ගණන් කථාව Chapter 26

For English

Read ගණන් කථාව Chapter 26 Online

Read ගණන් කථාව Chapter 26 online from the Holy Bible. This chapter is part of the Book of ගණන් කථාව in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of ගණන් කථාව and the Holy Bible online.

Choose a Chapter

ගණන් කථාව 26

පරිච්ඡේදය 26

1. තවද වංසගතයට පසු ස්වාමීන්වහන්සේ මෝසෙස්ටද පූජක ආරොන්ගේ පුත්‍රවූ එලෙයාසර්ටද කථාකොට:

2. ඉශ්‍රායෙල් පුත්‍රයන් වන මුළු සභාවෙන් විසි අවුරුද්ද පටන් ඉන් ඉහළ වයස් ඇත්තාවූ, ඉශ්‍රායෙල්වරුන් අතරෙන් යුද්ධයට යත හැකි සියල්ලන්ගේ ගණන ඔවුන්ගේ පිය පෙළපත්වල හැටියට ගන්නැයි කීසේක.

3. මෝසෙස්ද පූජකවූ එලෙයාසර්ද යොර්දාන අසබඩ යෙරිකෝව ළඟ මෝවබ් සමභූමිවලදී ඔවුන්ට කථාකරමින්-

4. ස්වාමීන්වහන්සේ මෝසෙස්ටද මිසරදේශයෙන් ආවාවූ ඉශ්‍රායෙල් පුත්‍රයන්ටද අණකළ ලෙස විසි අවුරුද්ද පටන් ඉන් ඉහළ වයස් ඇති සෙනඟගේ ගණන ගන්නැයි කීවෝය.

5. ඉශ්‍රායෙල්ගේ කුලුඳුලාවූ රූබෙන්ය. රූබෙන්ගේ පුත්‍රයෝ නම්: හනොක්ගෙන් පැවත ආ හනොක් පවුලය. පල්ලූගෙන් පැවත ආ පල්ලූ පවුලය.

6. හෙශ්රොන්ගෙන් පැවත ආ හෙශ්රොන් පවුලය. කර්මීගෙන් පැවත ආ කර්මී පවුලය.

7. රූබෙන්වරුන්ගේ පවුල් ඒවාය. ඔවුන්ගෙන් ගණන්කරන ලද්දෝ සතළිස් තුන්දාස් හත්සිය තිස්දෙනෙක්ය.

8. ,9පල්ලූගේ පුත්‍රයෝනම්: එලියාබ්ය. එලියාබ්ගේ පුත්‍රයෝනම්: නෙමුවෙල්, දාතාන් සහ අබීරාම්ය. මේ දාතාන් සහ අබීරාම් නම් කෝරාගේ සමාගම ස්වාමීන්වහන්සේට විරුද්ධව විවාදකළ කල්හි සභාවෙන් කැඳවනු ලැබ ඔවුන් සමඟ මෝසෙස්ටත් ආරොන්ටත් විරුද්ධව විවාදකළාවූ අයවල්ය.

10. ඒ සමාගම නැසුණු කල්හි එනම් ගින්නෙන් දෙසිය පනස් දෙනෙක් විනාශවූ කල්හි භූමිය ඇගේ මුඛය ඇර කෝරා සමඟ ඔවුන් ගිලගත්තාය. එසේ ඔව්හු අවවාද ලකුණක් වූහ.

11. එසේවී නුමුත් කෝරාගේ පුත්‍රයෝ නොනැසුණෝය.

12. තමුන්ගේ පවුල්වල හැටියට සිමියොන්ගේ පුත්‍රයෝ මොව්හුය: නෙමුවෙල්ගෙන් පැවත ආ නෙමුවෙල් පවුලය. යාමීන්ගෙන් පැවත ආ යාමීන් පවුලය. යාකීන්ගෙන් පැවත ආ යාකීන් පවුලය.

13. ශෙරාගෙන් පැවත ආ ශෙරා පවුලය. ෂාවුල්ගෙන් පැවත ආ ෂාවුල් පවුලය.

14. සිමියොන්වරුන්ගේ පවුල් ඒවාය, විසි දෙදාස් දෙසියයක්ය.

15. තමුන්ගේ පවුල්වල හැටියට ගාද්ගේ පුත්‍රයෝ නම් ශෙඵොන්ගෙන් පැවත ආ ශෙඵොන් පවුලය. හග්ගීගෙන් පැවත ආ හග්ගී පවුලය. ෂුනීගෙන් පැවත ආ ෂුනී පවුලය.

16. ඔශ්නීගෙන් පැවත ආ ඔශ්නී පවුලය. ඒරීගෙන් පැවත ආ ඒරී පවුලය.

17. අරොද්ගෙන් පැවත ආ අරොද් පවුලය. අර්යේලිගෙන් පැවත ආ අර්යේලි පවුලය.

18. ගාද්ගේ පුත්‍රයන්ගේ පවුල් ඒවාය, ඔවුන්ගෙන් ගණන්කරනු ලැබූ අය සතළිස්දාස් පන්සියයක්ය.

19. යූදාගේ පුත්‍රයෝනම් ඒර් සහ ඕනාන්ය. ඒර් සහ ඕනාන් කානාන් දේශයේදී නැසුණෝය.

20. තමුන්ගේ පවුල්වල හැටියට යූදාගේ පුත්‍රයෝනම්: ෂේලාගෙන් පැවත ආ ෂේලා පවුලය. පෙරෙශ්ගෙන් පැවත ආ පෙරෙශ් පවුලය. ශෙරාගෙන් පැවත ආ ශෙරා පවුලය.

21. පෙරෙශ්ගේ පුත්‍රයෝනම්: හෙශ්රොන්ගෙන් පැවත ආ හෙශ්රොන් පවුලය. හාමුල්ගෙන් පැවත ආ හාමුල් පවුලය.

22. යූදාගේ පවුල් ඒවාය, ඔවුන්ගෙන් ගණන්කරනු ලැබූ අය සැත්තෑ හදාස් පන්සියයක්ය.

23. තමුන්ගේ පවුල්වල හැටියට ඉස්සාඛර්ගේ පුත්‍රයෝ නම්: තෝලාගෙන් පැවත ආ තෝලා පවුලය. පූවාගෙන් පැවත ආ පූනී පවුලය.

24. යාෂුබ්ගෙන් පැවත ආ යාෂුබ් පවුලය. ෂිම්රොන්ගෙන් පැවත ආ ෂිම්රොන් පවුලය.

25. ඉස්සාඛර්ගේ පවුල් ඒවාය, ඔවුන්ගෙන් ගණන්කරනු ලැබූ අය හැටහතරදාස් තුන්සියයක්ය.

26. තමුන්ගේ පවුල්වල හැටියට සාබුලොන්ගේ පුත්‍රයෝ නම්: සෙරෙද්ගෙන් පැවත ආ සෙරෙද් පවුලය. ඒලොන්ගෙන් පැවත ආ ඒලොන් පවුලය. යාලෙයෙල්ගෙන් පැවත ආ යාලෙයෙල් පවුලය.

27. සාබුලොන්වරුන්ගේ පවුල් ඒවාය, ඔවුන්ගෙන් ගණන්කරනු ලැබූ අය හැටදාස් පන්සියයක්ය.

28. තමුන්ගේ පවුල්වල හැටියට යෝසෙප්ගේ පුත්‍රයෝ නම්:

29. මනස්සේ සහ එප්‍රායිම්ය. මනස්සේගේ පුත්‍රයෝ නම්: මාකීර්ගෙන් පැවත ආ මාකීර් පවුලය. මාකීර්ට දාව ගිලියද් උපන්නේය. ගිලියද්ගෙන් පැවත ආ ගිලියද් පවුලය.

30. ගිලියද්ගේ පුත්‍රයෝ නම්: ඊයෙසෙර්ගෙන් පැවත ආ ඊයෙසෙර් පවුලය. හේලෙක්ගෙන් පැවත ආ හේලෙක් පවුලය.

31. අශ්‍රීයෙල්ගෙන් පැවත ආ අශ්‍රීයෙල් පවුලය. ෂෙකෙම්ගෙන් පැවත ආ ෂෙකෙම් පවුලය.

32. ෂෙම්දාගෙන් පැවත ආ ෂෙමිදා පවුලය. හේඵෙර්ගෙන් පැවත ආ හේඵෙර් පවුලය.

33. හේඵෙර්ගේ පුත්‍රවූ ශෙලෝඵෙහාද්ට දූවරු මිස පුත්‍රයෝ නොසිටියෝය. ශෙලෝඵෙහාද්ගේ දූවරුන්ගේ නාම මාලා, නෝවා, හොග්ලා, මිල්කා සහ තිර්ශාය.

34. මනස්සේගේ පවුල් ඒවාය. ඔවුන්ගෙන් ගණන්කරනු ලැබූ අය පනස් දෙදාස් හත්සියයක්ය.

35. තමුන්ගේ පවුල්වල හැටියට එප්‍රායිම්ගේ පුත්‍රයෝ මොව්හුය: ෂුතෙලාගෙන් පැවත ආ ෂුතෙලා පවුලය. බෙකෙර්ගෙන් පැවත ආ බෙකෙර් පවුලය. තහන්ගෙන් පැවත ආ තහන් පවුලය.

36. ෂුතෙලාගේ පුත්‍රයෝ මොව්හුය. එරාන්ගෙන් පැවත ආ එරාන් පවුලය.

37. එප්‍රායිම්ගේ පුත්‍රයන්ගේ පවුල් ඒවාය, ඔවුන්ගෙන් ගණන්කරනු ලැබූ අය තිස් දෙදාස් පන්සියයක්ය. තමුන්ගේ පවුල්වල හැටියට යෝසෙප්ගේ පුත්‍රයෝ ඔව්හුය.

38. තමුන්ගේ පවුල්වල හැටියට බෙන්යමින්ගේ පුත්‍රයෝ නම්: බෙලාගෙන් පැවත ආ බෙලා පවුලය. අෂ්බෙල්ගෙන් පැවත ආ අෂ්බෙල් පවුලය. අහිරාම්ගෙන් පැවත ආ අහිරාම් පවුලය.

39. ෂෙඵූඵාම්ගෙන් පැවත ආ ෂූඵාම් පවුලය. හූඵාම්ගෙන් පැවත ආ හූඵාම් පවුලය.

40. බෙලාගේ පුත්‍රයෝ නම්: අර්ද් සහ නාමාන්ය. අර්ද්ගෙන් පැවත ආ අර්ද් පවුලය. නාමාන්ගෙන් පැවත ආ නාමාන් පවුලය.

41. තමුන්ගේ පවුල්වල හැටියට බෙන්යමින්ගේ පුත්‍රයෝ ඔව්හුය. ඔවුන්ගෙන් ගණන්කරනු ලැබූ අය සතළිස් පන්දාස් හසියයක්ය.

42. තමුන්ගේ පවුල්වල හැටියට දාන්ගේ පුත්‍රයෝ මොව්හුය: ෂුහාම්ගෙන් පැවත ආ ෂුහාම් පවුලය. තමුන්ගේ පවුල්වල හැටියට දාන්ගේ පවුල් ඔව්හුය.

43. ෂුහාම්වරුන්ගේ සියලු පවුල්වලින් ගණන්කරනු ලැබූ අය සැට සතරදාස් හාරසියයක්ය.

44. තමුන්ගේ පවුල්වල හැටියට ආෂෙර්ගේ පුත්‍රයෝ නම්: ඉම්නාගෙන් පැවත ආ ඉම්නා පවුලය. ඉෂ්වීගෙන් පැවත ආ ඉෂ්වී පවුලය. බෙරියාගෙන් පැවත ආ බෙරියා පවුලය.

45. බෙරියාගේ පුත්‍රයන්ගෙන් හේබෙර්ගෙන් පැවත ආ හේබෙර් පවුලය. මල්කීයෙල්ගෙන් පැවත ආ මල්කීයෙල් පවුලය.

46. ආෂෙර්ගේ දුවගේ නම සෙරාය.

47. ආෂෙර් පුත්‍රයන්ගේ පවුල් ඒවාය, ඔවුන්ගෙන් ගණන්කරනු ලැබූ අය පනස්තුන්දාස් හාරසියයක්ය.

48. තමුන්ගේ පවුල්වල හැටියට නප්තලීගේ පුත්‍රයෝ නම්: යාශීල්ගෙන් පැවත ආ යාශීල් පවුලය. ගුනීගෙන් පැවත ආ ගුනී පවුලය.

49. යේශෙර්ගෙන් පැවත ආ යේශෙර් පවුලය. ෂිල්ලෙම්ගෙන් පැවත ආ ෂිල්ලෙම් පවුලය.

50. තමුන්ගේ පවුල්වල හැටියට නප්තලීගේ පවුල් ඒවාය. ඔවුන්ගෙන් ගණන්කරනු ලැබූ අය සතළිස් පන්දාස් හාරසියයක්ය.

51. ඉශ්‍රායෙල් පුත්‍රයන්ගෙන් ගණන්කරනු ලැබූ ඔව්හු සලක්ෂ එක්දාස් හත්සිය තිස්දෙනෙක්ය.

52. තවද ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට:

53. නාම ගණන හැටියට දේශය මොවුන්ට උරුමයක් වෙන පිණිස බෙදනු ලැබිය යුතුය.

54. වැඩිව සිටින්නන්ට වැඩියෙන්ද අඩුව සිටින්නන්ට අඩුවෙන්ද ඔවුන්ගේ උරුමය දෙන්න. ගණන්කරනු ලැබූවන්ගේ ගණනේ ප්‍රකාරයට එක එක ගෝත්‍රයට උරුමය දෙනු ලැබේවා.

55. එසේවීනුමුත් පස ඇට දැමීමෙන් දේශය බෙදනු ලබාවා. ඔවුන්ගේ පිය ගෝත්‍රවල නාමවල හැටියට ඔවුන්ට උරුමය ලැබේවා.

56. පස ඇට වැටීමේ හැටියටම වැඩි නුමුත් ස්වල්ප නුමුත් ඔවුන්ගේ උරුමය බෙදා දෙනු ලැබේවයි කීසේක.

57. තමුන්ගේ පවුල්වල හැටියට ලෙවීවරුන්ගෙන් ගණන්කරන ලද්දෝ මොව්හුය: ගේර්ෂොන්ගෙන් පැවත ආ ගේර්ෂොන් පවුලය. කොහාත්ගෙන් පැවත ආ කොහාත් පවුලය. මෙරාරීගෙන් පැවත ආ මෙරාරී පවුලය.

58. ලෙවීවරුන්ගේ පවුල් මේවාය: ලිබ්නී පවුලය, හෙබ්‍රොන් පවුලය, මාලී පවුලය, මූෂී පවුලය, කෝරා පවුලය. කොහාත්ට දාව අම්රාම් උපන්නේය.

59. අම්රාම්ගේ භාර්යාවගේ නම යොකෙබෙද්ය, ඈ මිසරයේදී ලෙවීට දාව උපන්නාවූ ඔහුගේ දුවක්ය. ඈ අම්රාම් නිසා ආරොන්ද මෝසෙස්ද ඔවුන්ගේ සහෝදරීවූ මිරියාම්ද වැදුවාය.

60. ආරොන්ට දාව නාදාබ් සහ අබිහුද එලෙයාසර් සහ ඊතාමාර්ද උපන්නෝය.

61. නාදාබ් සහ අබීහු ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි අන්‍ය ගින්නක් ඔප්පුකළ කල්හි නැසුණෝය.

62. ඔවුන්ගෙන් ගණන්කරන ලද්දෝ මසක් පටන් ඉන් ඉහළ වයස් ඇති සියලුම පිරිමි වන විසිතුන්දාහක්ය. ඉශ්‍රායෙල් පුත්‍රයන් අතරේ කිසි උරුමයක් ඔවුන්ට නුදුන් බැවින් ඔව්හු ඉශ්‍රායෙල් පුත්‍රයන් අතරේ ගණන්කරනු නොලැබූහ.

63. යොර්දාන අසබඩ යෙරිකෝව ළඟ මෝවබ් සමභූමිවලදී ඉශ්‍රායෙල් පුත්‍රයන් ගණන්කළාවූ මෝසෙස් හා පූජකවූ එලෙයාසර්ද විසින් ගණන්කරනු ලැබූවෝ මොව්හුය.

64. එහෙත් සීනයි කාන්තාරයෙහිදී ඉශ්‍රායෙල් පුත්‍රයන් ගණන්කළාවූ මෝසෙස් හා පූජකවූ ආරොන්ද විසින් ගණන්කළවුන්ගෙන් කිසිවෙක් මොවුන් අතරේ නොසිටියෝය.

65. මක්නිසාද: ඔව්හු කාන්තාරයෙහි සැබවින්ම මියන්නෝයයි ස්වාමීන්වහන්සේ ඔවුන් ගැන කීසේක. එහෙත් යෙඵුන්නෙගේ පුත්‍රවූ කාලෙබ්ද නූන්ගේ පුත්‍රවූ යෝෂුවාද හැර ඔවුන්ගෙන් කිසිවෙක්වත් ඉතුරු නොවීය.

About ගණන් කථාව Chapter 26

Read ගණන් කථාව Chapter 26 online from the Holy Bible. This chapter is part of the Book of ගණන් කථාව in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: ගණන් කථාව
Chapter: 26
Testament: Old Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading ගණන් කථාව. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading ගණන් කථාව Chapter 26 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is ගණන් කථාව Chapter 26?

ගණන් කථාව Chapter 26 is part of the Book of ගණන් කථාව in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete ගණන් කථාව Chapter 26 online for free with easy chapter navigation.

More Chapters from ගණන්-කථාව

  1. ගණන් කථාව Chapter 21
  2. ගණන් කථාව Chapter 19
  3. ගණන් කථාව Chapter 23
  4. ගණන් කථාව Chapter 16
  5. ගණන් කථාව Chapter 10
  6. ගණන් කථාව Chapter 27
  7. ගණන් කථාව Chapter 22

Explore More from පැරණි ගිවිසුම

  1. හිතෝපදේශ Chapter 1
  2. එසකියෙල් Chapter 20
  3. 1 රාජාවලිය Chapter 7
  4. නික්මයාම Chapter 3
  5. ගීතාවලිය Chapter 118
  6. සෙකරියා Chapter 1
  7. 2 සාමුවෙල් Chapter 9

Related Chapters & Readings

  1. ආමොස් Chapter 7
  2. ද්වීතීය කථාව Chapter 9
  3. 1 සාමුවෙල් Chapter 10
  4. 2 කොරින්ති Chapter 1
  5. එසකියෙල් Chapter 23
  6. ශු. මතෙව් Chapter 25
  7. ගීතාවලිය Chapter 103
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *