ගණන් කථාව Chapter 14

For English

Read ගණන් කථාව Chapter 14 Online

Read ගණන් කථාව Chapter 14 online from the Holy Bible. This chapter is part of the Book of ගණන් කථාව in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of ගණන් කථාව and the Holy Bible online.

Choose a Chapter

ගණන් කථාව 14

පරිච්ඡේදය 14

1. එවිට මුළු සභාව ශබ්දනගා හැඬුවාය; සෙනඟ ඒ රාත්‍රියේ වැලපුණෝය.

2. සියලු ඉශ්‍රායෙල් පුත්‍රයෝ මෝසෙස්ටත් ආරොන්ටත් විරුද්ධව කොඳුළෝය. මුළු සභාව ඔවුන්ට කථාකර: අහෝ අපි මිසර දේශයෙහි මළෙමු නම් යහපත; නොහොත් මේ කාන්තාරයෙහි මළෙමු නම් යහපත.

3. අප කඩුවෙන් වැටෙන පිණිස ස්වාමීන්වහන්සේ මේ දේශයට අප ගෙනෙන්නේ මක්නිසාද? අපේ භාර්යාවන්ද බාලයන්ද කොල්ලයක් වෙනවා ඇත. මිසරයට හැරීයාම අපට හොඳ නොවේ දැයි කීවෝය.

4. තවද ඔව්හු එකිනෙකාට කථාකොට: අපි ප්‍රධානියෙකු පත්කරගෙන මිසරයට හැරීයමුයයි කීවෝය.

5. එවිට මෝසෙස් හා ආරොන් ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ සභාවේ මුළු සමූහයා ඉදිරියෙහි මුහුණින් වැටුණෝය.

6. දේශය සෝදිසිකළවුන්ගෙන් නූන්ගේ පුත්‍රවූ යෝෂුවාද යෙඵුන්නෙගේ පුත්‍රවූ කාලෙබ්ද තමුන්ගේ වස්ත්‍ර ඉරාගෙන,

7. ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ මුළු සභාවට කථාකොට: අප සෝදිසි කරන්ට ගිය දේශය ඉතාම හොඳ දේශයක්ය.

8. ස්වාමීන්වහන්සේ අප කෙරෙහි ප්‍රසන්නවනසේක්නම් කිරි සහ මීපැණි ගලායන ඒ දේශයට අප පමුණුවා ඒක අපට දෙනවා ඇත.

9. ස්වාමීන්වහන්සේට විරුද්ධව කැරළිගැසීමක් නම් නොකරල්ලා, ඒ දේශයේ සෙනඟට භය නොවෙන්න; මක්නිසාද ඔව්හු අපට ගොදුරු වැනිය. ඔවුන්ගේ ආරක්ෂාව ඔවුන් කෙරෙන් පහව ගියාය, ස්වාමීන්වහන්සේ අප සමඟ සිටිනසේක. ඔවුන්ට භය නොවන්නැයි කීවෝය.

10. එහෙත් මුළු සභාව ගල්ගසා ඔවුන් මරන්ට කීහ. ස්වාමීන්වහන්සේගේ මහිමයද සම්මුඛවීමේ කූඩාරමේදී සියලු ඉශ්‍රායෙල් පුත්‍රයන්ට පෙනුණේය.

11. ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: මේ සෙනඟ කොපමණ කල් මා හෙළාදකින්නෝද? ඔවුන් අතරෙහි මා විසින් කළ සියලු ලකුණු දැකලාවත් කොපමණ කල් ඔව්හු මා අදහා නොගෙන සිටින්නෝද?

12. මම වසංගතයෙන් ඔවුන්ට පහරදී, ඔවුන් අහිමිකොට, ඔවුන්ට වඩා මහත්වූ බලවත්වූ සෙනඟක් ඔබෙන් හටගන්වන්නෙමියි කීසේක.

13. මෝසෙස් ස්වාමීන්වහන්සේට කථාකොට: එවිට මිසරවරුන්ට එය සැලවෙනවා ඇත; මක්නිසාද ඔබ ඔවුන් අතරෙන් මේ සෙනඟ ඔබගේ පරාක්‍රමයෙන් ගෙනාසේක;

14. ඔව්හු මේ දේශයෙහි වැසියන්ටද ඒක කියන්නාහුය. ස්වාමීන්වහන්ස, ඔබ මේ සෙනඟ මැද සිටිනසේකැයි ඔවුන් විසින් අසනලද්දේය; මක්නිසාද ස්වාමීන්වහන්ස, ඔබ මුහුණට මුහුණ ලා දක්නාලබනසේක, ඔබගේ වලාකුළ මොවුන් මතුයෙහි තිබේ. ඔබ දවාලෙහි වලා ටැඹකින්ද රාත්‍රියෙහි ගිනි ටැඹකින්ද මොවුන්ට පෙරටුව යනසේක.

15. ඉදින් ඔබ දැන් මේ සෙනඟ එක්කෙනෙකු මෙන් මරනසේක් නම් ඔබගේ කීර්තිය ඇසූ ජාතීන් කථාකරමින්:

16. ස්වාමීන්වහන්සේ මේ සෙනඟට දිවුළ දේශයට ඔවුන් පමුණුවන්ට නොහැකිවූ බැවින් උන්වහන්සේ ඔවුන් කාන්තාරයෙහි මරා දැමූසේකැයි කියනවා ඇත.

17. එබැවින් ඔබ කථාකොට: ස්වාමීන්වහන්සේ උදහස් වීමට ප්‍රමාදවනසේක. බොහෝ දයාවෙන් යුක්තය,

18. උන්වහන්සේ අයුතුකම හා වරද ක්ෂමාකරනසේක, එහෙත් අපරාධීන් කොයි ආකාරයකින්වත් නිර්දෝෂ නොකරනසේක; තුන්වෙනි සතරවෙනි පරම්පරාව දක්වා පියවරුන්ගේ අයුතුකම ගැන දරුවන්ට ප්‍රතිඵල දෙනසේකැයි කීලෙසම ස්වාමීන්වහන්සේගේ බලය මහත් වේවා.

19. ඔබවහන්සේගේ දයාවේ මහත්කම ලෙසද මේ සෙනඟ මිසරයෙහි සිටින කාලයේ පටන් මේ දක්වා ඔබ මේ සෙනඟට කමාවුණාක් මෙන්ද මේ සෙනඟගේ අයුතුකමට කමාවුණමැනවයි කීවේය.

20. ස්වාමීන්වහන්සේද: ඔබේ වචනය ප්‍රකාරයට කමාවුණෙමි.

21. එහෙත් මා ජීවත්ව සිටිනවාත් මුළු පොළොව ස්වාමීන්වහන්සේගේ තේජසෙන් පූර්ණකරනු ලබනවාත් සැබෑවාසේම,

22. මාගේ තේජසත් මිසරයෙහිදී හා කාන්තාරයෙහිදී මා විසින් දැක්වූ ලකුණුත් දුටුවාවූ මේ සියලු මනුෂ්‍යයන් මාගේ හඬට කීකරුනොවී දැන් දසවරක් මා පරීක්ෂාකළ බැවින්,

23. සැබවින් මා විසින් ඔවුන්ගේ පියවරුන්ට දෙනලෙස දිවුළ දේශය ඔව්හු නොදක්නෝය, මා හෙළාදැක්වූ කිසිවෙක්වත් ඒක නොදක්නේය.

24. එහෙත් මාගේ මෙහෙකරුවූ කාලෙබ්ට වෙන ආකාර සිතක් තිබුණු බැවින්ද ඔහු සම්පූර්ණ ලෙස මා අනුව ආ බැවින්ද ඔහු ගිය දේශයට මම ඔහු පමුණුවන්නෙමි; ඔහුගේ වංශයද එය හිමිකරගන්නේය.

25. දැන් අමලෙක්වරුන්ද කානානිවරුන්ද මිටියාවතෙහි වාසයකරන බැවින් හෙට ඔබ සැම හැරී රතු මුහුදට යන මාර්ගයෙන් කාන්තාරයට පිටත්ව යන්නැයි කීසේක.

26. ස්වාමීන්වහන්සේ මෝසෙස්ට සහ ආරොන්ටද කථාකොට:

27. මට විරුද්ධව කොඳුරන මේ දුෂ්ට සභාව ගැන කොපමණ කල් ඉවසම්ද? ඉශ්‍රායෙල් පුත්‍රයන් මට විරුද්ධව කොඳුරන ඔවුන්ගේ කෙඳිරීම් ඇසීමි.

28. ඔවුන්ට මෙසේ කියන්න-මා ජීවත්ව සිටිනවා සැබෑවා සේම මෙසේ කියමියි ස්වාමීන්වහන්සේ කියනසේක: ඔබ සැම මා ඉදිරියෙහි කීලෙසම ඔබ සැමට කරන්නෙමි.

29. විසි අවුරුද්ද පටන් ඉන් ඉහළ වයස් ඇත්තාවූ, ඔබ සැමගේ මුළු ගණන වන ඔබ සැම අතරෙන් ගණන්කරන ලද්දාවූ, මට විරුද්ධව කොඳුළාවූ ඔබ සැම සියල්ලන්ගේ මළකඳන් මේ කාන්තාරයෙහි වැටෙනවා ඇත.

30. ඔබ සැම යම් දේශයක වාසයකරවමියි කියා මාගේ අත එසවීම්ද, එහි යෙඵුන්නෙගේ පුත්‍රවූ කාලෙබ්ද නූන්ගේ පුත්‍රවූ යෝෂුවාද මිස ඔබ සැම නම් කිසිසේත් ඇතුල්නොවන්නහුය.

31. එහෙත් කොල්ලයක් වේයයි ඔබ සැම කීවාවූ ඔබ සැමගේ බාලයන් එහි පමුණුවන්නෙමි, ඔව්හු ඔබ සැම ප්‍රතික්ෂේපකළාවූ දේශය දැනගන්නෝය.

32. එහෙත් ඔබ සැමගේ මළකඳන් මේ කාන්තාරයෙහි වැටෙනවා ඇත.

33. ඔබ සැමගේ පුත්‍රයෝද සතළිස් අවුරුද්දක් කාන්තාරයෙහි එඬේරුන් මෙන් තැනින් තැන යමින්, ඔබ සැමගේ මළකඳන් කාන්තාරයෙහි ක්ෂයවී යන තෙක් ඔබ සැමගේ අනාචාරකම් දරන්නෝය.

34. ඔබ සැම දේශය සෝදිසිකළ දවස් ගණනවූ සතළිස් දවසේ හැටියට දවසකට අවුරුද්දක් බැගින් සතළිස් අවුරුද්දක් ඔබ සැමගේ අයුතුකම් දරමින්, මාගේ විරෝධවීම ඔබ සැම දැනගන්නහුය.

35. ස්වාමිවූ මම කථාකොට: සැබවින්ම මට විරුද්ධව රැස්ව සිටින මේ මුළු දුෂ්ට සභාවට මම මේක කරන්නෙමි. මේ කාන්තාරයෙහි ඔව්හු නාස්තිවන්නෝය, මෙහි ඔව්හු නසින්නෝයයි කීමියි කීසේක.

36. දේශය සෝදිසිකරන පිණිස මෝසෙස් විසින් යවන ලදුව හැරී ඇවිත් දේශය ගැන විරුද්ධවූ නරක ප්‍රවෘත්තියක් පළකිරීමෙන් මුළු සභාව ඔහුට විරුද්ධව කොඳුරන්ට සැලැස්සුවාවූ මනුෂ්‍යයෝ,

37. එනම් දේශය ගැන නරක ප්‍රවෘත්තියක් ගෙනාවාවූ මනුෂ්‍යයෝ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි වසංගතයෙන් මැරුණාහ.

38. එහෙත් දේශය සෝදිසිකරන්ට ගිය ඒ මනුෂ්‍යයන්ගෙන් නූන්ගේ පුත්‍රවූ යෝෂුවාද යෙඵුන්නෙගේ පුත්‍රවූ කාලෙබ්ද ජීවත්ව ඉතිරිව සිටියෝය.

39. මෝසෙස් ඒ වචන සියලු ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කීවේය. එවිට සෙනඟ බොහෝසෙයින් වැලපුණෝය.

40. පසුවදා ඔව්හු අලුයම නැගිට කථාකර: මෙන්න, අපි මෙහිය, ස්වාමීන්වහන්සේ පොරොන්දුවූ ස්ථානයට නැගී යමුව, මක්නිසාද අපි පව්කෙළෙමුයයි කියා කන්ද මුදුනට නැගී ගියෝය.

41. නුමුත් මෝසෙස් කථාකර: සඵලයක් නොවන බව දැනගනත් ඔබ සැම මෙසේ ස්වාමීන්වහන්සේගේ අණ කඩකරන්නේ මක්නිසාද?

42. ඔබ සැමගේ සතුරන් ඉදිරියෙහි පහර නොලබන පිණිස නැගී නොයන්න. මක්නිසාද ස්වාමීන්වහන්සේ ඔබ සැම අතරෙහි නොවන සේක.

43. අමලෙක්වරුන්ද කානානිවරුන්ද එහි ඔබ සැම ඉදිරිපිට සිටින බැවින් ඔබ සැම කඩුවෙන් වැටෙනවා ඇත. ඔබ සැම ස්වාමීන්වහන්සේ අනුව යාමෙන් හැරී ගොස් සිටින බැවින් ස්වාමීන්වහන්සේ ඔබ සැම සමඟ නොසිටිනසේකැයි කීවේය.

44. එහෙත් ඔව්හු හිතුවක්කාරකමින් කන්ද මුදුනට ගියෝය. එසේ වී නුමුත් ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටියද මෝසෙස්ද කඳවුරෙන් පිටත්ව නොගියෝය.

45. එවිට ඒ කන්දේ වාසයකළ අමලෙක්වරුද කානානිවරුද බැස ඇවිත් ඔවුන්ට පහරදී හොර්මා දක්වා ඔවුන් විසුරුවාදැමූහ.

About ගණන් කථාව Chapter 14

Read ගණන් කථාව Chapter 14 online from the Holy Bible. This chapter is part of the Book of ගණන් කථාව in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: ගණන් කථාව
Chapter: 14
Testament: Old Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading ගණන් කථාව. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading ගණන් කථාව Chapter 14 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is ගණන් කථාව Chapter 14?

ගණන් කථාව Chapter 14 is part of the Book of ගණන් කථාව in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete ගණන් කථාව Chapter 14 online for free with easy chapter navigation.

More Chapters from ගණන්-කථාව

  1. ගණන් කථාව Chapter 26
  2. ගණන් කථාව Chapter 21
  3. ගණන් කථාව Chapter 19
  4. ගණන් කථාව Chapter 10
  5. ගණන් කථාව Chapter 27
  6. ගණන් කථාව Chapter 23
  7. ගණන් කථාව Chapter 16

Explore More from පැරණි ගිවිසුම

  1. යෙසායා Chapter 2
  2. හිතෝපදේශ Chapter 25
  3. ගණන් කථාව Chapter 22
  4. ගීතාවලිය Chapter 114
  5. නික්මයාම Chapter 7
  6. 1 සාමුවෙල් Chapter 29
  7. ලෙවී කථාව Chapter 1

Related Chapters & Readings

  1. ශු. යොහන් Chapter 13
  2. ශු. මතෙව් Chapter 28
  3. ගණන් කථාව Chapter 17
  4. 2 රාජාවලිය Chapter 1
  5. යෙරෙමියා Chapter 32
  6. 2 ලේකම් Chapter 23
  7. සෙකරියා Chapter 5
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *