1 ලේකම් Chapter 24

For English

Read 1 ලේකම් Chapter 24 Online

Read 1 ලේකම් Chapter 24 online from the Holy Bible. This chapter is part of the Book of 1 ලේකම් in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of 1 ලේකම් and the Holy Bible online.

Choose a Chapter

A+ A A-

1 ලේකම් 24

පරිච්ඡේදය 24

1. ආරොන් පුත්‍රයන්ගේ පංක්ති මේය. ආරොන්ගේ පුත්‍රයෝ නම්: නාදාබ්, අබීහු, එලෙයාසර් සහ ඊතාමාර්ය.

2. නාදාබ් සහ අබීහු තමුන්ගේ පියාට පළමුවෙන් මැරුණෝය, ඔවුන්ට පුත්‍රයෝ නොසිටියෝය. ඒ නිසා එලෙයාසර් සහ ඊතාමාර් පූජක තනතුරේ වැඩ කළෝය.

3. තවද දාවිත් එලෙයාසර්ගේ පුත්‍රයන්ගෙන් ශාදොක්ද ඊතාමාර් පුත්‍රයන්ගෙන් අහීමෙලෙක්ද සමඟ ඔවුන්ගේ මෙහෙයේ නියමයේ ප්‍රකාරයට ඔවුන් බෙදුවේය.

4. ඊතාමාර්ගේ පුත්‍රයන් අතරේ සිටි ප්‍රධාන මනුෂ්‍යයන්ගේ ගණනට වඩා එලෙයාසර් පුත්‍රයන් අතරේ සිටියෝය; මෙලෙස ඔව්හු බෙදනු ලැබුවෝය. එලෙයාසර් පුත්‍රයන්ට පිය වංශවල ප්‍රධානීන් දහසය දෙනෙක්ද ඊතාමාර් පුත්‍රයන්ට ඔවුන්ගේ පිය වංශවල ප්‍රධානීන් අට දෙනෙක්ද සිටියෝය.

5. දෙගොල්ල ගැනම එකට පසඇට දමා බෙදුවෝය; මක්නිසාද ශුද්ධස්ථානයේ අධිපතියොත් දෙවියන්වහන්සේගේ අධිපතියොත් එලෙයාසර් පුත්‍රයන් අතරේ සහ ඊතාමාර් පුත්‍රයන් අතරේත් වූහ.

6. ලෙවීයයෙක්වූ නෙතනේල්ගේ පුත්‍රවූ ෂෙමායා නම් ලේකම් රජුද අධිපතීන්ද ශාදොක් පූජකයාද අබියාතර්ගේ පුත්‍රවූ අහීමෙලෙක්ද පූජකයන්ගේ සහ ලෙවීවරුන්ගේ පිය වංශවල ප්‍රධානීන්ද ඉදිරියෙහි ඔවුන්ගේ නාම ලියුවේය. එලෙයාසර්ට එක පිය වංශයක්ද ඊතාමාර්ට එක පිය වංශයක්ද බැගින් ගන්නාලද්දේය.

7. පළමුවෙනි පසඇටය වැටුණේ යෙහෝයාරීබ්ටය, දෙවෙනි එක යෙදායාටය;

8. තුන්වෙනි එක හාරීම්ටය, හතරවෙනි එක සෙයොරීම්ටය;

9. පස්වෙනි එක මල්කියාටය, හවෙනි එක මියාමින්ටය;

10. හත්වෙනි එක හක්කොශ්ටය, අටවෙනි එක අබියාටය;

11. නවවෙනි එක යේෂුවාටය, දසවෙනි එක ෂෙකනියාටය;

12. එකොළොස්වෙනි එක එලියාෂීබ්ටය, දොළොස්වෙනි එක යාකීම්ටය;

13. දහතුන්වෙනි එක හුප්පාටය, දසසතරවෙනි එක යෙෂෙබෙයාබ්ටය;

14. පහළොස්වෙනි එක බිල්ගාටය, දහසවෙනි එක ඉම්මෙර්ටය;

15. දහහත්වෙනි එක හෙසීර්ටය, දහඅටවෙනි එක හප්පිශ්ශෙශ්ටය;

16. දහනවවෙනි එක පෙතහියාටය, විසිවෙනි එක යෙහෙස්කෙල්ටය;

17. විසිඑක්වෙනි එක යාකීත්ටය, විසිදෙවෙනි එක ගාමූල්ටය;

18. විසිතුන්වෙනි එක දෙලායාටය, විසිහතරවෙනි එක මයසියාටය.

19. ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔවුන්ගේ පියවූ ආරොන්ට අණකළ ප්‍රකාරයට ඔහු ලවා කෙරෙවු නියෝගය ලෙස ස්වාමීන්වහන්සේගේ ගෘහයට ඇතුල්වීමට ඔවුන්ගේ මෙහෙයේ පිළිවෙළ මේය.

20. ලෙවීගේ අනික් පුත්‍රයෝ නම්: අම්රාම්ගේ පුත්‍රයන්ගෙන් ෂූබායෙල්ය; ෂූබායෙල්ගේ පුත්‍රයන්ගෙන් යෙදෙයාය.

21. රෙහබියාගෙන් එනම් රෙහබියාගේ පුත්‍රයන්ගෙන් ප්‍රධානියාවූ ඉෂ්ෂියාය.

22. ඉශ්හාරිවරුන්ගෙන් ෂෙලොමොත්ය; ෂෙලොමොත්ගේ පුත්‍රයන්ගෙන් යාහත්ය.

23. හෙබ්‍රොන්ගේ පුත්‍රයෝ: ප්‍රධානියාවූ යෙරියාය, දෙවෙනියාවූ අමරියාය, තුන්වෙනියාවූ යහසීයෙල්ය, සතරවෙනියාවූ යෙකමෙයාම්ය.

24. උස්සීයෙල්ගේ පුත්‍රයන්ගෙන් මීකාය; මීකාගේ පුත්‍රයන්ගෙන් ෂාමීර්ය.

25. මීකාගේ සහෝදරයාවූ ඉෂ්ෂියාය. ඉෂ්ෂියාගේ පුත්‍රයන්ගෙන් ශෙකරියාය.

26. මෙරාරීගේ පුත්‍රයෝ: මාලී සහ මූෂීය. යාසියාගේ පුත්‍රයෝ: බෙනෝය.

27. මෙරාරීගේ පුත්‍රයෝ: තමාගේ පුත්‍රවූ යාසියා නිසා උපන් බෙනෝ, ෂොහම්, සක්කූර් සහ ඉබ්රීය.

28. මාලී නිසා උපන් එලෙයාසර්ය, ඔහුට පුත්‍රයෝ නුවූහ.

29. කීෂ්ගෙන් එනම් කීෂ්ගේ පුත්‍රයන්ගෙන් වූ යෙරාමෙයෙල්ය.

30. මූෂීගේ පුත්‍රයෝ: මාලී, ඒදෙර් සහ යෙරීමොත්ය. ඔව්හු තමුන්ගේ පිය වංශ ප්‍රකාරයට ලෙවීගේ පුත්‍රයෝය.

31. ඔව්හුද තමුන්ගේ සහෝදරයන් වන ආරොන්ගේ පුත්‍රයන් මෙන්ම දාවිත් රජුද ශාදොක්ද අහිමෙලෙක්ද පූජකයන්ගේ සහ ලෙවීවරුන්ගේ පිය වංශවල ප්‍රධානීන්ද ඉදිරියෙහි පසඇට දැමුවෝය; පිය වංශවල ප්‍රධානියා තමාගේ බාල සහෝදරයා මෙන්ම පසඇට දැමුවේය.

About 1 ලේකම් Chapter 24

Read 1 ලේකම් Chapter 24 online from the Holy Bible. This chapter is part of the Book of 1 ලේකම් in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: 1 ලේකම්
Chapter: 24
Testament: Old Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading 1 ලේකම්. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading 1 ලේකම් Chapter 24 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is 1 ලේකම් Chapter 24?

1 ලේකම් Chapter 24 is part of the Book of 1 ලේකම් in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete 1 ලේකම් Chapter 24 online for free with easy chapter navigation.

More Chapters from 1-ලේකම්

  1. 1 ලේකම් Chapter 25
  2. 1 ලේකම් Chapter 22
  3. 1 ලේකම් Chapter 15
  4. 1 ලේකම් Chapter 11
  5. 1 ලේකම් Chapter 5
  6. 1 ලේකම් Chapter 16
  7. 1 ලේකම් Chapter 2

Explore More from පැරණි ගිවිසුම

  1. නික්මයාම Chapter 24
  2. ලෙවී කථාව Chapter 2
  3. යෙසායා Chapter 28
  4. සෙකරියා Chapter 12
  5. 2 සාමුවෙල් Chapter 18
  6. හොෂෙයා Chapter 12
  7. ආමොස් Chapter 5

Related Chapters & Readings

  1. ද්වීතීය කථාව Chapter 5
  2. උත්පත්ති Chapter 46
  3. යෝවෙල් Chapter 3
  4. හොෂෙයා Chapter 10
  5. විලාප ගී Chapter 5
  6. උත්පත්ති Chapter 3
  7. යෙසායා Chapter 18
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *