Read එසකියෙල් Chapter 44 Online
Read එසකියෙල් Chapter 44 online from the Holy Bible. This chapter is part of the Book of එසකියෙල් in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of එසකියෙල් and the Holy Bible online.
Choose a Chapter
එසකියෙල් 44
පරිච්ඡේදය 44
1. එවිට ඔහු නැගෙනහිරට තිබෙන ශුද්ධස්ථානයේ දොරටුව දෙසට යන මාර්ගයෙන් මා නැවත ගෙනගියේය; නුමුත් ඒක වසා තිබුණේය.
2. ස්වාමීන්වහන්සේ මට කථාකොට: මේ දොරටුව නෑර වසා තිබිය යුතුය, කිසිවෙක් එයින් ඇතුල් නොවන්නේය, මක්නිසාද ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ එයින් ඇතුල්වූසේක; එබැවින් එය වසා තැබිය යුතුය.
3. අධිපතියාට නම් ඔහු අධිපතියා බැවින් එහි හිඳගෙන ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි කෑම කන්ට ලැබෙනවා ඇත; ඔහු දොරටුවේ ශාලාවේ මාර්ගයෙන් ඇතුල්වෙනවා ඇත, ඒකේ මාර්ගයෙන් පිටතට යනවා ඇතැයි කීසේක.
4. එවිට ඔහු උතුරු දොරටුවේ මාර්ගයෙන් ගෘහයේ ඉස්සරහ පැත්තට මා පැමිණෙවුවේය; මම බැලූ විට ස්වාමීන්වහන්සේගේ ගෘහයේ ස්වාමීන්වහන්සේගේ තේජසින් පිරී තිබෙන බව දැක මුහුණින් වැටුණෙමි.
5. ස්වාමීන්වහන්සේ මට කියනසේක්: මනුෂ්‍ය පුත්‍රය, ස්වාමීන්වහන්සේගේ ගෘහයේ සියලු නියෝග ගැනද එහි සියලු ව්‍යවස්ථා ගැනද මා විසින් නුඹට කියන සියල්ලම නුඹ සිතට ගෙන, නුඹේ ඇස්වලින් බලා, නුඹේ කන්වලින් අසන්න; ගෘහයට ඇතුල්වෙන තැනටත් ශුද්ධස්ථානයෙන් පිටතට යන සියලු තැන්වලටත් නුඹේ සිත යොමුකරන්න.
6. කැරළිකාර ඉශ්‍රායෙල් වංශයට ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේකැයි කියන්න: එම්බා ඉශ්‍රායෙල් වංශය, නුඹලාගේ සියලු පිළිකුල්කම් නුඹලාට ඉතින් ඇත.
7. නුඹලා මාගේ ආහාර වන තෙලද ලේද ඔප්පුකරන විට, මාගේ ගෘහය කෙලහන හැටියට මාගේ ශුද්ධස්ථානයෙහි සිටීමට අචර්මඡේදිත සිත්ද අචර්මඡේදිත මාංසද ඇති විදේශීන් ඒක ඇතුළට ගෙනාවහුය; නුඹලාගේ සියලු පිළිකුල්කම් මදිවාට ඔව්හු මාගේ ගිවිසුමත් කඩකළෝය.
8. නුඹලා මාගේ ශුද්ධවූ සේවය නොපවත්වා, නුඹලා වෙනුවට මාගේ ශුද්ධස්ථානයෙහි මාගේ සේවය පවත්වන්නන් පත්කළහුය.
9. ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: ඉශ්‍රායෙල් පුත්‍රයන් අතරෙහි සිටින විදේශීන්ගෙන් අචර්මඡේදිත සිතක්ද අචර්මඡේදිත මාංසද ඇති කිසි විදේශියෙක් මාගේ ශුද්ධස්ථානයට ඇතුල් නොවේවා.
10. තමුන්ගේ දේවරූප පස්සේ මුළාව ගිය ඉශ්‍රායෙල්වරුන් මුළාව ගිය කල මා වෙතින් අහක්ව ගියාවූ ලෙවීවරු ස්වකීය අයුතුකම දරන්නෝය.
11. එහෙත් ඔව්හු මාගේ ශුද්ධස්ථානයෙහි සේවකයෝව ගෘහයේ දොරටුවල රැකවල්ලුව ගෘහයේ සේවකයෝව සිටින්නාහුය. ඔවුන් වනාහි දවන පූජාව සහ යාගය සෙනඟට මරාදෙනවා ඇත, ඔවුන්ට සේවයකිරීමටද ඔවුන් ඉදිරියෙහි සිටිනවා ඇත.
12. ඔවුන්ගේ දේවරූප ඉදිරියෙහි ඔවුන්ට මොවුන් සේවයකොට ඉශ්‍රායෙල් වංශය පැකිලවන අපරාධකමේ ගලක් වූ බැවින්, මාගේ අත මොවුන්ට විරුද්ධව එසෙවුවෙමියි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක, ඔවුන් තමුන්ගේ අයුතුකම දරනවා ඇත.
13. මට පූජකකම් කරමින් මාගේ සියලු ශුද්ධ දේවල් වන අතිශුද්ධ දේවලින් යමක් ළඟටවත් මා ළඟටවත් ඔවුන් නොපැමිණිය යුතුය. ඔවුන් තමුන්ගේ ලජ්ජාව සහ තමුන් කළ තමුන්ගේ පිළිකුල්කමුත් දරනවා ඇත.
14. එසේ ගෘහයේ මුළු මෙහෙයටත් එහි කෙරෙන සියල්ලටත් ඔවුන් ගෘහය බලාගන්න රැකවලුන් කරන්නෙමි.
15. නුමුත් ඉශ්‍රායෙල් පුත්‍රයන් මා වෙතින් මුළාව ගිය විට මාගේ ශුද්ධස්ථානයේ සේවය පැවැත්තුවාවූ ලෙවීවරුන්වූ පූජකයන් වන ශාදොක්ගේ පුත්‍රයන්ට නම් මට සේවයකිරීමට මා ළඟට පැමිණෙන්ටත් තෙල සහ ලේ මට ඔප්පු කිරීමට මා ඉදිරියෙහි සිටින්ටත් පුළුවනැයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.
16. ඔවුන්ට නම් මාගේ ශුද්ධස්ථානයට ඇතුල්වෙන්ටත් මට සේවයකිරීමට මාගේ මේසය ළඟට පැමිණෙන්ටත් මාගේ සේවය පවත්වන්ටත් පුළුවන.
17. ඔවුන් ඇතුල් මළුවේ දොරටුවලට ඇතුල්වෙන කල හණ වස්ත්‍ර ඇඳ සිටිය යුතුය; ඇතුල් මළුවේ දොරටුවලට ඇතුළතින්ද ගෘහයෙහිද සේවයකරන අතර ඔව්හු ලෝම රෙදි නෑඳ සිටිත්වා.
18. ඔවුන්ගේ හිස් පට හණ තොප්පිද ඔවුන්ගේ ඉඟටිවල හණ වැසුම්ද තිබේවා; ඩහදිය හටගන්වන දෙයක් පෙරවා නොගනිත්වා.
19. ඔවුන් පිට-මළුවට එනම් පිට-මළුවේ සෙනඟ ළඟට යන කල, ඔවුන් සේවයකරන්ට අඳින තමුන්ගේ වස්ත්‍ර ගළවා, ඒවා ශුද්ධස්ථානයේ කාමරවල තබා, තමුන්ගේ වස්ත්‍රවලින් සෙනඟ විශුද්ධ නොකරන පිණිස වෙන වස්ත්‍ර ඇඳගනිත්වා.
20. ඔව්හු තමුන්ගේ ඉස් බූගාන්නේවත් ඉසකේ දික්වීමට අරින්නේවත් නැතුව, තමුන්ගේ ඉසකේ කපත්වා.
21. ඇතුල් මළුවට ඇතුල්වෙන කල කිසි පූජකයෙක් මුද්‍රිකපානය නොබී සිටීවා.
22. ඔව්හු වැන්දඹුවක්වත් අත්හරිනු ලැබූ ස්ත්‍රියෙක්වත් නොව ඉශ්‍රායෙල් වංශයේ කන්‍යාවන් සරණපාවා ගනිත්වා; නුමුත් පූජකයෙකුගේ වැන්දඹුවක්ව සිටින ස්ත්‍රියෙක් පාවාගන්ට ඔවුන්ට පුළුවන.
23. ශුද්ධවූ එක සහ ශුද්ධ නැති එක අතරේ තිබෙන වෙනස ඔවුන් මාගේ සෙනඟට පෙන්වා, අපවිත්‍ර එක සහ පවිත්‍ර එක අතරෙත් තිබෙන වෙනස ඔවුන්ට දන්වත්වා.
24. පැමිණිල්ලක් ගැන නම් ඔව්හුම විනිශ්චයකිරීමට සිට, මාගේ විනිශ්චයවල හැටියට ඒක විනිශ්චයකරත්වා. මාගේ ව්‍යවස්ථාද මාගේ නියෝගද ඔව්හු මාගේ සියලු සභාවලදී රක්ෂාකරත්වා; මාගේ සබත් දවස්ද ශුද්ධකොට පවත්වත්වා.
25. ඔව්හු මළ කෙනෙකු ළඟට පැමිණ අපවිත්‍ර නොවෙත්වා. නුමුත් පියා නිසාවත් මවු නිසාවත් පුත්‍රයෙකු නිසාවත් දුවෙකු නිසාවත් සහෝදරයෙකු නිසාවත් පුරුෂයෙකු ඇතුව නොසිටිය සහෝදරියෙකු නිසාවත් ඔවුන්ට අපවිත්‍ර වෙන්ට අවසර තිබේ.
26. ඔහු පිරිසිදුවූ පසු ඔහුට සත් දවසක් නියමකරන්ට යෙදේවා.
27. ඔහු ශුද්ධස්ථානයෙහි සේවයකරන්ට ශුද්ධස්ථානයේ ඇතුල් මළුවට ඇතුල්වෙන දවසේ ඔහු තමාගේ පාප පූජාව ගෙනෙන්ට යෙදේවයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.
28. ඔවුන්ට ලැබෙන උරුමය මෙසේය; ඔවුන්ගේ උරුමය මමය. නුඹලා ඔවුන්ට ඉශ්‍රායෙල්වරුන් අතරෙහි කොටසක් නොදිය යුතුය; ඔවුන්ගේ කොටස මමය.
29. ඔවුන්ට ආහාර පූජාවද පාප පූජාවද අපරාධ පූජාවද කන්ට පුළුවන; ඉශ්‍රායෙල් අතරෙහි කැපවූ සියල්ලම ඔවුන්ට වන්නේය.
30. සියලුම දේවල සියලුම ප්‍රථම ඵලවලින් පළමු ඒවාද නුඹලාගේ සියලු ආකාර දේවල එසවීමේ පූජා සියල්ලද පූජකයන්ට වන්නේය. නුඹේ ගෙය මතුයෙහි ආශීර්වාදයක් පවතින පිණිස නුඹලාගේ අනාපු පිටියෙන් පළමු කොටස පූජකයාට දෙන්න.
31. ඉබේම මැරුණු නොහොත් මෘගයන් විසින් ඉරාදැමූ කිසි පක්ෂියෙක්වත් මෘගයෙක්වත් පූජකයන් විසින් නොකෑ යුතුය.
About එසකියෙල් Chapter 44
Read එසකියෙල් Chapter 44 online from the Holy Bible. This chapter is part of the Book of එසකියෙල් in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.
Book Information
Book: එසකියෙල්
Chapter: 44
Testament: Old Testament
How to Read this Chapter
Use the Previous and Next Chapter buttons to continue reading එසකියෙල්. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.
More Resources
Continue Reading the Bible
Continue reading එසකියෙල් Chapter 44 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.
Frequently Asked Questions
What is එසකියෙල් Chapter 44?
එසකියෙල් Chapter 44 is part of the Book of එසකියෙල් in the Holy Bible.
Can I read this chapter online?
Yes. You can read the complete එසකියෙල් Chapter 44 online for free with easy chapter navigation.
More Chapters from එසකියෙල්
- එසකියෙල් Chapter 5
- එසකියෙල් Chapter 24
- එසකියෙල් Chapter 40
- එසකියෙල් Chapter 34
- එසකියෙල් Chapter 28
- එසකියෙල් Chapter 17
- එසකියෙල් Chapter 9
Explore More from පැරණි ගිවිසුම
- 2 ලේකම් Chapter 18
- ගීතාවලිය Chapter 74
- 2 ලේකම් Chapter 11
- 1 රාජාවලිය Chapter 19
- ගීතාවලිය Chapter 58
- යෝෂුවා Chapter 12
- නික්මයාම Chapter 36