ගණන් කථාව Chapter 27

For English

Read ගණන් කථාව Chapter 27 Online

Read ගණන් කථාව Chapter 27 online from the Holy Bible. This chapter is part of the Book of ගණන් කථාව in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of ගණන් කථාව and the Holy Bible online.

Choose a Chapter

ගණන් කථාව 27

පරිච්ඡේදය 27

1. එකල යෝසෙප්ගේ පුත්‍රයා වන මනස්සේගේ වංශවලින් මනස්සේගේ පුත්‍රවූ මාකීර්ගේ පුත්‍රයා වන ගිලියද්ගේ පුත්‍රවූ හේඵෙර්ගේ පුත්‍රයා වන ශෙලෝඵෙහාද්ගේ දූවරු ළංවුණෝය. ඔහුගේ දූවරුන්ගේ නාම මාලා, නෝවා, හොග්ලා, මිල්කා, සහ තිර්ශාය.

2. ඔව්හු මෝසෙස්ද පූජකවූ එලෙයාසර්ද අධිපතීන්ද මුළු සභාවද ඉදිරියෙහි සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩ ළඟ සිට කථාකොට:

3. අපේ පියා කාන්තාරයෙහි මළේය, ඔහු කෝරාගේ සමාගම වන ස්වාමීන්වහන්සේට විරුද්ධව රැස්වුණ සභාව අතරේ නොසිටියේය. ඔහු තමාගේ පාපය නිසාම මළේය; ඔහුට පුත්‍රයෝ නොසිටියෝය.

4. අපේ පියාණන්ට පුත්‍රයෙකු නැති බැවින් ඔහුගේ නාමය ඔහුගේ වංශය අතරෙන් පහවෙන්ට ඕනෑ මක්නිසාද? අපේ පියාගේ සහෝදරයන් අතරේ අපට උරුමයක් දුනමැනවියි කීවෝය.

5. මෝසෙස් ඔවුන්ගේ කාරණය ස්වාමීන්වහන්සේ ඉදිරිපිටට ගෙනායේය.

6. එවිට ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට:

7. ශෙලෝඵෙහාද්ගේ දූවරුන් කියන දේ හරිය. ඔබ සැබවින් ඔවුන්ගේ පියාගේ සහෝදරයන් අතරේ ඔවුන්ට උරුමයක් දිය යුතුය; ඔවුන්ගේ පියාගේ උරුමය ඔවුන්ට හිමිවෙන්ට සලසන්න.

8. ඔබ ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කථාකර: මනුෂ්‍යයෙක් පුත්‍රයෙකු නොලැබ නැසුණොත් ඔහුගේ උරුමය ඔහුගේ දුවට හිමිවෙන්ට සලසන්න.

9. ඔහුට දුවක් නැත්නම් ඔහුගේ සහෝදරයන්ට ඔහුගේ උරුමය දෙන්න.

10. ඔහුට සහෝදරයනුත් නැත්නම් ඔහුගේ පියාගේ සහෝදරයන්ට ඔහුගේ උරුමය දෙන්න.

11. ඔහුගේ පියාගේ සහෝදරයනුත් නැත්නම් ඔහුගේ වංශයෙන් ඔහුට ළඟ නෑයාට ඔහුගේ උරුමය දෙන්න. ඔහුට ඒක හිමිවිය යුතුය. ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළලෙස ඒක ඉශ්‍රායෙල් පුත්‍රයන්ට විනිශ්චය පිළිබඳ පනතක් වන්නේයයි කීසේක.

12. ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: මේ අබාරීම්නම් කන්දට නැගී මා විසින් ඉශ්‍රායෙල් පුත්‍රයන්ට දී තිබෙන දේශය බලන්න.

13. ඔබ ඒක දුටු පසු ඔබේ සහෝදරවූ ආරොන් තමාගේ සෙනඟට එකතුවුණාක්මෙන් ඔබත් ඔබේ සෙනඟට එකතුවන්නෙහිය.

14. මක්නිසාද ශීන් කාන්තාරයෙහිදී සභාව කළ විවාදයේදී ඔවුන්ගේ ඇස් හමුවෙහි වතුර ළඟදී මා ගෞරවයට නොපමුණු වන ලෙස, ඔබ සැම මාගේ අණට විරුද්ධව කැරළි ගැසූ නිසායයි කීසේක. ඒ වනාහි ශීන් කාන්තාරයේ කාදෙෂ්හි තිබෙන මෙරීබා වතුරය.

15. එවිට මෝසෙස් ස්වාමීන්වහන්සේට කථාකොට:

16. මාංසමයවූ සියල්ලන්ගේ ආත්මවල දෙවිවූ ස්වාමීන්වහන්සේ තමන්වහන්සේගේ සභාව එඬේරෙක් නැති බැටළුවන්මෙන් නොවන පිණිස,

17. ඔවුන්ට පෙරටුව පිටතට යන්ටත් ඔවුන්ට පෙරටුව ඇතුළට එන්ටත් ඔවුන් පිටතට ගෙනයන්ටත් ඇතුළට ගෙන එන්ටත් සභාව කෙරෙහි මනුෂ්‍යයෙකු පත්කරනසේක්වයි කීවේය.

18. ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: ආත්මය 27:18 හෙවත්, බුහුටිකම. ඇති මනුෂ්‍යයෙක් වන නූන්ගේ පුත්‍රවූ යෝෂුවා කැඳවා ඔබේ අත ඔහු පිට තබන්න;

19. පූජකවූ එලෙයාසර් සහ මුළු සභාව ඉදිරියෙහි ඔහු සිටුවා ඔවුන්ගේ ඇස් ඉදිරියෙහි ඔහුට අණක් දෙන්න.

20. ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ මුළු සභාව ඔහුට කීකරුවන පිණිස ඔබට ඇති ගරුතරකමෙන් කොටසක් ඔහු කෙරෙහි තබන්න.

21. පූජකවූ එලෙයාසර් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි 27:21 නික්ම. 28:30 බලනු.ඌරීම් විනිශ්චයෙන් ඔහු උදෙසා විභාගකරන පිණිස ඔහු එලෙයාසර් ඉදිරියට පැමිණේවා. එලෙයාසර්ගේ අණ පිට ඔහුද ඔහු සමඟ සියලු ඉශ්‍රායෙල් පුත්‍රයෝද එනම් මුළු සභාවද පිටතට යෙත්වා, ඔහුගේ අණ පිට ඇතුළටද එත්වයි කීසේක.

22. මෝසෙස් ස්වාමීන්වහන්සේ තමාට අණකළ ලෙස කොට යෝෂුවා කැඳවාගෙන පූජකවූ එලෙයාසර් සහ මුළු සභාව ඉදිරියෙහි සිටුවා,

23. තමාගේ අත් ඔහු පිට තබා, ස්වාමීන්වහන්සේ මෝසෙස් ලවා කියෙවු ලෙස අණක් ඔහුට දුන්නේය.

About ගණන් කථාව Chapter 27

Read ගණන් කථාව Chapter 27 online from the Holy Bible. This chapter is part of the Book of ගණන් කථාව in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: ගණන් කථාව
Chapter: 27
Testament: Old Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading ගණන් කථාව. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading ගණන් කථාව Chapter 27 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is ගණන් කථාව Chapter 27?

ගණන් කථාව Chapter 27 is part of the Book of ගණන් කථාව in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete ගණන් කථාව Chapter 27 online for free with easy chapter navigation.

More Chapters from ගණන්-කථාව

  1. ගණන් කථාව Chapter 26
  2. ගණන් කථාව Chapter 21
  3. ගණන් කථාව Chapter 10
  4. ගණන් කථාව Chapter 1
  5. ගණන් කථාව Chapter 36
  6. ගණන් කථාව Chapter 23
  7. ගණන් කථාව Chapter 19

Explore More from පැරණි ගිවිසුම

  1. යෝබ් Chapter 21
  2. එස්රා Chapter 9
  3. යෙසායා Chapter 41
  4. ගීතාවලිය Chapter 130
  5. ලෙවී කථාව Chapter 14
  6. එස්රා Chapter 8
  7. ගීතාවලිය Chapter 100

Related Chapters & Readings

  1. 1 සාමුවෙල් Chapter 22
  2. ශු. මාර්ක් Chapter 10
  3. උත්පත්ති Chapter 16
  4. නික්මයාම Chapter 36
  5. එපීස Chapter 2
  6. ගීතාවලිය Chapter 17
  7. හිතෝපදේශ Chapter 25
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *