Read යෙරෙමියා Chapter 43 Online
Read යෙරෙමියා Chapter 43 online from the Holy Bible. This chapter is part of the Book of යෙරෙමියා in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of යෙරෙමියා and the Holy Bible online.
Choose a Chapter
යෙරෙමියා 43
පරිච්ඡේදය 43
1. යෙරෙමියා මුළු සෙනඟට ඔවුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔහු ලවා ඔවුන්ට කියා ඇරියාවූ ඔවුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ සියලු වචන වන ඒ සියලු වචන කියා තීන්දුවුණු විට,
2. හෝෂායාගේ පුත්‍රවූ අසරියාද කාරේයාගේ පුත්‍රවූ යොහානාන්ද උඩඟුවූ සියලු මනුෂ්‍යයෝද යෙරෙමියාට කථාකොට: නුඹ බොරු කියන්නෙහිය. මිසරයෙහි පොරොත්තුව සිටීමට එහි යන්ට එපායයි කියන්ට අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹ එවුවා නොව,
3. කල්දිවරුන් විසින් අප මරන්ටත් බබිලෝනියට අප අල්ලා ගෙනයන්ටත් ඔවුන්ගේ අතට අප පාවාදෙන පිණිස නේරියාගේ පුත්‍රවූ බාරුක් අපට විරුද්ධව නුඹ පොළඹවන්නේයයි කීවෝය.
4. මෙසේ කාරේයාගේ පුත්‍රවූ යොහානාන්ද සේනාවල සියලු අධිපතීහුද මුළු සෙනඟද යූදා දේශයෙහි සිටින පිණිස ස්වාමීන්වහන්සේගේ හඬට කීකරු නොවූහ.
5. නුමුත් කාරේයාගේ පුත්‍රවූ යොහානාන් සහ සේනාවල සියලු අධිපතීහුද යූදාවරු යම් යම් ජාතීන් අතරට පන්නනු ලැබුවාහුද, යූදා දේශයෙහි සිටීමට ඒ සියලු ජාතීන් අතරෙන් හැරී ආවාවූ ඉතිරිව සිටි සියලු යූදාවරුන් වන,
6. පුරුෂයන්ද ස්ත්‍රීන්ද දරුවන්ද රජුගේ දූවරුන්ද රැකවලුන්ගේ අධිපතියාවූ නෙබුසරදාන් විසින් ෂාපාන්ගේ පුත්‍රවූ අහිකාම්ගේ පුත්‍රයා වන ගෙදලියා වෙත නවත්වා ගියාවූ සියලු ප්‍රාණීන්ද අනාගතවක්තෘවූ යෙරෙමියාද නේරියාගේ පුත්‍රවූ බාරුක්ද රැගෙන,
7. ස්වාමීන්වහන්සේගේ හඬට කීකරු නොවී, මිසර දේශයට පැමිණියෝය. තවද ඔව්හු තාපන්හේස් දක්වා ගියෝය.
8. එකල තාපන්හේස්හිදී ස්වාමීන්වහන්සේගේ වචනය යෙරෙමියා වෙතට පැමිණ මෙසේ කීය:
9. නුඹේ අතින් ලොකු ගල් රැගෙන යූදාවරුන් බලා සිටියදී තාපන්හේස්හි ඵාරාවෝගේ ගෘහයේ දොරටුවෙහි තිබෙන ගඩොල් වැඩේ බදාම තුළ සඟවා තබා,
10. ඔවුන්ට කථාකොට: ඉශ්‍රායෙල්ගේ දෙවිවූ සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක-බලව, මම මිනිසුන් යවා මාගේ සේවකයා වන බබිලෝනියේ රජවූ නෙබුකද්රෙශර් ගෙන්වා, මා විසින් සඟවා තැබූ මේ ගල් පිට ඔහුගේ සිංහාසනය තබන්නෙමි; ඔහුද තමාගේ රාජකීය සේසත ඒවා උඩ තබනවා ඇත.
11. ඔහු ඇවිත් මිසර දේශයට පහරදෙනවා ඇත; මරණයට නියමවූ අය මරණයටත් වාල්කමට නියමවූ අය වාල්කමටත් කඩුවට නියමවූ අය කඩුවටත් අසුවන්නෝය.
12. මමද මිසරයේ දෙවිවරුන්ගේ ගෘහවල ගින්නක් දල්වන්නෙමි; ඔහු ඒවා දවාදමා, රැගෙන ගොස්, එඬේරෙක් තමාගේ ඇඳුම පෙරවාගන්නාක් මෙන් මිසර දේශයේ පෙරවාගෙන, එතැනින් සමාදානයෙන් පිටත්ව යන්නේය.
13. ඔහු මිසර දේශයේ තිබෙන බෙත්-ෂෙමෙෂ්හි කුළුනු බිඳදමන්නේය; මිසරයේ දෙවිවරුන්ගේ ගෘහද ගින්නෙන් දවන්නේයයි ඔවුන්ට කියන්නැයි කීය.
About යෙරෙමියා Chapter 43
Read යෙරෙමියා Chapter 43 online from the Holy Bible. This chapter is part of the Book of යෙරෙමියා in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.
Book Information
Book: යෙරෙමියා
Chapter: 43
Testament: Old Testament
How to Read this Chapter
Use the Previous and Next Chapter buttons to continue reading යෙරෙමියා. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.
More Resources
Continue Reading the Bible
Continue reading යෙරෙමියා Chapter 43 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.
Frequently Asked Questions
What is යෙරෙමියා Chapter 43?
යෙරෙමියා Chapter 43 is part of the Book of යෙරෙමියා in the Holy Bible.
Can I read this chapter online?
Yes. You can read the complete යෙරෙමියා Chapter 43 online for free with easy chapter navigation.
More Chapters from පැරණි ගිවිසුම
- නික්මයාම Chapter 1
- නික්මයාම Chapter 30
- නික්මයාම Chapter 26
- නික්මයාම Chapter 12
- නික්මයාම Chapter 9
- නික්මයාම Chapter 2
- නික්මයාම Chapter 20
Explore More from යෙරෙමියා
- යෙරෙමියා Chapter 45
- යෙරෙමියා Chapter 42
- යෙරෙමියා Chapter 12
- යෙරෙමියා Chapter 47
- යෙරෙමියා Chapter 18
- යෙරෙමියා Chapter 14
- යෙරෙමියා Chapter 16