Read යෙසායා Chapter 43 Online
Read යෙසායා Chapter 43 online from the Holy Bible. This chapter is part of the Book of යෙසායා in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of යෙසායා and the Holy Bible online.
Choose a Chapter
යෙසායා 43
පරිච්ඡේදය 43
1. එම්බා යාකොබ්, නුඹ මැවුවාවූද එම්බා ඉශ්‍රායෙල්, නුඹව සෑදුවාවූද ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: භය නොවෙන්න, මක්නිසාද මම නුඹ මුදාගතිමි; නුඹේ නම කියා හඬ ගැසීමි, නුඹ මාගේය.
2. නුඹ ජල මැදින් යන විට මම නුඹ සමඟ සිටින්නෙමි; නුඹ ගංගා මැදින් යන විට ඒවා නුඹට උඩින් ගලායන්නේ නැත. නුඹ ගිනි මැදින් යන විට නොදැවෙන්නෙහිය; ගිනිදැල්ල නුඹ කෙරෙහි නොඇවිළෙන්නේය.
3. මක්නිසාද මම නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේය, නුඹේ ගැළවුම්කාරයා වන ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේය; නුඹේ මිදීමේ මිලය පිණිස මිසරයද නුඹ වෙනුවට කූෂ් සහ සෙබාද දුනිමි.
4. නුඹ මා ඉදිරියේ අනර්ඝව ගරුකටයුතුවූ බැවින්ද, මා නුඹට ප්‍රේමකළ බැවින්ද, නුඹ වෙනුවට මිනිසුන්ද නුඹේ ජීවිතය වෙනුවට ජනයන්ද දෙන්නෙමි.
5. භයනොවෙන්න; මක්නිසාද මම නුඹ සමඟ සිටිමි. නුඹේ වංශය නැගෙනහිරින් ගෙනෙන්නෙමි, බස්නාහිරින්ද නුඹ රැස්කරන්නෙමි;
6. මම උතුරු දිසාවට කථාකොට: දෙන්නැයි කියාත්, දකුණු දිසාවට: නවත්වා නොගන්නැයි කියාත්, දුර සිට මාගේ පුත්‍රයන්ද පොළොවේ කෙළවරින් මාගේ දූවරුන්ද,
7. එනම් මාගේ නාමය දරන්නාවූ මාගේ ගෞරවය පිණිස මා විසින් මවා තනා සෑදුවාවූ සියල්ලන් ගෙනෙන්නැයි කියාත් කියන්නෙමි.
8. ඇස් ඇති අන්ධ සෙනඟද කන් ඇති බිහිරන්ද පිටතට ගෙනෙන්න.
9. සියලු ජාතීහු එකට රැස්වෙත්වා, ජනයෝද එකතුවෙත්වා. ඔවුන්ගෙන් කවුරු මෙය දන්වා පළමු දේවල් අපට ප්‍රකාශකරනවා ඇද්ද? ඔව්හු තමුන්ගේ සාක්ෂිකාරයන් ගෙනැවිත් තමුන් ධර්මිෂ්ඨ බව පෙන්වත්වා. නැත්නම් ඔව්හු අසා: ඒක සැබෑයයි කියත්වා.
10. මම ඒ තැනන්වහන්සේ බව නුඹලා දැනගන මා විශ්වාසකර තේරුම්ගන්න පිණිස, නුඹලා මාගේ සාක්ෂිකාරයෝව, මා විසින් තෝරාගත් මාගේ මෙහෙකරුවාව සිටින්නහුයයි ස්වාමීන්වහන්සේ කියනසේක. මා සිටින්ට පළමුවෙන් කිසි දෙවිකෙනෙක් සාදනු ලැබුවේ නැත, මට පසුව සිටින්නෙත් නැත.
11. මම, මමම, ස්වාමීන්වහන්සේය; මා ඇර වෙන ගැළවුම්කාරයෙක් නැත.
12. මමම දැන්වීමි, මමම ගැළවීමි, මමම ප්‍රකාශකෙළෙමි, අන් දෙවිකෙනෙක් නුඹලා අතරේ සිටියේ නැත. එබැවින් නුඹලා මාගේ සාක්ෂිකාරයෝය, මම දෙවියන්වහන්සේයයි ස්වාමීන්වහන්සේ කියනසේක.
13. එසේය, දවස ඇතිවූ තැන් පටන් මම උන්වහන්සේය; මාගේ අතින් මුදන්ට පොහොසත්වූ කිසිවෙක් නැත. මම ක්‍රියාකරන්නෙමි, වලක්වන්නේ කවුද?
14. නුඹලාගේ මිදුම්කාරයාණෝද ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේද වන ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මම නුඹලා උදෙසා බබිලෝනියට යවා, ඔවුන් සියල්ලන්, එනම් කල්දිවරුන්, ඔවුන්ගේ ප්‍රීතිඝෝෂා සහිත නැව්වලම හිරකරුවන් කොට ගෙනෙන්නෙමි.
15. මම නුඹලාගේ ශුද්ධ තැනන්වහන්සේද ඉශ්‍රායෙල්ගේ මැවුම්කාරයාද නුඹලාගේ රජද වන ස්වාමීන්වහන්සේය.
16. මුහුදෙහි මාර්ගයක්ද මහ ජලයන් මැදින් පාරක්ද සාදන්නාවූ,
17. රථද අශ්වයන්ද සේනාවද බලවන්තයන්ද පිටතට පමුණවා, ඔවුන් නොනැගිටින ලෙස එක්ව වැටීමට සහ සිදීයාමටද පහන්තිරය මෙන් නිවීයාමටද සලස්වන්නාවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක:
18. පළමු කාරණ සිහි නොකරන්න, පුරාණ දේවල්ද කල්පනා නොකරන්න.
19. බලව, මම අමුතු දෙයක් කරන්නෙමි; දැන් ඒක අටගන්නවා ඇත; නුඹලා ඒක නොදන්නහුද? මම කාන්තාරයෙහි පවා මාර්ගයක්ද වනයෙහි ගංගාද සාදන්නෙමි.
20. මා විසින් තෝරාගත් මාගේ සෙනඟට වතුර දෙන්ට මම කාන්තාරයෙහි වතුරද වනයෙහි ගංගාද දෙන නිසා, සිවලුන්ද පැස්බරුන්ද ඇතුළුව වනයේ සත්වයෝ මට ගෞරවකරන්නෝය.
21. මා විසින් මටම උපදවාගත් ඒ සෙනඟ මාගේ ප්‍රශංසාව දක්වනවා ඇත.
22. එහෙත්, යාකොබ්, නුඹ මට යාච්ඤා නොකෙළෙහිය; ඉශ්‍රායෙල්, නුඹ මා ගැන කලකිරුණෙහිය.
23. නුඹේ දවන පූජාවල එළු බැටළුවන් නුඹ මට ගෙනාවේවත් නුඹේ යාගවලින් මට ගෞරව කළේවත් නැත. මම ආහාර පූජාවලින් නුඹට බරක් නොවීමි, දුම් පූජාවලින් නුඹ නොවෙහෙසීමි.
24. නුඹ මට සුවඳ දඬු මිලේට-ගත්තේවත් නුඹේ පූජාවල තෙලෙන් මා තෘප්තියට පැමිණෙවුවේවත් නැත. නුඹේ පාපවලින් නුඹ මට බරක්වී, නුඹේ අයුතුකම්වලින් මා වෙහෙසෙවුවා පමණක්ය.
25. මම, මමම, මා නිසා නුඹේ පාපවල් සිහි නොකොට, නුඹේ වරද මකාදමන තැනන්වහන්සේය.
26. මට මතක්කරන්න; අපි එක්ව කාරණා කියාගනිමු. නුඹ ධර්මිෂ්ඨ බව පෙනෙන පිණිස නුඹම නුඹේ විත්තිය කියන්න.
27. නුඹේ මුල් පියා පව් කෙළේය, නුඹේ තානාපතියෝද මට විරුද්ධව වරදකළෝය.
28. එබැවින් මම ශුද්ධස්ථානයේ අධිපතීන් කෙලහා, යාකොබ් ශාපයටත් ඉශ්‍රායෙල් නින්දාවටත් පාවාදුන්නෙමි.
About යෙසායා Chapter 43
Read යෙසායා Chapter 43 online from the Holy Bible. This chapter is part of the Book of යෙසායා in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.
Book Information
Book: යෙසායා
Chapter: 43
Testament: Old Testament
How to Read this Chapter
Use the Previous and Next Chapter buttons to continue reading යෙසායා. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.
More Resources
Continue Reading the Bible
Continue reading යෙසායා Chapter 43 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.
Frequently Asked Questions
What is යෙසායා Chapter 43?
යෙසායා Chapter 43 is part of the Book of යෙසායා in the Holy Bible.
Can I read this chapter online?
Yes. You can read the complete යෙසායා Chapter 43 online for free with easy chapter navigation.
More Chapters from පැරණි ගිවිසුම
- නික්මයාම Chapter 1
- නික්මයාම Chapter 12
- නික්මයාම Chapter 26
- නික්මයාම Chapter 6
- නික්මයාම Chapter 30
- නික්මයාම Chapter 21
- නික්මයාම Chapter 18
Explore More from යෙසායා
- යෙසායා Chapter 60
- යෙසායා Chapter 32
- යෙසායා Chapter 58
- යෙසායා Chapter 62
- යෙසායා Chapter 40
- යෙසායා Chapter 29
- යෙසායා Chapter 57