උත්පත්ති Chapter 11

For English

Read උත්පත්ති Chapter 11 Online

Read උත්පත්ති Chapter 11 online from the Holy Bible. This chapter is part of the Book of උත්පත්ති in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of උත්පත්ති and the Holy Bible online.

Choose a Chapter

උත්පත්ති 11

පරිච්ඡේදය 11

1. මුළු පොළොවෙහි එකම භාෂාවක්ද එකම කථා ක්‍රමයක්ද විය.

2. තවද ඔව්හු නැගෙනහිර දිසාවට ගමන්කරන අතර ෂිනාර් නම් දේශයෙහි සමභූමියක් සම්බවී එහි වාසය කළෝය.

3. ඔව්හු එකිනෙකාට කථාකොට: එන්න, අපි ගඩොල් සාදා හොඳට පුළුස්සමුයයි කීවෝය. ගල් වෙනුවට ගඩොල්ද බදාම වෙනුවට කීල්ද ඔවුන්ට තිබුණේය.

4. ඔව්හු: එන්න, මුළු පොළෝතලයෙහි අප විසිර නොයන පිණිස නුවරක්ද අහස දක්වා මුදුනක් ඇති කොටුවක්ද ගොඩනගා අපට නාමයක් සාදාගනිමුයයි කීවෝය.

5. එවිට මනුෂ්‍ය පුත්‍රයන් ගොඩනගන නුවරද කොටුවද බලන පිණිස ස්වාමීන්වහන්සේ බැස්සසේක.

6. ස්වාමීන්වහන්සේද: බලව, ඔව්හු එක සෙනඟක්ය, ඔවුන් සියල්ලන්ට ඇත්තේ එක භාෂාවක්ය; ඔවුන් කරන්ට පටන්ගන්නා දේ මේය; ඉදින් ඔවුන් කරන්ට අදහස්කරන කිසිවක් ඔවුන්ට දුෂ්කර නොවන්නේය.

7. යමු, අපි බැස ඔවුන්ට එකිනෙකාගේ කථාව නොතේරෙන ලෙස එහි ඔවුන්ගේ භාෂාව අවුල්කරමුයයි කීසේක.

8. මෙසේ ස්වාමීන්වහන්සේ එතැනින් මුළු පොළෝතලයෙහි ඔවුන් විසිරෙවුසේක.

9. ඔව්හුද නුවර ගොඩනැගීම අත්හැරියෝය. එහිදී ස්වාමීන්වහන්සේ මුළු පොළොවේ භාෂාව අවුල්කළ බැවින් ඊට බාබෙල් 11:9 එනම්, අවුල්කිරීම. නම් විය. එතැනින් ස්වාමීන්වහන්සේ මුළු පොළෝතලයෙහි ඔවුන් විසිරෙවුසේක.

10. ෂෙම්ගේ පරම්පරා මේය. ෂෙම් අවුරුදු සියයක් වයස්වූ කල, ජලගැලීමට දෑවුරුද්දකට පසු ඔහුට දාව අර්පක්ෂද් උපන්නේය.

11. අර්පක්ෂද් ඉපදෙවූ පසු ෂෙම් පන්සිය අවුරුද්දක් ජීවත්වුණේය, ඔහුට දාව පුත්‍රයෝද දූවරුද උපන්නෝය.

12. අර්පක්ෂද් තිස්පස් අවුරුද්දක් ජීවත්වූ පසු ඔහුට දාව ෂේලා උපන්නේය.

13. ෂේලා ඉපදෙවූ පසු අර්පක්ෂද් හාරසිය තුන් අවුරුද්දක් ජීවත්වුණේය, ඔහුට දාව පුත්‍රයෝද දූවරුද උපන්නෝය.

14. ෂේලා තිස් අවුරුද්දක් ජීවත්වූ පසු ඔහුට දාව ඒබෙර් උපන්නේය.

15. ඒබෙර් ඉපදෙවූ පසු ෂේලා හාරසිය තුන් අවුරුද්දක් ජීවත්වුණේය, ඔහුට දාව පුත්‍රයෝද දූවරුද උපන්නෝය.

16. ඒබෙර් තිස්හතර අවුරුද්දක් ජීවත්වූ පසු ඔහුට දාව පෙලෙග් උපන්නේය.

17. පෙලෙග් ඉපදෙවූ පසු ඒබෙර් හාරසිය තිස් අවුරුද්දක් ජීවත්වුණේය, ඔහුට දාව පුත්‍රයෝද දූවරුද උපන්නෝය.

18. පෙලෙග් තිස් අවුරුද්දක් ජීවත්වූ පසු ඔහුට දාව රෙයු උපන්නේය.

19. රෙයු ඉපදෙවූ පසු පෙලෙග් දෙසිය නව අවුරුද්දක් ජීවත්වුණේය, ඔහුට දාව පුත්‍රයෝද දූවරුද උපන්නෝය.

20. රෙයු තිස් දෑවුරුද්දක් ජීවත්වූ පසු ඔහුට දාව සෙරුග් උපන්නේය.

21. සෙරුග් ඉපදෙවූ පසු රෙයු දෙසිය සත් අවුරුද්දක් ජීවත්වුණේය, ඔහුට දාව පුත්‍රයෝද දූවරුද උපන්නෝය.

22. සෙරුග් තිස් අවුරුද්දක් ජීවත්වූ පසු ඔහුට දාව නාහොර් උපන්නේය.

23. නාහොර් ඉපදෙවූ පසු සෙරුග් දෙසිය අවුරුද්දක් ජීවත්වුණේය, ඔහුට දාව පුත්‍රයෝද දූවරුද උපන්නෝය.

24. නාහොර් විසිනව අවුරුද්දක් ජීවත්වූ පසු ඔහුට දාව තේරා උපන්නේය.

25. තේරා ඉපදෙවූ පසු නාහොර් එකසිය දසනව අවුරුද්දක් ජීවත්වුණේය, ඔහුට දාව පුත්‍රයෝද දූවරුද උපන්නෝය.

26. තේරා හැත්තෑ අවුරුද්දක් ජීවත්වූ පසු ඔහුට දාව ආබ්‍රම්ද නාහොර්ද හාරාන්ද උපන්නෝය.

27. තේරාගේ පරම්පරාව මේය. තේරාට දාව ආබ්‍රම්ද නාහොර්ද හාරාන්ද උපන්නෝය; හාරාන්ට දාව ලොත් උපන්නේය;

28. හාරාන් තමා උපන් දේශයෙහි ඌර් නම්වූ කල්දිවරුන්ගේ නුවරදී තමාගේ පියවූ තේරා ඉදිරිපිට මෙළේය.

29. ආබ්‍රම්ද නාහොර්ද භාර්යාවන් පාවාගත්තෝය; ආබ්‍රම්ගේ භාර්යාවගේ නම සාරයිය; නාහොර්ගේ භාර්යාවගේ නම මිල්කාය, ඈ මිල්කාගෙත් ඉස්කාගෙත් පියාවූ හාරාන්ගේ දුවය.

30. සාරයි වඳව දරුවෙක් නැතුව සිටියාය.

31. තේරා තමාගේ පුත්‍රවූ ආබ්‍රම්ද තමාගේ පුත්‍රවූ හාරාන්ගේ පුත්‍රයා වන ලොත්ද තමාගේ පුත්‍රවූ ආබ්‍රම්ගේ භාර්යාව වන තමාගේ යෙහෙළිවූ සාරයිද කැඳවාගෙන ඔවුන් සමඟ කානාන් දේශයට යන පිණිස ඌර් නම් වූ කල්දිවරුන්ගේ නුවරින් පිටත්ව ගොස් හාරාන්ට පැමිණ එහි වාසයකෙළේය.

32. තේරාගේ දවස් දෙසිය පස් අවුරුද්දක්ය; තේරා හාරාන්හිදී මෙළේය.

About උත්පත්ති Chapter 11

Read උත්පත්ති Chapter 11 online from the Holy Bible. This chapter is part of the Book of උත්පත්ති in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: උත්පත්ති
Chapter: 11
Testament: Old Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading උත්පත්ති. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading උත්පත්ති Chapter 11 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is උත්පත්ති Chapter 11?

උත්පත්ති Chapter 11 is part of the Book of උත්පත්ති in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete උත්පත්ති Chapter 11 online for free with easy chapter navigation.

More Chapters from උත්පත්ති

  1. උත්පත්ති Chapter 2
  2. උත්පත්ති Chapter 19
  3. උත්පත්ති Chapter 39
  4. උත්පත්ති Chapter 1
  5. උත්පත්ති Chapter 49
  6. උත්පත්ති Chapter 33
  7. උත්පත්ති Chapter 30

Explore More from පැරණි ගිවිසුම

  1. දේශනාකාරයා Chapter 9
  2. නික්මයාම Chapter 19
  3. නෙහෙමියා Chapter 7
  4. නෙහෙමියා Chapter 1
  5. 1 ලේකම් Chapter 4
  6. උත්පත්ති Chapter 40
  7. දේශනාකාරයා Chapter 10

Related Chapters & Readings

  1. 2 පේතෘස් Chapter 1
  2. 3 යොහන් Chapter 1
  3. ලෙවී කථාව Chapter 24
  4. 1 කොරින්ති Chapter 11
  5. 2 ලේකම් Chapter 25
  6. ගීතාවලිය Chapter 52
  7. නික්මයාම Chapter 33
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *