යෙරෙමියා Chapter 41

For English

Read යෙරෙමියා Chapter 41 Online

Read යෙරෙමියා Chapter 41 online from the Holy Bible. This chapter is part of the Book of යෙරෙමියා in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of යෙරෙමියා and the Holy Bible online.

Choose a Chapter

යෙරෙමියා 41

පරිච්ඡේදය 41

1. සත්වෙනි මාසයේදී රාජ වංශයට අයිතිවූ, රජුගේ අධිපතීන්ගෙන් කෙනෙක් වන එලිෂාමාගේ පුත්‍රවූ නෙතනියාගේ පුත්‍රයා වන ඉෂ්මායෙල්ද ඔහු සමඟ මිනිසුන් දසදෙනෙක්ද මිශ්පාට අහිකාම්ගේ පුත්‍රවූ ගෙදලියා ළඟට ආවෝය. එහි ඔව්හු මිශ්පාහිදී එක්ව කෑම කෑවෝය.

2. එවිට නෙතනියාගේ පුත්‍රවූ ඉෂ්මායෙල් සහ ඔහු සමඟ සිටි මිනිසුන් දසදෙනා බබිලෝනියේ රජු විසින් දේශයේ ආණ්ඩුකාරකමට පත්කළාවූ ෂාපාන්ගේ පුත්‍රවූ අහිකාම්ගේ පුත්‍රයා වන ගෙදලියාට කඩුවෙන් පහරදී ඔහු මැරුවෝය.

3. තවද ඉෂ්මායෙල් තෙමේ ගෙදලියා සමඟ මිශ්පාහි සිටි සියලු යුදෙව්වරුන්ද එහි සම්බවූ යුද්ධකාරයන් වන කල්දිවරුන්ද මැරුවේය.

4. ගෙදලියා මැරුවායින් පසු දෙවෙනිදා කිසිවෙක් නොදැන සිටිද්දී,

5. ෂෙකෙම්හිද ෂීලෝහිද සමාරියේද සිට මිනිසුන් අසූදෙනෙක් රැවුල් කපාදමා, ඇඳුම් ඉරාගෙන, ශරීර කපාගෙන, ස්වාමීන්වහන්සේගේ ගෘහයට ගෙනෙන්ට ආහාර පූජාද කට්ටකුමංචල්ද තමුන්ගේ අත්වල රැගෙන ආවෝය.

6. නෙතනියාගේ පුත්‍රවූ ඉෂ්මායෙල් ඔවුන් පෙරමගට මිශ්පා සිට පිටත්වී අඬ අඬා ගියේය. ඔවුන් මුණගැසුණු විට: අහිකාම්ගේ පුත්‍රවූ ගෙදලියා ළඟට එන්නැයි ඔහු ඔවුන්ට කීවේය.

7. ඔවුන් නුවර මැදට පැමුණුණ විට, නෙතනියාගේ පුත්‍රවූ ඉෂ්මායෙල් සහ ඔහු සමඟ සිටි මනුෂ්‍යයෝ ඔවුන් මරා වළ ඇතුළට හෙළුවෝය.

8. නුමුත් ඔවුන් අතරෙහි සිටි මනුෂ්‍යයන් දසදෙනෙක් ඉෂ්මායෙල්ට කථාකොට: අප නොමරන්න. මක්නිසාද කෙතෙහි සඟවා තිබෙන තිරිඟුද යවද මීපැණිද තෙල්ද අපට තිබේයයි කීවෝය. එවිට ඔහු ඔවුන්ගේ සහෝදරයන් සමඟ ඔවුන් නොමරා හැරියේය.

9. ඉෂ්මායෙල් විසින් ගෙදලියා ළඟ මැරූ මනුෂ්‍යයන්ගේ මළකඳන් සියල්ල හෙළුවාවූ වළ නම් ආසා රජු විසින් ඉශ්‍රායෙල්වරුන්ගේ රජවූ බයෙෂාට භයින් සෑදූ වළය. නෙතනියාගේ පුත්‍රවූ ඉෂ්මායෙල් මැරුම්කෑ අයගෙන් ඒක පිරෙවුවේය.

10. තවද ඉෂ්මායෙල් සෙනඟගෙන් ඉතිරිවී මිශ්පාහි සිටි සියල්ලන්, එනම් රජුගේ දූවරුන්ද රැකවලුන්ගේ අධිපතියාවූ නෙබුසරදාන් විසින් අහිකාම්ගේ පුත්‍රවූ ගෙදලියාට භාරදුන්නාවූ, මිශ්පාහි ඉතිරිව සිටියාවූ මුළු සෙනඟද අල්ලාගත්තේය. නෙතනියාගේ පුත්‍රවූ ඉෂ්මායෙල් ඔවුන් ගෙන අම්මොන් පුත්‍රයන් ළඟට යන්ට ගියේය.

11. නුමුත් කාරේයාගේ පුත්‍රවූ යොහානාන් සහ ඔහු සමඟ සිටි සේනාවල සියලු අධිපතීහුද නෙතනියාගේ පුත්‍රවූ ඉෂ්මායෙල් කළ සියලු නපුරුකම් ගැන අසා,

12. සියලු මනුෂ්‍යයන් අඬගහගන, නෙතනියාගේ පුත්‍රවූ ඉෂ්මායෙල්ට විරුද්ධව යුද්ධකරන්ට ගොස් ගිබියොන්හි තිබෙන මහ ජලාශය ළඟදී ඔවුන්ට සම්මුඛවූවෝය.

13. එවිට ඉෂ්මායෙල් සමඟ සිටි මුළු සෙනඟ කාරේයාගේ පුත්‍රවූ යොහානාන් සහ ඔහු සමඟ සිටි සේනාවල සියලු අධිපතීන්ද දුටු විට සන්තෝෂ වූවෝය.

14. මිශ්පා සිට ඉෂ්මායෙල් විසින් අල්ලාගෙන ගිය මුළු සෙනඟද නැවත හැරී කාරේයාගේ පුත්‍රවූ යොහානාන් ළඟට ගියෝය.

15. නුමුත් නෙතානියාගේ පුත්‍රවූ ඉෂ්මායෙල් මනුෂ්‍යයන් අට දෙනෙකු සමඟ යොහානාන් ඉදිරියෙන් ගැළවී අම්මොන් පුත්‍රයන් ළඟට ගියේය.

16. කාරේයාගේ පුත්‍රවූ යොහානාන්ද ඔහු සමඟ සිටි සේනාවල සියලු අධිපතියෝද ඉෂ්මායෙල් විසින් අහිකාම්ගේ පුත්‍රවූ ගෙදලියා මැරූ පසු ගිබියොන්හි සිට ඔහුගෙන් හරවාගත්තාවූ ඉතිරිව සිටි මුළු සෙනඟ වන යුද්ධකාරයන්ද ස්ත්‍රීන්ද දරුවන්ද නපුංසකයන්ද මිශ්පායෙන් අඬගහගන ගොස්,

17. කල්දිවරුන් නිසා මිසරයට ඇතුල්වෙන්ට යන පිණිස බෙත්-ලෙහෙම අසල තිබෙන කිම්හාම්ගේ නවාතැනෙහි නැවතී සිටියෝය.

18. එසේ කළේ නෙතනියාගේ පුත්‍රවූ ඉෂ්මායෙල් බබිලෝනියේ රජු විසින් දේශයේ ආණ්ඩුකාරකමට පත්කළ අහිකාම්ගේ පුත්‍රවූ ගෙදලියාව මැරූ බැවින් ඔවුන්ට භයවුණ නිසාය.

About යෙරෙමියා Chapter 41

Read යෙරෙමියා Chapter 41 online from the Holy Bible. This chapter is part of the Book of යෙරෙමියා in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: යෙරෙමියා
Chapter: 41
Testament: Old Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading යෙරෙමියා. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading යෙරෙමියා Chapter 41 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is යෙරෙමියා Chapter 41?

යෙරෙමියා Chapter 41 is part of the Book of යෙරෙමියා in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete යෙරෙමියා Chapter 41 online for free with easy chapter navigation.

More Chapters from පැරණි ගිවිසුම

  1. නික්මයාම Chapter 1
  2. නික්මයාම Chapter 12
  3. නික්මයාම Chapter 6
  4. නික්මයාම Chapter 30
  5. නික්මයාම Chapter 26
  6. නික්මයාම Chapter 21
  7. නික්මයාම Chapter 10

Explore More from යෙරෙමියා

  1. යෙරෙමියා Chapter 48
  2. යෙරෙමියා Chapter 49
  3. යෙරෙමියා Chapter 36
  4. යෙරෙමියා Chapter 3
  5. යෙරෙමියා Chapter 21
  6. යෙරෙමියා Chapter 38
  7. යෙරෙමියා Chapter 28

Related Chapters & Readings

  1. හිතෝපදේශ Chapter 4
  2. 1 තෙසලෝනික Chapter 3
  3. ගීතාවලිය Chapter 85
  4. ශු. යොහන් Chapter 17
  5. හෙබ්රෙනව් Chapter 13
  6. යෙසායා Chapter 33
  7. ආමොස් Chapter 9
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *