Read උත්පත්ති Chapter 28 Online
Read උත්පත්ති Chapter 28 online from the Holy Bible. This chapter is part of the Book of උත්පත්ති in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of උත්පත්ති and the Holy Bible online.
Choose a Chapter
උත්පත්ති 28
පරිච්ඡේදය 28
1. ඊසාක් යාකොබ් කැඳවා ඔහුට ආශීර්වාද කොට අණකරමින්: ඔබ කානාන්හි දූවරුන්ගෙන් භාර්යාවකු පවානොගන්න.
2. ඔබ පිටත්වී පදන්-අරාමෙහි ඔබේ මවුගේ පියවූ බෙතුයෙල්ගේ ගෙදරට ගොස් එතැනින් ඔබේ මවුගේ සහෝදරවූ ලාබන්ගේ දූවරුන්ගෙන් භාර්යාවක් පාවාගන්න.
3. සර්වපරාක්‍රමවූ දෙවියන්වහන්සේ ඔබට ආශීර්වාදකර ඔබ සෙනඟ රාශියක් වන පිණිස ඔබ සඵලකොට ඔබ වැඩිකරනසේක්වා;
4. දෙවියන්වහන්සේ ආබ්‍රහම්ට දුන්නාවූ ඔබ විදේශීව සිටින්නාවූ දේශය ඔබට උරුමවෙන පිණිස ඔබටත් ඔබේ වංශයටත් ආබ්‍රහම්ගේ ආශීර්වාදය දෙනසේක්වයි ඔහුට කීවේය.
5. මෙසේ ඊසාක් යාකොබ් පිටත්කර හැරියේය. ඔහු යාකොබ්ගේද ඒසව්ගේද මවුවූ රෙබෙකාගේ සහෝදරවන අරාමිය බෙතුයෙල්ගේ පුත්‍රවූ ලාබන් වෙතට පදන්-අරාමට ගියේය.
6. ඊසාක් යාකොබ්ට ආශීර්වාදකොට පදන්-අරාමෙන් ඔහුට භාර්යාවකු පාවාගන්නා පිණිස ඔහු එහි යැවූ බවද, ඔහුට ආශීර්වාදකරද්දී: ඔබ කානාන්හි දූවරුන්ගෙන් භාර්යාවකු පාවානොගන්නැයි අණකළ බවද,
7. යාකොබ් තමාගේ පියාටත් මවුටත් කීකරුව පදන්-අරාමට ගිය බවද ඒසව් දුටුවේය.
8. තවද කානාන්හි දූවරුන්ට තමාගේ පියවූ ඊසාක් අප්‍රිය වූ බව ඒසව් දැක
9. ඉෂ්මායෙල් වෙතට ගොස් තමාට සිටිය භාර්යාවන් ඇතුළුව ආබ්‍රහම්ගේ පුත් ඉෂ්මායෙල්ගේ දූවූ, නෙබායොත්ගේ සහෝදරීවූ මහලත් භාර්යාව වන පිණිස පාවාගත්තේය.
10. යාකොබ් බෙයර්-ෂෙබායෙන් පිටත්ව හාරාන් දිසාවට ගියේය.
11. ඔහු එක්තරා ස්ථානයකට පැමිණ, ඉර බැසගිය බැවින් මුළු රාත්‍රියේ එහි සිට, ඒ ස්ථානයේ ගල්වලින් එකක් අරන් තමාගේ හිසට තබාගෙන, ඒ ස්ථානයෙහි නින්දට වන්නේය.
12. එවිට ඔහු ස්වප්නයක් දුටුවේය: බලව, පොළොවෙහි තබනලද හිණිමගක් විය, එහි මුදුන අහස දක්වා විය. දෙවියන්වහන්සේගේ දූතයෝ එහි නගිමින්ද බසිමින්ද සිටියෝය.
13. බලව, ස්වාමීන්වහන්සේ ඊට ඉහළින් සිට කථාකොට: මම ඔබේ පියවූ ආබ්‍රහම්ගේ දෙවිවූ, ඊසාක්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේය. ඔබ නිදා සිටින දේශය ඔබටද ඔබේ වංශයටද දෙන්නෙමි;
14. ඔබේ වංශය පොළොවේ ධූලි මෙන් වැඩිවන්නේය, ඔබ බස්නාහිර දෙසටද නැගෙනහිර දෙසටද උතුර දෙසටද දකුණු දෙසටද පැතිර යන්නෙහිය. පොළොවේ සියලු ගෝත්‍රයෝ ඔබ සහ ඔබේ වංශය කරණකොටගෙන ආශීර්වාද ලබන්නෝය.
15. බලව, මම ඔබ සමඟ සිටිමි, ඔබ යන සියලු තැන්හිදී ඔබ ආරක්ෂාකර නැවත මේ දේශයට ඔබ පමුණුවන්නෙමි; මක්නිසාද මා විසින් ඔබට කී දෙය සිදුකරන තුරු ඔබ අත් නොහරින්නෙමියි කීසේක.
16. යාකොබ් තමාගේ නින්දෙන් පිබිද: ඒකාන්තයෙන්ම ස්වාමීන්වහන්සේ මෙතැන සිටිනසේක; මම ඒ බව නොදත්තෙමියි කියා භයවී:
17. මේක කොපමණ භයානක ස්ථානයක්ද! ඒකාන්තයෙන්ම මේක දෙවියන්වහන්සේගේ ගෘහයය, මේක ස්වර්ගයේ දොරටුවයයි කීවේය.
18. යාකොබ් අලුයම නැගිට තමාගේ හිසට තබනලද ගල රැගෙන කණුවක් කොට සිටුවා එහි මුදුනේ තෙල් වත්කොට,
19. ඒ ස්ථානයට බෙතෙල්යයි 28:19එනම්, – දෙවියන්වහන්සේගේ ගෘහය. නම් තැබීය. එහෙත් පළමුවෙන් ඒ නුවර නම ලූස්ය.
20. යාකොබ් භාරයක් වී: මාගේ පියාණන්ගේ ගෙට නැවත සමාදානයෙන් එන පිණිස දෙවියන්වහන්සේ මා සමඟ සිට මා යන මේ මාර්ගයෙහි මා ආරක්ෂාකොට
21. මට කන්ට භෝජනද අඳින්ට වස්ත්‍රද දෙනසේක් නම්, ස්වාමීන්වහන්සේ මාගේ දෙවියන්වහන්සේ වනසේක,
22. කණුවක්කොට මා සිටෙවූ මේ ගල දෙවියන්වහන්සේගේ ගෘහය වන්නේය. ඔබවහන්සේ මට දෙන සියල්ලෙන්ම දසයෙන් කොටසක් සැබවින්ම ඔබට දෙන්නෙමියි කීවේය.
About උත්පත්ති Chapter 28
Read උත්පත්ති Chapter 28 online from the Holy Bible. This chapter is part of the Book of උත්පත්ති in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.
Book Information
Book: උත්පත්ති
Chapter: 28
Testament: Old Testament
How to Read this Chapter
Use the Previous and Next Chapter buttons to continue reading උත්පත්ති. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.
More Resources
Continue Reading the Bible
Continue reading උත්පත්ති Chapter 28 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.
Frequently Asked Questions
What is උත්පත්ති Chapter 28?
උත්පත්ති Chapter 28 is part of the Book of උත්පත්ති in the Holy Bible.
Can I read this chapter online?
Yes. You can read the complete උත්පත්ති Chapter 28 online for free with easy chapter navigation.
More Chapters from උත්පත්ති
- උත්පත්ති Chapter 2
- උත්පත්ති Chapter 19
- උත්පත්ති Chapter 1
- උත්පත්ති Chapter 39
- උත්පත්ති Chapter 30
- උත්පත්ති Chapter 49
- උත්පත්ති Chapter 34
Explore More from පැරණි ගිවිසුම
- ගීතාවලිය Chapter 117
- ගණන් කථාව Chapter 1
- යෝෂුවා Chapter 23
- ගණන් කථාව Chapter 28
- යෝබ් Chapter 18
- හිතෝපදේශ Chapter 24
- යෝෂුවා Chapter 8