Read ද්වීතීය කථාව Chapter 22 Online
Read ද්වීතීය කථාව Chapter 22 online from the Holy Bible. This chapter is part of the Book of ද්වීතීය කථාව in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of ද්වීතීය කථාව and the Holy Bible online.
Choose a Chapter
ද්වීතීය කථාව 22
පරිච්ඡේදය 22
1. ඔබේ සහෝදරයාගේ ගොනා හෝ ඔහුගේ බැටළුවා හෝ මුළාව යනවා ඔබ දුටු විට උන්ගෙන් මගනෑර උන් නැවත ඔබේ සහෝදරයා ළඟට ඔබ විසින් ගෙනයා යුතුමය.
2. ඔබේ සහෝදරයා ඔබට ළංව නැත්නම්, නොහොත් ඔබ ඔහු නාඳුනනවානම්, ඌ ඔබේ ගෙදරට ගෙනයන්න. ඔබේ සහෝදරයා ඌ සොයා එන තුරු ඌ ඔබ ළඟ සිටීවා, ඌ නැවත ඔහුට භාර දෙන්න.
3. ඔහුගේ කොටළුවා ගැනත් එසේම කරන්න; ඔහුගේ වස්ත්‍රය ගැනත් එසේම කරන්න; ඔබේ සහෝදරයාගෙන් නැතිවුණාවූ ඔබට සම්බවුණාවූ කොයි දෙයක් ගැනත් එසේම කරන්න. ඔබ එයින් මගනෑරිය යුතුය.
4. ඔබේ සහෝදරයාගේ කොටළුවා හෝ ගොනා මග වැටී ඉන්නවා දුටු විට ඌ කෙරෙන් මග නෑර, නැවත උන් නැගුටුවන පිණිස ඔහුට ඔබ විසින් උදව්විය යුතුමය.
5. ස්ත්‍රියෙකු විසින් පුරුෂයෙකුගේ ඇඳුමක්වත් පුරුෂයෙකු විසින් ස්ත්‍රියෙකුගේ වස්ත්‍රයක්වත් නොහැඳිය යුතුය. මක්නිසාද මෙසේ කරන කවරෙක් නුමුත් ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේට පිළිකුලක්ය.
6. පැටවුන් හෝ බිත්තර ඇති පක්ෂි කූඩුවක් ගසකවත් බිමවත් තිබී ඔබට මගදී සම්බවුණොත්, මව පැටවුන් පිට නොහොත් බිත්තර පිට සිටින්නීනම්, පැටවුන් සමඟ මව අල්වා නොගන්න.
7. ඔබට ශුභ සිද්ධවන පිණිසද ඔබේ දවස් වැඩිවන පිණිසද කෙසේ නුමුත් මවට යන්ට හැර පැටවුන් පමණක් ගන්න.
8. ඔබ අලුත් ගෙයක් ගොඩනගන විට යමෙක් පියස්සෙන් වැටීමෙන් ලේවල දෝෂය ඔබේ ගේ පිටට ඔබ විසින් පමුණුවානොගන්න පිණිස පියස්ස වටේ පවුරක් සාදන්න.
9. ඔබේ මිදි වත්තේ දෙවර්ගයක බීජ නොවපුරන්න. වැපුරුවොත් එහි පලදාව වන ඔබ වපුරන බීජ සහ මිදි වත්තේ අස්වැන්නද ශුද්ධස්ථානයට අයිතිවන්නේය.
10. ගොනෙකු සහ කොටළුවෙකු එකට බැඳ නොහාන්න.
11. ලෝම සහ පුළුන් ආදී දෙවර්ගයක ද්‍රව්‍ය මිශ්‍රවූ වස්ත්‍රයක් ඇඳනොගන්න.
12. ඔබේ පොරවන සළුවේ සතර කොනේ දාවලු සාදාගන්න.
13. මනුෂ්‍යයෙක් භාර්යාවක් පාවාගෙන ඈ කරා එළඹ ඈට වෛරවී කථාකොට:
14. මම මේ ස්ත්‍රිය පාවාගතිමි; ඈ කරා එළඹුණු කල්හි කන්‍යාභාවයෙහි ලකුණු ඈ කෙරෙහි සම්බනොවීයයි නින්දිත වැරදි ඈ කෙරෙහි තබා ඈට විරුද්ධව නරක නාමයක් පතළකළොත්,
15. ඒ යෞවනීගේ පියා සහ මව යෞවනීගේ කන්‍යාකමේ ලකුණ දොරටුවෙහි සිටින නුවර වැඩිමහල්ලන් වෙත ගෙන යෙත්වා.
16. එවිට යෞවනීගේ පියා කථාකොට: මම මාගේ දුව මේ මනුෂ්‍යයාට භාර්යාවකොට පාවාදුනිමි, නුමුත් ඔහු ඈට වෛරවී-
17. ඔබේ දුවගේ කන්‍යාකමේ ලකුණු නුදුටිමියි කියමින් නින්දිත වැරදි තබයි; එහෙත් මාගේ දුවගේ කන්‍යාකමේ ලකුණු මේයයි වැඩිමහල්ලන්ට කියාවා. එවිට ඔව්හු නුවර වැඩිමහල්ලන් ඉදිරියෙහි වස්ත්‍රය දිගඅරිත්වා.
18. ඒ නුවර වැඩිමහල්ලෝද ඒ මනුෂ්‍යයා අල්ලා ඔහුට දඬුවම්කර,
19. ඔහු ඉශ්‍රායෙල් කන්‍යාවකට විරුද්ධව නරක නාමයක් පතළකළ බැවින් රිදී ෂෙකෙල් සියයක් ඔහුට දඩගසා ඒවා යෞවනියගේ පියාට දෙත්වා, ඈ ඔහුගේ භාර්යාව වන්නීය; ඔහු තමාගේ සියලු දවස්හිම ඈ අත්නොහැර සිටිය යුතුය.
20. එහෙත් ඒ කාරණය වන යෞවනියගේ කන්‍යාකමේ ලකුණු සම්බනූණ බව සැබෑනම්,
21. ඔව්හු ඈ ඇගේ පියාගේ දොරකඩ ළඟ පිටතට ගෙනවුත්, ඈ තම පියාගේ ගෙදරදී වේශ්‍යාකම් කොට ඉශ්‍රායෙල් අතරේ නින්දිතකම් කළ බැවින්, ඈ මැරෙන පිණිස නුවර මනුෂ්‍යයෝ ඈට ගල්ගසත්වා. මෙසේ ඔබ සැම අතරෙන් දුෂ්ටකම පහකරන්න.
22. පුරුෂයෙකුට සරණපාවාදී සිටින ස්ත්‍රියෙක් සමඟ මනුෂ්‍යයෙක් සයනය කරනවා සම්බවුණොත් ස්ත්‍රිය සමඟ සයනයකළ මනුෂ්‍යයාත් ස්ත්‍රීත් දෙදෙනාම මරනු ලබන්නෝය. මෙසේ ඔබ ඉශ්‍රායෙල් කෙරෙන් දුෂ්ටකම පහකරන්න.
23. පුරුෂයෙකුට විවාහබස්දී සිටින කන්‍යා යෞවනියක් යම් මනුෂ්‍යයෙකුට නුවරදී සම්බවී ඔහු ඈ සමඟ සයනයකළොත්,
24. ඒ යෞවනී නුවර සිටලාත් මොර නොගැසූ බැවින්ද ඒ මනුෂ්‍යයා තමාගේ අසල්වාසියාගේ භාර්යාවට අවමාන්න කළ බැවින්ද ඔවුන් දෙන්නාම ඒ නුවර දොරටුව ළඟට ගෙනගොස් ඔවුන් මැරෙන පිණිස ඔවුන්ට ගල්ගසන්න. මෙසේ ඔබ සැම අතරෙන් දුෂ්ටකම පහකරන්න.
25. එහෙත් විවාහබස්දී සිටින යෞවනිය ඒ මනුෂ්‍යයාට කෙතේදී සම්බවී ඔහු ඈට බලාත්කාරකොට ඈ සමඟ සයනයකරන්නේ නම්, ඈ සමඟ සයනයකළ මනුෂ්‍යයා පමණක් මරනු ලබන්නේය.
26. නුමුත් යෞවනියට කිසිවක් නොකරන්න; මරනු ලැබීමට සුදුසු පාපයක් යෞවනී කළේ නැත. මේ කාරණය වනාහි මනුෂ්‍යයෙක් තමාගේ අසල්වාසියාට විරුද්ධව නැගිට ඔහු මරා දැමීම හා සමානය.
27. මක්නිසාද ඈ කෙතේදී ඔහුට සම්බවිය: විවාහ බස් දී සිටි ඒ යෞවනිය මොරගැසූ නුමුත් ඈ ගළවන්ට කිසිවෙක් නොසිටියේය.
28. විවාහ බස් නොදී සිටින කන්‍යා යෞවනියක් මනුෂ්‍යයෙකුට සම්බවී ඔහු ඈ අල්ලා ඈ සමඟ සයනයකරනවා සම්බවුණොත්,
29. ඈ සමඟ සයනයකළ මනුෂ්‍යයා යෞවනියගේ පියාට රිදී ෂෙකෙල් පනසක් දෙන්ට ඕනෑය, ඔහු ඈට අවමාන්නකළ බැවින් ඈ ඔහුගේ භාර්යාව වන්නීය: ඔහු තමාගේ සියලු දවස්හිම ඈ අත්නොහැර සිටින්ට ඕනෑය.
30. මනුෂ්‍යයෙක් තම පියාගේ භාර්යාව පාවා නොගත යුතුය, තම පියාගේ යහන් වස්ත්‍රයද ඉවත් නොකළ යුතුය.
About ද්වීතීය කථාව Chapter 22
Read ද්වීතීය කථාව Chapter 22 online from the Holy Bible. This chapter is part of the Book of ද්වීතීය කථාව in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.
Book Information
Book: ද්වීතීය කථාව
Chapter: 22
Testament: Old Testament
How to Read this Chapter
Use the Previous and Next Chapter buttons to continue reading ද්වීතීය කථාව. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.
More Resources
Continue Reading the Bible
Continue reading ද්වීතීය කථාව Chapter 22 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.
Frequently Asked Questions
What is ද්වීතීය කථාව Chapter 22?
ද්වීතීය කථාව Chapter 22 is part of the Book of ද්වීතීය කථාව in the Holy Bible.
Can I read this chapter online?
Yes. You can read the complete ද්වීතීය කථාව Chapter 22 online for free with easy chapter navigation.
More Chapters from ද්වීතීය කථාව
- ද්වීතීය කථාව Chapter 15
- ද්වීතීය කථාව Chapter 6
- ද්වීතීය කථාව Chapter 16
- ද්වීතීය කථාව Chapter 7
- ද්වීතීය කථාව Chapter 5
- ද්වීතීය කථාව Chapter 32
- ද්වීතීය කථාව Chapter 29
Explore More from පැරණි ගිවිසුම
- 2 ලේකම් Chapter 10
- නික්මයාම Chapter 2
- නික්මයාම Chapter 37
- 1 ලේකම් Chapter 28
- යෙරෙමියා Chapter 14
- එසකියෙල් Chapter 33
- එසකියෙල් Chapter 20