ගණන් කථාව Chapter 17

For English

Read ගණන් කථාව Chapter 17 Online

Read ගණන් කථාව Chapter 17 online from the Holy Bible. This chapter is part of the Book of ගණන් කථාව in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of ගණන් කථාව and the Holy Bible online.

Choose a Chapter

ගණන් කථාව 17

පරිච්ඡේදය 17

1. ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට කියනසේක්:

2. ඔබ ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කථාකර, එක එක පිය වංශයට සැරයටියක් බැගින් ඔවුන්ගේ සියලු අධිපතීන්ගෙන් ඔවුන්ගේ පිය වංශවලට සැරයටි දොළොසක් රැගෙන, එක එක මනුෂ්‍යයාගේ නම ඔහුගේ සැරයටිය පිට ලියන්න.

3. ආරොන්ගේ නම ලෙවීගේ සැරයටිය පිට ලියන්න. මක්නිසාද ඔවුන්ගේ පිය වංශවල එක එක ප්‍රධානියාට එක සැරයටියක් බැගින් තිබිය යුතුය.

4. ඔබ ඒවා සම්මුඛවීමේ කූඩාරමෙහි මා ඔබ සැමට සම්බවෙන ස්ථානයෙහි සාක්ෂි පෙට්ටිය ඉදිරිපිට තබන්න.

5. තවද මා විසින් තෝරාගන්න මනුෂ්‍යයාගේ සැරයටිය ලියලනවා ඇත. එසේ ඉශ්‍රායෙල් පුත්‍රයන් ඔබ සැමට විරුද්ධව කොඳුරන ඔවුන්ගේ කෙඳිරීම් මා වෙතට පැමිණීම නවතින්ට සලස්වන්නෙමියි කීසේක.

6. මෝසෙස් ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කථාකෙළේය, ඔවුන්ගේ සියලු අධිපතියෝ තමුන්ගේ පිය වංශවල එක එක අධිපතියාට එක සැරයටියක් බැගින් සැරයටි දොළොසක් ඔහුට දුන්නෝය. ආරොන්ගේ සැරයටියද ඔවුන්ගේ සැරයටි අතරේ තිබුණේය.

7. මෝසෙස් ඒ සැරයටි සාක්ෂි මණ්ඩපයෙහි ස්වාමීන්වහන්සේ ඉදිරිපිට තැබුවේය.

8. පසුවදා මෝසෙස් සාක්ෂි මණ්ඩපයට ඇතුල්වූ කල, බලව, ලෙවීගේ වංශය වෙනුවට තිබුණු ආරොන්ගේ සැරයටිය දළුලා මොට්ටු හටගැනී මල් පිපී පැසුණු කොට්ටම්බා ඇතුව තිබුණේය.

9. මෝසෙස් සියලු සැරයටි ස්වාමීන්වහන්සේ ඉදිරියෙන් සියලු ඉශ්‍රායෙල් පුත්‍රයන් ළඟට පිටතට ගෙනායේය. ඔවුන්ද බලා, එක් එක්කෙනා තම තමාගේ සැරයටිය ගත්තේය.

10. ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: ඔවුන් නොනසින පිණිස ඔබ විසින් ඔවුන්ගේ කෙඳිරීම නිමකිරීම සඳහා ආරොන්ගේ සැරයටිය කැරළිකාර පුත්‍රයන්ට ලකුණක් කොට තිබෙන්ට නැවත සාක්ෂි පෙට්ටිය ඉදිරියෙහි තබන්නැයි කීසේක.

11. මෝසෙස් එසේ කෙළේය. ස්වාමීන්වහන්සේ තමාට අණකළ ලෙස ඔහු කෙළේය.

12. ඉශ්‍රායෙල් පුත්‍රයෝ මෝසෙස්ට කථාකොට: මෙන්න, අපි විනාශවෙමුව, අපි නැතිවී සිටිමුව, අපි සියල්ලෝ නැතිවී සිටිමුව.

13. ළංවන්නාවූ, ස්වාමීන්වහන්සේගේ මණ්ඩපයට ළංවන්නාවූ කවුරු නුමුත් නසින්නේය. තීන්දුවට අපි සියල්ලෝම විනාශවන්නෙමුදැයි කීවෝය.

About ගණන් කථාව Chapter 17

Read ගණන් කථාව Chapter 17 online from the Holy Bible. This chapter is part of the Book of ගණන් කථාව in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: ගණන් කථාව
Chapter: 17
Testament: Old Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading ගණන් කථාව. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading ගණන් කථාව Chapter 17 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is ගණන් කථාව Chapter 17?

ගණන් කථාව Chapter 17 is part of the Book of ගණන් කථාව in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete ගණන් කථාව Chapter 17 online for free with easy chapter navigation.

More Chapters from ගණන්-කථාව

  1. ගණන් කථාව Chapter 26
  2. ගණන් කථාව Chapter 21
  3. ගණන් කථාව Chapter 27
  4. ගණන් කථාව Chapter 23
  5. ගණන් කථාව Chapter 19
  6. ගණන් කථාව Chapter 10
  7. ගණන් කථාව Chapter 1

Explore More from පැරණි ගිවිසුම

  1. 1 රාජාවලිය Chapter 19
  2. 2 ලේකම් Chapter 10
  3. යෝබ් Chapter 16
  4. යෙසායා Chapter 26
  5. 2 ලේකම් Chapter 6
  6. නික්මයාම Chapter 4
  7. හිතෝපදේශ Chapter 29

Related Chapters & Readings

  1. ගීතාවලිය Chapter 58
  2. 2 ලේකම් Chapter 15
  3. 1 සාමුවෙල් Chapter 1
  4. යෙසායා Chapter 46
  5. විනිශ්චයකාරයන් Chapter 10
  6. 2 පේතෘස් Chapter 1
  7. විලාප ගී Chapter 4
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *