Read ද්වීතීය කථාව Chapter 1 Online
Read ද්වීතීය කථාව Chapter 1 online from the Holy Bible. This chapter is part of the Book of ද්වීතීය කථාව in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of ද්වීතීය කථාව and the Holy Bible online.
Choose a Chapter
ද්වීතීය කථාව 1
පරිච්ඡේදය 1
1. යොර්දානෙන් එගොඩ කාන්තාරයෙහි පාරාන්ද තොඵෙල්ද ලාබාන්ද හශේරොත්ද දී-සාහාබ්ද අතරේ සූඒ ඉදිරිපිට අරබා සමභූමියේදී මෝසෙස් විසින් සියලු ඉශ්‍රායෙල්වරුන්ට කියනලද වචන මේවාය.
2. හොරේබ් සිට කාදෙෂ්-බර්නේයට සෙයිර් කඳුකර මාර්ගයෙන් එකොළොස් දවසක ගමන් දුරය.
3. ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කියන්ට ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළ සියල්ල ලෙස ඔහු සතළිස්වෙනි අවුරුද්දේ එකොළොස්වෙනි මාසයේ පළමුවෙනි දින ඔවුන්ට කීවේය.
4. හෙෂ්බොන්හි වාසය කළ අමෝරිවරුන්ගේ රජවූ සීහොන්ටද එද්රෙය අසල අෂ්තාරොත්හි වාසයකළ බාෂාන්හි රජවූ ඕග්ටද පහරදුන් පසු,
5. යොර්දානෙන් එගොඩ මෝවබ් දේශයේදී මෝසෙස් මේ ව්‍යවස්ථාව ප්‍රකාශකරන්ට පටන්ගෙන මෙසේ කීවේය.
6. අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ හොරේබ්හිදී අපට කථාකොට: ඔබ සැම මේ කන්දේ විසූ කාලය ඇත.
7. හැරී ගමන්කොට අමෝරිවරුන්ගේ කඳුකරයටද ඊට ළංවූ අරබා සම භූමියෙත් කඳුකරයෙහිත් පාතරටෙහිත් දකුණු දිසාවෙත් කානානිවරුන්ගේ දේශය වන මුහුදුබඩත් සියලු තැන්වලටද ලෙබනොන්ටද මහත් ගංගාව වන ප්‍රාත් ගංගාව දක්වාද යන්න.
8. බලව, මම දේශය ඔබ සැම ඉදිරිපිට තැබීමි. එහි ඇතුල්ව ඔබ සැමගේ පියවරුන් වන ආබ්‍රහම්ටද ඊසාක්ටද යාකොබ්ටද ඔවුන්ට පසු ඔවුන්ගේ වංශයටද දෙන ලෙස ස්වාමීන්වහන්සේ ඔවුන්ට දිවුළ දේශය හිමිකරගන්නැයි කීසේක.
9. මම ඒ කාලයේදී ඔබට කථාකොට: තනියම ඔබ සැම දරන්ට නොහැක්කෙමි.
10. ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබ සැම වැඩිකළසේක, ඔබ සැම දැන් ගණනින් අහසේ තාරකා මෙන්ය.
11. ඔබ සැමගේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබ සැම දැන් සිටිනවාටත් වඩා දහස් ගුණයක් වැඩිකොට උන්වහන්සේ පොරොන්දුවුණු ලෙස ඔබ සැමට ආශීර්වාදකරනසේක්වා!
12. මම වනාහි තනියම ඔබ සැමගෙන් පැමිණෙන වෙහෙසත් බරත් ඔබ සැමගේ විවාදත් කෙසේ දරම්ද?
13. ප්‍රඥාවන්තවූ බුද්ධිමත්වූ අඳුනන මනුෂ්‍යයන් ඔබ සැමගේ ගෝත්‍ර ප්‍රකාරයට තෝරාගන්න. මම ඔවුන් ඔබ සැම කෙරෙහි ප්‍රධානීන් කොට පත්කරන්නෙමියි කීයෙමි.
14. ඔබ සැම මට උත්තරදෙමින්: ඔබ කී දේ කිරීම අපට යහපතැයි කීවහුය.
15. එහෙයින් මම ප්‍රඥාවන්තවූ අඳුනන්නාවූ මනුෂ්‍යයන් වන ඔබ සැමගේ ගෝත්‍රවල ප්‍රධානීන් ගෙන සහස්‍රාධිපතීන්ද ශතාධිපතීන්ද පනසාධිපතීන්ද දශාධිපතීන්ද ඔබ සැමගේ ගෝත්‍රවලට මුලාදෑනීන්ද වශයෙන් ඔවුන් ඔබ සැම කෙරෙහි ප්‍රධානීන් කොට පත්කෙළෙමි.
16. මම ඒ කාලයේදී ඔබ සැමගේ විනිශ්චයකාරයන්ට අණකරමින්: ඔබ සැමගේ සහෝදරයන් අතරේ නඩු අසා මනුෂ්‍යයෙකු හා ඔහුගේ සහෝදරයාද ඔහු සමඟ සිටින විදේශියාද අතරේ දැහැමින් විනිශ්චයකරන්න.
17. විනිශ්චයේදී මිනිසුන්ගේ තරාතිරම් නොබලා ලොකු කුඩා අයට එක ලෙස කන්දෙන්න; මනුෂ්‍යයන්ට භයනොවෙන්න; මක්නිසාද විනිශ්චය කිරීම දෙවියන්වහන්සේගේය. ඔබ සැමට අමාරු වැඩිවූ කාරණයක් ඇත්නම් මා ළඟට ගෙනෙන්න, මම ඒක විචාරන්නෙමියි කීයෙමි.
18. ඒ කාලයේදී ඔබ සැම විසින් කළ යුතු සියලු දේ ගැනත් ඔබ සැමට අණකෙළෙමි.
19. අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අපට අණකළ ලෙස අපි හොරේබ්හි සිට ගමන් ගෙන අමෝරිවරුන්ගේ කඳුකරයට යන මාර්ගයෙන් ඔබ සැම දුටු ඒ මහත්වූ භයංකරවූ මුළු කාන්තාරය මැදින් ගොස් කාදෙෂ්-බර්නේයට පැමිණියෙමු.
20. මමද ඔබ සැමට කථාකොට: අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අපට දෙන අමෝරිවරුන්ගේ කඳුකරයට ඔබ සැම අවුත් සිටින්නහුය.
21. බලව, ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ දේශය ඔබ ඉදිරිපිට තබා තිබේ. ඔබේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ දේශය ඔබ ඉදිරිපිට තබා තිබේ. ඔබේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබට කීලෙස නැගීගොස් හිමිකරගන්න; භයනොවන්න, නොකැලඹෙන්නැයි කීයෙමි.
22. ඔබ සැම සියල්ලෝද මා ළඟට අවුත්: අප උදෙසා දේශය සෝදිසිකරන පිණිසත් අප විසින් යා යුතු මාර්ගයද පැමිණිය යුතු නුවරවල්ද ගැන හැරී ඇවිත් අපට දන්වන පිණිසත් අපට පෙරටුව මනුෂ්‍යයන් යවමුයයි කීවහුය.
23. ඒ කාරණය මටත් හොඳව පෙනුණේය. මම ගෝත්‍රයකට එක්කෙනෙකු බැගින් ඔබ සැමගෙන් මිනිසුන් දොළොස්දෙනෙකු ගතිමි.
24. ඔව්හු පිටත්වී කන්දට නැගී එෂ්කොල් මිටියාවත දක්වා ගොස් ඒක සෝදිසිකළෝය.
25. ඔව්හු දේශයේ ඵලවලින් ස්වල්පයක් තමුන්ගේ අත්වල රැගෙන අප ළඟට බැස අවුත්: අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අපට දෙන දේශය හොඳය කියා අපට දැන්වූහ.
26. එසේවීනුමුත් ඔබ සැම යන්ට නොකැමැතිව ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ ආඥාවට විරුද්ධව කැරළිගසා,
27. ඔබ සැමගේ කූඩාරම්වල සිට කොඳුරමින්: ස්වාමීන්වහන්සේ අපට වෛරවූ බැවින් අප විනාශකරන පිණිස අමෝරිවරුන් අතට අප පාවා දීමට මිසර දේශයෙන් අප ගෙනාසේක.
28. අපි කොතැනට නැගී යමුද? අපේ සහෝදරයෝ කථාකොට-ඒ සෙනඟ අපට වඩා මහත්ව උස්ව සිටිති; නුවරවල්ද මහත්ව අහස දක්වා පවුරු සහිතව තිබේ; ඒ හැර අනාක්වරුන්ගේ පුත්‍රයන්ද එහි දුටිමුව කියා අපේ සිත් මලානික වෙන්ට සැලැස්සුවෝයයි කීවහුය.
29. එකල්හි මම ඔබ සැමට කථාකොට: තැති නොගන්න, ඔවුන් ගැන භයනොවන්න.
30. ඔබ සැමට පෙරටුව යන්නාවූ ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මිසරයෙහිද කාන්තාරයෙහිද ඔබ සැමගේ ඇස් හමුයෙහි ඔබ සැම උදෙසා කළ සියල්ල හැටියට උන්වහන්සේම ඔබ සැම උදෙසා යුද්ධකරනවා ඇත.
31. මනුෂ්‍යයෙකු තමාගේ පුත්‍රයා උසුලා ගෙනයන්නාක් මෙන් ඔබ සැම මේ ස්ථානයට පැමිණෙන තෙක් ආවාවූ මුළු මාර්ගයෙහිම ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබ උසුලා ගෙනා බව ඔබ දැකලා තිබේ.
32. එහෙත් ඔබ සැම යා යුතු මාර්ගය රාත්‍රියෙහි ගින්නෙන්ද දවාලේ වලාකුළෙන්ද ඔබ සැමට පෙන්වමින්, ඔබ සැමට කූඩාරම් ගසාගන්ට ස්ථානයක් සොයාදෙන පිණිස මාර්ගයෙහි ඔබ සැමට පෙරටුව ගියාවූ,
33. ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබ සැම මේ කාරණයේදී විශ්වාසකළේ නැත.
34. ස්වාමීන්වහන්සේ ඔබ සැමගේ වචනවල හඬ අසා උදහස්ව:
35. සැබවින් යෙඵුන්නෙගේ පුත්‍රවූ කාලෙබ් හැර මේ නපුරු පරම්පරාවේ මේ මනුෂ්‍යයන්ගෙන් එක්කෙනෙක්වත් මා විසින් ඔබ සැමගේ පියවරුන්ට දෙන ලෙස දිවුළ ඒ යහපත් දේශය නොදක්නේය;
36. කාලෙබ් වනාහි ඒක දකින්නේය; ඔහු සම්පූර්ණ ලෙස ස්වාමීන්වහන්සේ අනුව ගිය බැවින් ඔහු පය ගැසූ දේශය ඔහුටත් ඔහුගේ දරුවන්ටත් දෙන්නෙමියි කියා දිවුළසේක.
37. තවද ස්වාමීන්වහන්සේ ඔබ සැම නිසා මටත් උදහස්ව කථාකොට: ඔබත් එහි ඇතුල් නොවන්නෙහිය.
38. ඔබ ඉදිරිපිට සිටින නූන්ගේ පුත්‍රවූ යෝෂුවා එහි ඇතුල්වන්නේය. ඔහු ශක්තිමත්කරන්න; මක්නිසාද ඒක ඉශ්‍රායෙල්වරුන්ට උරුමකරදෙන්ට සිටින්නේ ඔහුය.
39. තවද කොල්ලයක් වන්නෝයයි ඔබ සැම විසින් කීවාවූ ඔබ සැමගේ බාලයෝද අද යහපතවත් අයහපතවත් නොදැන සිටින ඔබ සැමගේ දරුවෝද එහි ඇතුල්වන්නෝය, ඔවුන්ට මම ඒක දෙන්නෙමි, ඔව්හු ඒක හිමිකර ගන්නෝය.
40. ඔබ සැම වනාහි හැරී රතු මුහුදට යන මාර්ගයෙන් කාන්තාරයට ගමන්කරන්න යයි කීසේක.
41. එවිට ඔබ සැම උත්තරදෙමින්: අපි ස්වාමීන්වහන්සේට විරුද්ධව පව්කෙළමුව, අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අපට අණකළ සියල්ල ලෙස අපි ගොස් සටන්කරන්නෙමුයයි මට කියා ඔබ සැම එකිනෙකා තමතමාගේ යුද්ධායුධ බැඳගෙන අහංකාරයෙන් කන්දට නැගීයන්ට සෑදී සිටියහුය.
42. නුමුත් ස්වාමීන්වහන්සේ මට කථාකොට: ඔබ සැමගේ සතුරන් ඉදිරියෙහි පහර නොලබන පිණිස නැගී නොයන්න, සටන් නොකරන්න; මක්නිසාද මම ඔබ සැම අතරෙහි නොසිටිමියි කියා ඔවුන්ට කියන්නැයි කීසේක.
43. මම ඔබ සැමට එසේ කීමි, එහෙත් ඔබ සැම නොඅසා ස්වාමීන්වහන්සේගේ අණට විරුද්ධව කැරළිගසා හිතුවක්කාරකමින් කන්දට නැගී ගියහුය.
44. එවිට ඒ කන්දේ විසූ අමෝරිවරු ඔබ සැමට විරුද්ධව පිටත්ව අවුත් මීමැස්සන් කරන්නාක් මෙන් ඔබ සැම එළවාදමා සේයිර්හිදී හොර්මා දක්වාම ඔබ සැමට පහරදුන්නෝය.
45. ඔබ සැම හැරී ඇවිත් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ඇඬුවහුය; එහෙත් ස්වාමීන්වහන්සේ ඔබ සැමගේ හඬ ඇසුවේවත් ඔබ සැමගේ බසට ඇහුම්කන්දුන්නේවත් නැත.
46. මෙසේ ඔබ සැම කාදෙෂ්හි නැවතුණු දවස් ලෙස බොහෝ දවස් එහි වාසය කළහුය.
About ද්වීතීය කථාව Chapter 1
Read ද්වීතීය කථාව Chapter 1 online from the Holy Bible. This chapter is part of the Book of ද්වීතීය කථාව in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.
Book Information
Book: ද්වීතීය කථාව
Chapter: 1
Testament: Old Testament
How to Read this Chapter
Use the Previous and Next Chapter buttons to continue reading ද්වීතීය කථාව. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.
More Resources
- 📱 Hindi Android Bible App
- 📱 Hindi Christian Songs from waytochurch
- 📖 Read on Malayalam Christian Songs – madely
Continue Reading the Bible
Continue reading ද්වීතීය කථාව Chapter 1 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.
Frequently Asked Questions
What is ද්වීතීය කථාව Chapter 1?
ද්වීතීය කථාව Chapter 1 is part of the Book of ද්වීතීය කථාව in the Holy Bible.
Can I read this chapter online?
Yes. You can read the complete ද්වීතීය කථාව Chapter 1 online for free with easy chapter navigation.
More Chapters from ද්වීතීය කථාව
- ද්වීතීය කථාව Chapter 15
- ද්වීතීය කථාව Chapter 7
- ද්වීතීය කථාව Chapter 6
- ද්වීතීය කථාව Chapter 16
- ද්වීතීය කථාව Chapter 32
- ද්වීතීය කථාව Chapter 26
- ද්වීතීය කථාව Chapter 14
Explore More from පැරණි ගිවිසුම
- 1 ලේකම් Chapter 9
- ගීතාවලිය Chapter 18
- හොෂෙයා Chapter 6
- උත්පත්ති Chapter 4
- යෙසායා Chapter 32
- හොෂෙයා Chapter 13
- රූත්ගේ කථාව Chapter 2