Read ගණන් කථාව Chapter 11 Online
Read ගණන් කථාව Chapter 11 online from the Holy Bible. This chapter is part of the Book of ගණන් කථාව in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of ගණන් කථාව and the Holy Bible online.
Choose a Chapter
ගණන් කථාව 11
පරිච්ඡේදය 11
1. සෙනඟ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි කොඳුරන්නන් මෙන් දොස්කියමින් සිටියෝය. ස්වාමීන්වහන්සේට එය ඇසුණු කල උන් වහන්සේගේ උදහස ඇවුළුණේය; ස්වාමීන්වහන්සේගේ ගින්න ඔවුන් අතරේ පත්තුවී කඳවුරු සීමාවෙහි දැවෙමින් ගියේය.
2. එවිට සෙනඟ මෝසෙස්ට මොර ගැසුවෝය; මෝසෙස් ස්වාමීන්වහන්සේට යාච්ඤා කෙළේය, ගින්න නිවීගියේය.
3. ස්වාමීන්වහන්සේගේ ගින්න ඔවුන් අතරේ ඇවුළුණු බැවින් ඒ ස්ථානයට තබේරා යන නාමය තබනලද්දේය.
4. තවද ඔවුන් අතරේ සිටිය මිශ්‍ර සමූහයා තෘෂ්ණාවට වැටුණේය. ඉශ්‍රායෙල් පුත්‍රයෝ නැවත හඬා: අපට කන්ට මස්දෙන්නේ කවුද?
5. මිසරයෙහිදී අප නොමිලයේ කෑවාවූ මාලුද පිපිඤ්ඤාද කොමඩුද කුඩා ලූනුද සුදුලූනුද අපට මතක්වෙයි.
6. නුමුත් දැන් අපේ ශරීර වේළී ගොස් තිබේ; කිසිම දෙයක් නැත. මේ මන්නා මිස වෙන කිසි දෙයක් අපේ ඇස් හමුවෙහි නැතැයි කීවෝය.
7. මන්නා වනාහි කොත්තමල්ලි ඇට වාගේය, එහි පැහැය මුතුවල පැහැය මෙන්ය.
8. සෙනඟ එහා මෙහා ගොස් ඒවා රැස්කරගන ඇඹරුම් ගලෙන් අඹරා නොහොත් වනේ ලා කොටා සැළියක උයා කැවිලි සෑදුවෝය. එහි රස අලුත් තෙල් රස හා සමානය.
9. රාත්‍රියෙහි කඳවුර පිට පිනි වැටුණු කල මන්නා ඒ පිට වැටුණේය.
10. සෙනඟ පවුල් වශයෙන් තම තමුන්ගේ කූඩාරම් දොරකඩවල සිට අඬනවා මෝසෙස්ට ඇසුණේය. ස්වාමීන්වහන්සේගේ උදහසද බොහෝසෙයින් ඇවුළුණේය; මෝසෙස් අප්‍රසන්නවිය.
11. මෝසෙස් ස්වාමීන්වහන්සේට කියනුයේ: ඔබ මේ මුළු සෙනඟගේ බර මා පිට තැබීමෙන් ඔබගේ මෙහෙකරුවාට කුමක්නිසා අයහපත කළසේක්ද? ඔබගේ ඇස් හමුවෙහි මට කරුණාව නොපෙන්නුවේ මක්නිසාද?
12. මේ සියලු සෙනඟ කුසේ දැරුවේ මමද? ඇතිකරන පියෙක් කිරි බොන දරුවා උසුලාගෙන යන්නාක්මෙන් ඔවුන්ගේ පියවරුන්ට ඔබ දිවුළ දේශයට ඔවුන් ඔබේ ළයේ උසුලාගෙන යන්නැයි ඔබ මට කියන්ට ඔවුන් ඉපදෙවූවේ මමද?
13. මේ මුළු සෙනඟට කන්ට මස් මට කොයින්ද? මක්නිසාද: අපට මස් කන්ට දෙන්නැයි කියා ඔව්හු අඬමින් මට කියති.
14. තනියම මේ මුළු සෙනඟ දරන්ට මට බැරිය, මක්නිසාද එය මට බර වැඩිය.
15. ඔබ මට මෙසේ කරනසේක්නම්, ඔබගෙන් මට කරුණාව ලැබී තිබේනම්, වහාම මා මරන ලෙස ඔබගෙන් ඉල්ලමි; අහෝ මාගේ කාලකණ්ණිකම මට දකින්ට නුදුන මැනවයි කීවේය.
16. ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: සෙනඟගේ වැඩිමහල්ලන්ව ඔවුන් කෙරේ මුලාදෑනීන්ව සිටින බව ඔබ දන්නාවූ ඉශ්‍රායෙල් වැඩිමහල්ලන්ගෙන් සැත්තෑදෙනෙකු මට රැස් කර ඔවුන් ඔබ සමඟ සිටින පිණිස සම්මුඛවීමේ කූඩාරම ළඟට කැඳවාගන එන්න.
17. මම බැස එහිදී ඔබ සමඟ කථාකරන්නෙමි. ඔබ තනියම සෙනඟගේ බර නූසුලා, ඔවුන් ඔබ සමඟ එය උසුලන පිණිස ඔබ කෙරෙහි තිබෙන ආත්මයෙන් ගෙන මම ඔවුන් කෙරෙහි තබන්නෙමි.
18. ඔබ සෙනඟට කථාකොට: හෙට දවසට පවිත්‍ර වෙන්න, එවිට ඔබ සැම මාංස කන්නහුය. මක්නිසාද ඔබ සැම: අපට මස් කන්ට දෙන්නේ කවුද? මිසරයෙහිදී අපි සැප වින්දෙමුයයි කියමින් ස්වාමීන්වහන්සේගේ කන්වලට ඇසෙන්ට වැලපුණහුය. එබැවින් ස්වාමීන්වහන්සේ ඔබ සැමට මාංස දෙනවා ඇත, ඔබ සැමද කන්නහුය.
19. ඔබ සැම අතරේ සිටින ස්වාමීන්වහන්සේ ප්‍රතික්ෂේපකොට: අපි කුමක් නිසා මිසරයෙන් ආවෙමුදැයි කියමින් උන්වහන්සේ ඉදිරියෙහි වැලපුණු බැවින්,
20. එක දවසක් නොව දෙදවසක් නොව පස් දවසක් නොව දස දවසක් නොව විසි දවසක් නොව මාසයක් මුළුල්ලේම මාංස ඔබ සැමගේ නාස්පුඩුවලින් නික්ම ඔබ සැමට පිළිකුල් වන තුරු ඔබ සැම ඒවා කනවා ඇතැයි සෙනඟට කියන්නැයි කීසේක.
21. මෝසෙස් කියනුයේ: මා වෙත සිටින පයින් යන සෙනඟ සලක්ෂයක; එහෙත් මාසයක් මුළුල්ලෙහි ඔවුන්ට මස් කන්ට දෙන්නෙමියි ඔබ කීසේක.
22. ඔවුන් තෘප්තියට පමුණුවන පිණිස එළු බැටළු රැළවල්ද ගව රැළවල්ද ඔවුන් නිසා මැරිය හැක්කේද? නොහොත් ඔවුන් සෑහීමට පමුණුවන පිණිස මුහුදේ සියලු මත්ස්‍යයන් ඔවුන් උදෙසා රැස්කළ හැක්කේදැයි කීයේය.
23. ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: ස්වාමීන්වහන්සේගේ හස්තය ලුහුඬුව තිබේද? මගේ වචනය ඉෂ්ටවේද නැද්ද කියා දැන් ඔබට පෙනේයයි කීසේක.
24. එවිට මෝසෙස් පිටතට ගොස් ස්වාමීන්වහන්සේගේ වචන සෙනඟට කියා, සෙනඟ අතරෙන් වැඩිමහල්ලන් සැත්තෑදෙනෙකු රැස්කොට ඔවුන් කූඩාරම වටකර සිටෙව්වේය.
25. ස්වාමීන්වහන්සේ වලාකුළ පිරිවරා බැස්සසේක්, ඔහුට කථාකොට: ඔහු කෙරෙහි තිබුණු ආත්මයෙන් ගෙන වැඩිමහල්ලන් සැත්තෑදෙනා කෙරෙහි තැබූසේක. එසේ ආත්මය ඔවුන් කෙරෙහි පිහිටි කල ඔව්හු ප්‍රොපේත වාක්‍ය කීවෝය, නුමුත් පසුව එසේ නොකීවෝය.
26. එහෙත් මනුෂ්‍යයෝ දෙදෙනෙක් කඳවුරෙහි නැවතී සිටියෝය, එක්කෙනෙකුගේ නම එල්දාද්ය. අනික් අයගේ නම මේදාද්ය. ආත්මය ඔවුන් කෙරෙහිද පිහිටියේය; ඔව්හු ලියනලද්දවුන්ට ඇතුළත්ව සිටිය නුමුත් කූඩාරම ළඟට නොගියෝය. ඔව්හුද කඳවුරෙහිදී දිව්‍ය වාක්‍ය කීවෝය.
27. තරුණයෙක් දිවගොස් මෝසෙස්ට කථාකොට: එල්දාද් සහ මේදාද් කඳවුරෙහි සිට දිව්‍ය වාක්‍ය කියතියි කීය.
28. මෝසෙස්ගේ මෙහෙකරුවූ ඔහුගේ තෝරාගත් මනුෂ්‍යයන්ගෙන් කෙනෙක්වූ නූන්ගේ පුත්‍රවූ යෝෂුවා උත්තරදෙමින්: මෝසෙස් ස්වාමිනි, ඔවුන් තහනම්කළ මැනවයි කීය.
29. මෝසෙස්ද: ඔබ මා නිසා ඊර්ෂ්‍යාවෙනවාද? ස්වාමීන්වහන්සේගේ සියලු සෙනඟ ප්‍රොපේතවරුන් වෙන ලෙස ස්වාමීන්වහන්සේ තමන්ගේ ආත්මය ඔවුන් කෙරෙහි තැබුවොත් යෙහෙකැයි කීවේය.
30. පසුව මෝසෙස්ද ඉශ්‍රායෙල් වැඩිමහල්ලෝද කඳවුර ඇතුළට ගියෝය.
31. එවිට ස්වාමීන්වහන්සේ කෙරෙන් සුළඟක් නික්ම ගොස් වටුවන් මුහුදෙන් පමුණුවා කඳවුර ළඟ මෙහායින් දවසක ගමන් පමණද එහායින් දවසක ගමන් පමණද දුරටත් පොළොව මතුපිට දෙරියනක් පමණ උසටත් කඳවුර හාත්පසින් උන් වැටෙන්ට සැලැස්විය.
32. සෙනඟ ඒ දවස මුළුල්ලෙහිත් රෑ මුළුල්ලෙහිත් පසුවදා මුළුල්ලෙහිත් නැගිට සිට වටුවන් එකතුකළෝය. ඉතාම ස්වල්ප වශයෙන් එකතුකළ තැනැත්තේ හෝමෙර දසයක් එකතුකරගත්තේය. ඔව්හු කඳවුර හාත්පස උන් තමුන්ටම අතුරා තබාගත්තෝය.
33. නුමුත් මාංස ඔවුන්ගේ දත් අතරේ තිබෙද්දීම, ඒවා විකන්ට පළමුවෙන්, ස්වාමීන්වහන්සේගේ උදහස සෙනඟට විරුද්ධව ඇවුළුණේය, ස්වාමීන්වහන්සේ ඉතා මහත් වසංගතයකින් සෙනඟට පහරදුන්සේක.
34. තෘෂ්ණාධික සෙනඟ එහි තැන්පත් කරනු ලැබූ බැවින් ඒ ස්ථානයට කිබ්‍රොත්-හත්තාවා යන නම තබන ලද්දේය.
35. සෙනඟ කිබ්‍රොත්-හත්තාවායෙන් නික්ම හශේරොත්ට පිටත්ව ගොස් හශේරොත්හි නැවතී සිටියෝය.
About ගණන් කථාව Chapter 11
Read ගණන් කථාව Chapter 11 online from the Holy Bible. This chapter is part of the Book of ගණන් කථාව in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.
Book Information
Book: ගණන් කථාව
Chapter: 11
Testament: Old Testament
How to Read this Chapter
Use the Previous and Next Chapter buttons to continue reading ගණන් කථාව. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.
More Resources
Continue Reading the Bible
Continue reading ගණන් කථාව Chapter 11 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.
Frequently Asked Questions
What is ගණන් කථාව Chapter 11?
ගණන් කථාව Chapter 11 is part of the Book of ගණන් කථාව in the Holy Bible.
Can I read this chapter online?
Yes. You can read the complete ගණන් කථාව Chapter 11 online for free with easy chapter navigation.
More Chapters from ගණන්-කථාව
- ගණන් කථාව Chapter 26
- ගණන් කථාව Chapter 21
- ගණන් කථාව Chapter 27
- ගණන් කථාව Chapter 23
- ගණන් කථාව Chapter 19
- ගණන් කථාව Chapter 10
- ගණන් කථාව Chapter 1
Explore More from පැරණි ගිවිසුම
- ගීතාවලිය Chapter 69
- යෙසායා Chapter 56
- ගීතාවලිය Chapter 112
- යෙරෙමියා Chapter 19
- උත්පත්ති Chapter 32
- 2 රාජාවලිය Chapter 10
- යෝෂුවා Chapter 15