයි කීසේක. ඔවුන් තුන්දෙනා පිටතට ආවෝය.

5. ස්වාමීන්වහන්සේ වලාටැඹකින් ඇවිත් කූඩාරමේ දොරකඩ සිට ආරොන්ට සහ මිරියාම්ට අඬගැසූ සේක.

6. ඒ දෙදෙනා ඉදිරියට ආවෝය. උන්වහන්සේද: මාගේ වචන අසන්න. ඔබ සැම අතරෙහි ප්‍රොපේත කෙනෙක් සිටීනම් ස්වාමිවූ මම ඔහුට දර්ශනයකින් ප්‍රකාශවෙන්නෙමි, හීනයකින් මම ඔහුට කථාකරන්නෙමි.

7. මාගේ මෙහෙකරුවූ මෝසෙස් එසේ නොවේ; ඔහු මාගේ මුළු ගෘහයෙහි ඉතා විශ්වාසිකය.

8. මම ඔහු සමඟ අඳුරු කථාවලින් නොව මුවෙන් මුව ප්‍රකාශ ලෙස කථාකරමි; ස්වාමීන්වහන්සේගේ ස්වරූපයද ඔහු බලන්නේය. එබැවින් ඔබ සැම මාගේ මෙහෙකරුවූ මෝසෙස්ට විරුද්ධව කථාකරන්ට භයනූණේ කෙසේදැයි කීසේක.

9. ස්වාමීන්වහන්සේගේ උදහස ඔවුන්ට විරුද්ධව ඇවිළී, උන්වහන්සේ අහක්ව ගියසේක.

10. වලාකුළද කූඩාරම මතුයෙන් පහව ගියේය; බලව, මිරියාම් කුෂ්ඨ රෝගීව හිම මෙන් සුදුවූවාය. ආරොන් මිරියාම් දෙස බැලූවිට ඈ කුෂ්ඨ සහිත වූවාය.

11. ආරොන් මෝසෙස්ට කථාකොට: අහෝ මාගේ ස්වාමිනි, අප විසින් මෝඩ ලෙස හැසිර කළාවූ පාපය අප කෙරෙහි නොතැබුවමැනවි.

12. ඈ තමාගේ මාංසයෙන් භාගයක් දිරාගොස්, මවු කුසෙන් බිහිවෙන මළ දරුවෙකු මෙන් වෙන්ට නොහරින මෙන් අයදිමියි කීවේය.

13. මෝසෙස්ද: අනේ දෙවියන්වහන්ස, ඈ සුවකළමැනවයි ස්වාමීන්වහන්සේට හඬගැසීය.

14. ස්වාමීන්වහන්සේද: ඇගේ පියා ඇගේ මුහුණට කෙළගැසුවේනම් ඒකට පවා ඈ සත් දවසක් ලජ්ජාවෙන් නොසිටින්නීද? ඈ සත් දවසක් කඳවුරෙන් පිටත වසා තබනු ලැබ පසුව ඇතුළට ගනු ලබාවයි ඔහුට කීසේක.

15. එසේ මිරියාම් කඳවුරෙන් පිටත සත් දවසක් වසා තබනලද්දීය. සෙනඟ වනාහි මිරියාම් ඇතුළට ගෙනෙන තෙක් ගමන් නොකළෝය.

16. පසුව සෙනඟ හශේරොත්හි සිට පිටත්ව ගොස් පාරාන් කාන්තාරයෙහි කූඩාරම් ගසාගත්තෝය.

About ගණන් කථාව Chapter 12

Read ගණන් කථාව Chapter 12 online from the Holy Bible. This chapter is part of the Book of ගණන් කථාව in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: ගණන් කථාව
Chapter: 12
Testament: Old Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading ගණන් කථාව. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading ගණන් කථාව Chapter 12 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is ගණන් කථාව Chapter 12?

ගණන් කථාව Chapter 12 is part of the Book of ගණන් කථාව in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete ගණන් කථාව Chapter 12 online for free with easy chapter navigation.

More Chapters from ගණන්-කථාව

  1. ගණන් කථාව Chapter 26
  2. ගණන් කථාව Chapter 21
  3. ගණන් කථාව Chapter 27
  4. ගණන් කථාව Chapter 23
  5. ගණන් කථාව Chapter 19
  6. ගණන් කථාව Chapter 10
  7. ගණන් කථාව Chapter 1

Explore More from පැරණි ගිවිසුම

  1. ලෙවී කථාව Chapter 4
  2. 2 සාමුවෙල් Chapter 7
  3. නික්මයාම Chapter 31
  4. 2 රාජාවලිය Chapter 23
  5. 2 ලේකම් Chapter 21
  6. දේශනාකාරයා Chapter 10
  7. එසකියෙල් Chapter 20

Related Chapters & Readings

  1. උත්පත්ති Chapter 8
  2. විනිශ්චයකාරයන් Chapter 17
  3. නාහුම් Chapter 3
  4. 1 කොරින්ති Chapter 14
  5. යෙරෙමියා Chapter 10
  6. ලෙවී කථාව Chapter 9
  7. එළිදරව් Chapter 8
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *