නාහුම් Chapter 3

For English

Read නාහුම් Chapter 3 Online

Read නාහුම් Chapter 3 online from the Holy Bible. This chapter is part of the Book of නාහුම් in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of නාහුම් and the Holy Bible online.

Choose a Chapter

A+ A A-

නාහුම් 3

පරිච්ඡේදය 3

1. ලේ වගුරුවන නුවරට දුක්වේ! ඒක මුළුල්ලම වංචාවෙන්ද බලාත්කාරයෙන්ද පිරී තිබේ; කොල්ලකෑම නොනවතියි.

2. කස ශබ්දයත් චක්‍ර කරකැවෙන ශබ්දයත් ඇත්තේය; අශ්වයෝ වේගයෙන් දුවති, රථද පැනයති;

3. අසරුවෝ නගිති, කඩුව දිලිහෙන්නේය, හෙල්ලයද බැබළෙන්නේය; සමූහයක් මැරුම්කන්නේය, මළකඳන් ගොඩගැසී තිබේ. මළකඳන් නිමක් නැත; ඔවුන්ගේ මළකඳන්වල හැපී ඔව්හු පැකිලෙති.

4. මෙසේ වෙන්නේ මන්ත්‍රකාරීවූ ඉතා ශෝභමාන වේශ්‍යාවීගේ වේශ්‍යාකම් රාශිය නිසාය; ඇගේ වේශ්‍යාකම්වලින් ඈ ජාතීන්ද ඇගේ මන්ත්‍රවලින් පවුල්ද විකුණන්නීය.

5. බලව, මම නුඹට විරුද්ධයයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක; මම නුඹේ කඩ නුඹේ මුහුණ පිට හෙළා, ජාතීන්ට නුඹේ නග්නකමද රාජ්‍යවලට නුඹේ ලජ්ජාවද පෙන්වන්නෙමි.

6. පිළිකුල් දේවල් නුඹ පිට හෙළා, නුඹට අගෞරව කර, නුඹ කෝලමක් කරන්නෙමි.

7. නුඹව දකින සියල්ලෝද නුඹ වෙතින් පලාගොස් කථාකොට: නිනිවය නාස්තිවිය, ඈට අනුකම්පාව පෙන්වන්නේ කවුද? සනසන්නන් මම කොතනින් නුඹට සොයාදෙන්නෙම්දැයි කියන්නෝය.

8. නුඹ නෝ-ආමොන්ට වඩා හොඳද? ඈ ගංගා අතරේ පිහිටා, ඈ වටකරින් ජල ඇතුව තිබුණාය; ඇගේ අගළ මුහුද විය, ඇගේ ප්‍රාකාරය මුහුදේ පිහිටුවා තිබුණේය.

9. කූෂ් සහ මිසරය ඇගේ බලයය, නිමක්ද නැත; පූට් සහ ලූබ්වරු නුඹේ උපකාරකාරයෝ වූවෝය.

10. නුමුත් ඈ පවා අසුවී වහල්කමට ගියාය. ඇගේ දරුවෝද සියලු වීථි සන්ධිවල බිමගසා මරනු ලැබුවෝය. ඇගේ නම්බුකාරයන් ගැන පසඇට දැමුවෝය, ඇගේ සියලු උත්තමයෝ දම්වැල්වලින් බඳිනු ලැබුවෝය.

11. නුඹත් මත්වී සැඟවෙන්නෙහිය; නුඹත් සතුරාගෙන් ගැළවෙන්ට රක්ෂස්ථානයක් සොයන්නෙහිය.

12. නුඹේ සියලු බලකොටු ප්‍රථම ඵල ඇති අත්තික්කා ගස් වාගේය. ඒවා සෙලවුවොත් කන්නාගේ කටට වැටෙනවා ඇත.

13. නුඹ තුළ සිටින නුඹේ සෙනඟ ගැහැනුය; නුඹේ දේශයේ දොරවල් නුඹේ සතුරන්ට සම්පූර්ණයෙන් ඇරලා තිබේ. නුඹේ අගුල් ගින්නෙන් දාලාගියේය.

14. වටලෑම නිසා වතුර ඇද තබාගන්න, නුඹේ බලකොටු සවිකරන්න. මැටි පිටට පැමිණ, බදාම පාගා, ගඩොල් වැඩ සවිකරන්න.

15. එහි ගින්න නුඹ දවාදමන්නේය; කඩුවද නුඹව සිඳදමන්නේය, කෙඳි-පළඟැටියන් වාගේ එය නුඹ කාදමන්නේය. කෙඳි-පළඟැටියන් මෙන් වැඩිවෙන්න, පළඟැටියන් මෙන් වැඩිවෙන්න.

16. නුඹ නුඹේ වෙළඳුන් අහසේ තාරකාවලට වඩා වැඩිකරගත්තෙහිය. කෙඳි-පළඟැටියෝ පැතිර ඉගිලීගියෝය.

17. නුඹේ උත්තමයෝ පළඟැටියන් මෙන්ය, නුඹේ සේනාපතියෝ පළඟැටි රාශියක් මෙන්ය, උන් ශීතල දවසේදී තාප්පවල රැස්වී ඉඳ, ඉර පායන කල පලායති, උන් ඉන්න ඉඩමද කිසිවෙක් දන්නේ නැත.

18. අෂූර් රජ්ජුරුවෙනි, නුඹේ එඬේරු නිදාහිඳිති. නුඹේ උත්තමයෝ සැතපෙති. නුඹේ සෙනඟ කඳුවල විසිරී ගියෝය, ඔවුන් එකතුකරන්ට කිසිවෙක්ද නැත.

19. නුඹේ තුවාලයට සහනයක් නැත; නුඹට වැදුණු පහර තදය. නුඹේ ප්‍රවෘත්තිය අසන සියල්ලෝ නුඹට විරුද්ධව අත්පොළසන්දෙති; මක්නිසාද නුඹේ දුෂ්ටකම නිතරම නොපැමුණුණේ කා පිටටද?

About නාහුම් Chapter 3

Read නාහුම් Chapter 3 online from the Holy Bible. This chapter is part of the Book of නාහුම් in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: නාහුම්
Chapter: 3
Testament: Old Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading නාහුම්. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading නාහුම් Chapter 3 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is නාහුම් Chapter 3?

නාහුම් Chapter 3 is part of the Book of නාහුම් in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete නාහුම් Chapter 3 online for free with easy chapter navigation.

More Chapters from නාහුම්

  1. නාහුම් Chapter 1
  2. නාහුම් Chapter 2

Explore More from පැරණි ගිවිසුම

  1. ගීතාවලිය Chapter 114
  2. ලෙවී කථාව Chapter 2
  3. නික්මයාම Chapter 23
  4. නික්මයාම Chapter 7
  5. විනිශ්චයකාරයන් Chapter 9
  6. සාලමොන්ගේ ගීතිකා Chapter 6
  7. උත්පත්ති Chapter 12

Related Chapters & Readings

  1. නෙහෙමියා Chapter 8
  2. 1 සාමුවෙල් Chapter 20
  3. 2 ලේකම් Chapter 29
  4. තීතස් Chapter 3
  5. 1 කොරින්ති Chapter 15
  6. යෙසායා Chapter 35
  7. හොෂෙයා Chapter 6
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *