යෙරෙමියා Chapter 29

For English

Read යෙරෙමියා Chapter 29 Online

Read යෙරෙමියා Chapter 29 online from the Holy Bible. This chapter is part of the Book of යෙරෙමියා in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of යෙරෙමියා and the Holy Bible online.

Choose a Chapter

A+ A A-

යෙරෙමියා 29

පරිච්ඡේදය 29

1. යෙකොනියා රජුද මවු බිසවද නපුංසකයන්ද යූදා සහ යෙරුසලමේ අධිපතීන්ද කර්මාන්තකාරයන්ද ආචාරීන්ද යෙරුසලමෙන් ගියායින් පසු,

2. අනාගතවක්තෘවූ යෙරෙමියා විසින්, අසුවී ගියාවූ වැඩිමහල්ලන්ගෙන් ඉතුරු තැනැත්තන්ටද පූජකයන්ටද අනාගතවක්තෘවරුන්ටද නෙබුකද්නෙශර් විසින් යෙරුසලමෙන් බබිලෝනියට අල්ලාගන ගිය මුළු සෙනඟටද ලියා,

3. යූදාහි රජවූ ශෙදෙකියා විසින් බබිලෝනියේ රජවූ නෙබුකද්නෙශර් ළඟට බබිලෝනියට යැවුවාවූ, ෂාපාන්ගේ පුත්‍රවූ එලාසා සහ හිල්කියාගේ පුත්‍රවූ ගෙමරියා අතින් යෙරුසලමෙන් ඇරිය ලියුමේ වචන මේවාය:

4. අල්ලාගන්නාලදුව, යෙරුසලමෙන් බබිලෝනියට මා විසින් ගෙන ගියාවූ සියල්ලන්ට ඉශ්‍රායෙල්ගේ දෙවිවූ සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක-

5. නුඹලා ගෙවල් ගොඩනඟා එහි වාසයකරන්න; වතු වවා ඒවායේ ඵල කන්න;

6. භාර්යාවන් පාවාගෙන පුත්‍රයන්ද දූවරුන්ද උපදවන්න; නුඹලාගේ පුත්‍රයන්ටත් භාර්යාවන් ගන්න, නුඹලාගේ දූවරුන් විසින් පුත්‍රයන්ද දූවරුන්ද බිහිකරන පිණිස ඔවුන් පුරුෂයන්ට පාවාදෙන්න; මෙසේ නුඹලා එහි අඩු නොවී වැඩිවෙන්න.

7. මා විසින් නුඹලා දාසකමට ගෙනගියාවූ නුවරේ සමාදානය සොයා එය උදෙසා ස්වාමීන්වහන්සේට යාච්ඤාකරන්න. මක්නිසාද එහි සමාදානයෙන් නුඹලාට සමාදානය ලැබෙයි.

8. තවද ඉශ්‍රායෙල්ගේ දෙවිවූ සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: නුඹලා අතරෙහි සිටින නුඹලාගේ ප්‍රොපේතවරුන්ටද පේනකියන්නන්ටද නොරැවටෙන්න, නුඹලා දකින නුඹලාගේ ස්වප්නවලටත් ඇහුම්කන් නොදෙන්න.

9. මක්නිසාද ඔව්හු මාගේ නාමයෙන් බොරුවට නුඹලාට අනාගතවාක්‍ය කියති. මම ඔවුන් නොඑවුවෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.

10. මක්නිසාද ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: බබිලෝනියේ අවුරුදු සැත්තෑවක් සම්පූර්ණවූ කල්හි මම නුඹලා දෙස බලා නැවත මේ ස්ථානයට නුඹලා පැමිණවීමෙන් නුඹලා ගැන මාගේ යහපත් වචනය ඉෂ්ටකරන්නෙමි.

11. මා විසින් නුඹලා ගැන කරන යෝජනා මමම දනිමි, නුඹලාට මතු කාලයේදී බලාපොරොත්තුවක් දීමට ඒවා විපත්තියේ නොව සාමාදානයේ යෝජනායයි ස්වාමීන්වහන්සේ කියනසේක.

12. නුඹලා මට අඬගසන්නහුය, ගොස් මට යාච්ඤාකරන්නහුය, මමද නුඹලාට ඇහුම්කන් දෙන්නෙමි.

13. නුඹලා මා සොයනවා ඇත, නුඹලාගේ මුළු සිතින් මා සොයන කල මා නුඹලාට සම්බවෙනවා ඇත.

14. මම නුඹලාට සම්බවන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක, මම නුඹලාගේ වාල්කම පහකොට, සියලු ජාතීන් අතරෙන්ද මා නුඹලා පන්නාදැමූ සියලු තැන්වලින්ද නුඹලා එකතුකොට, මා විසින් නුඹලා යම් ස්ථානයකින් ගෙන ගියාද ඒ ස්ථානයට නුඹලා නැවත ගෙනෙන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.

15. ස්වාමීන්වහන්සේ බබිලෝනියේදී අපට අනාගතවක්තෘවරුන් නැගුටුවා දුන්සේකැයි නුඹලා කීවහුය.

16. නුමුත් ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: දාවිත්ගේ සිංහාසනයෙහි ඉන්න රජු ගැනද නුඹලා සමඟ දාසකමට ගෙනයනු නොලැබූ නුඹලාගේ සහෝදරයන් වන මේ නුවර වාසයකරන මුළු සෙනඟ ගැනද සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක:

17. බලව, මම ඔවුන් අතරට කඩුවද සාගතයද වසංගතයද යවා, කන්ට බැරි තරම් නරකව තිබෙන පිළිකුල් අත්තික්කාවලට ඔවුන් සමානකරන්නෙමි.

18. මම කඩුවද සාගතයද වසංගතයද ඇතුව ඔවුන් පස්සේ එළවාගෙන ගොස්, පොළොවේ සියලු රාජ්‍යවල ඔබමොබ විසුරුවනු ලැබීමටත් මා විසින් ඔවුන් පන්නාදමනලද සියලු ජාතීන් අතරේ ශාප වචනයක්ද විස්මයක්ද කවටකමක්ද නින්දාවක්ද වීමටත් ඔවුන් පාවා දෙන්නෙමි.

19. මෙසේ කරන්නේ මා විසින් අලුයම නැගිට මාගේ සේවකයන්වූ අනාගතවක්තෘවරුන් ඔවුන් ළඟට ඇරිය නුමුත් ඔවුන් මාගේ වචන නෑසූ නිසායයි ස්වාමීන්වහන්සේ කියනසේක; නුඹලාද ඇසුවේ නැතැයි ස්වාමීන්වහන්සේ කියනසේක.

20. එබැවින් මා විසින් යෙරුසලමෙන් බබිලෝනියට ඇරියාවූ දාසව සිටින සියල්ලෙනි, නුඹලා ස්වාමීන්වහන්සේගේ වචනය අසන්න.

21. මාගේ නාමයෙන් බොරුවට නුඹලාට අනාගතවාක්‍ය කියන්නාවූ, කෝලායාගේ පුත්‍රවූ අහාබ්ද මයසේයාගේ පුත්‍රවූ ශෙදෙකියාද ගැන ඉශ්‍රායෙල්ගේ දෙවිවූ සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: බලව, මම ඔවුන් බබිලෝනියේ රජවූ නෙබුකද්රෙශර් අතට පාවාදෙන්නෙමි; ඔහු නුඹලාගේ ඇස් හමුයෙහි ඔවුන් මරන්නේය.

22. බබිලෝනියේ දාසව සිටින සියලුම යුදාවරුන්ද බබිලෝනියේ රජු විසින් ගින්නෙන් පිළිස්සුවාවූ ශෙදෙකියාටත් අහාබ්ටත් ස්වාමීන්වහන්සේ නුඹ සමානකරනසේක්වයි කියා ඔවුන් ගැන ශාප වචනයක් ව්‍යවහාරකරනවා ඇත.

23. මක්නිසාද ඔව්හු ඉශ්‍රායෙල්හි දුෂ්ටකම් කොට තමුන්ගේ අසල්වාසීන්ගේ භාර්යාවන් සමඟ කාමමිථ්‍යාචාරයකළෝය, මා විසින් ඔවුන්ට අණ නොකළ වචන බොරුවට මාගේ නාමයෙන් කීවෝය; නුමුත් මම දනිමි, මම සාක්ෂිකාර වෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.

24. නෙහෙලාමිය ෂෙමායා ගැන මෙසේ කියන්න:

25. ඉශ්‍රායෙල්ගේ දෙවිවූ සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක-නුඹ නුඹේම නාමයෙන් යෙරුසලමෙහි සිටින මුළු සෙනඟටත් මයසේයාගේ පුත්‍රවූ පූජකයාවූ ශෙපනියාටත් සියලු පූජකයන්ටත් ලියුම් ලියමින්:

26. උමතුකම්කර අනාගතවාක්‍ය කියන සියලුදෙනා කෙරෙහි නුඹලා ස්වාමීන්වහන්සේගේ ගෘහයෙහි මුලාදෑනීන් වන පිණිසත්, නුඹ එබඳු අය දඬුකඳේද විලංගුවලද දමන පිණිසත්, යෙහෝයාදා පූජකයා වෙනුවට ස්වාමීන්වහන්සේ නුඹ පූජකයා කළසේක.

27. එබැවින් නුඹලාට අනාගතවාක්‍ය කියන අනාතෝත්හි යෙරෙමියාට නුඹ තරවටු නොකළේ මක්නිසාද?

28. මෙයාකාර ඔහු අප ළඟට බබිලෝනියට ලියා එවා: වහල්කමේ කාලය දීර්ඝය. නුඹලා ගෙවල් ගොඩනගා වාසයකරන්න; වතු වවා ඒවායේ ඵල කන්නැයි කියා තිබේ.

29. අනාගතවක්තෘවූ යෙරෙමියා අසාගන සිටිද්දී පූජකවූ ශෙපනියා ඒ ලියුම කියෙවුවේය.

30. එවිට ස්වාමීන්වහන්සේගේ වචනය යෙරෙමියා වෙතට පැමිණ මෙසේ කීය:

31. දාසව සිටින සියල්ලන්ට නුඹ ලියා ඇර: නෙහෙමිය ෂෙමායා ගැන ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක-මා විසින් ෂෙමායා නොඑවූ නුමුත් ඔහු නුඹලාට අනාගතවාක්‍ය කියා බොරුවක් කෙරෙහි විශ්වාසකරන්ට නුඹලාට සැලැස්සූ නිසා ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක:

32. බලව, මම නෙහෙලාමිය ෂෙමායාටත් ඔහුගේ වංශයටත් දඬුවම්කරන්නෙමි; ඔහු ස්වාමීන්වහන්සේට විරුද්ධව කැරළිකාර වචන කථාකළ බැවින් මේ සෙනඟ අතරේ වාසයකිරීමට මනුෂ්‍යයෙක් ඔහුට නොවන්නේය, මා විසින් මාගේ සෙනඟට කරන යහපත ඔහු දකින්නෙක් නැත කියා ස්වාමීන්වහන්සේ කියනසේකැයි කියා අරින්නැයි කීවේය.

About යෙරෙමියා Chapter 29

Read යෙරෙමියා Chapter 29 online from the Holy Bible. This chapter is part of the Book of යෙරෙමියා in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: යෙරෙමියා
Chapter: 29
Testament: Old Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading යෙරෙමියා. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading යෙරෙමියා Chapter 29 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is යෙරෙමියා Chapter 29?

යෙරෙමියා Chapter 29 is part of the Book of යෙරෙමියා in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete යෙරෙමියා Chapter 29 online for free with easy chapter navigation.

More Chapters from පැරණි ගිවිසුම

  1. නික්මයාම Chapter 1
  2. නික්මයාම Chapter 30
  3. නික්මයාම Chapter 26
  4. නික්මයාම Chapter 12
  5. නික්මයාම Chapter 9
  6. නික්මයාම Chapter 2
  7. නික්මයාම Chapter 25

Explore More from යෙරෙමියා

  1. යෙරෙමියා Chapter 20
  2. යෙරෙමියා Chapter 49
  3. යෙරෙමියා Chapter 27
  4. යෙරෙමියා Chapter 31
  5. යෙරෙමියා Chapter 48
  6. යෙරෙමියා Chapter 4
  7. යෙරෙමියා Chapter 47

Related Chapters & Readings

  1. 2 කොරින්ති Chapter 8
  2. යෙසායා Chapter 50
  3. 1 සාමුවෙල් Chapter 10
  4. ගණන් කථාව Chapter 34
  5. යෝබ් Chapter 25
  6. ගීතාවලිය Chapter 76
  7. හෙබ්රෙනව් Chapter 8
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *