Read ගණන් කථාව Chapter 4 Online
Read ගණන් කථාව Chapter 4 online from the Holy Bible. This chapter is part of the Book of ගණන් කථාව in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of ගණන් කථාව and the Holy Bible online.
Choose a Chapter
ගණන් කථාව 4
පරිච්ඡේදය 4
1. ස්වාමීන්වහන්සේ මෝසෙස්ට සහ ආරොන්ට කථාකොට:
2. ලෙවීගේ පුත්‍රයන් අතරෙන් ඔවුන්ගේ පවුල් ප්‍රකාර ඔවුන්ගේ පිය පෙළපත් ලෙස,
3. තිස් අවුරුද්ද පටන් පනස් අවුරුද්ද දක්වා වයස් ඇති, සම්මුඛවීමේ කූඩාරමෙහි වැඩ කරන පිණිස සේවයට ඇතුල්වන කොහාත්ගේ සියලුම පුත්‍රයන්ගේ ගණන ගන්න.
4. අති ශුද්ධ දේ ගැන සම්මුඛවීමේ කූඩාරමෙහි කොහාත් පුත්‍රයන්ගේ මෙහෙය නම් මේය:
5. කඳවුර නික්මෙන කල ආරොන් සහ ඔහුගේ පුත්‍රයෝ අවුත් වහන තිරය බාගෙන එයින් සාක්ෂි පෙට්ටිය වසා,
6. ඒක පිට තහෂ් හම් වැස්මක් දමා, ඒ පිට මුළුල්ලම නිල්වන් රෙද්දක් අතුරා ඒකේ පොලු තබත්වා.
7. පිදීමේ රොටි මේසය පිටත් නිල් රෙද්දක් අතුරා ඒ මතුයෙහි තැටි ද පාත්‍රද කෙණ්ඩිද වත්කරන කුසලාන්ද තබත්වා. නිරන්තර රොටිත් එය පිට තිබේවා.
8. ඔව්හු ඒවා පිට රතු රෙද්දක් අතුරා ඒක තහෂ් හම් වැස්මකින් වසා ඒකේ පොලු තබත්වා.
9. ඔව්හු නිල් රෙද්දක් ගෙන පහන්රුකද ඒකේ පහන්ද ඒකේ කතුරුද කතුරු තැටිද ඊට ගන්න සියලු තෙල් භාජනද වසා,
10. ඒකද ඒකේ සියලු භාජනද තහෂ් හම් වැස්මක දමා මැස්ස පිට තබත්වා.
11. රන් පූජාසනය පිට නිල් රෙද්දක් අතුරා තහෂ් හම් වැස්මකින් ඒක වසා ඒකේ පොලු තබත්වා.
12. ඔව්හු ශුද්ධස්ථානයෙහි සේවයට ගන්න සියලු භාජන ගෙන නිල් රෙද්දක තබා තහෂ් හම් වැස්මකින් ඒවා වසා මැස්ස පිට තබත්වා.
13. ඔව්හු පූජාසනයෙන් අළු පහකොට ඒක පිට රත්නිල් රෙද්දක් අතුරා,
14. ඒක පිට සේවය කිරීමට ගන්න ඒකේ සියලු භාජන එනම් ගිනි භාජනද මස් කොකුද පාත්‍රද තලිද යන පූජාසනයේ සියලුම බඩු ඒක පිට තබා තහෂ් හම් වැස්මක් ඒක පිට අතුරා ඒකේ පොලු තබත්වා.
15. කඳවුර පිටත්වන කල, ආරොන් සහ ඔහුගේ පුත්‍රයන් ශුද්ධස්ථානය සහ ශුද්ධස්ථානයේ සියලු බඩුද වසා නිමකළ පසු, කොහාත්ගේ පුත්‍රයෝ ඒක ගෙනයන පිණිස එත්වා. එහෙත් ඔව්හු නොනස්නා පිණිස ශුද්ධස්ථානයට අතනොගසත්වා. සම්මුඛවීමේ කූඩාරමෙහි කොහාත්ගේ පුත්‍රයන්ට ගෙනයන්ට තිබෙන්නේ මේවාය.
16. පූජක ආරොන්ගේ පුත්‍රවූ එලෙයාසර්ගේ භාරය නම්, එළිය පිණිස තෙල්ද සුගන්ධ ධූප ද්‍රව්‍යද නිරන්තර ආහාර පූජාවද ආලේප තෛලයද ශුද්ධස්ථානය හා ඒකේ සියලුම බඩු ඇතුළුව මුළු මණ්ඩපයද එහි ඇති සියල්ලද බලා ගැනීමයයි කීසේක.
17. තවද ස්වාමීන්වහන්සේ මෝසෙස්ට සහ ආරොන්ට කථාකොට:
18. කොහාත්වරුන්ගේ පවුල්වල ගෝත්‍රය ලෙවීවරුන් අතරෙන් නාස්තිවෙන්ට ඉඩ නෑර,
19. ඔවුන් අතිශුද්ධ දේවලට ළඟාවන කල්හි නොනැසී ජීවත්ව සිටින පිණිස ඔවුන් ගැන මෙසේ කරන්න-ආරොන් සහ ඔහුගේ පුත්‍රයෝ ඇතුල්ව ඔවුන් එක එකා තම තමාගේ මෙහෙයටත් ගෙන යන බරටත් පත්කරත්වා.
20. එහෙත් ඔව්හු නොනස්නා පිණිස මොහොතකටවත් ශුද්ධස්ථානය බලන්ට ඇතුල් නොවෙත්වයි කීසේක.
21. ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට කියනසේක්:
22. ගේර්ෂොන් පුත්‍රයන්ගේ ගණනත් ඔවුන්ගේ පිය පෙළපත්වල හැටියට ඔවුන්ගේ පවුල්වල ප්‍රකාර ගනින්න;
23. තිස් අවුරුද්ද පටන් පනස් අවුරුද්ද දක්වා වයස් ඇති, සම්මුඛවීමේ කූඩාරමෙහි වැඩකරන පිණිස සේවයට ඇතුල්වන්නාවූ සියල්ලන් ගණන්කරන්න.
24. මෙහෙකිරීමෙනුත් බර ගෙනයාමෙනුත් ගේර්ෂොන්වරුන්ගේ පවුල්වලට කරන්ට තිබෙන සේවය මෙසේය-
25. ඔව්හු මණ්ඩපයේ තිරද සම්මුඛවීමේ කූඩාරමද ඒකේ වැස්මද එය පිට උඩින් තිබෙන තහෂ් හම් වැස්මද සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩ කඩතුරාවද,
26. මළුවේ තිරද මණ්ඩපයටත් පූජාසනයටත් හාත්පසින් මළුවේ දොරටුවේ කඩතුරාවද ඒවායේ ලනුද ඒවායේ වැඩට ගන්නා සියලු බඩුද ගෙනයත්වා, ඒවායින් කිරීමට තිබෙන සියල්ලද ඔව්හු කරත්වා.
27. ගේර්ෂොන්වරුන්ගේ පුත්‍රයන්ට ගෙනයන්ටත් කරන්ටත් තිබෙන සියල්ල වන ඔවුන්ගේ මුළු මෙහෙය ආරොන්ගේද ඔහුගේ පුත්‍රයන්ගේද ආඥාවේ හැටියට ඔව්හු කරත්වා. ඔවුන්ට ගෙනයන්ට තිබෙන සියල්ලම ඔවුන්ට නියමකරදෙන්න.
28. සම්මුඛවීමේ කූඩාරම පිළිබඳව ගේර්ෂොන් පුත්‍රයන්ගේ පවුල්වල මෙහෙය මේය; ඔවුන්ගේ භාරය පූජක ආරොන්ගේ පුත්‍රවූ ඊතාමාර් යටතේය.
29. මෙරාරීගේ පුත්‍රයන් ඔවුන්ගේ පවුල්වල ප්‍රකාරයට ඔවුන්ගේ පිය පෙළපත්වල හැටියට ගණන්කරන්න;
30. තිස් අවුරුද්ද පටන් පනස් අවුරුද්ද දක්වා වයස් ඇති සම්මුඛවීමේ කූඩාරමෙහි වැඩකරන පිණිස සේවයට ඇතුල්වන්නාවූ සියල්ලන් ගණන්කරන්න.
31. සම්මුඛවීමේ කූඩාරමෙහි ඔවුන්ගේ මුළු මෙහෙයේ හැටියට ඔවුන්ට ගෙනයන්ට තිබෙන දේවල භාරය මේය: මණ්ඩපයේ ලෑලිද ඒකේ පොලුද ඒකේ කුළුනුද ඒවායේ අඩිද,
32. වටකරින් තිබෙන මළුවේ කුළුනුද ඒවායේ අඩිද ඒවායේ ඇණද ලනුද ඒවායේ සියලුම බඩුද ඒවාට අයිති සියල්ලද යන මේවාය. ඔවුන් විසින් ගෙන යා යුතු උපකරණ නම්වශයෙන් ගණන්කරදෙන්න.
33. පූජක ආරොන්ගේ පුත්‍රවූ ඊතාමාර්ගේ අත යටතේ සම්මුඛවීමේ කූඩාරම ගැන තිබෙන මෙරාරීගේ පුත්‍රයන්ගේ පවුල්වල මුළු වැඩේ හැටියට ඔවුන්ගේ මෙහෙය මේයයි කීසේක.
34. මෙසේ මෝසෙස් හා ආරොන්ද සභාවේ අධිපතියෝද තිස් අවුරුද්ද පටන් පනස් අවුරුද්ද දක්වා වයස් ඇත්තාවූ, සම්මුඛවීමේ කූඩාරමෙහි වැඩකරන පිණිස සේවයට ඇතුල්වෙන්නාවූ,
35. කොහාත්වරුන්ගේ සියලුම පුත්‍රයන් ඔවුන්ගේ පවුල්වල ප්‍රකාරයට ඔවුන්ගේ පිය පෙළපත්වල හැටියට ගණන්කළෝය.
36. තමුන්ගේ පවුල් ප්‍රකාර ඔවුන්ගෙන් ගණන්කරන ලද්දෝ දෙදාස් හත්සිය පනසක්ය.
37. ස්වාමීන්වහන්සේ මෝසෙස් ලවා අණකෙරෙවු ලෙස කොහාත්වරුන්ගේ පවුල්වලින් සම්මුඛවීමේ කූඩාරමෙහි මෙහෙකළාවූ, මෝසෙස් හා ආරොන් විසින් ගණන්කරන ලද්දාවූ සියල්ලෝ මොව්හුය.
38. ගේර්ෂොන් පුත්‍රයන්ගේද තිස් අවුරුද්ද පටන් පනස් අවුරුද්ද දක්වා වයස් ඇති,
39. සම්මුඛවීමේ කූඩාරමෙහි වැඩකරන පිණිස සේවයට ඇතුල්වෙන්නාවූ සියල්ලෝ තමුන්ගේ පවුල් ප්‍රකාරයට තමුන්ගේ පිය පෙළපත්වල හැටියට ගණන්කරනු ලැබුවෝය.
40. එසේ තමුන්ගේ පවුල්වල ප්‍රකාරයට තමුන්ගේ පිය පෙළපත්වල හැටියට ගණන්කරන ලද්දෝ දෙදාස් හසිය තිහක්ය.
41. ස්වාමීන්වහන්සේගේ අණ ලෙස මෝසෙස් සහ ආරොන් විසින් ගණන්කරනු ලැබුවාවූ, සම්මුඛවීමේ කූඩාරමෙහි මෙහෙකළාවූ, ගේර්ෂොන්ගේ පුත්‍රයන්ගේ පවුල්වලින් ගණන්කරනලද සියල්ලෝ මොව්හුය.
42. මෙරාරීගේ පුත්‍රයන්ගේ පවුල්වලින්ද තිස් අවුරුද්ද පටන් පනස් අවුරුද්ද දක්වා වයස් ඇත්තාවූ,
43. සම්මුඛවීමේ කූඩාරමෙහි වැඩකරන පිණිස ඇතුල් වෙන්නාවූ සියල්ලෝ තමුන්ගේ පවුල්වල ප්‍රකාරයට තමුන්ගේ පිය පෙළපත්වල හැටියට ගණන්කරනු ලැබුවෝය.
44. එසේ තමුන්ගේ පවුල්වල ප්‍රකාරයට ගණන්කරනලද ඔවුන් තුන්දාස් දෙසියයක්ය.
45. ස්වාමීන්වහන්සේ මෝසෙස් ලවා දුන් අණ ලෙස මෝසෙස් සහ ආරොන් විසින් ගණන්කළාවූ, මෙරාරීගේ පුත්‍රයන්ගේ පවුල්වලින් ගණන්කරන ලද්දෝ මොව්හුය.
46. තිස් අවුරුද්ද පටන් පනස් අවුරුද්ද දක්වා වයස් ඇත්තාවූ, තමුන්ගේ පවුල්වල ප්‍රකාරයට තමුන්ගේ පිය පෙළපත්වල හැටියට ගණන්කරනු ලැබුවාවූ,
47. මෝසෙස් සහ ආරොන්ද ඉශ්‍රායෙල් අධිපතීන්ද විසින් ගණන්කළාවූ සියලුම ලෙවීවරු වන,
48. සම්මුඛවීමේ කූඩාරමෙහි මෙහෙයේ වැඩද බර ගෙනයාමේ වැඩද කිරීමට ඇතුල්වුණාවූ ගණන්කරනු ලැබුවෝ අටදාස් පන්සිය අසූවක්ය.
49. ස්වාමීන්වහන්සේගේ අණ ලෙස ඔවුන් සියල්ලෝ එකිනෙකාගේ මෙහෙයත් ගෙන යන බරත් ලෙස මෝසෙස් විසින් ගණන්කරනු ලැබුවෝය. මෙසේ ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළ ලෙස ඔව්හු ගණන්කරන ලද්දෝය.
About ගණන් කථාව Chapter 4
Read ගණන් කථාව Chapter 4 online from the Holy Bible. This chapter is part of the Book of ගණන් කථාව in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.
Book Information
Book: ගණන් කථාව
Chapter: 4
Testament: Old Testament
How to Read this Chapter
Use the Previous and Next Chapter buttons to continue reading ගණන් කථාව. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.
More Resources
Continue Reading the Bible
Continue reading ගණන් කථාව Chapter 4 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.
Frequently Asked Questions
What is ගණන් කථාව Chapter 4?
ගණන් කථාව Chapter 4 is part of the Book of ගණන් කථාව in the Holy Bible.
Can I read this chapter online?
Yes. You can read the complete ගණන් කථාව Chapter 4 online for free with easy chapter navigation.
More Chapters from ගණන්-කථාව
- ගණන් කථාව Chapter 26
- ගණන් කථාව Chapter 21
- ගණන් කථාව Chapter 10
- ගණන් කථාව Chapter 27
- ගණන් කථාව Chapter 23
- ගණන් කථාව Chapter 19
- ගණන් කථාව Chapter 16
Explore More from පැරණි ගිවිසුම
- ගීතාවලිය Chapter 105
- යෝබ් Chapter 25
- 2 රාජාවලිය Chapter 24
- ශෙපනියා Chapter 3
- ද්වීතීය කථාව Chapter 13
- 2 සාමුවෙල් Chapter 11
- එසකියෙල් Chapter 13