Read ගණන් කථාව Chapter 35 Online
Read ගණන් කථාව Chapter 35 online from the Holy Bible. This chapter is part of the Book of ගණන් කථාව in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of ගණන් කථාව and the Holy Bible online.
Choose a Chapter
ගණන් කථාව 35
පරිච්ඡේදය 35
1. තවද ස්වාමීන්වහන්සේ යොර්දාන් අසබඩ යෙරිකෝව ළඟ මෝවබ් සමභූමිවලදී මෝසෙස්ට කථාකොට කියනසේක්:
2. ඉශ්‍රායෙල් පුත්‍රයන් විසින් තමුන්ට හිමිවූ උරුමයෙන් ලෙවීවරුන්ගේ වාසය පිණිස නුවරවල් දෙන්ට අණකරන්න; නුවරවලට වටකරින් ඒවාට පිට-බිම් ලෙවීවරුන්ට දෙන්න.
3. නුවරවල් ඔවුන්ගේ වාසය පිණිස වන්නේය; ඒවායේ පිට-බිම් ඔවුන්ගේ සිව්පාවුන්ටත් ඔවුන්ගේ දේපළවලටත් ඔවුන්ගේ සියලු මෘගයන්ටත් වන්නේය.
4. ඔබ සැම විසින් ලෙවීවරුන්ට දෙන නුවරවල පිට-බිම් නුවර පවුර පටන් රියන් දහසක් දුරට වටකරින් තිබේවා.
5. නුවර මැදිකර නුවරට පිටතින් නැගෙනඉර දෙසට රියන් දෙදහසක්ද දකුණු දෙසට රියන් දෙදහසක්ද බස්නාඉර දෙසට රියන් දෙදහසක්ද උතුරු දෙසට රියන් දෙදහසක්ද මනින්න. ඔවුන්ගේ නුවරවල පිට-බිම් එයාකාර වේවා.
6. ඔබ සැම ලෙවීවරුන්ට දිය යුතුවූ නුවරවල් නම් මිනීමරන්නාට පලායාම පිණිස දෙන්නාවූ ආරක්ෂා නුවරවල් හයය. ඒවා ඇර තව නුවරවල් සතළිස් දෙකක් දෙන්න.
7. ඔබ සැම ලෙවීවරුන්ට දිය යුතු සියලු නුවරවල් වනාහි නුවරවල් සතළිස් අටක්ය. ඒවාත් ඒවායේ පිට-බිමුත් දෙන්න.
8. ඔබ සැම ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ උරුමයෙන් නුවරවල් දිය යුතු වන්නේ වැඩියේ ඇති අයගෙන් වැඩියේත් ස්වල්පයක් ඇති අයගෙන් ස්වල්පයකුත්ය. එකිනෙකාට ලැබෙන තමාගේ උරුමය ලෙස තම තමාගේ නුවරවලින් ලෙවීවරුන්ට දිය යුතුයයි කීසේක.
9. ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට කියනසේක්:
10. ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කථාකර ඔවුන්ට මෙසේ කියන්න-ඔබ සැම යොර්දානෙන් එතර කානාන් දේශයට පැමිණි කල,
11. අත්වැරැද්දෙන් යමෙකු මරන තැනැත්තා පලායන පිණිස ඔබ සැමට ආරක්ෂා නුවරවල් වශයෙන් නුවරවල් නියමකරගන්න.
12. මිනීමරන්නා විනිශ්චය පිණිස සභාව ඉදිරිපිට සිටින්ට පළමුවෙන් නොනස්නා පිණිස ඒ නුවරවල් පළිගන්නාගෙන් ඔබ සැමට ආරක්ෂාව පිණිස වන්නේය.
13. ඔබ සැම දෙන නුවරවල් වනාහි ඔබ සැම උදෙසා ආරක්ෂා නුවරවල් හයක් වන්නේය.
14. යොර්දානෙන් මෙගොඩ නුවරවල් තුනක්ද කානාන් දේශයේ නුවරවල් තුනක්ද ආරක්ෂා නුවරවල් කොට දෙන්න.
15. අත් වැරැද්දෙන් යමෙකු මරන තැනැත්තාට පලායාමට ඒ නුවරවල් හය ඉශ්‍රායෙල් පුත්‍රයන්ටත් විදේශියාටත් ඔවුන් අතරේ සිටින ආගන්තුකයාටත් ආරක්ෂාව පිණිස වේවා.
16. එහෙත් යමෙක් මැරෙන ලෙස හෙතෙම යකඩ ආවුදයකින් ඔහුට පහර දුන්නේනම් ඔහු මිනීමරන්නෙක්ය. මිනීමරන්නා සැබවින්ම මරනු ලැබිය යුතුය.
17. යමෙකු මරන්ට පුළුවන් ගලක් අරගෙන මැරෙන ලෙස ඔහුට පහරදුන්නේනම්, හෙතෙම මිනීමරන්නෙක්ය. මිනීමරන්නා සැබවින් මරනු ලැබිය යුතුය.
18. නොහොත් යමෙකු මරන්ට පුළුවන් ලී ආවුදයක් රැගෙන ඔහු මැරෙන ලෙස පහර දුන්නේනම්, හෙතෙම මිනීමරන්නෙක්ය. මිනීමරන්නා සැබවින් මරනු ලැබිය යුතුය.
19. ලේ වල පළිය ගන්න තැනැත්තේම මිනීමරන්නා මරාවා. ඔහු සම්බවූවිට ඔහු මරාවා.
20. වෛරයක් නිසා මැරෙන ලෙස ඇන්නේනම්, නොහොත් රැකසිට ඔහු පිටට යමක් හෙළුවේනම්,
21. නොහොත් මැරෙන ලෙස සතුරුකමක් නිසා තමාගේ අතින් ඔහුට ගැසුවේ නම්, ඔහුට පහරදුන් තැනැත්තේ සැබවින් මරනු ලැබිය යුතුය; හෙතෙම මිනී මරන්නෙක්ය. ලේවල පළිය ගන්න තැනැත්තේ මිනීමරන්නා සම්බවූ විට ඔහු මරාවා.
22. එහෙත් සතුරුකමක් නිසා නොව අහම්බෙන් ඔහුට ඇන්නේනම්, නොහොත් රැක නොසිට ඔහු පිටට යමක් හෙළුවේනම්,
23. නොහොත් ඔහු නොදැක, ඔහු ඒ අයගේ සතුරෙක් නොවී, අන්තරායක් කරන්ට නොසිතා මනුෂ්‍යයෙකු මරන්ට පුළුවන්වූ යම් ගලක් මැරෙන ලෙස ඔහු පිටට වැටීමට ඇරියේනම්,
24. පහරදෙන්නා සහ ලේවල පළිය ගන්නා අතරේ මේ විනිශ්චයවල හැටියට සභාව විසින් විනිශ්චය කළ යුතුය.
25. ඔව්හු ලේවල පළිය ගන්නා අතින් මිනීමරන්නා මුදා ඔහු පලාගිය තමාගේ ආරක්ෂා නුවරට ඔහු නැවත පමුණුවන්නෝය. ශුද්ධ තෙලින් ආලේපලත් උත්තම පූජකයා නසිනතෙක් ඔහු එහි වාසය කෙරේවා.
26. එහෙත් මිනීමරන්නා යම් විටක තමා පලාගිය ආරක්ෂා නුවර සීමාවෙන් පිටතට ආවොත්,
27. ලේවල පළිය ගන්නාට ඔහුගේ ආරක්ෂා නුවර සීමාවෙන් පිටතදී ඔහු සම්බවී ඔහු මරන්නේවී නුමුත්, ඔහු ලේ ගැන වරදකාරයෙක් නොවන්නේය.
28. මක්නිසාද උත්තම පූජකයා නසින තුරු ඔහු ආරක්ෂා නුවර සිටිය යුතු වූයේය. එහෙත් උත්තම පූජකයාගේ මරණින් පසු මිනීමරන්නාට තමාගේ උරුමය තිබෙන රටට හැරී එන්ට පුළුවන.
29. මේවා ඔබ සැමගේ පරම්පරාවලදී ඔබ සැමගේ සියලු වාසස්ථානවල ඔබ සැමට විනිශ්චයේ පනතක් වන්නේය.
30. කා විසින් නුමුත් යමෙකු මැරුවොත් මිනීමරන තැනැත්තේ සාක්ෂිකාරයන්ගේ කීම පරිද්දෙන් මරනු ලැබිය යුතුය. එහෙත් යමෙකු මරන පිණිස එක සාක්ෂිකාරයෙක් පමණක් ඔහුට විරුද්ධව සාක්ෂි නොදිය යුතුය.
31. මරනු ලබන්ට සුදුසු වරදකාරයෙක්ව සිටින මිනීමරන්නාගේ ප්‍රාණය උදෙසා මිදීමේ මුදලක් භාරනොගන්න. මක්නිසාද ඔහු සැබවින් මරනු ලැබිය යුතුය.
32. තමාගේ ආරක්ෂා නුවරට පලාගොස් සිටින තැනැත්තා උත්තම පූජකයා නසින්ට පළමුවෙන් දේශයෙහි වාසයකිරීමට හැරී එන පිණිස ඔහු උදෙසාත් මිදීමේ මුදලක් භාරනොගන්න.
33. එසේ ඔබ සැම වසන දේශය දූෂ්‍ය නොකරන්න. මක්නිසාද ලේ වැගිරීමෙන් දේශය පිළිකුල්වෙයි. තවද ලේ වැගිරෙවු තැනැත්තාගේ ලෙයින් මිස එහි වගුරුවනලද ලෙයේ දෝෂයෙන් දේශය මිදිය නොහැකිය.
34. ඔබ සැම පදිංචිවෙන දේශය තුළ මා වාසයකරන බැවින් ඒක අපවිත්‍ර නොකර සිටින්න. මක්නිසාද ස්වාමීන්වහන්සේ වන මම ඉශ්‍රායෙල් පුත්‍රයන් අතරෙහි වාසයකරමියි කීසේක.
About ගණන් කථාව Chapter 35
Read ගණන් කථාව Chapter 35 online from the Holy Bible. This chapter is part of the Book of ගණන් කථාව in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.
Book Information
Book: ගණන් කථාව
Chapter: 35
Testament: Old Testament
How to Read this Chapter
Use the Previous and Next Chapter buttons to continue reading ගණන් කථාව. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.
More Resources
Continue Reading the Bible
Continue reading ගණන් කථාව Chapter 35 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.
Frequently Asked Questions
What is ගණන් කථාව Chapter 35?
ගණන් කථාව Chapter 35 is part of the Book of ගණන් කථාව in the Holy Bible.
Can I read this chapter online?
Yes. You can read the complete ගණන් කථාව Chapter 35 online for free with easy chapter navigation.
More Chapters from ගණන්-කථාව
- ගණන් කථාව Chapter 26
- ගණන් කථාව Chapter 21
- ගණන් කථාව Chapter 27
- ගණන් කථාව Chapter 23
- ගණන් කථාව Chapter 19
- ගණන් කථාව Chapter 10
- ගණන් කථාව Chapter 1
Explore More from පැරණි ගිවිසුම
- ගීතාවලිය Chapter 76
- 2 සාමුවෙල් Chapter 3
- යෙසායා Chapter 5
- ගීතාවලිය Chapter 24
- යෙරෙමියා Chapter 42
- 2 සාමුවෙල් Chapter 22
- 1 රාජාවලිය Chapter 18