විනිශ්චයකාරයන් Chapter 7

For English

Read විනිශ්චයකාරයන් Chapter 7 Online

Read විනිශ්චයකාරයන් Chapter 7 online from the Holy Bible. This chapter is part of the Book of විනිශ්චයකාරයන් in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of විනිශ්චයකාරයන් and the Holy Bible online.

Choose a Chapter

විනිශ්චයකාරයන් 7

පරිච්ඡේදය 7

1. එවිට යෙරුබ්බාල් නම්වූ ගිඩියොන්ද ඔහු සමඟ සිටි මුළු සෙනඟද අලුයම නැගිට හාරොද්හි උල්පත ළඟ කඳවුරු බැඳගත්තෝය. මිදියන් කඳවුරු ඔවුන්ට උතුරෙන් මෝරේගේ කන්ද ළඟ මිටියාවතෙහි තිබුණේය.

2. එවිට ස්වාමීන්වහන්සේ ගිඩියොන්ට කථාකොට: ඔබ සමඟ සිටින සෙනඟ වැඩිය, මා විසින් ඔවුන් අතට මිදියන්වරුන් පාවාදුන්නොත් ඉශ්‍රායෙල් මට විරුද්ධව අහංකාරවී-අපේ අත අප ගැළෙවුවේයයි කියනවා ඇත.

3. එබැවින්: භයද තැතිගැන්මද ඇති කවුරු නුමුත් ගිලියද් කන්දේ සිට හැරීයේවයි සෙනඟට ඇසෙන්ට ප්‍රසිද්ධකරන්නැයි කීසේක. එවිට සෙනඟගෙන් විසිදෙදාහක් හැරීගියෝය; දසදාහක් ඉතිරිව සිටියෝය.

4. ස්වාමීන්වහන්සේ ගිඩියොන්ට කථාකොට: සෙනඟ තවම වැඩිය; ඔවුන් වතුර සමීපයට ගෙනෙන්න, මම එහිදී ඔවුන් ඔබ උදෙසා විමසන්නෙමි. මොහු ඔබ සමඟ යේවයි මම යමෙකු ගැන ඔබට කියන්නෙම්ද ඔහු යන්නේය; මොහු ඔබ සමඟ නොයේවයි මම යමෙකු ගැන ඔබට කියන්නෙම්ද ඔහු නොයන්නේයයි කීසේක.

5. ඔහු වතුර ළඟට සෙනඟ ගෙනායේය. ස්වාමීන්වහන්සේ ගිඩියොන්ට කථාකොට කියනසේක්: බල්ලා ලෙවකා බොන්නාක් මෙන් තමුන්ගේ දිවෙන් ලෙවකා වතුර බොන හැමදෙනා වෙනමද බොන්නට දණගසන හැමදෙනා වෙනමද සිටවන්නැයි ගිඩියොන්ට කීසේක.

6. තමුන්ගේ අත කටට තබා ලෙවකා බීවාවූ මිනිසුන්ගේ ගණන තුන්සියයක්ය. සෙනඟගෙන් අනික් සියල්ලෝ වතුර බොන පිණිස දණගැසුවෝය.

7. ස්වාමීන්වහන්සේද: ලෙවකා බීවාවූ මිනිසුන් තුන්සියය ලවා ඔබ සැම ගළවා මිදියන්වරුන් ඔබ අතට පාවාදෙන්නෙමි. අනික් සියල්ලෝ තම තමුන්ගේ ස්ථානවලට යෙත්වයි ගිඩියොන්ට කීසේක.

8. මෙසේ සෙනඟ කෑමත් තමුන්ගේ හොරණෑත් අතින් ගෙන ගියෝය. ඔහු ඒ මිනිසුන් තුන්සියය නවත්වාගෙන අනික් සියලු ඉශ්‍රායෙල්වරුන් තම තමුන්ගේ කූඩාරම්වලට යන්ට හැරියේය. මිදියන් කඳවුර ඔහුට පහළින් මිටියාවතේ තිබුණේය.

9. එදා රෑ ස්වාමීන්වහන්සේ ඔහුට කථාකොට: නැගිට කඳවුරට බැස යන්න; මක්නිසාද මම එය ඔබ අතට පාවාදුනිමි.

10. නුමුත් ඔබ බැස යන්ට භයනම් ඔබේ මෙහෙකරුවාවූ පූරා සමඟ කඳවුරට බැස යන්න.

11. එවිට ඔවුන් කියන දේ ඔබට ඇසුණාම කඳවුරට බැස යන්ට ඔබේ අත් බලවත්වන්නේයයි කීසේක. එවිට ඔහු තම මෙහෙකරුවාවූ පූරා සමඟ කඳවුරේ අයිනේ ආයුධ ගත් මනුෂ්‍යයන් වෙතට බැස්සේය.

12. මිදියන්වරුද අමලෙක්වරුද පූර්ව දිශාවේ සියලු වැසියෝද ගණනින් පළඟැටියන් මෙන් මිටියාවෙත් පැතිර සිටියෝය; ඔවුන්ගේ ඔටුවෝද ගණනාවක් නැතුව මුහුදු වෙරළේ වැලිමෙන් බොහෝව සිටියෝය.

13. ගිඩියොන් ආ විට, බලව, මනුෂ්‍යයෙක් තවත් කෙනෙකුට ස්වප්නයක් කියමින්: මම ස්වප්නයක් දුටිමි, යව රොටියක් මිදියන් කඳවුරට පෙරළීගෙන ඇවිත් කූඩාරම දක්වා පැමිණ ඊට හැපී ඒක වැටෙන්ට පහරදී ඒක පෙරළා දමා තිබෙනු දුටිමියි කීවේය.

14. අනික් තැනැත්තා උත්තරදෙමින්: මේක ඉශ්‍රායෙල් මනුෂ්‍යයෙක්වූ, යෝවාෂ්ගේ පුත්‍රවූ ගිඩියොන්ගේ කඩුව මිස වෙන දෙයක් නොවේ. ඔහු අතට දෙවියන්වහන්සේ මිදියන්වරුන්ද මුළු සේනාවද පාවා දී තිබේයයි කීවේය.

15. ස්වප්නය කීමත් ඒකේ තේරුමත් ගිඩියොන් ඇසූ විට ඔහු නමස්කාරකොට ඉශ්‍රායෙල් කඳවුරට හැරීගොස්: නැගිටින්න; මක්නිසාද ස්වාමීන්වහන්සේ මිදියන් සේනාව ඔබ සැම අතට පාවාදුන්සේකැයි කීය.

16. ඔහු ඒ මනුෂ්‍යයන් තුන්සියය කණ්ඩායම් තුනකට බෙදා, ඔවුන් සියල්ලන් අතට හොරණෑද ඇතුළේ පන්දම් ඇති හිස් කළද දී

17. ඔවුන්ට කථාකොට: මා කරන හැටි බලා ඒ ආකාරයෙන් කරන්න. මා කඳවුර අද්දරට පැමින්නාම මා කරන හැටියට ඔබ සැමත් කරන්න.

18. මාත් මා සමඟ සිටින සියලු දෙනාත් හොරණෑ පිඹින විට ඔබ සැමත් මුළු කඳවුර වටකරින්ම හොරණෑ පිඹ-ස්වාමීන්වහන්සේ හා ගිඩියොන් උදෙසාය කියා කියන්නැයි කීවේය.

19. මෙසේ මධ්‍යම යාමයේ මුලදී මුර මාරු කළ හැටියේම ගිඩියොන්ද ඔහු සමඟ සිටි මිනිසුන් සියයද කඳවුර අද්දරට පැමිණ හොරණෑ පිඹ තමුන්ගේ අත්වල තුබූ කළගෙඩි බින්දෝය.

20. කණ්ඩායම් තුනම හොරණෑ පිඹ කළගෙඩි බිඳදමා, වමතින් පන්දම්ද පිඹින පිණිස දකුණතින් හොරණෑද අල්ලාගෙන: ස්වාමීන්වහන්සේගේද ගිඩියොන්ගේද කඩුවයයි මොරගැසුවෝය.

21. ඔවුන් සියල්ලෝම කඳවුරු වටේට එකිනෙකා තම තමාගේ ස්ථානයෙහි සිටියෝය. මුළු සේනාවද දිව කෑගසමින් පලාගියෝය.

22. ඔව්හු හොරණෑ තුන්සියය පිම්බෝය, ස්වාමීන්වහන්සේ එක එක මනුෂ්‍යයාගේ කඩුව එකිනෙකාටත් මුළු සේනාවටත් විරුද්ධව හැරෙවුසේක. සේනාවද ශෙරේරා දෙසට බෙත්-ෂිට්ටා දක්වාද ටබ්බාත් ළඟ තිබෙන ආබෙල්-මෙහෝලාහි සීමාව දක්වාද පලාගියෝය.

23. ඉශ්‍රායෙල් මනුෂ්‍යයෝ නප්තලීයෙන්ද ආෂෙරෙන්ද මුළු මනස්සෙන්ද රැස්ව මිදියන්වරුන් පස්සේ එළවාගන ගියෝය.

24. ගිඩියොන් එප්‍රායිම් කඳු රට මුළුදාම පණිවිඩකාරයන් යවා: මිදියන්වරුන්ට විරුද්ධව බැස ඇවිත් බෙත්-බාරා දක්වා තොටුපල්ද යොර්දානද ඔවුන්ට පළමුවෙන් අල්ලාගන්නැයි කියා යැවීය. එවිට එප්‍රායිම්හි සියලු මිනිස්සු රැස්ව බෙත්-බාරා දක්වා තොටුපල් ද යොර්දානද අල්ලාගත්තෝය.

25. ඔව්හු මිදියන්ගේ අධිපතීන් දෙදෙනා වන ඔරෙබ්ද ශීබ්ද අල්ලාගෙන ඔරෙබ් පර්වතය ළඟදී ඔරෙබ් මරා, ශීබ්හි මිදි යන්ත්‍රය ළඟදී ශීබ්ද මරා, මිදියන්වරුන් පස්සේ එළවාගන ගියෝය. තවද ඔරෙබ්ගේද ශීබ්ගේද හිස් යොර්දානෙන් එගොඩ ගිඩියොන් වෙතට ගෙනාවෝය.

About විනිශ්චයකාරයන් Chapter 7

Read විනිශ්චයකාරයන් Chapter 7 online from the Holy Bible. This chapter is part of the Book of විනිශ්චයකාරයන් in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: විනිශ්චයකාරයන්
Chapter: 7
Testament: Old Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading විනිශ්චයකාරයන්. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading විනිශ්චයකාරයන් Chapter 7 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is විනිශ්චයකාරයන් Chapter 7?

විනිශ්චයකාරයන් Chapter 7 is part of the Book of විනිශ්චයකාරයන් in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete විනිශ්චයකාරයන් Chapter 7 online for free with easy chapter navigation.

More Chapters from පැරණි ගිවිසුම

  1. නික්මයාම Chapter 1
  2. නික්මයාම Chapter 12
  3. නික්මයාම Chapter 30
  4. නික්මයාම Chapter 26
  5. නික්මයාම Chapter 21
  6. නික්මයාම Chapter 9
  7. නික්මයාම Chapter 2

Explore More from විනිශ්චයකාරයන්

  1. විනිශ්චයකාරයන් Chapter 9
  2. විනිශ්චයකාරයන් Chapter 6
  3. විනිශ්චයකාරයන් Chapter 10
  4. විනිශ්චයකාරයන් Chapter 3
  5. විනිශ්චයකාරයන් Chapter 5
  6. විනිශ්චයකාරයන් Chapter 21
  7. විනිශ්චයකාරයන් Chapter 1

Related Chapters & Readings

  1. යෝබ් Chapter 30
  2. 1 සාමුවෙල් Chapter 13
  3. ශු. යොහන් Chapter 9
  4. 2 තෙසලෝනික Chapter 2
  5. යාකොබ් Chapter 2
  6. ගීතාවලිය Chapter 88
  7. 1 සාමුවෙල් Chapter 16
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *