Read 2 රාජාවලිය Chapter 14 Online
Read 2 රාජාවලිය Chapter 14 online from the Holy Bible. This chapter is part of the Book of 2 රාජාවලිය in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of 2 රාජාවලිය and the Holy Bible online.
Choose a Chapter
2 රාජාවලිය 14
පරිච්ඡේදය 14
1. ඉශ්‍රායෙල් රජු යෝවාහාස්ගේ පුත්‍රවූ යෝවාෂ්ගේ දෙවෙනි අවුරුද්දේදී යුදාහි රජවූ යෝවාෂ්ගේ පුත්‍රවූ අමශියා රජවුණේය.
2. ඔහු විසිපස් අවුරුදු වයසේදී රජවී යෙරුසලමෙහි විසිනව අවුරුද්දක් රජකම්කෙළේය. ඔහුගේ මවුගේ නම යෙහෝයද්දින්ය, ඈ යෙරුසලමේ ස්ත්‍රියෙක්ය.
3. ඔහු ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි හරිව තිබුණු දේ කෙළේය, නුමුත් තමාගේ පියවූ දාවිත් මෙන් නොවේය. තමාගේ පියවූ යෝවාෂ් කළ සියල්ල ලෙස ඔහු කෙළේය.
4. එසේ වී නුමුත් උස් තැන් අහක් නොකරනලද්දේය. ඒ වනතෙක් සෙනඟ උස් තැන්වල පූජාකොට සුවඳ ද්‍රව්‍ය දැවුවෝය.
5. තවද රජකම ඔහු අතේ ස්ථිරවූ කෙණෙහිම ඔහු තමාගේ පියරජු මැරුවාවූ තමාගේ සේවකයන් මැරුවේය.
6. නුමුත්: දරුවන් නිසා පියවරුවත් පියවරුන් නිසා දරුවෝවත් මරනු නොලබත්වා; එක එකා තම තමාගේම පාපය නිසා මරනු ලබාවයි කියා ස්වාමීන්වහන්සේ අණකළ පරිද්දෙන් මෝසෙස්ගේ ව්‍යවස්ථා පොතේ ලියා තිබෙන ලෙස, ඔහු ඒ මිනීමරුවන්ගේ දරුවන් නොමැරුවේය.
7. ඔහු ලුණු මිටියාවතේදී ඒදොම්වරුන් දසදහසක් මරා, යුද්ධකොට සේලා අල්ලාගන, අද දක්වා තිබෙන හැටියට ඊට යොක්තෙයේල් යන නම තැබුවේය.
8. එකල අමශියා පණිවිඩකාරයන් යවා: එන්න, අපි මුණගැසෙමු කියා යේහුගේ පුත්‍රවූ යෙහෝවාහාස්ගේ පුත්‍ර වන ඉශ්‍රායෙල් රජවූ යෙහෝවාෂ්ට කියා ඇරියේය.
9. ඉශ්‍රායෙල් රජවූ යෙහෝවාෂ් උත්තරදෙමින්: ඔබේ දුව මාගේ පුතාට භාර්යාකොට දෙන්නැයි ලෙබනොන්හිවූ ගොකටුගස ලෙබනොන්හිවූ කිහිරි ගසට කියා ඇරියේය. නුමුත් ලෙබනොන්හි වන මෘගයෙක් ඒ ළඟින් යන විට කටු ගස පාගාදැමුවේය.
10. ඔබ ඒදොම්වරුන්ට පහර දුන්නා සැබෑය, ඔබේ සිතද උඩඟුවී තිබේ. ඒ ගෞරවය ඇතුව ගෙදර සිටින්න; ඔබද ඔබ සමඟ යුදාවරුන්ද වැටෙනලෙස ඔබ අන්තරායට මැදිවෙන්නේ මක්නිසාදැයි යුදාහි රජවූ අමශියාට කියා ඇරියේය.
11. එහෙත් අමශියා ඇහුම්කන් දුන්නේ නැත. ඒ නිසා ඉශ්‍රායෙල් රජවූ යොහෝවාෂ් ගියේය; ඔහුද යුදාහි රජවූ අමශියාද යුදාට අයිති බෙත්-ෂෙමෙෂ්හිදී එකිනෙකා මුණගැසුණෝය.
12. යුදාවරු ඉශ්‍රායෙල්වරුන්ට පරාජයවී සියල්ලෝම තම තමුන්ගේ කූඩාරම්වලට පලාගියෝය.
13. ඉශ්‍රායෙල් රජවූ යෙහෝවාෂ් අහසියාගේ පුත්‍රවූ යෙහෝවාෂ්ගේ පුත්‍රයා වන යුදාහි රජවූ අමශියා බෙත්-ෂෙමෙෂ්හිදී අල්ලාගෙන යෙරුසලමට ඇවිත්, එප්‍රායිම් දොරටුවේ සිට කොනේ දොරටුව දක්වා යෙරුසලමේ පවුරෙන් රියන් හාරසියයක් බිඳහෙලා,
14. ස්වාමීන්වහන්සේගේ ගෘහයෙහිත් රජගෙයි ගබඩාවලත් තිබුණු රන් රිදී සියල්ලද භාජන සියල්ලද ඇපකාරයන්ද රැගෙන, සමාරියට හැරී ගියේය.
15. යෙහෝවාෂ් කළ අනික් ක්‍රියාද ඔහුගේ වික්‍රමයද ඔහු යුදාහි රජවූ අමශියාට විරුද්ධව යුද්ධ කළ හැටිද ඉශ්‍රායෙල් රජුන්ගේ ලේකම් පොතේ ලියා තිබෙනවා නොවේද?
16. යෙහෝවාෂ්ද තමාගේ පියවරුන් සමඟ සැතපී සමාරියෙහි ඉශ්‍රායෙල් රජුන් ළඟ තැන්පත් කරනු ලැබුවේය; ඔහුගේ පුත්‍රවූ යෙරොබොවම් ඔහු වෙනුවට රජ වුණේය.
17. යෙහෝවාහාස්ගේ පුත්‍රවූ ඉශ්‍රායෙල් රජවූ යෙහෝවාෂ්ගේ මරණයෙන් පසු යෝවාෂ්ගේ පුත්‍රවූ යුදයේ රජවූ අමශියා අවුරුදු පහළොහක් ජීවත්වුණේය.
18. අමශියාගේ අනික් ක්‍රියා යුදා රජුන්ගේ ලේකම් පොතේ ලියා තිබෙනවා නොවේද?
19. මිනිස්සු ඔහුට විරුද්ධව යෙරුසලමෙහි කුමන්ත්‍රණයක් කළෝය; ඔහු ලාකීෂ්ට පලාගියේය. නුමුත් ඔව්හු ඔහු පස්සේ ලාකීෂ්ට මිනිසුන් යවා,
20. එහිදී ඔහු මරා අශ්වයන් පිට තබා ගෙනවුත් යෙරුසලමෙහි දාවිත්ගේ නුවර ඔහුගේ පියවරුන් ළඟ තැන්පත්කළෝය.
21. එකල යුදාහි මුළු සෙනඟ දහසය අවුරුදු වයස්ව සිටි අශරියා කැඳවාගෙන ඔහුගේ පියවූ අමශියා වෙනුවට රජකමට පත්කළෝය.
22. රජ තමාගේ පියවරුන් සමඟ සැතපුණු පසු ඔහු ඒලත් ගොඩනගා එය යුදාට නැවත අයිතිකරගත්තේය.
23. යුදාහි රජවූ යෝවාෂ්ගේ පුත්‍රවූ අමශි-යාගේ පසළොස්වෙනි අවුරුද්දේදී ඉශ්‍රායෙල් රජවූ යෝවාෂ්ගේ පුත්‍රවූ යෙරොබොවම් සමාරියෙහි රජවී සතළිස් එක් අවුරුද්දක් රජකම්කෙළේය.
24. ඔහු ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ කෙළේය. ඉශ්‍රායෙල්ට පව්කරන්ට සැලැස්සුවාවූ නෙබාත්ගේ පුත්‍රවූ යෙරොබොවම්ගේ සියලු පාපවලින් ඔහු අහක්නූණේය.
25. ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ තමන්ගේ මෙහෙකරුවූ, ගාත්හෙපෙර්හි අනාගතවක්තෘවූ අමිත්තයිගේ පුත්‍රවූ යෝනා ලවා කියෙවු වචනය ලෙස හමාත්ට ඇතුල්වන තැන් පටන් අරබා සමභූමියේ මුහුද දක්වා ඉශ්‍රායෙල්වරුන්ගේ සීමාව ඔහු නැවත ලබාගත්තේය.
26. මක්නිසාද ඉශ්‍රායෙල්වරුන්ගේ පීඩිතකම ඉතා බරපතළ බවත් දාසයන්ද නිර්දාසයන්ද නැතිවී ගිය බවත් ඉශ්‍රායෙල්ට උපකාරකරන කෙනෙක් නැති බවත් ස්වාමීන්වහන්සේ දුටු සේක.
27. තවද ඉශ්‍රායෙල් යන නාමය අහස යටින් මකාදමන්නෙමියි ස්වාමීන්වහන්සේ නොකීසේක. එබැවින් උන්වහන්සේ යෝවාෂ්ගේ පුත්‍රවූ යෙරොබොවම් ලවා ඔවුන් ගැළෙවුසේක.
28. යෙරොබොවම්ගේ අනික් ක්‍රියාත් ඔහු කළ සියල්ලත් ඔහුගේ වික්‍රමය එනම් ඔහු යුද්ධකළ හැටිත් යුදාට අයිතිව තිබූ දමස්කයද හමාත්ද ඔහු නැවත ඉශ්‍රායෙල්වරුන්ට ලබාගත් හැටිත් ඉශ්‍රායෙල් රජුන්ගේ ලේකම් පොතේ ලියා තිබෙනවා නොවේද?
29. යෙරොබොවම්ද තමාගේ පියවරුන් වන ඉශ්‍රායෙල් රජුන් සමඟ සැතපුණේය; ඔහුගේ පුත්‍රවූ සෙකරියා ඔහු වෙනුවට රජවුණේය.
About 2 රාජාවලිය Chapter 14
Read 2 රාජාවලිය Chapter 14 online from the Holy Bible. This chapter is part of the Book of 2 රාජාවලිය in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.
Book Information
Book: 2 රාජාවලිය
Chapter: 14
Testament: Old Testament
How to Read this Chapter
Use the Previous and Next Chapter buttons to continue reading 2 රාජාවලිය. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.
More Resources
Continue Reading the Bible
Continue reading 2 රාජාවලිය Chapter 14 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.
Frequently Asked Questions
What is 2 රාජාවලිය Chapter 14?
2 රාජාවලිය Chapter 14 is part of the Book of 2 රාජාවලිය in the Holy Bible.
Can I read this chapter online?
Yes. You can read the complete 2 රාජාවලිය Chapter 14 online for free with easy chapter navigation.
More Chapters from 2-රාජාවලිය
- 2 රාජාවලිය Chapter 21
- 2 රාජාවලිය Chapter 22
- 2 රාජාවලිය Chapter 9
- 2 රාජාවලිය Chapter 16
- 2 රාජාවලිය Chapter 6
- 2 රාජාවලිය Chapter 2
- 2 රාජාවලිය Chapter 1
Explore More from පැරණි ගිවිසුම
- යෝෂුවා Chapter 24
- ගීතාවලිය Chapter 35
- ගීතාවලිය Chapter 108
- ගීතාවලිය Chapter 143
- උත්පත්ති Chapter 33
- යෝබ් Chapter 4
- 2 ලේකම් Chapter 9