Read එස්තර් Chapter 6 Online
Read එස්තර් Chapter 6 online from the Holy Bible. This chapter is part of the Book of එස්තර් in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of එස්තර් and the Holy Bible online.
Choose a Chapter
එස්තර් 6
පරිච්ඡේදය 6
1. එදා රාත්‍රියේ රජුට නින්ද නොගොස් ඉකුත්වූ කාලයේ කරුණු සඳහන්වූ ලේකම් පොත ගෙනෙන්ට අණකෙළේය. එය රජු ඉදිරියෙහි කියවන ලද්දේය.
2. එවිට අහෂ්වේරොෂ් රජු මරන්ට සෙවුවාවූ වාසල් රැකවලුන්ගෙන් රජුගේ නපුංසකයන් දෙදෙනෙක් වන බිග්තාන්ද තෙරෙෂ්ද ගැන මොර්දෙකයි දැන්වූ වග ලියා තිබෙනවා සම්බවිය.
3. මේ ගැන මොර්දෙකයිට මොන ගරු සම්මානයක් කරනලද්දේදැයි රජු ඇසුවේය. ඔහුට කිසි දෙයක් කළේ නැතැයි රජුට සේවයකරන මෙහෙකරුවෝ කීවෝය.
4. රජද: මිදුලේ ඉන්නේ කවුදැයි ඇසීය. හාමාන් වනාහි තමා විසින් මොර්දෙකයිට සෑදූ එල්ලුම්ගහේ ඔහු එල්ලාදමන්ට රජුට කථාකරන පිණිස රජගෙදර පිටත මිදුලට ඇවිත් සිටියේය.
5. හාමාන් මිදුලේ සිටිනවායයි රජුගේ මෙහෙකරුවෝ ඔහුට කීවෝය. ඔහු ඇතුළට ඒවයි රජ කීය.
6. හාමාන් ඇතුල්වුණ විට රජ ඔහුට කථාකොට: රජු විසින් ගෞරවකරන්ට කැමැති මනුෂ්‍යයාට කරන්ට ඕනෑ මොකදැයි ඇසුවේය. හාමාන්ද: මට මිස රජු ගෞරවකරන්ට කැමැති කාටදැයි තමාගේ සිතින් සිතාගන, රජුට කථාකොට:
7. රජ්ජුරුවන් ගෞරවකරන්ට කැමැති මනුෂ්‍යයාට මෙසේ කළ යුතුය-
8. රජ්ජුරුවන් පළඳින රාජ වස්ත්‍රයක්ද රජ්ජුරුවන් නැගී යන්නාවූ, රාජ ඔටුන්න හිසේ දරන්නාවූ අශ්වයාද ගෙනවුත්,
9. වස්ත්‍රයද අශ්වයාද රජුගේ ඉතා උතුම් අධිපතීන්ගෙන් එක්කෙනෙකු අතට භාරෙදන්ටත්, රජ්ජුරුවන් ගෞරවකරන්ට කැමැති මනුෂ්‍යයාට එය පළඳවා ඔහු අශ්වයා පිට නංවා නුවර වීථිය දිගේ ගෙනයමින්-රජ්ජුරුවන් ගෞරවකරන්ට කැමැති මනුෂ්‍යයාට මෙසේ කරනු ලැබේයයි ඔහුට පෙරටුවෙන් ඝෝෂණයකර කියන්ටත් යෙදේවයි කීවේය.
10. එවිට රජ හාමාන්ට කථාකොට: ඉක්මන්කර ඔබ කී වස්ත්‍රයද අශ්වයාද රැගෙන, රජවාසල හිඳින යුදෙව්වාවූ මොර්දෙකයිට එසේ කරන්න; ඔබ කී සියල්ලෙන් කිසිවක් අඩුනොවේවායි කීවේය.
11. එවිට හාමාන් වස්ත්‍රයද අශ්වයාද රැගෙන මොර්දෙකයි සරසා, ඔහු නුවර වීථිය දිගේ අසුපිටින් යන්ට සලස්වා: රජ්ජුරුවන් විසින් ගෞරවකරන්ට කැමැති මනුෂ්‍යයාට මෙසේ කරනු ලැබේයයි ඔහුට පෙරටුව ඝෝෂණයකර කීවේය.
12. පසුව මොර්දෙකයි රජවාසලට හැරී ආවේය. නුමුත් හාමාන් වැලපෙමින් හිස වසාගෙන තමාගේ ගෙදරට ඉක්මනින් ගොස්,
13. තමාට සිද්ධවූ සියල්ල තමාගේ භාර්යාවවූ සෙරෙෂ්ටද තමාගේ සියලු මිත්‍රයින්ටද කීවේය. එවිට ඔහුගේ උපදේශකයෝද ඔහුගේ භාර්යාවවූ සෙරෙෂ්ද ඔහුට කථාකොට: ඔබ මොර්දෙකයි ඉදිරියෙහි වැටෙන්ට පටන්ගත්තෙහිය, ඔහු යුදෙව් වංශයේ කෙනෙක් නම් ඔහුට විරුද්ධව සිටින්ට ඔබට බැරිවෙයි, ඔහු ඉදිරියෙහි ඔබ වැටෙනවාම ඇතැයි කීවෝය.
14. ඔවුන් ඔහු සමඟ කථාකරද්දීම රජුගේ නපුංසකයෝ ඇවිත් එස්තර් පිළියෙළකළ මංගල්‍යයට හාමාන් කැඳවාගනයන්ට ඉක්මන්කළෝය.
About එස්තර් Chapter 6
Read එස්තර් Chapter 6 online from the Holy Bible. This chapter is part of the Book of එස්තර් in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.
Book Information
Book: එස්තර්
Chapter: 6
Testament: Old Testament
How to Read this Chapter
Use the Previous and Next Chapter buttons to continue reading එස්තර්. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.
More Resources
Continue Reading the Bible
Continue reading එස්තර් Chapter 6 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.
Frequently Asked Questions
What is එස්තර් Chapter 6?
එස්තර් Chapter 6 is part of the Book of එස්තර් in the Holy Bible.
Can I read this chapter online?
Yes. You can read the complete එස්තර් Chapter 6 online for free with easy chapter navigation.
More Chapters from එස්තර්
- එස්තර් Chapter 9
- එස්තර් Chapter 5
- එස්තර් Chapter 8
- එස්තර් Chapter 3
- එස්තර් Chapter 7
- එස්තර් Chapter 4
- එස්තර් Chapter 10
Explore More from පැරණි ගිවිසුම
- ගීතාවලිය Chapter 91
- යෝබ් Chapter 11
- ගීතාවලිය Chapter 106
- ගීතාවලිය Chapter 95
- විලාප ගී Chapter 4
- නික්මයාම Chapter 28
- ද්වීතීය කථාව Chapter 32