Read ගීතාවලිය Chapter 74 Online
Read ගීතාවලිය Chapter 74 online from the Holy Bible. This chapter is part of the Book of ගීතාවලිය in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of ගීතාවලිය and the Holy Bible online.
Choose a Chapter
ගීතාවලිය 74
පරිච්ඡේදය 74
1. දෙවියන්වහන්ස, ඔබ සදාකාලයටම අප පහකළේ කුමටද? ඔබගේ ගොදුරු බිමේ බැටළුවන්ට විරුද්ධව ඔබගේ උදහසේ දුම නගින්නේ මක්නිසාද?
2. ඔබ පුරාණ කාලයේදී මිලේට ගත්තාවූ, ඔබගේ උරුම-ගෝත්‍රය වන පිණිස මුදාගත්තාවූ ඔබගේ සභාවද ඔබ විසූ සියොන් කන්දද සිහිකළ මැනව.
3. ශුද්ධස්ථානයෙහි සතුරා විසින් කර තිබෙන මුළු හානිය වන නිරන්තර විනාශයන් කරා ඔබගේ පාද නගා අවමැනව.
4. ඔබගේ එදිරිකාරයෝ ඔබගේ සභා මධ්‍යයෙහි ගර්ජනාකළෝය; ලකුණු පිණිස තමුන්ගේ කොඩි එසෙවුවෝය.
5. ඔව්හු මූකළානේදී පොරෝ ඔසවන්නන් මෙන් පෙනුණෝය.
6. දැන් ඔව්හු පොරොවෙන් හා මිටිවලින් එහි කැටයම් වැඩ සහමුලින්ම කඩා දමති.
7. ඔව්හු ඔබගේ ශුද්ධස්ථානය ගිනිලෑවෝය; ඔබගේ නාමයේ නිවාසය බිම හෙළා දූෂණයකළෝය.
8. සහමුලින්ම ඔවුන් විනාශ කරන්නෙමුයයි ඔව්හු සිතින් කීවෝය. දේශයෙහි දෙවියන්වහන්සේගේ සිනගෝග සියල්ල පුලුස්සාදැමූය.
9. අපේ ලකුණු අපට නොපෙනෙයි. අනාගතවක්තෘ කෙනෙක් තවත් නැත්තේය; කොතෙක් කල්දැයි දන්නාවූ කිසිවෙකුත් අප අතරෙහි නැත.
10. දෙවියන්වහන්ස, එදිරිකාරයා නින්දා කරන්නේ කොපමණ කල්ද? සතුරා ඔබගේ නාමයට සදාකල් අපහාසකරන්නේද?
11. ඔබගේ අත, එසේය ඔබගේ දකුණත, කුමක් නිසා නවතනසේක්ද? එය ඔබගේ ළයෙන් ඉවත ගෙන ඔවුන් විනාශකළ මැනව.
12. පොළෝ මැද ගැළවීම සිදුකරන දෙවියන්වහන්සේ පුරාතන සිට මාගේ රජ්ජුරුවෝය.
13. ඔබ ස්වකීය ශක්තියෙන් මුහුද බෙදූසේක. ඔබ ජලයෙහි මහා සත්වයන්ගේ හිස් බින්දසේක.
14. ඔබ ළෙවියාතන්ගේ හිස පොඩිකොට, වනයෙහි වාසයකරන සෙනඟට හෝ භෝජන පිණිස දුන්සේක.
15. ඔබ උල්පතට හා ජලධාරාවටත් මාර්ගය දැදුරුකළසේක. මහත් ගංගා වියළවූසේක.
16. දිවාභාගය ඔබගේය, රාත්‍රියත් ඔබගේය. ඔබ ආලෝකයද සූර්යයාද පිළියෙළකළසේක.
17. ඔබ පොළොවේ සියලු සීමා පිහිටෙවුසේක. ග්‍රීෂ්ම කාලයද ශීත කාලයද සෑදූසේක.
18. ස්වාමිනි, සතුරා නින්දාකළ බවත් අඥාන සෙනඟක් ඔබගේ නාමයට අපහාසකළ බවත් සිහිකළ මැනව.
19. ඔබගේ කොබෙයියාගේ ප්‍රාණය වනමෘගයාට නුදුන මැනව. ඔබගේ අසරණ රැළ සදාකාලේටම සිහිනැති නොකළ මැනව.
20. ගිවිසුම සැලකුව මැනව. මක්නිසාද පොළොවේ අඳුරු තැන් බලාත්කාරයේ වාසස්ථානවලින් පිරී තිබේ.
21. පීඩා ලත් තැනැත්තේ ලජ්ජාවී ආපසු නොඒවා, දුප්පතාද දිළිඳාද ඔබගේ නාමයට ප්‍රශංසාකෙරෙත්වා.
22. දෙවියන්වහන්ස, නැගිට ඔබගේ යුක්තිය කියා සිටිය මැනව. අඥානයා දවස මුළුල්ලේ ඔබට නින්දා කරන හැටි සිහිකළ මැනව.
23. ඔබගේ විරුද්ධකාරයන්ගේ ශබ්දය සිහිනැති නොකළ මැනව. ඔබට විරුද්ධව නැගිටින්නන්ගේ කෝලාහල ශබ්දය නිතර නැඟේ.
About ගීතාවලිය Chapter 74
Read ගීතාවලිය Chapter 74 online from the Holy Bible. This chapter is part of the Book of ගීතාවලිය in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.
Book Information
Book: ගීතාවලිය
Chapter: 74
Testament: Old Testament
How to Read this Chapter
Use the Previous and Next Chapter buttons to continue reading ගීතාවලිය. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.
More Resources
Continue Reading the Bible
Continue reading ගීතාවලිය Chapter 74 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.
Frequently Asked Questions
What is ගීතාවලිය Chapter 74?
ගීතාවලිය Chapter 74 is part of the Book of ගීතාවලිය in the Holy Bible.
Can I read this chapter online?
Yes. You can read the complete ගීතාවලිය Chapter 74 online for free with easy chapter navigation.
More Chapters from ගීතාවලිය
- ගීතාවලිය Chapter 129
- ගීතාවලිය Chapter 106
- ගීතාවලිය Chapter 48
- ගීතාවලිය Chapter 42
- ගීතාවලිය Chapter 150
- ගීතාවලිය Chapter 140
- ගීතාවලිය Chapter 130
Explore More from පැරණි ගිවිසුම
- ද්වීතීය කථාව Chapter 1
- 2 රාජාවලිය Chapter 17
- යෙසායා Chapter 42
- 2 ලේකම් Chapter 11
- ලෙවී කථාව Chapter 20
- නික්මයාම Chapter 39
- 1 රාජාවලිය Chapter 16