ගණන් කථාව Chapter 21

For English

Read ගණන් කථාව Chapter 21 Online

Read ගණන් කථාව Chapter 21 online from the Holy Bible. This chapter is part of the Book of ගණන් කථාව in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of ගණන් කථාව and the Holy Bible online.

Choose a Chapter

ගණන් කථාව 21

පරිච්ඡේදය 21

1. දකුණු දිසාවෙහි වාසයකළ කානානීයවූ අරද්හි රජ අතාරීම් මාර්ගයෙන් ඉශ්‍රායෙල්වරුන් එන බව අසා ඉශ්‍රායෙල්වරුන්ට විරුද්ධව යුද්ධකොට ඔවුන්ගෙන් සමහරෙක් අල්ලාගත්තේය.

2. ඉශ්‍රායෙල්වරුද ස්වාමීන්වහන්සේට භාරයක් වෙමින්: ඉදින් ඔබවහන්සේ මේ සෙනඟ මා අතට පාවාදෙනසේක්නම් මම ඔවුන්ගේ නුවරවල් මුළුමනින්ම විනාශකරන්නෙමියි කීය.

3. ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල්වරුන්ගේ හඬට ඇහුම්කන්දී කානානිවරුන් ඔවුන්ට පාවාදුන්සේක; එවිට ඔව්හු ඔවුන් සහ ඔවුන්ගේ නුවරවල් සහමුලින්ම විනාශකළෝය. ඒ ස්ථානයට හොර්මා යන නම තබනලදී.

4. ඔව්හු ඒදොම් දේශය වටකර යන පිණිස රතු මුහුදට යන පාරෙන් හෝර් කන්දේ සිට ගමන් කළෝය. එවිට ගමන් මාර්ගයේදී සෙනඟගේ සිත බොහෝසේ අධෛර්යය විය.

5. සෙනඟ දෙවියන්වහන්සේටත් මෝසෙස්ටත් විරුද්ධව කථාකොට: මේ කාන්තාරයෙහි මැරෙන්ට ඔබ සැම මිසරයෙන් අප ගෙනාවේ මක්නිසාද? රොටි නැත, වතුරත් නැත; අපේ ප්‍රාණය මේ සැහැල්ලු කෑමට අප්‍රිය කෙරේයයි කීවෝය.

6. ස්වාමීන්වහන්සේ සෙනඟ අතරට ගිනි සර්පයන් යැවූසේක, උන් සෙනඟට දෂ්ටකළෝය; එසේ ඉශ්‍රායෙල්වරුන්ගෙන් බොහෝ දෙනෙක් මළෝය.

7. එබැවින් සෙනඟ මෝසෙස් ළඟට අවුත්: අපි ස්වාමීන්වහන්සේට ත් ඔබටත් විරුද්ධව කථාකිරීමෙන් පව්කෙළෙමුව; ස්වාමීන්වහන්සේ අප වෙතින් සර්පයන් පහකරනලෙස උන්වහන්සේට යාච්ඤාකළමැනවියි කීවෝය. මෝසෙස් සෙනඟ උදෙසා යාච්ඤාකෙළේය.

8. එවිට ස්වාමීන්වහන්සේ: ඔබ ගිනි සර්පයෙකු සාදා ඒක කුඹයක් පිට තබන්න. දෂ්ටකරනු ලැබූ කවරෙක් නුමුත් ඒ දෙස බැලීමෙන් ජීවත්වන්නේයයි මෝසෙස්ට කීසේක.

9. මෝසෙස් පිත්තල සර්පයෙකු සාදා ඒක කුඹයක් පිට තැබීය. තවද යමෙක් සර්පයෙකු විසින් දෂ්ටකරනු ලද්දේනම් ඔහු පිත්තල සර්පයා දෙස බැලූ කල්හි ජීවත්වුණේය.

10. පසුව ඉශ්‍රායෙල් පුත්‍රයෝ ගමන්කොට ඔබොත්හි කූඩාරම් ගසාගත්තෝය.

11. ඔව්හු ඔබොත් සිට පිටත්ව ගොස් මෝවබ් රට ඉදිරිපිට නැගෙනහිරට තිබෙන කාන්තාරයේ ඉයේ-අබාරීම්හි කූඩාරම් ගසාගත්තෝය.

12. එතැනින් ඔව්හු පිටත්ව ගොස් සෙරෙද් මිටියාවතේ කූඩාරම් ගසාගත්තෝය.

13. එතැනින් ඔව්හු පිටත්ව ගොස් අමෝරිවරුන්ගේ සීමාවෙන් ගලායන්නාවූ, කාන්තාරයෙහි තිබෙන අර්ණොන් ගඟ එගොඩ කූඩාරම් ගසාගත්තෝය. අර්ණොන් වනාහි මෝවබ්වරුන් හා අමෝරිවරුන් අතරේ තිබෙන මෝවබ් රටේ සීමාවය.

14. එබැවින් ස්වාමීන්වහන්සේගේ යුද්ධ පොතෙහි: සූඵායේ වහෙබ්ද අර්ණොන් මිටියාවත්ද

15. ආර් නිවසෙ දෙසට හැරීයන්නාවූ, මෝවබ් සීමාවට යාවූ, මිටියාවත්වල බෑවුමයයි කියා තිබේ.

16. එතැනින් ඔව්හු බෙයේර්ට ගමන්කළෝය. ඒ වනාහි: මා සෙනඟට වතුර දෙන පිණිස ඔවුන් රැස්කරන්නැයි ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කී ස්ථානයෙහි තිබෙන ළිඳය.

17. එවිට ඉශ්‍රායෙල්වරු මේ ගීතිකාව කියමින්: එම්බා ළිඳ, වතුර නගව; ඊට ගී කියව්.

18. අධිපතීන් ජයකොන්තයෙන් හා තමුන් සැරයටිවලින් කැණුවාවූ, සෙනඟගේ උත්තමයන් හෑරුවාවූ ළිඳ මේයයි ගීතිකාකළෝය. ඔව්හු කාන්තාරයෙන් මත්තානායටද,

19. මත්තානායෙන් නහලීයෙලටද නහලීයෙලෙන් බාමොත්ටද,

20. බාමොතෙන් මෝවබ් රටේ තිබෙන මිටියාවත සහ කාන්තාරය ඉදිරිපිට තිබෙන පිස්ගා මුදුන දෙසටද ගමන් කළෝය.

21. ඉශ්‍රායෙල්වරු අමෝරිවරුන්ගේ රජවූ සීහොන් වෙතට පණිවිඩකාරයන් යවමින්:

22. ඔබේ දේශය මැදින් යන්ට මට අවසර ලැබේවා. අපි කෙත්වලටවත් මිදිවතුවලටවත් නොහැරෙන්නෙමුව. ළින්වලින් වතුර නොබොන්නෙමුව. ඔබේ සීමාව පසුකරන තෙක් රජ මාවත යන්නෙමුයයි කියන්ට කීවෝය.

23. එහෙත් සීහොන් තමාගේ සීමාව මැදින් යන්ට ඉශ්‍රායෙල්වරුන්ට ඉඩනොදී, තමාගේ සියලු සෙනඟ රැස්කොට, ඉශ්‍රායෙල්වරුන්ට විරුද්ධව කාන්තාරයට අවුත් යහශ්ට පැමිණ, ඉශ්‍රායෙල්වරුන්ට විරුද්ධව යුද්ධ කෙළේය.

24. එවිට ඉශ්‍රායෙල්වරු ඔහුට කඩුමුවහතින් පහරදී අර්ණොන් පටන් යබ්බොක්ට පැමිණෙනතුරු අම්මොන් පුත්‍රයන්ගේ සීමාව දක්වා ඔහුගේ දේශය හිමිකරගත්තෝය. මක්නිසාද අම්මොන් පුත්‍රයන්ගේ සීමාව බලවත්ව තිබුණේය.

25. ඉශ්‍රායෙල්වරු ඒ සියලු නුවරවල් අල්ලාගෙන අමෝරිවරුන්ගේ සියලු නුවරවල් වන හෙෂ්බොන්හිද ඊට අයිති සියලු නියම්ගම්වලද වාසයකළෝය.

26. හෙෂ්බොන් නම් අමෝරිවරුන්ගේ රජවූ සීහොන්ගේ නුවරය, ඔහු මෝවබ්හි ප්‍රථම රජුට විරුද්ධව යුද්ධකොට අර්ණොන් දක්වා ඔහුගේ මුළු දේශය ඔහුගේ අතින් ගත්තේය.

27. එබැවින් කිවිහු කියන්නෝ: හෙෂ්බොන්ට එව්, සීහොන් නුවර ගොඩනගනුලැබ සවිවේවා.

28. මක්නිසාද හෙෂ්බොන් සිට ගින්නක්ද සීහොන් නුවරින් ගිනිදැලක්ද නික්මගියේය. එය මෝවබ්හි ආර්ද අර්ණොන් උස්තැන්වල ස්වාමිවරුන්ද දවා දැමීය.

29. මෝවබ් තට දුක් විය! අහෝ කෙමොෂ් වැසියෙනි, තොපි නාස්ති වූහුය. ඔහු තමාගේ පුත්‍රයන් පලායාමටත් තමාගේ දූවරුන් අමෝරිවරුන්ගේ රජවූ සීහොන්ට වාලටත් දුන්නේය.

30. අපි ඔවුන්ට විද්දෙමුව; හෙෂ්බොන් දීබොන් දක්වාම නාස්තිවිය, නොඵා දක්වා පාළු කෙළෙමුව, මෙදීබා දක්වා ගිනි ඇවුළුණේයයි කියති.

31. මෙසේ ඉශ්‍රායෙල්වරු අමෝරිවරුන්ගේ දේශයෙහි වාසයකළෝය.

32. මෝසෙස් යාසේර් රට සෝදිසිකරන පිණිස හැරියේය, ඔව්හු එහි නියම්ගම් අල්ලාගෙන එහි සිටි අමෝරිවරුන් පන්නාදැමූහ.

33. තවද ඔව්හු හැරී බාෂාන්ට යන මාර්ගයෙන් ගියෝය. එවිට බාෂාන්හි රජවූ ඕග්ද ඔහුගේ මුළු සෙනඟද ඔවුන්ට විරුද්ධව යුද්ධ කරන්ට එද්රෙයිට ආවෝය.

34. ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: ඔහුට භය නොවන්න. මක්නිසාද ඔහු හා ඔහුගේ සියලු සෙනඟද ඔහුගේ දේශයද ඔබ අතට පාවාදුනිමි; හෙෂ්බොන්හි සිටි අමෝරිවරුන්ගේ රජවූ සීහොන්ට කළාක්මෙන් ඔබ ඔහුටත් කරන්නෙහියයි කීසේක.

35. එසේ ඔව්හු ඔහුගෙන් කිසිවෙක් ගැළවී ඉතුරු නොවන තුරු ඔහුට හා ඔහුගේ පුත්‍රයන්ටද ඔහුගේ සියලු සෙනඟටද පහරදී ඔහුගේ දේශය හිමිකර ගත්තෝය.

About ගණන් කථාව Chapter 21

Read ගණන් කථාව Chapter 21 online from the Holy Bible. This chapter is part of the Book of ගණන් කථාව in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: ගණන් කථාව
Chapter: 21
Testament: Old Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading ගණන් කථාව. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading ගණන් කථාව Chapter 21 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is ගණන් කථාව Chapter 21?

ගණන් කථාව Chapter 21 is part of the Book of ගණන් කථාව in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete ගණන් කථාව Chapter 21 online for free with easy chapter navigation.

More Chapters from ගණන්-කථාව

  1. ගණන් කථාව Chapter 26
  2. ගණන් කථාව Chapter 10
  3. ගණන් කථාව Chapter 27
  4. ගණන් කථාව Chapter 23
  5. ගණන් කථාව Chapter 19
  6. ගණන් කථාව Chapter 16
  7. ගණන් කථාව Chapter 33

Explore More from පැරණි ගිවිසුම

  1. හිතෝපදේශ Chapter 19
  2. හිතෝපදේශ Chapter 4
  3. රූත්ගේ කථාව Chapter 3
  4. ලෙවී කථාව Chapter 7
  5. 1 රාජාවලිය Chapter 18
  6. යෙරෙමියා Chapter 35
  7. නික්මයාම Chapter 28

Related Chapters & Readings

  1. ක්රිරයා Chapter 10
  2. ගීතාවලිය Chapter 114
  3. හිතෝපදේශ Chapter 5
  4. ගීතාවලිය Chapter 88
  5. ගීතාවලිය Chapter 98
  6. ගලාති Chapter 4
  7. නික්මයාම Chapter 8
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *