යෙරෙමියා Chapter 33

For English

Read යෙරෙමියා Chapter 33 Online

Read යෙරෙමියා Chapter 33 online from the Holy Bible. This chapter is part of the Book of යෙරෙමියා in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of යෙරෙමියා and the Holy Bible online.

Choose a Chapter

යෙරෙමියා 33

පරිච්ඡේදය 33

1. තවද යෙරෙමියා හිරගෙදර මළුවේ හිරඅඩස්සියේ සිටිද්දී ස්වාමීන්වහන්සේගේ වචනය දෙවෙනි වර ඔහු වෙතට පැමිණ මෙසේ කීය.

2. ඒක කරන ස්වාමීන්වහන්සේද ඒක පිහිටුවීමට ඒක යොදන ස්වාමීන්වහන්සේද වූ, යෙහෝවඃ යන නාමය ඇත්තාවූ තැනන්වහන්සේ මෙසේ කියනසේක:

3. මට යාච්ඤාකරන්න, එවිට මම නුඹට උත්තරදී, නුඹ නොදන්න මහත්වූ අමාරු දේ නුඹට පෙන්වන්නෙමි.

4. ගොඩැලි නිසාත් කඩුව නිසාත් බිඳිනු ලබන මේ නුවර ගෙවල් ගැනද යූදාහි රජවරුන්ගේ ගෙවල් ගැනද ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක:

5. කල්දිවරුන්ට විරුද්ධව යුද්ධකරන්ට ඔව්හු එති, නුමුත් ඒ වනාහි මාගේ උදහසින්ද කෝපයෙන්ද මා විසින් මැරුවාවූ, තමුන්ගේ සියලු නපුරුකම් නිසා මේ නුවරින් මාගේ මුහුණ සඟවාගන්ට මට සැලැස්සුවාවූ මනුෂ්‍යයන්ගේ මළකඳන්වලින් ඒවා පිරවීමටය.

6. බලව, මම ඊට සනීපයත් සුවයත් උපදවා, ඔවුන්ට සුවකොට, බොහෝ සමාදානය සහ සැබෑකම ඔවුන්ට ප්‍රකාශ කරන්නෙමි.

7. යූදාවරුන්ගේ වාල්කමත් ඉශ්‍රායෙල්වරුන්ගේ වාල්කමත් මම පහකොට මුලදී මෙන් ඔවුන් ගොඩනගන්නෙමි.

8. ඔවුන් මට විරුද්ධව කළාවූ ඔවුන්ගේ සියලු අයුතුකමෙන් ඔවුන් පිරිසිදුකරන්නෙමි; මට විරුද්ධව පව්කිරීමෙන්ද මට විරුද්ධව ද්‍රෝහිකම්කිරීමෙන්ද කළාවූ ඔවුන්ගේ සියලුම අයුතුකම් ඔවුන්ට කමාකරන්නෙමි.

9. මා විසින් ඔවුන්ට කරන මුළු යහපත ගැන අසන්නාවූ පොළොවේ සියලු ජාතීන් අතරේ මේ නුවර මට ප්‍රීතිමත් නමක්ද ප්‍රශංසාවක්ද ගෞරවයක්ද වන්නේය, මා විසින් ඊට කරදෙන මුළු යහපත නිසාත් සමාදානය නිසාත් ඔව්හු භයව වෙවුලන්නෝය.

10. ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මනුෂ්‍යයෙක්වත් මෘගයෙක්වත් නැතුව ඒක පාළුව තිබේයයි නුඹලා කියන මේ ස්ථානය වන මනු‍ෂ්‍යයෙක්වත් වැසියෙක්වත් මෘගයෙක්වත් නැතුව නාස්තිවී තිබෙන යූදාහි නුවරවලත් යෙරුසලමේ වීථිවලත්,

11. නැවත ප්‍රීති හඬද සන්තෝෂ හඬද මනමාලයාගේ හඬද මනමාලීගේ හඬද: සේනාවල ස්වාමීන්වහන්සේට ස්තුතිකරන්න, මක්නිසාද ස්වාමීන්වහන්සේ යහපත්සේක, උන්වහන්සේගේ කරුණාව සදාකාලේටම පවත්නේයයි කියන්නන්ගෙත් ස්වාමීන්වහන්සේගේ ගෘහයට ස්තුති පූජා ගෙනෙන්නන්ගෙත් හඬද ඇසෙනවා ඇත. මක්නිසාද මම මුලදී මෙන් දේශයේ වාල්කම පහකරන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක

12. සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මනුෂ්‍යයෙක්වත් මෘගයෙක්වත් නැතුව පාළුව තිබෙන මේ ස්ථානයෙහිද එහි සියලු නුවරවලද තමුන්ගේ රැළ ලග්ගවන එඬේරුන්ගේ වාසයක් නැවත වන්නේය.

13. කඳු රටේ නුවරවලද පාත රටේ නුවරවලද දකුණු දිශාවේ නුවරවලද බෙන්යමින් දේශයෙහිද යෙරුසලම අසල ස්ථානවලද යූදාහි නුවරවලද බැටළුවන් ගණන්කරන්නාගේ අත් යටින් රැළවල් නැවත යනවා ඇතැයි ස්වාමීන්වහන්සේ කියනසේක.

14. බලව, ඉශ්‍රායෙල් වංශය ගැනත් යූදා වංශය ගැනත් මා කියා තිබෙන ඒ යහපත් වචනය මා විසින් ඉෂ්ටකරන දවස් පැමිණෙන්නේයයි ස්වාමීන්වහන්සේ කියනසේක.

15. ඒ දවස්වලදීත් ඒ කාලයටත් මම දාවිත්ට ධර්මිෂ්ඨකමේ පැලෑටියක් ලියලවන්නෙමි; උන්වහන්සේ ධර්මිෂ්ඨකමත් යුක්තියත් දේශයෙහි ඉෂ්ටකරනවා ඇත.

16. ඒ දවස්වලදී යූදා ගළවනු ලබන්නේය, යෙරුසලමේ වැසියෝද සුවසේ වාසයකරන්නෝය. ඈට කියනු ලබන්නාවූ නාමය මේය: ස්වාමීන්වහන්සේ අපේ ධර්මිෂ්ඨකමය.

17. මක්නිසාද ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: ඉශ්‍රායෙල් වංශයේ සිංහාසනයෙහි හිදීමට දාවිත්ගෙන් කෙනෙක් කවදාවත් නැතුව නොයන්නේය;

18. එසේම දවන පූජා ඔප්පුකිරීමටත් ආහාර පූජාව දැවීමටත් යාග පූජා නිතරම ඔප්පුකිරීමටත් ලෙවීවරුන් වන පූජකයන්ගෙන් මා ඉදිරියෙහි කෙනෙක් නැතුව නොයන්නේයයි කීසේක.

19. තවද ස්වාමීන්වහන්සේගේ වචනය යෙරෙමියා වෙතට පැමිණ: ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක-

20. දවාලත් රාත්‍රියත් ඒවායේ නියම වේලාවලදී නොපැමිණෙන හැටියට දවාල ගැන තිබෙන මාගේ ගිවිසුමත් රාත්‍රිය ගැන තිබෙන මාගේ ගිවිසුමත් නුඹලාට අවලංගු කරන්ට පුළුවන් නම්,

21. මාගේ මෙහෙකරුවූ දාවිත්ගේ සිංහාසනයෙහි රජකම්කිරීමට ඔහුට පුත්‍රයෙකු නැතුව යන හැටියට, ඔහු සමඟද මාගේ සේවකයන්වූ පූජකයන් වන ලෙවීවරුන් සමඟද ඇති මාගේ ගිවිසුමත් අවලංගුවන්නේය.

22. අහස් සේනාව ගණන්කරන්ටවත් මුහුදු වැලි මනින්ටවත් බැරුවාක්මෙන් මාගේ මෙහෙකරුවාවූ දාවිත්ගේ වංශයද මට සේවයකරන ලෙවීවරුන්ද වැඩිකරන්නෙමියි කීය.

23. තවත් ස්වාමීන්වහන්සේගේ වචනය යෙරෙමියා වෙතට පැමිණ මෙසේ කීය:

24. ස්වාමීන්වහන්සේ තෝරාගත් වංශ දෙක උන්වහන්සේ එපාකළසේක කියා මේ සෙනඟ කී දේ නුඹ කල්පනාකරන්නේ නැද්ද? මෙසේ ඔව්හු මාගේ සෙනඟ සුළුකොට මොව්හු මින්මතු ජාතියක්ව නොසිටින්නෝයයි කියති.

25. ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක-දවාලද රාත්‍රියද ගැන තිබෙන මාගේ ගිවිසුම නොපවතින්නේ නම්, අහසෙත් පොළොවෙත් නියෝග මා විසින් පැනෙවුවේ නැත්නම්,

26. මම යාකොබ්ගේද මාගේ මෙහෙකරුවාවූ දාවිත්ගේද වංශයත් එපාකොට, ඔහුගේ වංශයෙන් කෙනෙක් ආබ්‍රහම්ගේද ඊසාක්ගේද යාකොබ්ගේද වංශය කෙරෙහි ආණ්ඩුකිරීමට නොගෙන සිටින්නෙමි. මක්නිසාද මම ඔවුන්ගේ වාල්කම පහකොට ඔවුන්ට අනුකම්පාකරන්නෙමි.

About යෙරෙමියා Chapter 33

Read යෙරෙමියා Chapter 33 online from the Holy Bible. This chapter is part of the Book of යෙරෙමියා in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: යෙරෙමියා
Chapter: 33
Testament: Old Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading යෙරෙමියා. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading යෙරෙමියා Chapter 33 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is යෙරෙමියා Chapter 33?

යෙරෙමියා Chapter 33 is part of the Book of යෙරෙමියා in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete යෙරෙමියා Chapter 33 online for free with easy chapter navigation.

More Chapters from පැරණි ගිවිසුම

  1. නික්මයාම Chapter 1
  2. නික්මයාම Chapter 12
  3. නික්මයාම Chapter 6
  4. නික්මයාම Chapter 30
  5. නික්මයාම Chapter 26
  6. නික්මයාම Chapter 21
  7. නික්මයාම Chapter 10

Explore More from යෙරෙමියා

  1. යෙරෙමියා Chapter 37
  2. යෙරෙමියා Chapter 18
  3. යෙරෙමියා Chapter 48
  4. යෙරෙමියා Chapter 30
  5. යෙරෙමියා Chapter 3
  6. යෙරෙමියා Chapter 36
  7. යෙරෙමියා Chapter 39

Related Chapters & Readings

  1. යෙසායා Chapter 30
  2. ගීතාවලිය Chapter 21
  3. ගීතාවලිය Chapter 73
  4. යෙරෙමියා Chapter 1
  5. විනිශ්චයකාරයන් Chapter 1
  6. එළිදරව් Chapter 17
  7. 1 ලේකම් Chapter 19
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *