ගණන් කථාව Chapter 23

For English

Read ගණන් කථාව Chapter 23 Online

Read ගණන් කථාව Chapter 23 online from the Holy Bible. This chapter is part of the Book of ගණන් කථාව in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of ගණන් කථාව and the Holy Bible online.

Choose a Chapter

ගණන් කථාව 23

පරිච්ඡේදය 23

1. බාලාම් තෙමේ බාලාක්ට කථාකොට: මෙහි මට පූජාසන සතක් ගොඩනගා ගොන් සත්දෙනෙක්ද බැටළුවන් සත්දෙනෙක්ද පිළියෙළ කරන්නැයි කීවේය. බාලාක් තෙමේ බාලාම් කී ලෙස කෙළේය;

2. බාලාක් සහ බාලාම් එක එක පූජාසනය පිට ගොනෙකු සහ බැටළුවෙකු බැගින් ඔප්පු කළෝය.

3. බාලාම් බාලාක්ට කථාකොට: ඔබ ඔබේ දවන පූජාව ළඟ සිටින්න, මම යන්නෙමි; සමහරවිට ස්වාමීන්වහන්සේ මා සම්මුඛවෙන්ට එනසේක. උන්වහන්සේ මට පෙන්වන කොයි දෙයක් නුමුත් ඔබට දන්වන්නෙමියි කියා මුඩු හෙලකට ගියේය.

4. දෙවියන්වහන්සේ බාලාම්ට සම්මුඛවූසේක. ඔහුද: මම පූජාසන සත පිළියෙළකොට එක එක පූජාසනය පිට ගොනෙකු හා බැටළුවෙකු බැගින් ඔප්පු කෙළෙමියි උන්වහන්සේට කීවේය.

5. ස්වාමීන්වහන්සේ බාලාම්ගේ මුඛයෙහි වචනයක් තබා: බාලාක් වෙතට හැරී ගොස් එසේ කියන්නැයි කීසේක.

6. බාලාම් ඔහු වෙතට හැරී ගියේය, බලව, ඔහුද මෝවබ්හි සියලු අධිපතීහුද ඔහුගේ දවන පූජාව ළඟ සිටියෝය.

7. ඔහු උපමා කථා පවසමින් කියනුයේ: ඇවිත් මා වෙනුවෙන් යාකොබ්ට ශාපකරන්න, ඇවිත් ඉශ්‍රායෙල්ට දෙස් කියන්නැයි කියා මෝවබ්හි රජවූ බාලාක් අරාමෙන්ද පෙරදිග්හි කඳුවලින්ද මා ගෙන්වුවේය.

8. දෙවියන්වහන්සේ ශාපනොකළ අයට මම කෙලෙස ශාපකරම්ද? ස්වාමීන්වහන්සේ දෙස් නොකිවු අයට කෙලෙස දෙස් කියම්ද?

9. මක්නිසාද පර්වත මුදුනේ සිට ඔහු දකිමි, හෙල්වල සිට ඔහු බලමි. බලව, ඔව්හු හුදකලාව වසන සෙනඟකි, ඔව්හු ජාතීන් අතරේ තමුන්ම ගණන්කර නොගන්නෝය.

10. යාකොබ්ගේ ධූලි ගණන් කරන්ටවත් ඉශ්‍රායෙල්ගෙන් සතරෙන් කොටසක් ගණන්කරන්ටවත් කාට හැකිද? මාගේ මරණය ධර්මිෂ්ඨයන්ගේ මරණය මෙන් වේවා. මාගේ අන්තිමය ඔවුන්ගේ අන්තිමය මෙන් වේවායි කීවේය.

11. බාලාක්: ඔබ මට කළේ මොකද? මාගේ සතුරන්ට ශාපකරන්ට ඔබ ගෙන්වා ගත්තෙමි, එහෙත්, ඔබ ඔවුන්ට ආශීර්වාදම කෙළෙහියයි බාලාම්ට කීවේය.

12. ඔහු උත්තරදෙමින්: ස්වාමීන්වහන්සේ මාගේ මුඛයෙහි තබන දේම කියන්ට මා විසින් බලාගත යුතු නොවේදැයි කීවේය.

13. බාලාක් ඔහුට කථාකොට: ඔවුන් දකින්ට පුළුවන් අන් තැනකට මා සමඟ එන්න; ඔබ ඔවුන් සියල්ලන් නොදැක ඔවුන්ගේ ඉතා ඈත කොටස පමණක් දක්නෙහිය. එහි සිට මා උදෙසා ඔවුන්ට ශාප කරන්නැයි කියා,

14. ශොල්ඵිම් කෙතෙහි පිස්ගා මුදුනට ඔහු ගෙනගොස් පූජාසන සතක් ගොඩනගා එක එක පූජාසනය පිට ගොනෙකු හා බැටළුවෙකු බැගින් පූජාකෙළේය.

15. ඔහු බාලාක්ට කථාකොට: මෙහි ඔබේ දවන පූජාව ළඟ සිටින්න, මම අරෙහේ ස්වාමීන්වහන්සේ සම්මුඛවන්නෙමියි කීවේය.

16. ස්වාමීන්වහන්සේ බාලාම්ට සම්මුඛවී ඔහුගේ මුඛයෙහි වචනයක් තබා: ඔබ බාලාක් වෙතට හැරී ගොස් එසේ කියන්නැයි කීසේක.

17. හෙතෙම ඔහු ළඟට ආවේය, බලව, ඔහුද ඔහු සමඟ මෝවබ්හි අධිපතීහුද ඔහුගේ දවන පූජාව ළඟ සිටියෝය. බාලාක්: ස්වාමීන්වහන්සේ කුමක් කීසේක්දැයි ඔහුගෙන් ඇසුවේය.

18. ඔහු උපමා කථා පවසමින් කියනුයේ: බාලාක්, නැගිට අසන්න; ශිප්පෝර්ගේ පුත්‍රය, කන් යොමුකරන්න.

19. බොරු කියන්ට දෙවියන්වහන්සේ මනුෂ්‍යයෙක්වත් තැවෙන්ට මනුෂ්‍ය පුත්‍රයෙක්වත් නොවනසේක. උන්වහන්සේ කී දේ නොකරනසේක්ද? උන්වහන්සේ කථාකළ දේ ඉෂ්ට නොකරනසේක්ද?

20. බලව, ආශීර්වාදකරන්ට අණ ලැබීමි. උන්වහන්සේ ආශීර්වාදකළසේක, මට එය වෙනස්කරන්ට නොහැක්කේය.

21. උන්වහන්සේ යාකොබ් කෙරෙහි අයුතුකමවත් ඉශ්‍රායෙල් කෙරෙහි දූෂ්‍යකමවත් නුදුටුසේක. ඔහුගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔහු සමඟ සිටින සේක, ඔවුන් අතරේ රජෙකුගේ ජය ඝෝෂාව ඇත්තේය.

22. දෙවියන්වහන්සේ ඔවුන් මිසරයෙන් ගෙන එනසේක; ඔහුට කුළුහරකා මෙන් ශක්තිය ඇත්තේය.

23. සැබවින් යාකොබ්ට විරුද්ධව ශාස්ත්‍රකීමක්වත් ඉශ්‍රායෙල්ට විරුද්ධව පේනකීමක්වත් නැත. දැනුදු යාකොබ් සහ ඉශ්‍රායෙල් ගැන: දෙවියන්වහන්සේ කොපමණ දේ ඉෂ්ටකර තිබේද! කියා කියනු ලැබේ.

24. බලව, ඒ සෙනඟ සිංහධේනුවක් මෙන් නැගිටියි, සිංහයෙකු මෙන් තමාම උසස්වෙයි. ඔහු ගොදුරු කන තෙක්ද මැරුම්කන්නන්ගේ ලේ බොන තෙක්ද නොලගින්නේයයි කීවේය.

25. බාලාක් බාලාම්ට කථාකොට: ඔවුන්ට කොහෙත්ම ශාපවත් ආශීර්වාදවත් නොකරන්නැයි කීවේය.

26. එහෙත් බාලාම් බාලාක්ට උත්තරදෙමින්: ස්වාමීන්වහන්සේ මට කියන සියල්ල මා විසින් කළ යුතුයයි ඔබට නොකීයෙම්දැයි කීවේය.

27. බාලාක්ද: එන්න, වෙන තැනකට ඔබ ගෙනයන්නෙමි; එතැන සිට මා උදෙසා ඔවුන්ට ශාප කරනවාට දෙවියන්වහන්සේ සමහරවිට ප්‍රසන්නවනසේකැයි බාලාම්ට කියා,

28. කාන්තාරය ඉදිරිපිට පෙනෙන පෙයෝර් මුදුනට බාලාම් ගෙනගියේය.

29. බාලාම්ද: මෙහි පූජාසන සතක් මට ගොඩනගා ගොන් සත්දෙනෙක් සහ බැටළුවන් සත්දෙනෙක් මෙහි මට පිළියෙළකරන්නැයි බාලාක්ට කීවේය.

30. බාලාක් බාලාම් කී ලෙස කොට එක එක පූජාසනය පිට ගොනෙකු හා බැටළුවෙකු බැගින් පූජාකෙළේය.

About ගණන් කථාව Chapter 23

Read ගණන් කථාව Chapter 23 online from the Holy Bible. This chapter is part of the Book of ගණන් කථාව in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: ගණන් කථාව
Chapter: 23
Testament: Old Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading ගණන් කථාව. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading ගණන් කථාව Chapter 23 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is ගණන් කථාව Chapter 23?

ගණන් කථාව Chapter 23 is part of the Book of ගණන් කථාව in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete ගණන් කථාව Chapter 23 online for free with easy chapter navigation.

More Chapters from ගණන්-කථාව

  1. ගණන් කථාව Chapter 26
  2. ගණන් කථාව Chapter 21
  3. ගණන් කථාව Chapter 27
  4. ගණන් කථාව Chapter 19
  5. ගණන් කථාව Chapter 10
  6. ගණන් කථාව Chapter 1
  7. ගණන් කථාව Chapter 36

Explore More from පැරණි ගිවිසුම

  1. ලෙවී කථාව Chapter 9
  2. විනිශ්චයකාරයන් Chapter 17
  3. 1 ලේකම් Chapter 6
  4. ගීතාවලිය Chapter 71
  5. විලාප ගී Chapter 3
  6. එසකියෙල් Chapter 24
  7. මීකා Chapter 5

Related Chapters & Readings

  1. 2 පේතෘස් Chapter 3
  2. ගණන් කථාව Chapter 1
  3. ද්වීතීය කථාව Chapter 19
  4. පිලිප්පි Chapter 1
  5. ගීතාවලිය Chapter 65
  6. හෙබ්රෙනව් Chapter 5
  7. ශු. ලූක් Chapter 9
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *