Read සාලමොන්ගේ ගීතිකා Chapter 8 Online
Read සාලමොන්ගේ ගීතිකා Chapter 8 online from the Holy Bible. This chapter is part of the Book of සාලමොන්ගේ ගීතිකා in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of සාලමොන්ගේ ගීතිකා and the Holy Bible online.
Choose a Chapter
සාලමොන්ගේ ගීතිකා 8
පරිච්ඡේදය 8
1. අනේ, නුඹ මාගේ මවුගේ පියයුරුවලින් කිරි බීවාවූ මාගේ සොහොයුරා මෙන් වී නම් කැමැත්තෙමි! එවිට පිටතදී නුඹ මට සම්බවූ කල සිඹගත්තත්, කිසිවෙක් මා හෙළා නොදක්නේය.
2. මම නුඹ ගෙනගොස් මාගේ මවුගේ ගෙට පමුණුවන්නෙමි, නුඹ මට උගන්වන්නෙහිය. මිශ්‍රකළ මුද්‍රිකපානයද දෙළුම් යුසද නුඹට බොන්ට දෙන්නෙමි.
3. ඔහුගේ වමත මාගේ හිස යට තිබේ, දකුණතද මා වැළඳගනියි.
4. යෙරුසලමේ දූවරුනි, ප්‍රේමය කැමතිවන තුරු එය නොනැගුටුවන ලෙසත් නුපුබුදුවන ලෙසත් නුඹලා දිවුරවමි.
5. තම ප්‍රේමවන්තයාට හේත්තුවී කාන්තාරයෙන් නැගීඑන්නාවූ මේ තැනැත්තිය කවුද? ජම්බු ගස යටදී මම නුඹ පිබිදෙවු වෙමි. එහි නුඹේ මෑණියෝ නුඹ ගැන රුජා වින්දාහ, එහි නුඹේ දිනිතිය බිහිකරන වේදනාවෙන් සිටියාය.
6. මුද්‍රාවක් කොට නුඹේ සිතෙහිද මුද්‍රාවක් කොට නුඹේ හස්තයෙහිද මා තබාගන්න. මක්නිසාද ප්‍රේමය මරණය මෙන් බලවත්ය; කාම ක්‍රෝධය මිනීවළ* මෙන් කෲරතරය. (* ෂෙයෝල) ඒකේ දැල්ල ගිනිදැල්ය, ස්වාමීන්වහන්සේගෙන් වූ ඇවිළෙන ගිනිදැල්ලක්මය.
7. බොහෝ වතුරුවලින් ප්‍රේමය නිවන්ට බැරිය, ගංගාවලට එය යටකරන්ටත් බැරිය. මනුෂ්‍යයෙක් ප්‍රේමය දිනාගන්ට තමාගේ ගෙයි සියලු සම්පත දෙතත්, ඔහු සහමුලින්ම සුළුකරනු ලැබේ.
8. අපට කුඩා සහෝදරියක් සිටින්නීය, ඈට පියයුරු නැත. අපේ සහෝදරී ගැන කථාකරන දවසේදී අපි ඈ ගැන මක්කරමුද?
9. ඈ පවුරක් නම්, ඈ පිට රිදී කොතක් ගොඩනගන්නෙමුව. ඈ දොරක් නම්, කිහිරි ලෑලිවලින් ඈ වටකරන්නෙමුව.
10. මම පවුරක්ව සිටියෙමි, මාගේ පියයුරු එහි කොත්කුළුනු මෙන්ය; එවිට මම ඔහුගේ ඇස් හමුයෙහි සමාදානය ලද්දියෙකු මෙන් වීමි.
11. බාල්-හාමොන්හි සාලමොන්ට මිදිවත්තක් තිබුණේය; ඔහු ඒ මිදිවත්ත බලන්නන්ට භාර දුන්නේය; එහි ඵල වෙනුවට රිදී දහසක් බැගින් ගෙනෙන්ට එකිනෙකාට නියමවිය.
12. මට අයිති මගේ මිදිවත්ත මා ඉදිරියෙහි තිබේ. සාලමොන්, ඔබට දහසද එහි ඵල බලාගන්නන්ට දෙසියයක්ද දෙනු ලැබෙන්නේය.
13. උයන්වල වසන තැනැත්තිය, යහළුවෝ නුඹේ හඬට ඇහුම්කන්දෙති. ඒක මට අසන්ට ලැබේවා.
14. මාගේ ප්‍රේමවන්තය, ඉක්මන්කොට, සුවඳ ගස් ඇති කඳු පිට, තිත්මුවෙකු නොහොත් මුවවස්සෙකු මෙන් යුහුසුලුවෙන්න.
About සාලමොන්ගේ ගීතිකා Chapter 8
Read සාලමොන්ගේ ගීතිකා Chapter 8 online from the Holy Bible. This chapter is part of the Book of සාලමොන්ගේ ගීතිකා in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.
Book Information
Book: සාලමොන්ගේ ගීතිකා
Chapter: 8
Testament: Old Testament
How to Read this Chapter
Use the Previous and Next Chapter buttons to continue reading සාලමොන්ගේ ගීතිකා. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.
More Resources
Continue Reading the Bible
Continue reading සාලමොන්ගේ ගීතිකා Chapter 8 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.
Frequently Asked Questions
What is සාලමොන්ගේ ගීතිකා Chapter 8?
සාලමොන්ගේ ගීතිකා Chapter 8 is part of the Book of සාලමොන්ගේ ගීතිකා in the Holy Bible.
Can I read this chapter online?
Yes. You can read the complete සාලමොන්ගේ ගීතිකා Chapter 8 online for free with easy chapter navigation.
More Chapters from පැරණි ගිවිසුම
- නික්මයාම Chapter 1
- නික්මයාම Chapter 30
- නික්මයාම Chapter 26
- නික්මයාම Chapter 12
- නික්මයාම Chapter 20
- නික්මයාම Chapter 6
- නික්මයාම Chapter 2
Explore More from සාලමොන්ගේ-ගීතිකා
- සාලමොන්ගේ ගීතිකා Chapter 6
- සාලමොන්ගේ ගීතිකා Chapter 4
- සාලමොන්ගේ ගීතිකා Chapter 3
- සාලමොන්ගේ ගීතිකා Chapter 5
- සාලමොන්ගේ ගීතිකා Chapter 2
- සාලමොන්ගේ ගීතිකා Chapter 1
- සාලමොන්ගේ ගීතිකා Chapter 7