යෝබ් Chapter 21

For English

Read යෝබ් Chapter 21 Online

Read යෝබ් Chapter 21 online from the Holy Bible. This chapter is part of the Book of යෝබ් in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of යෝබ් and the Holy Bible online.

Choose a Chapter

යෝබ් 21

පරිච්ඡේදය 21

1. එවිට යෝබ් උත්තරදෙමින් කියනුයේ:

2. මාගේ කථාව සැලකිල්ලෙන් අසන්න; මේක ඔබ සැමගේ සැනසීම් වේවා.

3. මටත් කථාකරන්ට ඉඩ අරින්න; මා කථාකළායින් පසු නින්දාකරන්න.

4. මාගේ පැමිණිල්ල කරන්නේ මනුෂ්‍යයාටද? මා ඉවසිලි නැතුව නොසිටින්ට කාරණය මොකද?

5. මා දෙස බලා විස්මපත්වී, අතින් කට වසාගන්න.

6. සිහිවෙන විටම මම කැලඹෙමි, තැතිගැන්ම මාගේ මාංසය අල්වාගනියි.

7. දුෂ්ටයන් ජීවත්වන්නෙත්, වෘද්ධ වයසට පැමිණ බලවත්වන්නෙත් මක්නිසාද?

8. ඔවුන් ඉදිරියෙහි ඔවුන්ගේ වංශයද ඔවුන්ගේ ඇස් හමුයෙහි ඔවුන්ගෙන් පැවත එන්නෝද ඔවුන් සමඟ පිහිටෙන්නෝය.

9. ඔවුන්ගේ ගෙවල් භයින් තොරව සුරැකිව තිබේ, දෙවියන්වහන්සේගේ ඉපලද ඔවුන් පිට නැත.

10. ඔවුන්ගේ ගොනා නොවරද්දා පැටවුන් ජනිතකරයි; ඔවුන්ගේ එළදෙන ගබ්සා නොවී බිහිකරයි

11. ඔවුන්ගේ බාලයන් බැටළු රැළක් මෙන් පිටතට යවති, ඔවුන්ගේ දරුවෝද නටති.

12. ඔව්හු රබානද වීණාවද ඇතුව ගීතිකා කියති, නළාවේ ශබ්දයටද ප්‍රීතිවෙති.

13. ඔව්හු සැපතින් දවස් යවති, ඇසිල්ලකින් ෂෙයෝලට 21:13 එනම්, මිනීවළට. බැසයති.

14. ඔව්හු දෙවියන්වහන්සේට කථාකොට: අප වෙතින් අහක්ව ගිය මැනව; මක්නිසාද ඔබගේ මාර්ග දැනගැන්මට අපි නොකැමැත්තෙමුව.

15. අප විසින් සර්වපරාක්‍රමයාණන්ට මෙහෙකරන්ට උන්වහන්සේ කවුද? උන්වහන්සේට යාච්ඤාකළත් අපට මොන ප්‍රයෝජනයක් වේදැයි කීවෝය.

16. බලව, ඔවුන්ගේ සමෘද්ධිය ඔවුන්ගේ අතේ නොවේය. දුෂ්ටයන්ගේ මන්ත්‍රණය මාගෙන් දුරුව තිබේ.

17. දුෂ්ටයන්ගේ පහන නිවී, ඔවුන්ගේ විපත්තිය ඔවුන් පිටට පැමිණෙන්නෙතේ, දෙවියන්වහන්සේ ස්වකීය කෝපයෙන් දුක් බෙදාදෙන්නෙත්,

18. ඔවුන් සුළඟට ගහගනයන ඉපනැල්ල මෙන්ද සුළඟට අසුවීයන බොල් මෙන්ද වෙන්නෙත් කොපමණ වාරවලද?

19. දෙවියන්වහන්සේ ඔහුගේ අපරාධය ඔහුගේ දරුවන්ට රැස්කර තබනසේකැයි ඔබ සැම කියන්නහුය. ඔහු දැනගන්න පිණිස උන්වහන්සේ ඔහුටම ප්‍රතිඵල පමුණුවනසේක්වා.

20. ඔහුගේ විනාශය ඔහුගේම ඇස්වලට පෙනේවා, ඔහු සර්වපරාක්‍රමයාණන්ගේ උදහස පානයකෙරේවා.

21. ඔහුගේ මාස ගණන මැදින් සිඳිනු ලැබූ කල්හි තමාට පසුව සිටින ඔහුගේ පවුලෙන් ඔහුට මොන සතුටක්ද?

22. උත්තමයන් විනිශ්චයකරන්නාවූ දෙවියන්වහන්සේට දැනගැන්ම උගන්වන්ට යමෙකුට පුළුවන්ද?

23. එක්කෙනෙක් සම්පූර්ණයෙන් සැපපහසු ඇතුව මුළු ශක්තියෙන් සිටියදී මියයන්නේය.

24. ඔහුගේ ඇළපත් තෙලෙන් පිරී, ඔහුගේ ඇටමිදුළු තෙත්ව තිබෙන්නේය.

25. තවත් කෙනෙක් කිසි සැපතක් නොවිඳ, සිත් ශෝකයෙන් සිට මියයන්නේය.

26. ඔව්හු එක්ව දූවිල්ලෙහි වැදහෙති, පණුවෝද ඔවුන් වසාගනිති.

27. බලව, ඔබ සැමගේ සිතිවිලිත් ඔබ සැම අයුතුලෙස මට විරුද්ධව කරන යෝජනාත් දනිමි.

28. මක්නිසාද: අධිපතියාගේ ගෘහය කොතැනද කියාත් දුෂ්ටයන් වාසයකළ කූඩාරම කොතැනද කියාත් ඔබ සැම අසති.

29. මගයන්නන්ගෙන් ඔබ සැම අහලා නැද්ද? එසේනම් ඔබ සැම ඔවුන්ගේ සලකුණු නොදැන සිටිනවාද?

30. එනම් නපුරා විපත්ති දවසට ඉතුරුකර සිටින බවත් ඔවුන් උදහස් දවසට පිටත ගෙනයනු ලබන බවත්ය.

31. ඔහුගේ මාර්ගය ඔහුගේ මුහුණ ඉදිරියෙහි ප්‍රකාශකරන්නේ කවුද? ඔහු කළ දෙයට ඔහුට විපාක දෙන්නේ කවුද?

32. එහෙත් ඔහු පවා මිනීවළට ගෙනයනු ලබන්නේය, සොහොනද මුරකරනු ලැබේ.

33. මිටියාවෙත් පිඩලි ඔහුට මිහිරිවන්නේය, සියලු මනුෂ්‍යයෝ ඔහුට පස්සෙනුත් ඔහුට පෙරටුවෙනුත් ගණනාවක් නැතුව පෙළ නොකැඩී යති.

34. එසේනම් ඔබ සැමගේ උත්තරවල බොරුව පමණක් තිබෙද්දී නිරර්ථකලෙස ඔබ සැම මා සනසන්ට හදන්නේ කෙසේදැ යි කීවේය.

About යෝබ් Chapter 21

Read යෝබ් Chapter 21 online from the Holy Bible. This chapter is part of the Book of යෝබ් in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: යෝබ්
Chapter: 21
Testament: Old Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading යෝබ්. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading යෝබ් Chapter 21 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is යෝබ් Chapter 21?

යෝබ් Chapter 21 is part of the Book of යෝබ් in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete යෝබ් Chapter 21 online for free with easy chapter navigation.

More Chapters from පැරණි ගිවිසුම

  1. නික්මයාම Chapter 1
  2. නික්මයාම Chapter 30
  3. නික්මයාම Chapter 26
  4. නික්මයාම Chapter 12
  5. නික්මයාම Chapter 20
  6. නික්මයාම Chapter 9
  7. නික්මයාම Chapter 6

Explore More from යෝබ්

  1. යෝබ් Chapter 11
  2. යෝබ් Chapter 17
  3. යෝබ් Chapter 6
  4. යෝබ් Chapter 10
  5. යෝබ් Chapter 18
  6. යෝබ් Chapter 22
  7. යෝබ් Chapter 37

Related Chapters & Readings

  1. ශු. මතෙව් Chapter 20
  2. ගීතාවලිය Chapter 74
  3. ගීතාවලිය Chapter 141
  4. ශු. යොහන් Chapter 12
  5. යෙසායා Chapter 28
  6. රූත්ගේ කථාව Chapter 2
  7. උත්පත්ති Chapter 14
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *