හග්ගයි Chapter 2

For English

Read හග්ගයි Chapter 2 Online

Read හග්ගයි Chapter 2 online from the Holy Bible. This chapter is part of the Book of හග්ගයි in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of හග්ගයි and the Holy Bible online.

Choose a Chapter

හග්ගයි 2

පරිච්ඡේදය 2

1. හත්වෙනි මාසයේ විසිඑක්වෙනිදා ස්වාමීන්වහන්සේගේ වචනය අනාගතවක්තෘවූ හග්ගයි කරණකොටගෙන පැමිණ කියනුයේ:

2. ෂෙයල්තියෙල්ගේ පුත්‍රවූ යූදාහි ආණ්ඩුකාරයාවූ සෙරුබ්බාබෙල්ටත් යෙහෝශාදාක්ගේ පුත්‍රවූ උත්තම පූජකයාවූ යෝෂුවාටත් සෙනඟගෙන් අනික් අයටත් කථාකොට මෙසේ කියන්න:

3. මේ ගෘහය එහි පළමු තේජස ඇතුව තිබෙද්දී එය දුටු අයගෙන් නුඹලා අතරේ ඉතිරිව සිටින්නේ කවුද? මේක දැන් නුඹලාට පෙනෙන්නේ කොහොමද? මේක කිසිත් නැත්තාක්මෙන් නුඹලාගේ ඇස්වලට පෙනෙනවා නොවේද?

4. එහෙත්, සෙරුබ්බාබෙල්, දැන් බලවත්ව සිටින්නැයි ස්වාමීන්වහන්සේ කියනසේක; යෙහෝශාදාක්ගේ පුත්‍රවූ උත්තම පූජකයාවූ යෝෂුවා, නුඹත් බලවත්ව සිටින්න; දේශයේ සෙනඟ සියල්ලෙනි, නුඹලාත් බලවත්ව සිට වැඩකරන්නැයි ස්වාමීන්වහන්සේ කියනසේක. මක්නිසාද මම නුඹලා සමඟ සිටිමියි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.

5. නුඹලා මිසරයෙන් පිටත්ව ආකල මා විසින් නුඹලා සමඟ ගිවිසගත් වචනයත් මාගේ ආත්මයත් නුඹලා අතරෙහි පවතින්නේය. භය නොවෙන්න.

6. මක්නිසාද සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මම ටික කලකින් තව වරක් අහස සහ පොළොවත් මුහුද සහ ගොඩත් සොලවන්නෙමි;

7. සියලු ජාතීන් සොලවන්නෙමි, සියලු ජාතීන් ආශාවෙන දේද පැමිණෙන්නේය, මේ ගෘහය තේජසින් පුරවන්නෙමියි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.

8. රිදී මාගේය, රන්ද මාගේයයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.

9. මේ ගෘහයේ අන්තිම තේජස පළමු එකේ තේජසට වඩා මහත්වන්නේයයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක. මේ ස්ථානයෙහිදී මම සමාදානය දෙන්නෙමියි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේකැයි කීය.

10. දාරියුස්ගේ දෙවෙනි අවුරුද්දේ නවවෙනි මාසයේ විසිහතරවෙනිදා ස්වාමීන්වහන්සේගේ වචනය අනාගතවක්තෘවූ හග්ගයි කරණකොටගෙන පැමිණ කියනුයේ:

11. සේනාවල ස්වාමීන්වහන්සේ කථාකොට-

12. යමෙක් තමාගේ වස්ත්‍ර කෙළවරින් ශුද්ධ මාංසය ගෙනයන විට ඒ වස්ත්‍ර කෙළවර රොටිවල හෝ හොදිවල හෝ මුද්‍රිකපානයෙහි හෝ තෙල්වල හෝ වෙන යම් කෑමක හෝ තැවරුණොත් ඒවා ශුද්ධවන්නේද කියා ව්‍යවස්ථාව ගැන පූජකයන්ගෙන් අසන්නැයි කියනසේක. පූජකයෝ උත්තරදෙමින්: නැතැයි කීවෝය.

13. එවිට හග්ගයි: මළකඳකින් අපවිත්‍රවී සිටින කෙනෙක් ඒවායෙන් යමකට තැවරුණොත් එය අපවිත්‍රවේදැයි ඇසුවේය. පූජකයෝ උත්තරදෙමින්: අපවිත්‍රවේයයි කීවෝය.

14. එවිට හග්ගයි උත්තරදෙමින් මෙසේ කීවේය: මා ඉදිරියෙහි මේ සෙනඟ එසේමය, මේ ජාතියද එසේමයයි ස්වාමීන්වහන්සේ කියනසේක; ඔවුන්ගේ අත්වල සියලු වැඩත් එසේමය; ඔවුන් එහි ඔප්පුකරන දේත් අපවිත්‍රය.

15. එබැවින් අද දවසේ පටන් මත්තට සිතට ගන්න, ස්වාමීන්වහන්සේගේ මාළිගාවෙහි ගලක් පිට ගලක් තබන්ට පළමුවෙන් තිබුණු දවස්වල නම්,

16. යමෙක් මිමි විස්සක් තිබුණු ගොඩක් ළඟට ආකල තිබුණේ මිමි දහයක්ය; යමෙක් පුරා මිමි පනහක් අරගන්ට මුද්‍රික පැස ළඟට ආ කල තිබුණේ විස්සක්ය.

17. ගොයම් වියළීයාමෙන්ද ගොයම් රෝගයෙන්ද ගල් වර්ෂාවෙන්ද නුඹලාගේ අත්වල සියලු වැඩවලදී නුඹලාට පහරදුනිමි; එහෙත් නුඹලා මා වෙතට හැරුණේ නැතැයි ස්වාමීන්වහන්සේ කියනසේක.

18. අද දවස වන නවවෙනි මාසයේ විසිහතරවෙනිදා පටන් මත්තට සිතට ගන්න, එසේය, ස්වාමීන්වහන්සේගේ මාළිගාවේ අත්තිවාරම තැබූ දවසේ පටන් සිතට ගන්න.

19. බීජ තවම අටුවෙහිද? එසේම මිදිවැලත් අත්තික්කා ගසත් දෙළුම් ගසත් ඔලීව ගසත් තවම ඵල දුන්නේ නැත; අද පටන් මම නුඹලාට ආශීර්වාදකරන්නෙමියි කීසේක.

20. තවද මාසයේ විසිහතරවෙනිදා ස්වාමීන්වහන්සේගේ වචනය දෙවෙනි වර හග්ගයි වෙතට පැමිණ මෙසේ කීය.

21. යූදාහි ආණ්ඩුකාරයාවූ සෙරුබ්බාබෙල්ට කථාකොට මෙසේ කියන්න; මම අහස සහ පොළොවත් සොලවන්නෙමි.

22. මම රාජ්‍යවල සිංහාසනය පෙරළාදමා, ජාතීන්ගේ රාජ්‍යවල බලය නැතිකොට, රථ සහ එහි නැගීයන්නන්ද පෙරළාදමන්නෙමි; අශ්වයෝද උන් පිට නැගී යන්නෝද එකිනෙකාගේ කඩුවෙන් වැටෙන්නෝය.

23. සේනාවල ස්වාමීන්වහන්සේ කථාකොට: ෂෙයල්තියෙල්ගේ පුත්‍රවූ මාගේ මෙහෙකරුවාවූ සෙරුබ්බාබෙල්, මම ඒ දවසේදී නුඹ රැගෙන පේරස්මුද්දක් කොට තබාගන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක. මක්නිසාද නුඹ තෝරාගතිමියි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේකැයි කීවේය.

About හග්ගයි Chapter 2

Read හග්ගයි Chapter 2 online from the Holy Bible. This chapter is part of the Book of හග්ගයි in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: හග්ගයි
Chapter: 2
Testament: Old Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading හග්ගයි. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading හග්ගයි Chapter 2 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is හග්ගයි Chapter 2?

හග්ගයි Chapter 2 is part of the Book of හග්ගයි in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete හග්ගයි Chapter 2 online for free with easy chapter navigation.

More Chapters from පැරණි ගිවිසුම

  1. නික්මයාම Chapter 1
  2. නික්මයාම Chapter 12
  3. නික්මයාම Chapter 6
  4. නික්මයාම Chapter 30
  5. නික්මයාම Chapter 26
  6. නික්මයාම Chapter 21
  7. නික්මයාම Chapter 10

Explore More from හග්ගයි

  1. හග්ගයි Chapter 1

Related Chapters & Readings

  1. ගීතාවලිය Chapter 8
  2. 1 රාජාවලිය Chapter 17
  3. යෙරෙමියා Chapter 48
  4. ද්වීතීය කථාව Chapter 30
  5. ද්වීතීය කථාව Chapter 28
  6. ගීතාවලිය Chapter 18
  7. දේශනාකාරයා Chapter 10
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *