ගණන් කථාව Chapter 24

For English

Read ගණන් කථාව Chapter 24 Online

Read ගණන් කථාව Chapter 24 online from the Holy Bible. This chapter is part of the Book of ගණන් කථාව in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of ගණන් කථාව and the Holy Bible online.

Choose a Chapter

ගණන් කථාව 24

පරිච්ඡේදය 24

1. එවිට ඉශ්‍රායෙල්ට ආශීර්වාදකිරීමට ස්වාමීන්වහන්සේ ප්‍රසන්න බව බාලාම් දුටු කල වෙන වතාවල මෙන් මායම් කරන්ට නොගොස් තමාගේ මුහුණ කාන්තාරය දෙසට හරවා ගත්තේය.

2. බාලාම් තමාගේ ඇස් ඔසවා ඉශ්‍රායෙල්වරුන් තමුන්ගේ ගෝත්‍ර ප්‍රකාරයට වාසයකරන බව දුටුවේය; දෙවියන්වහන්සේගේ ආත්මයද ඔහු කෙරෙහි පැමිණියේය.

3. ඔහු උපමා කථා පවසමින් කියනුයේ: බෙයොර්ගේ පුත් බාලාම්ගේ කීම, ඇස් පියවුණු මනුෂ්‍යයාගේ කීම,

4. දෙවියන්වහන්සේගේ වචන අසන්නාවූ, වැටී ඉඳ පැහැදුණු ඇස් ඇතුව සර්වපරාක්‍රමයාණන්ගේ දර්ශනය දකින්නාවූ තැනැත්තාගේ කීම මෙසේය:

5. එම්බා යාකොබ්, ඔබේ කූඩාරම්, එම්බා ඉශ්‍රායෙල්, ඔබේ මණ්ඩප කොපමණ ශෝභනද!

6. ඒවා මිටියාවත් මෙන්ද ගඟබඩ උයන් මෙන්ද ස්වාමීන්වහන්සේ සිටෙවු අගරු ගස් මෙන්ද දිය අසල කිහිරි ගස් මෙන්ද විහිදී තිබේ.

7. ඔහුගේ භාජනවලින් වතුර ගලායන්නේය, ඔහුගේ බීජද බොහෝ ජල මතුයෙහි වන්නේය, ඔහුගේ රජ ආගග්ට වඩා උසස්වන්නේය, ඔහුගේ රාජ්‍යය උතුම් වන්නේය.

8. දෙවියන්වහන්සේ මිසරයෙන් ඔහු ගෙනෙන සේක; ඔහුට කුළුහරකාට මෙන් ශක්තිය ඇත්තේය. ඔහු තමාගේ සතුරන්වූ ජාතීන් කා දමා, ඔවුන්ගේ ඇට පොඩිකරන්නේය, තමාගේ ඊගස්වලින් ඔවුන් විද දමන්නේය.

9. ඔහු නැමී හුන්නේය, සිංහයෙකු මෙන්ද සිංහධේනුවකු මෙන්ද වැතුරුණේය; ඔහු නැඟුටුවන්නේ කවුද? ඔබට ආශීර්වාදකරන සියල්ලෝ ආශීර්වාදකරනු ලබත්වා, ඔබට ශාපකරන සියල්ලෝ ශාපකරනු ලබත්වයි කීවේය.

10. එවිට බාලාක්ගේ කෝපය බාලාම්ට විරුද්ධව ඇවුළුණේය, ඔහු තමාගේ අත් එකට ගසා: මාගේ සතුරන්ට ශාපකරන පිණිස ඔබ කැඳවාගතිමි, එහෙත් ඔබ දැන් තුන් වරක් ඔවුන්ට ආශීර්වාද කෙළෙහිය.

11. එබැවින් ඔබේ ස්ථානයට දුවන්න. මම ඔබ මහත් ගෞරවයට පමුණුවන්ට සිතීමි; එහෙත් ස්වාමීන්වහන්සේ ගෞරවයට පැමිණීමෙන් ඔබ වැලැක්වූසේකැයි බාලාම්ට කීවේය.

12. බාලාම්ද: බාලාක් තමුන් ගෙය පුරවා රන් රිදී මට දෙතත් මාගේම සිතින් යහපතවත් අයහපතවත් කිරීම පිණිස ස්වාමීන්වහන්සේගේ වචනය ඉක්මවායන්ට නොහැක්කෙමියි කියාද,

13. ස්වාමීන්වහන්සේ කියන දේම කියන්නෙමියි කියාද, ඔබ මා වෙත එවූ ඔබේ දූතයන්ට නොකීයෙම්ද?

14. බලව, දැන් මාගේ සෙනඟ ළඟට යමි. එන්න, මතු දවස්වලදී මේ සෙනඟ ඔබේ සෙනඟට කරන දේ ඔබට දන්වන්නෙමියි බාලාක්ට කීවේය.

15. ඔහු උපමා කථා පවසමින් කියනුයේ: බෙයොර්ගේ පුත් බාලාම්ගේ කීම, ඇස් පියවුණු මනුෂ්‍යයාගේ කීම,

16. දෙවියන්වහන්සේගේ වචන අසන්නාවූ, මහෝත්තමයාණන් ගැන දැනගැන්ම ඇත්තාවූ, වැටී ඉඳ පැහැදුණු ඇස් ඇතුව සර්වපරාක්‍රමයාණන්ගේ දර්ශනය දකින්නාවූ තැනැත්තාගේ කීම මෙසේය:

17. මම උන්වහන්සේ දකිමි, එහෙත් දැන් නොවේ. මම උන්වහන්සේ බලමි, එහෙත් ළඟදීම නොවේ. යාකොබ්ගෙන් තාරකාවක් නික්මෙන්නේය, ඉශ්‍රායෙල්ගෙන් ජයකොන්තයක් නැගී එන්නේය, එය මෝවබ් දෙකෙළවර නටබුන්කර සියලු කලහකාර පුත්‍රයන් බිඳ හෙළන්නේය.

18. ඒදොම් උරුමයක් වන්නේය, සේයිර්ද තමාගේ සතුරන්ට උරුමයක් වන්නේය; ඉශ්‍රායෙල්ද බලවන්තකම් කරන්නේය.

19. යාකොබ්ගෙන් කෙනෙක් රාජ්‍යය ලැබ නුවරින් ඉතුරුවෙන්නන් විනාශ කරන්නේයයි කීවේය.

20. තවද ඔහු අමලෙක් දෙස බලා උපමා කථා පවසමින් කියනුයේ: අමලෙක් ජාතීන්ගෙන් පළමුවෙනි ජාතිය විය; එහෙත් ඔහුගේ අන්තිමය විනාශය වන්නේයයි කීවේය.

21. ඔහු කේනිවරුන් දෙස බලා උපමා කථා පවසමින් කියනුයේ: ඔබේ වාසස්ථානය ස්ථිරය, ඔබේ කැදැල්ල පර්වතයෙහි පිහිටා තිබේ.

22. එසේ වුවත් අෂූර් ඔබ වහල්කමට ගෙන යන තෙක් කායින් 24:22 එනම්, කේනිවරු. නාස්තිකරනු ලබන්නේයයි කීවේය.

23. තවද ඔහු උපමා කථා පවසමින් කියනුයේ: අහෝ, දෙවියන්වහන්සේ මෙය කරන විට කවුරු ජීවත්වන්නේද?

24. එහෙත් කිත්තීම් දිසාවෙන් නැව් එන්නේය, ඔව්හු අෂූර් යටහත්කරන්නෝය, ඒබෙර්ද යටහත්කරන්නෝය, ඔහුද විනාශයට පැමිණෙන්නේයයි කීවේය.

25. බාලාම් නැගිට තමාගේ ස්ථානයට හැරී ගියේය. බාලාක්ද යන්ට ගියේය.

About ගණන් කථාව Chapter 24

Read ගණන් කථාව Chapter 24 online from the Holy Bible. This chapter is part of the Book of ගණන් කථාව in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: ගණන් කථාව
Chapter: 24
Testament: Old Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading ගණන් කථාව. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading ගණන් කථාව Chapter 24 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is ගණන් කථාව Chapter 24?

ගණන් කථාව Chapter 24 is part of the Book of ගණන් කථාව in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete ගණන් කථාව Chapter 24 online for free with easy chapter navigation.

More Chapters from ගණන්-කථාව

  1. ගණන් කථාව Chapter 26
  2. ගණන් කථාව Chapter 21
  3. ගණන් කථාව Chapter 27
  4. ගණන් කථාව Chapter 23
  5. ගණන් කථාව Chapter 19
  6. ගණන් කථාව Chapter 10
  7. ගණන් කථාව Chapter 1

Explore More from පැරණි ගිවිසුම

  1. ගීතාවලිය Chapter 36
  2. උත්පත්ති Chapter 19
  3. මලාකි Chapter 3
  4. ආමොස් Chapter 8
  5. ගීතාවලිය Chapter 17
  6. දානියෙල් Chapter 9
  7. විනිශ්චයකාරයන් Chapter 8

Related Chapters & Readings

  1. ගීතාවලිය Chapter 21
  2. විනිශ්චයකාරයන් Chapter 17
  3. එළිදරව් Chapter 4
  4. උත්පත්ති Chapter 39
  5. යෙසායා Chapter 20
  6. 1 කොරින්ති Chapter 7
  7. යෝනා Chapter 1
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *