Read නික්මයාම Chapter 9 Online
Read නික්මයාම Chapter 9 online from the Holy Bible. This chapter is part of the Book of නික්මයාම in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of නික්මයාම and the Holy Bible online.
Choose a Chapter
නික්මයාම 9
පරිච්ඡේදය 9
1. තවද ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: ඔබ ඵාරාවෝ වෙතට ගොස් ඔහුට මෙසේ කියව-හෙබ්‍රෙව්වරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මට මෙහෙකරන පිණිස මාගේ සෙනඟ යන්ට හරින්න.
2. ඔබ ඔවුන්ට යන්ට නොදී තවදුරටත් වලක්වන්නෙහිනම්,
3. බලව, කෙතේ ඉන්න ඔබේ සිව්පාවුන් පිට එනම් අශ්වයන් පිටද කොටළුවන් පිටද ඔටුවන් පිටද ගව රැළවල් සහ එළු බැටළු රැළවල් පිටද ස්වාමීන්වහන්සේගේ හස්තය පැමිණෙයි. ඉතා තද ගව වසංගතයක් වන්නේය.
4. ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල්වරුන්ගේ සිව්පාවුන්ද මිසරයේ සිව්පාවුන්ද අතරේ වෙනසක් කරනසේක. ඉශ්‍රායෙල් පුත්‍රයන් සන්තක සියල්ලන්ගෙන් කිසිවෙක් නොනසින්නේයයි ඔහුට කියවයි කීසේක.
5. ස්වාමීන්වහන්සේ වේලාවක් නියමකොට: හෙට දවසේ ස්වාමීන්වහන්සේ මේ දෙය දේශයෙහි කරනවා ඇතැයි කීසේක.
6. පසුවදා ස්වාමීන්වහන්සේ ඒ දේ කළසේක, මිසරයේ සියලු සිව්පාවෝ මළෝය. එහෙත් ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ සිව්පාවුන්ගෙන් එකෙක්වත් නොමළේය.
7. එවිට ඵාරාවෝ මිනිසුන් යවා ඉශ්‍රායෙල්වරුන්ගේ සිව්පාවුන්ගෙන් එකෙක්වත් නොමළ බව දැනගත්තේය. එහෙත්, ඵාරාවෝගේ සිත මුරණ්ඩුව තිබුණේය, ඔහු සෙනඟ යන්ට නොහැරියේය.
8. තවද ස්වාමීන්වහන්සේ මෝසෙස් සහ ආරොන්ට කථාකොට: උදුනේ අලු අත් පුරා ගන්න, මෝසෙස් ඒවා ඵාරාවෝගේ ඇස් හමුවෙහිදී අහස දෙසට ඉසීවා.
9. ඒවා මිසර දේශය මුළුල්ලෙහි සිහින් ධූලිව, මිසර දේශය මුළුල්ලෙහි මනුෂ්‍යයන් පිටද මෘගයන් පිටද වණ හටගන්නා ගඩුවන්නේයයි කීසේක.
10. ඔව්හු උදුනේ අලු රැගෙන ඵාරාවෝ ඉදිරිපිට සිටියෝය; මෝසෙස් ඒවා අහස දෙසට ඉස්සේය; ඒවා මනුෂ්‍යයන් පිටත් මෘගයන් පිටත් වණ හටගන්නා ගඩු විය.
11. ගඩු නිසා මායාකාරයන්ට මෝසෙස් ඉදිරිපිට සිටින්ට නුපුළුවන් වූයේය; මක්නිසාද මායාකාරයන් සහ සියලු මිසරවරුන්ට ගඩු හැදුණේය.
12. ස්වාමීන්වහන්සේ ඵාරාවෝගේ සිත දැඩිකළසේක, ඔහු වනාහි ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කී ලෙස ඔවුන්ට ඇහුම්කන්නුදුන්නේය.
13. තවද ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: අලුයම නැගිට ඵාරාවෝ ඉදිරිපිට සිට හෙබ්‍රෙව්වරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේකැයි කියව: මට මෙහෙකරන පිණිස මාගේ සෙනඟ යන්ට හරින්න.
14. මක්නිසාද මුළු පොළොවෙහි මා සමාන කෙනෙක් නැති බව ඔබ දැනගන්නා පිණිස මේ වතාවේ ඔබේ සිතටත් ඔබේ සේවකයන් පිටටත් ඔබේ සෙනඟ පිටටත් මාගේ සියලු පීඩාවන් පමුණුවන්නෙමි.
15. මක්නිසාද දැනට මා විසින් මාගේ අත දිඟුකොට ඔබට සහ ඔබේ සෙනඟට වසංගතයෙන් පහර දෙන්ටත් එසේ ඔබ පොළොවෙන් සිඳිනු ලබන්ටත් තිබුණේය.
16. සැබවින් මා විසින් ඔබ ආරක්ෂාකළේ ඔබට මාගේ බලය පෙන්වන පිණිසත් මාගේ නාමය මුළු පොළොවෙහි ප්‍රකාශවෙන පිණිසත්ය.
17. තවමත් මාගේ සෙනඟ යන්ට නොහරින ලෙස ඔවුන්ට විරුද්ධව උසස්වන්නෙහිද?
18. බලව, හෙට මේ වේලාව පමණේදී මිසරය පිහිටෙවු දා පටන් මේ දක්වා නුවූ ආකාර භයානක ගල් වර්ෂාවක් වස්වන්නෙමි.
19. එබැවින් දැන් මිනිසුන් යවා කෙතෙහි සිටින ඔබේ සිව්පාවුන්ද ඔබ සන්තක සියල්ලද ඉක්මනින් ගෙන්වාගන්න; මක්නිසාද ගෙට ගෙන්වා නොගෙන කෙතෙහි සිටින්නාවූ සියලු මිනිසුන් සහ මෘගයන් පිට ගල් වර්ෂාව වසින්නේය, ඔව්හු මියයන්නෝයයි ඔහුට කියවයි කීසේක.
20. ඵාරාවෝගේ සේවකයන් අතරෙන් ස්වාමීන්වහන්සේගේ වචනයට භයවූ තැනැත්තේ තමාගේ මෙහෙකරුවන්ද සිව්පාවුන්ද ගෙවලට පලායන්ට සැලැස්විය.
21. ස්වාමීන්වහන්සේගේ වචනය නොසැලකූ තැනැත්තේ තමාගේ වැඩකාරයන්ද සිව්පාවුන්ද කෙතෙහි සිටින්ට හැරියේය.
22. ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: මිසර දේශය මුළුල්ලෙහි මනුෂ්‍යයන් පිටටත් මෘගයන් පිටටත් මුළු මිසර දේශයෙහි කෙතේ සියලු පලා ජාති පිටටත් ගල් වර්ෂාව වසින පිණිස අහස දෙසට ඔබේ අත දිගුකරන්නැයි කීසේක.
23. මෝසෙස් තමාගේ සැරයටිය අහස දෙසට දිගුකෙළේය. එවිට ස්වාමීන්වහන්සේ අකුණු ගර්ජනා සහ ගල් වර්ෂාව එවූසේක, ගින්න පොළොව පිට වැටුණේය; ස්වාමීන්වහන්සේ මිසර දේශය පිටට ගල් වර්ෂාව වැස්සෙවුසේක.
24. මෙසේ මිසර දේශය ජනපදයක්වූ පසු එහි කොතැනකවත් නුවූලෙස ඉතා තද ගල් වර්ෂාවද ගල් වර්ෂාව හා මිශ්‍රව ගිනිද වැස්සේය.
25. ගල් වර්ෂාව වනාහි මුළු මිසර දේශයෙහි කෙත්වල සිටි සියලු මනුෂ්‍යයන්ද මෘගයන්ද හෙළා දැම්මේය; තවද ගල් වර්ෂාවෙන් කෙතේ සියලු පලා ජාති නාස්තිවිය, සියලු ගස්ද බිඳීගියේය.
26. ඉශ්‍රායෙල් පුත්‍රයන් සිටි ගෝෂෙන් නම් දේශයෙහි පමණක් කිසි ගල් වර්ෂාවක් නොවීය.
27. එවිට ඵාරාවෝ පණිවුඩ යවා මෝසෙස් සහ ආරොන් හඬගස්වා: මම මේ වතාවේ පව්කෙළෙමි. ස්වාමීන්වහන්සේ ධර්මිෂ්ඨසේක, මමද මාගේ සෙනඟද දුෂ්ටයෝය.
28. ස්වාමීන්වහන්සේට කන්නලව් කරන්න; මක්නිසාද මේ මහත් අකුණු ගර්ජනා සහ ගල් වර්ෂාව ඉතින් ඇත; මම ඔබ සැම තවත් නවත්වා නොගෙන යන්ට හරින්නෙමියි ඔවුන්ට කීය.
29. මෝසෙස්ද: මම නුවරින් පිට ගිය කෙණෙහිම ස්වාමීන්වහන්සේ දෙසට මාගේ අත් දිගුකරන්නෙමි; පොළොව ස්වාමීන්වහන්සේගේයයි ඔබ දැනගන්නා පිණිස අකුණු ගර්ජනා නවතින්නේය, ගල් වර්ෂාවද තවත් නොවන්නේය.
30. එහෙත් ඔබද ඔබගේ සේවකයෝද ස්වාමිවූ දෙවියන්වහන්සේට තවම භයනොවන්නහුයයි දනිමියි ඔහුට කීවේය.
31. හණ සහ යවද නාස්තිවුණේය. මක්නිසාද යව කරල් හටගෙන තිබුණේය, හණද පීදී තිබුණේය.
32. නුමුත් තිරිඟු සහ තණහාල් නොවැඩී තිබුණු බැවින් ඒවා නාස්ති නොවීය.
33. මෝසෙස් ඵාරාවෝ කෙරෙන් නුවරින් පිටතට ගොස් ස්වාමීන්වහන්සේ දෙසට තමාගේ අත් දිගුකෙළේය. එවිට අකුණු ගර්ජනා සහ ගල් වර්ෂාවද නැවතුණේය. වර්ෂාවද පොළෝ මතුපිට නොවැස්සේය.
34. ඵාරාවෝ වනාහි වර්ෂාවද ගල් වර්ෂාවද අකුණු ගර්ජනාද නැවතුණු බව දුටු කල ඔහුත් ඔහුගේ සේවකයොත් වඩ වඩා පව්කරමින් තමන්ගේ සිත් දැඩිකරගත්තෝය.
35. ස්වාමීන්වහන්සේ මෝසෙස් ලවා කී ලෙස ඵාරාවෝගේ සිත දැඩිවිය, ඔහු ඉශ්‍රායෙල් පුත්‍රයන් යන්ට නොහැරියේය.
About නික්මයාම Chapter 9
Read නික්මයාම Chapter 9 online from the Holy Bible. This chapter is part of the Book of නික්මයාම in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.
Book Information
Book: නික්මයාම
Chapter: 9
Testament: Old Testament
How to Read this Chapter
Use the Previous and Next Chapter buttons to continue reading නික්මයාම. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.
More Resources
Continue Reading the Bible
Continue reading නික්මයාම Chapter 9 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.
Frequently Asked Questions
What is නික්මයාම Chapter 9?
නික්මයාම Chapter 9 is part of the Book of නික්මයාම in the Holy Bible.
Can I read this chapter online?
Yes. You can read the complete නික්මයාම Chapter 9 online for free with easy chapter navigation.
More Chapters from නික්මයාම
- නික්මයාම Chapter 1
- නික්මයාම Chapter 30
- නික්මයාම Chapter 26
- නික්මයාම Chapter 12
- නික්මයාම Chapter 20
- නික්මයාම Chapter 6
- නික්මයාම Chapter 2
Explore More from පැරණි ගිවිසුම
- 1 සාමුවෙල් Chapter 23
- ගීතාවලිය Chapter 81
- යෙරෙමියා Chapter 14
- යෙසායා Chapter 65
- 2 සාමුවෙල් Chapter 3
- ගීතාවලිය Chapter 39
- ගණන් කථාව Chapter 1