යෙරෙමියා Chapter 30

For English

Read යෙරෙමියා Chapter 30 Online

Read යෙරෙමියා Chapter 30 online from the Holy Bible. This chapter is part of the Book of යෙරෙමියා in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of යෙරෙමියා and the Holy Bible online.

Choose a Chapter

යෙරෙමියා 30

පරිච්ඡේදය 30

1. ස්වාමීන්වහන්සේගෙන් යෙරෙමියා වෙතට පැමිණි වචනය මේය.

2. ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මා විසින් නුඹට කී සියලුම වචන පොතක ලියන්න.

3. මක්නිසාද මා විසින් මාගේ සෙනඟවූ ඉශ්‍රායෙල්වරුන්ගෙත් යූදාවරුන්ගෙත් වාල්කම පහකරන දවස් පැමිණෙන්නේයයි ස්වාමීන්වහන්සේ කියනසේක. මම ඔවුන්ගේ පියවරුන්ට දුන් දේශයට ඔවුන් නැවත ගෙනෙන්නෙමි, ඔව්හුද ඒක භුක්තිවිඳින්නෝයයි ස්වාමීන්වහන්සේ කියනසේක.

4. තවද ඉශ්‍රායෙල්වරුන් සහ යූදාවරුන් ගැන ස්වාමීන්වහන්සේ කී වචන මේවාය.

5. ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: වෙවුලවීමේ හඬක් අපට ඇසුණේය; එය සමාදානයේ නොව භීතියේ හඬක් ය.

6. පුරුෂයෙක් බිහිකරන වේදනා විඳින්නේද කියා අසා බලන්න. බිහිකරන ස්ත්‍රියෙකු මෙන් සියලු පුරුෂයන් ඉඟටියේ අත් තබාගන ඉන්නවාත් සියලු මුහුණු සුදුමැළිව තිබෙනවාත් මට පෙනෙන්නේ මක්නිසාද?

7. අහෝ! ඒ දවස මහත්ය, ඊට සමානවූ දවසක් නැත. ඒක යාකොබ්ගේ විපත්ති කාලයය; එහෙත් ඔවුන් එයින් ගළවනු ලබනවා ඇත.

8. මක්නිසාද ඒ දවසේදී ඔහුගේ වියගහ නුඹේ බෙල්ලෙන් බිඳදමා, නුඹේ බැඳුම් කඩාදමන්නෙමියි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක. විදේශියෝ තවත් ඔවුන් යටත්කර නොගන්නෝය.

9. ඔව්හුද තමුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ත් මා විසින් ඔවුන්ට නැගුටුවාදෙන තමුන්ගේ රජවූ දාවිත්ටත් සේවයකරන්නෝය.

10. ඒ නිසා: මාගේ මෙහෙකරුවාවූ යාකොබ්, නුඹ භය නොවන්න; ඉශ්‍රායෙල්,නොකැලඹෙන්නැයි ස්වාමීන්වහන්සේ කියනසේක. මක්නිසාද, බලව, මම නුඹ දුරස්තරයෙන්ද නුඹේ වංශය ඔවුන්ගේ වාල්කමේ දේශයෙන්ද ගළවමි; යාකොබ් හැරී ඇවිත් කිසිවෙකුගෙන් භයක් නොලැබ, නිශ්චලව සුවසේ සිටිනවා ඇත.

11. මක්නිසාද නුඹ ගළවන්ට මම නුඹ සමඟ සිටිමියි ස්වාමීන්වහන්සේ කියනසේක. මා විසින් නුඹ විසුරුවාදැමූ තැන්වල සියලු ජාතීන් තීන්දුවටම නැතිකරන නුමුත්, නුඹ තීන්දුවටම නැතිනොකර, නිසි ප්‍රමාණයෙන් නුඹට දඬුවම්කරන්නෙමි, නුමුත් නුඹට අච්චුනොකර නොසිටින්නෙමි.

12. මක්නිසාද ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: නුඹේ තුවාලය අසාධ්‍යව නුඹේ පහර ඉතා තදව තිබේ.

13. ඒවා බැදීමට නුඹේ කාරණය භාරගන්න කෙනෙක් නැත. නුඹ සුවකරන්ට කිසි ඖෂධයක් නැත.

14. නුඹේ සියලුම ප්‍රේමවන්තයෝ නුඹ මතකනැතිකළෝය; ඔවුන් නුඹ ගැන විභාගකරන්නේ නැත. නුඹේ අයුතුකමේ මහත්කම නිසාද නුඹේ පව් වැඩිවූ නිසාද සතුරෙකුගේ පහරවලින් , කෲර කෙනෙකුගේ දඬුවමකින් නුඹට පහරදුනිමි.

15. නුඹේ තුවාලය නිසා නුඹ කෑගසන්නේ මක්නිසාද? නුඹේ වේදනාව අසාධ්‍යව තිබේ. නුඹේ අපරාධයේ මහත්කම නිසාද නුඹේ පව් වැඩිවූ නිසාද මේ දේවල් නුඹට කෙළෙමි.

16. එහෙත් නුඹව නාස්තිකරන සියල්ලෝම නාස්තිවන්නෝය; නුඹේ එදිරිකාරයන් සියල්ලෝම වාලට යන්නෝය; නුඹෙන් කොල්ලකන්නෝ කොල්ලයක් වන්නෝය, නුඹෙන් උදුරා ගන්න සියල්ලන්ද කොල්ලයක් කොට පාවාදෙන්නෙමි.

17. පිටදමනු ලැබූ තැනැත්තිය, මෑ කිසිවෙකු විසින් නොසලකන සියොන්ය කියා නුඹට කියනලද බැවින්, මම නුඹට සනීප ලබාදී, නුඹේ පහර සුවකරන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.

18. ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: බලව, මම යාකොබ්ගේ කූඩාරම්වල වහල්කම පහකොට, ඔහුගේ වාසස්ථානවලට අනුකම්පාකරන්නෙමි; නුවරද එහි හෙලපිට ගොඩනගනු ලැබ, මාළිගාව තිබුණු හැටියට පවතින්නේය.

19. ඒවායින් ස්තුති කිරීමද සන්තෝෂවන්නන්ගේ හඬද නික්මෙන්නේය. මම ඔවුන් ස්වල්පව නොසිටින හැටියට ඔවුන් වැඩිකර, ඔවුන් සුළුව නොසිටින හැටියට ඔවුන්ට ගෞරවකරන්නෙමි.

20. ඔවුන්ගේ දරුවෝ පළමු සිටියාක් මෙන් වන්නෝය, ඔවුන්ගේ සභාවද මා ඉදිරියෙහි පිහිටෙනවා ඇත, ඔවුන්ට පීඩාකරන සියල්ලන්ට දඬුවම්කරන්නෙමි.

21. ඔවුන්ගේ අධිපතියා ඔවුන්ගෙන්ම කෙනෙක් වන්නේය, ඔවුන්ගේ ආණ්ඩුකාරයාද ඔවුන් අතරෙන්ම නික්ම එන්නේය; ඔහු මා වෙතට ළංවන පිණිස ඔහු ළඟට පමුණුවා ගනිමි. මක්නිසාද මා වෙතට ළං වීමට නිර්භීතකම ඇති තැනැත්තා කවුදැයි ස්වාමීන්වහන්සේ කියනසේක.

22. නුඹලා මාගේ සෙනඟ වන්නහුය, මමද නුඹලාගේ දෙවියන්වහන්සේ වන්නෙමි.

23. බලව, ස්වාමීන්වහන්සේගේ කෝපය සහිත කුණාටුවක් වන ගසාගන යන කුණාටුවක් නික්ම ගියේය. එය දුෂ්ටයන්ගේ හිස් පිට වදිනවා ඇත.

24. ස්වාමීන්වහන්සේ තමන්ගේ සිතේ අදහස් ඉෂ්ටකරන තෙක්ද සම්පූර්ණ කරන තෙක්ද උන්වහන්සේගේ බලවත් උදහස නොහැරෙන්නේය. මතු දවස්වලදී නුඹලා එය තේරුම්ගන්නවා ඇත.

About යෙරෙමියා Chapter 30

Read යෙරෙමියා Chapter 30 online from the Holy Bible. This chapter is part of the Book of යෙරෙමියා in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: යෙරෙමියා
Chapter: 30
Testament: Old Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading යෙරෙමියා. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading යෙරෙමියා Chapter 30 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is යෙරෙමියා Chapter 30?

යෙරෙමියා Chapter 30 is part of the Book of යෙරෙමියා in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete යෙරෙමියා Chapter 30 online for free with easy chapter navigation.

More Chapters from පැරණි ගිවිසුම

  1. නික්මයාම Chapter 1
  2. නික්මයාම Chapter 30
  3. නික්මයාම Chapter 26
  4. නික්මයාම Chapter 12
  5. නික්මයාම Chapter 20
  6. නික්මයාම Chapter 6
  7. නික්මයාම Chapter 2

Explore More from යෙරෙමියා

  1. යෙරෙමියා Chapter 36
  2. යෙරෙමියා Chapter 3
  3. යෙරෙමියා Chapter 37
  4. යෙරෙමියා Chapter 34
  5. යෙරෙමියා Chapter 31
  6. යෙරෙමියා Chapter 7
  7. යෙරෙමියා Chapter 2

Related Chapters & Readings

  1. ක්රිරයා Chapter 6
  2. ක්රිරයා Chapter 4
  3. ක්රිරයා Chapter 14
  4. උත්පත්ති Chapter 44
  5. යෙසායා Chapter 16
  6. යෙසායා Chapter 54
  7. නික්මයාම Chapter 32
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *