Read ගීතාවලිය Chapter 91 Online
Read ගීතාවලිය Chapter 91 online from the Holy Bible. This chapter is part of the Book of ගීතාවලිය in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of ගීතාවලිය and the Holy Bible online.
Choose a Chapter
ගීතාවලිය 91
පරිච්ඡේදය 91
1. මහෝත්තමයාණන්ගේ රහස් ස්ථානයෙහි වසන තැනැත්තේ සර්වපරාක්‍රමයාණන්ගේ සෙවණෙහි වාසයකරන්නේය.
2. උන්වහන්සේ මාගේ රක්ෂාස්ථානයය, මාගේ බලකොටුවය; මා විසින් විශ්වාසකරන මාගේ දෙවියන්වහන්සේයයි ස්වාමීන් ගැන කියන්නෙමි.
3. මක්නිසාද උන්වහන්සේ පක්ෂි වැද්දාගේ මලපතින්ද විනාශකරන වසංගතයෙන්ද ඔබ මුදාහරිනසේක.
4. උන්වහන්සේ ස්වකීය පියාපතින් ඔබ වසනසේක, ඔබ උන්වහන්සේගේ පියාපත් යට ආරක්ෂාවන්නෙහිය. උන්වහන්සේගේ සත්‍යවාදිකම පලිහක්ය, මහා පලිහක්ය.
5. රාත්‍රියේ භීතියටවත්, දවාලේ විදින ඊගසටවත්,
6. අඳුරේ යන වසංගතයටවත්, ඉරමුදුන් වේලේ පාළුකරන විනාශයටවත් ඔබ භය නොවන්නෙහිය.
7. ඔබේ පැත්තක දහසක්ද දකුණු පැත්තෙහි දසදහසක්ද වැටෙන්නෝය; එහෙත් එය ඔබට ළං නොවන්නේය.
8. ඔබේ ඇස්වලින් බලා, දුෂ්ටයාගේ විපාකය දකිනවා පමණක්ය.
9. මක්නිසාද ස්වාමිනි, ඔබ මාගේ රක්ෂාස්ථානයය. ඔබ මහෝත්තමයාණන් ඔබේ වාසස්ථානය කරගත්තෙහිය;
10. ඔබට කිසි නපුරක් නොපැමිණෙන්නේය, ඔබේ කූඩාරමට වසංගතයක් ළං නොවන්නේය.
11. මක්නිසාද ඔබේ සියලු මාර්ගවලදී ඔබ ආරක්ෂාකරන පිණිස උන්වහන්සේ ස්වකීය දූතයන්ට ඔබ ගැන අණදෙනසේක.
12. ඔව්හු ඔබේ පය ගලක නොවදින පිණිස ඔවුන්ගේ අත් පිට ඔබ උසුලාගන්නෝය.
13. ඔබ සිංහයාත් පොළඟාත් පාගන්නෙහිය. තරුණ සිංහයාත් සර්පයාත් පයින් පාගන්නෙහිය.
14. ඔහු මා කෙරෙහි ඇලුම්වූ බැවින් ඔහු මුදාහරින්නෙමි. මාගේ නාමය දැන සිටින බැවින් ඔහු උසස්කරන්නෙමි.
15. ඔහු මට යාච්ඤාකරන්නේය, මමද උත්තරදෙන්නෙමි; දුකේදී ඔහු සමඟ සිටින්නෙමි. ඔහු මුදා ගෞරවයට පමුණුවන්නෙමි.
16. දීර්ඝායුෂයෙන් ඔහු සෑහීමට පමුණුවා, මාගේ ගැළවීම ඔහුට දක්වන්නෙමි.
About ගීතාවලිය Chapter 91
Read ගීතාවලිය Chapter 91 online from the Holy Bible. This chapter is part of the Book of ගීතාවලිය in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.
Book Information
Book: ගීතාවලිය
Chapter: 91
Testament: Old Testament
How to Read this Chapter
Use the Previous and Next Chapter buttons to continue reading ගීතාවලිය. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.
More Resources
Continue Reading the Bible
Continue reading ගීතාවලිය Chapter 91 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.
Frequently Asked Questions
What is ගීතාවලිය Chapter 91?
ගීතාවලිය Chapter 91 is part of the Book of ගීතාවලිය in the Holy Bible.
Can I read this chapter online?
Yes. You can read the complete ගීතාවලිය Chapter 91 online for free with easy chapter navigation.
More Chapters from ගීතාවලිය
- ගීතාවලිය Chapter 129
- ගීතාවලිය Chapter 106
- ගීතාවලිය Chapter 48
- ගීතාවලිය Chapter 42
- ගීතාවලිය Chapter 150
- ගීතාවලිය Chapter 130
- ගීතාවලිය Chapter 81
Explore More from පැරණි ගිවිසුම
- ගීතාවලිය Chapter 117
- ද්වීතීය කථාව Chapter 20
- නික්මයාම Chapter 27
- ගීතාවලිය Chapter 141
- ගීතාවලිය Chapter 106
- එසකියෙල් Chapter 45
- උත්පත්ති Chapter 18