මීකා Chapter 7

For English

Read මීකා Chapter 7 Online

Read මීකා Chapter 7 online from the Holy Bible. This chapter is part of the Book of මීකා in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of මීකා and the Holy Bible online.

Choose a Chapter

A+ A A-

මීකා 7

පරිච්ඡේදය 7

1. අනේ, මාගේ දුකේ හැටි! මක්නිසාද ඵල නෙළාගන්ටත් මුද්‍රිකවලු තීන්දුවටම කපාගන්ටත් යෙදුණට පසු මෙන් සිටිමි. කන්ට කිසි වල්ලක්වත් මාගේ ආත්මය ආශාවන ප්‍රථම අත්තික්කා ඵලවත් නැත.

2. භක්තිවන්තයා දේශයෙන් නැතිවී ගියේය, මනුෂ්‍යයන් අතරේ අවංක කෙනෙක් නැත. ඔවුන් සියල්ලෝම ලේ වගුරුවන පිණිස රැක සිටිති; එක එකා තම තමාගේ සහෝදරයා දැලකින් අසුකරගන්ට යති.

3. නපුර වීර්යයෙන් කරන්ට දෑත පොවා තිබේ; අධිපතියාද විනිශ්චයකාරයාද තෑග්ගක් ඉල්ලති; උත්තමයාද තමාගේ සිතේ නපුරු ආශාව කියයි. එසේ ඔව්හු ඒක යොදාගනිති.

4. ඔවුන්ගෙන් වඩා හොඳ අය කටුගසක් වාගේය. වඩා අවංක අයද කටු වැටකට වඩා නරකය. නුඹේ මුරකාරයන් විසින් කීවාවූ නුඹේ දඬුවමේ දවස පැමිණ තිබේ; දැන් ඔවුන්ගේ වියවුල්කම වන්නේය.

5. මිත්‍රයෙකු විශ්වාස නොකරන්න, හිතේසි මිත්‍රයෙකු කෙරෙහි විශ්වාසය නොතබන්න. නුඹේ ළයෙහි සැතපෙන්නියගෙන් නුඹේ මුඛයේ දොරවල් රැකගන්න.

6. මක්නිසාද පුත්‍රයා පියාට අගෞරව කරයි, දුව ඇගේ මවට විරුද්ධවද යෙහෙළී ඇගේ නැන්දාට විරුද්ධවද නැගිටියි. මනුෂ්‍යයෙකුගේ සතුරෝ නම් තමාගේම පවුලේ අයවල්ය.

7. මම වනාහි ස්වාමීන්වහන්සේ දෙස බලා සිට, මාගේ ගැළවීමේ දෙවියන්වහන්සේ කෙරෙහි බලාපොරොත්තුවන්නෙමි. මාගේ දෙවියන්වහන්සේ මාගේ වචන අසනවා ඇත.

8. එම්බා මාගේ සැතිරිය, මට විරුද්ධව ප්‍රීති නොවන්න. මම වැටුණු විට නැගිටින්නෙමි. මා අඳුරෙහි හිඳින කල ස්වාමීන්වහන්සේ මට එළියක්ව සිටිනසේක.

9. ස්වාමීන්වහන්සේ මාගේ විපත්තිය කියා මාගේ විනිශ්චය ඉෂ්ටකරන තුරු, මා උන්වහන්සේට විරුද්ධව පව්කළ බැවින් උන්වහන්සේගේ උදහස ඉවසන්නෙමි. උන්වහන්සේ මා ආලෝකයට පමුණුවනවා ඇත, මමද උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම දකින්නෙමි.

10. නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කොතැනදැයි මට කී මාගේ සැතිරීත් ඒ දැක ලජ්ජාවෙන් වැසීයනවා ඇත; මාගේ ඇස් ඇගේ දඬුවම දකිනවා ඇත; දැන් ඈ වීථිවල මඩ මෙන් පාගාදමනු ලබන්නීය.

11. නුඹේ පවුරු ගොඩනගන්ට කාලයක් පැමිණෙන්නේය. ඒ කාලයෙහි නියෝගයක් දුරට පතළවී යනවා ඇත.

12. ඒ කාලයෙහි අෂූර් කෙරෙන්ද මිසරයේ නුවරවලින්ද මිසරයේ පටන් ගංගාව දක්වාද මුහුදෙන් මුහුදටද කන්දෙන් කන්දටද තිබෙන පළාත්වලින් මිනිසුන් නුඹ ළඟට එනවා ඇත.

13. නුමුත් දේශය එහි වැසියන් නිසා එනම් ඔවුන්ගේ ක්‍රියාවල ඵල නිසා පාළුවන්නේය.

14. කර්මෙල් තුළ වනයෙහි වෙන්ව වසන්නාවූ ඔබගේ සෙනඟ වන ඔබගේ උරුමයවූ බැටළු රැළ ඔබගේ සැරයටියෙන් පාලනයකළ මැනව. බාෂාන්හිද ගිලියද්හිද පුරාණයේ දවස්වල මෙන් ඔව්හු පෝෂ්‍යවෙත්වා.

15. නුඹ මිසර දේශයෙන් පිටතට ආ දවස්වල මෙන් මම ඔවුන්ට ආශ්චර්යමත් දේ පෙන්වන්නෙමි.

16. ජාතීන් දැක තමුන්ගේ මුළු බලවන්තකම ගැන ලජ්ජාවට පත්ව, අතින් කට වසාගන්නවා ඇත, ඔවුන්ගේ කන් බිහිරිවෙනවා ඇත.

17. ඔව්හු සර්පයෙකු මෙන් දූවිල්ල ලෙවකන්නෝය; පොළොවේ බඩගායන සතුන් මෙන් ඔව්හු තමුන්ගේ බලකොටුවල සිට වෙවුලමින් නික්ම එන්නෝය. ඔව්හු අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ වෙතට භයෙන් යුක්තව පැමිණෙන්නෝය, නුඹ නිසාද භයවෙනවා ඇත.

18. අපරාධය කමාකරන්නාවූ, ස්වකීය උරුමයේ ඉතිරි අයින්ගේ වරදට දඬුවම් නොකර අරින්නාවූ ඔබවහන්සේ සමාන දෙවිකෙනෙක් කවුද? උන්වහන්සේ කරුණාවට ප්‍රියවන නිසා ස්වකීය උදහස සෑම කල්හිම තබා නොගන්නසේක.

19. උන්වහන්සේ නැවත අපට අනුකම්පාකරනසේක; අපේ අපරාධ පාගාදමනසේක. ඔබවහන්සේ ඔවුන්ගේ සියලුම පාප මුහුදේ ගැඹුරට හෙළනසේක.

20. පුරාණයේ දවස්වල පටන් ඔබවහන්සේ අපේ පියවරුන්ට දිවුළාවූ සැබෑකම යාකොබ්ටත් කරුණාව ආබ්‍රහම්ටත් ඔබ ඉෂ්ටකරනසේක.

About මීකා Chapter 7

Read මීකා Chapter 7 online from the Holy Bible. This chapter is part of the Book of මීකා in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: මීකා
Chapter: 7
Testament: Old Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading මීකා. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading මීකා Chapter 7 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is මීකා Chapter 7?

මීකා Chapter 7 is part of the Book of මීකා in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete මීකා Chapter 7 online for free with easy chapter navigation.

More Chapters from පැරණි ගිවිසුම

  1. නික්මයාම Chapter 1
  2. නික්මයාම Chapter 30
  3. නික්මයාම Chapter 26
  4. නික්මයාම Chapter 12
  5. නික්මයාම Chapter 9
  6. නික්මයාම Chapter 2
  7. නික්මයාම Chapter 20

Explore More from මීකා

  1. මීකා Chapter 2
  2. මීකා Chapter 3
  3. මීකා Chapter 4
  4. මීකා Chapter 1
  5. මීකා Chapter 6
  6. මීකා Chapter 5

Related Chapters & Readings

  1. යෙරෙමියා Chapter 10
  2. හිතෝපදේශ Chapter 28
  3. 2 ලේකම් Chapter 30
  4. ගීතාවලිය Chapter 120
  5. දානියෙල් Chapter 6
  6. යෙසායා Chapter 25
  7. 1 කොරින්ති Chapter 10
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *