යෙරෙමියා Chapter 13

For English

Read යෙරෙමියා Chapter 13 Online

Read යෙරෙමියා Chapter 13 online from the Holy Bible. This chapter is part of the Book of යෙරෙමියා in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of යෙරෙමියා and the Holy Bible online.

Choose a Chapter

යෙරෙමියා 13

පරිච්ඡේදය 13

1. ස්වාමීන්වහන්සේ මට කථාකොට: නුඹ ගොස් හණ පටියක් මිලේටගෙන නුඹේ ඉඟටියෙහි බැඳගන්න, ඒක වතුරේ නොදමන්නැයි කීසේක.

2. මමද ස්වාන්වහන්සේගේ වචනය ලෙස පටියක් මිලේටගෙන මාගේ ඉඟටියෙහි බැඳගත්තෙමි.

3. දෙවෙනි වර ස්වාමීන්වහන්සේගේ වචනය මා වෙතට පැමිණ:

4. නුඹ මිලේටගත්තාවූ නුඹේ ඉඟටියෙහි තිබෙන පටිය අරගෙන පිටත්වී, ප්‍රාත් ගංගාව ළඟට ගොස් එහි පර්වතයේ විවරයක ඒක සඟවා තබන්නැයි කීය.

5. මමද ස්වාමීන්වහන්සේ මට අණකළ ලෙස ගොස් ප්‍රාත් ගංගාව ළඟ ඒක සඟවා තැබීමි.

6. බොහෝ දවසකට පසු ස්වාමීන්වහන්සේ මට කථාකොට: නුඹ පිටත්වී ප්‍රාත් ගංගාව ළඟට ගොස්, එහි සඟවා තබන්ට මා විසින් නුඹට අණකළ පටිය එතැනින් ගන්නැයි කීසේක.

7. මමද ප්‍රාත් ගංගාව ළඟට ගොස්, හාරා, මා විසින් පටිය සඟවා තැබූ තැනින් ඒක ගතිමි. එවිට පටිය නරක්ව වැදගැන්මකට නැතුව තිබුණේය.

8. ස්වාමීන්වහන්සේගේ වචනයද මා වෙතට පැමිණ මෙසේ කීය:

9. ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක- මෙයාකාරයෙන් මම යූදා රටේ උඩඟුකමද යෙරුසලමේ මහත් උඩඟුකමද නරක්කරන්නෙමි.

10. මාගේ වචන අසන්ට අකමැතිවූ, තමුන්ගේ සිත්වල මුරණ්ඩුකම ලෙස හැසිර අන් දෙවිවරුන්ට සේවයකරන්ටත් නමස්කාරකරන්ටත් ඔවුන් පස්සේ යන්නාවූ මේ නපුරු සෙනඟ වැදගැන්මකට නැති මේ පටිය මෙන් වෙනවා ඇත.

11. පටිය මනුෂ්‍යයෙකුගේ ඉඟට ඇලෙන්නාක්මෙන් මට සෙනඟක්ද නාමයක්ද ප්‍රශංසාවක්ද තේජසක්ද වන පිණිස මුළු ඉශ්‍රායෙල් වංශයද මුළු යූදා වංශයද මට ඇලුම්වෙන්ට සැලැස්වීමි. නුමුත් ඔව්හු අසන්ට අකමැතිවූවෝයයි ස්වාමීන්වහන්සේ කියනසේක.

12. තවද සියලු භාජන මුද්‍රිකපානයෙන් පිරී තිබෙන්නේයයි ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කියනසේක යන මේ වචනය ඔවුන්ට කියන්න. ඔවුන්ද: සියලු භාජන මුද්‍රිකපානයෙන් පිරී තිබෙන්නේය යන බව අපි නොදනිමෝදැයි නුඹට කියනවා ඇත.

13. එවිට: ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේකැයි ඔවුන්ට කියන්න එනම්,-මේ දේශයේ සියලු වැසියන්ද දාවිත්ගේ සිංහාසනයෙහි ඉන්න රජවරුන්ද පූජකයන්ද ප්‍රොපේතවරුන්ද යෙරුසලමේ සියලු වැසියන්ද මත් ගතියකින් පුරවා,

14. මනුෂ්‍යයෙකු හා ඔහුගේ සහෝදරයාද පියවරුන් හා පුත්‍රයන්ද එකට ගසන්නෙමි; ඔවුන් විනාශ නොකරන හැටියට මා දයාවෙන්නේවත් කරුණාකරන්නේවත් අනුකම්පාකරන්නේවත් නැතැයි ස්වාමීන්වහන්සේ කියනසේක.

15. නුඹලා උඩඟු නොවී අසා කන්යොමුකරන්න. මක්නිසාද ස්වාමීන්වහන්සේ කථාකළසේක.

16. උන්වහන්සේ අන්ධකාරකරන්ට පළමුවෙන්ද නුඹලාගේ පාද අඳුරු කඳුවල පැකිලෙන්ටත් නුඹලා එළිය ගැන බලා සිටිද්දී උන්වහන්සේ එය මරණයේ සෙවණට හරවා කළුවරකරන්ටත් පළමුවෙන්ද නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ගෞරව දීපල්ලා.

17. නුමුත් නුඹලා ඒක අසන්නේ නැත්නම්, මාගේ ආත්මය රහස් තැන්වලදී නුඹලාගේ උඩඟුකම ගැන අඬා, බොහෝසෙයින් කඳුළු වගුරුවනවා ඇත; ස්වාමීන්වහන්සේගේ රැළද වාලට ගෙනයනු ලැබූ නිසා මාගේ ඇස්වලින් කඳුළු ගලනවා ඇත.

18. නුඹලා පහත ඉඳගන්න. මක්නිසාද නුඹලාගේ තේජවන්ත ඔටුන්න නුඹලාගේ හිස්වලින් වැටුණේයයි රජුටත් මවු බිසවටත් කියන්න.

19. දකුණු දිශාවේ නුවරවල් වසා තිබේ, ඒවා අරින්ට කෙනෙක් නැත. මුළු යූදා රට වාලට ගෙනයනු ලැබීය; සහමුලින්ම ගෙනයනු ලැබීය.

20. යෙරුසලම, නුඹේ ඇස් ඔසවා, උතුරුදිගින් එන්නන් බලන්න. නුඹට දුන් රැළ වන නුඹේ අලංකාර රැළ කොයිද?

21. නුඹට යහළුවන් වෙන්ට නුඹම ඉගැන්වූ අයවලුන් උන්වහන්සේ නුඹ කෙරෙහි ප්‍රධානකමට පත්කරන විට නුඹ මක්කියන්නෙහිද? බිහිකරන ස්ත්‍රියෙකුට මෙන් නුඹට වේදනා අල්ලන්නේ නැද්ද?

22. මේවා මම සිද්ධවුණේ මක්නිසාදැයි නුඹේ සිත තුළ නුඹ ඇසුවාම, නුඹේ අයුතුකමේ ඇඳුම් අහක්කරනු ලැබ, නුඹේ වහන්ද උදුරනු ලැබූ බව දැනගන්න.

23. කූෂ් වැසියාට තමාගේ හමවත් අඳුන් දිවියාට උගේ තිත්වත් වෙනස්කරන්ට පුළුවන්ද? පුළුවන් නම්, නපුර කරන්ට පුරුදුව සිටින නුඹලාටත් යහපත කරන්ට පුළුවන්වේ.

24. ඒ නිසා කාන්තාරයේ සුළඟට ගසාගන යන ඉපනැලි මෙන් ඔවුන් විසුරුවා දමන්නෙමි.

25. නුඹ මා මතක නැතිකොට බොරුවක් කෙරෙහි විශ්වාසකළ නිසා මේක නුඹේ කොටසත් මා විසින් නුඹට මැනදෙන පංගුවත්යයි ස්වාමීන්වහන්සේ කියනසේක.

26. එබැවින් මමත් නුඹේ ලජ්ජාව පෙනෙන පිණිස නුඹේ ඇඳුම නුඹේ මුහුණ පිට දැමුවෙමි.

27. නුඹේ මිථ්‍යාචාරකම්ද නුඹේ හේෂාරවය කිරීම්ද පිටත හෙල් පිට නුඹ කරන නුඹේ දූෂ්‍ය වේශ්‍යාකම්ද යන නුඹේ පිළිකුල්කම් මම දුටිමි. යෙරුසලම, නුඹට දුක්වේ! නුඹ පිරිසිදුවෙන්ට අකමැතිය; තව කොපමණ කලකින් එය සිදුවන්නේද?

About යෙරෙමියා Chapter 13

Read යෙරෙමියා Chapter 13 online from the Holy Bible. This chapter is part of the Book of යෙරෙමියා in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: යෙරෙමියා
Chapter: 13
Testament: Old Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading යෙරෙමියා. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading යෙරෙමියා Chapter 13 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is යෙරෙමියා Chapter 13?

යෙරෙමියා Chapter 13 is part of the Book of යෙරෙමියා in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete යෙරෙමියා Chapter 13 online for free with easy chapter navigation.

More Chapters from පැරණි ගිවිසුම

  1. නික්මයාම Chapter 1
  2. නික්මයාම Chapter 12
  3. නික්මයාම Chapter 6
  4. නික්මයාම Chapter 30
  5. නික්මයාම Chapter 26
  6. නික්මයාම Chapter 21
  7. නික්මයාම Chapter 10

Explore More from යෙරෙමියා

  1. යෙරෙමියා Chapter 42
  2. යෙරෙමියා Chapter 11
  3. යෙරෙමියා Chapter 19
  4. යෙරෙමියා Chapter 10
  5. යෙරෙමියා Chapter 45
  6. යෙරෙමියා Chapter 24
  7. යෙරෙමියා Chapter 35

Related Chapters & Readings

  1. ශු. මාර්ක් Chapter 15
  2. ලෙවී කථාව Chapter 5
  3. නාහුම් Chapter 1
  4. යෙරෙමියා Chapter 20
  5. ලෙවී කථාව Chapter 1
  6. නික්මයාම Chapter 36
  7. ගීතාවලිය Chapter 91
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *