Read නික්මයාම Chapter 15 Online
Read නික්මයාම Chapter 15 online from the Holy Bible. This chapter is part of the Book of නික්මයාම in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of නික්මයාම and the Holy Bible online.
Choose a Chapter
නික්මයාම 15
පරිච්ඡේදය 15
1. එවිට මෝසෙස් සහ ඉශ්‍රායෙල් පුත්‍රයෝ ස්වාමීන්වහන්සේට මේ ගීතිකාව ගායනාකරමින් මෙසේ කීවෝය: මම ස්වාමීන්වහන්සේට ගී කියන්නෙමි, මක්නිසාද උන්වහන්සේ තේජාන්විත ලෙස ජයගත්සේක. උන්වහන්සේ අශ්වයා සහ අසරුවා මුහුදට හෙළූසේක.
2. මාගේ ශක්තියද ගීතිකාවද ස්වාමීන්වහන්සේය, උන්වහන්සේ මාගේ ගැළවීම වූසේක. මේ මාගේ දෙවියන්වහන්සේය, උන්වහන්සේ වර්ණනාකරන්නෙමි; මාගේ පියාණන්ගේ දෙවියන්වහන්සේය, උන්වහන්සේ උසස්කරන්නෙමි.
3. ස්වාමීන්වහන්සේ යුද්ධ දක්ෂයෙක. උන්වහන්සේගේ නාමය ස්වාමීන්වහන්සේය.
4. ඵාරාවෝගේ රථ සහ ඔහුගේ සේනාව උන්වහන්සේ මුහුදට හෙළූසේක. ඔහුගේ තෝරාගත් සේනාපතියෝ රතු මුහුදෙහි කිඳාගියෝය.
5. ගැඹුරු ජලයෝ ඔවුන් වසාගනිති. ඔව්හු ගලක් මෙන් පතුලට කිඳුණෝය.
6. ස්වාමීන්වහන්ස, ඔබගේ දකුණත පරාක්‍රමයෙන් මහිමවත්ය, ස්වාමීන්වහන්ස, ඔබගේ දකුණත සතුරා කැබලිකරදමයි.
7. ඔබගේ මහන්තත්ත්වයේ උතුම්කමෙන් ඔබ ඔබට විරුද්ධව නැගිටින්නන් පරාජයකරනසේක. ඔබ ස්වකීය උදහස යවනසේක, එයින් ඉපනැල්ල මෙන් ඔව්හු දැවෙන්නෝය.
8. ඔබගේ නාසිකා වාතයෙන් ජලය ගොඩක් මෙන් සිටියේය, ජලධාරාවෝ ගොඩක් මෙන් කෙලින් සිටියෝය; මුහුද මැද ජලස්කන්ධයෝ මිදුණෝය.
9. සතුරා කියනුයේ: මම ලුහුබඳින්නෙමි, අල්වාගන්නෙමි, කොල්ලය බෙදන්නෙමි. මාගේ ආශාව ඔවුන් කෙරෙහි තෘප්තියට පමුණුවනු ලැබේ; මාගේ කඩුව අදින්නෙමි, මාගේ අත ඔවුන් විනාශකරන්නේයයි කීය.
10. ඔබ ස්වකීය හුස්ම පිඹලූසේක, එවිට මුහුද ඔවුන් වසාගත්තේය. ඔව්හු මහත් ජලයෙහි ඊයම් මෙන් කිඳුණෝය.
11. ස්වාමීන්වහන්ස, දෙවිවරුන් අතරේ ඔබට සමාන කවුද? ශුද්ධකමින් මහිමවත්වූ, ප්‍රශංසාවලින් භයංකරවූ, පුදුම දේ කරන්නාවූ ඔබ සමාන කවුද?
12. ඔබ ස්වකීය දකුණත දිගුකළසේක, පොළොව ඔවුන් ගිලගත්තාය.
13. ඔබවහන්සේ මුදාගත් සෙනඟ ස්වකීය කරුණාවෙන් යුක්තව ගෙනගියසේක. ඔබගේ ශුද්ධ වාසස්ථානයට ස්වකීය ශක්තියෙන් ඔවුන්ට මග පෙන්වූසේක.
14. ජනයන්ට ඇසුණේය, ඔව්හු වෙවුලති, වේදනාව වනාහි පිලිස්තියාවේ වැසියන් අල්වා ගත්තේය.
15. එවිට ඒදොම්හි අධිපතියෝ විස්මයට පත්වූවෝය; වෙවුලුම මෝවබ්හි බලවන්තයන් අල්වාගනී. කානාන්හි සියලු වැසියෝ දියව ගියෝය.
16. භීතිය හා භයංකරය ඔවුන් පිට වැටෙයි; ස්වාමිනි, ඔබගේ සෙනඟ එතරව යන තෙක්ද ඔබ මිලේට ගත් සෙනඟ එතරව යන තෙක්ද ඔබගේ බාහු බලය නිසා ඔව්හු ගලක් මෙන් නිශ්චලව සිටිති.
17. ස්වාමිනි, ඔබ වසන පිණිස සාදනලද ස්ථානයද ස්වාමිනි, ඔබගේ අත්වලින් පිහිටුවන ලද ශුද්ධස්ථානයද වන ඔබගේ උරුමයවූ කන්දට ඔවුන් ගෙන්වා එහි ඔවුන් සිටුවනසේක.
18. ස්වාමීන්වහන්සේ සදාකල්ම රජකම් කරනසේක.
19. මක්නිසාද ඵාරාවෝගේ අශ්වයෝ ඔහුගේ රථ සහ අසුරුවන් සමඟ මුහුද තුළට ගියෝය, ස්වාමීන්වහන්සේ සමුද්‍ර ජලධාරාවන් ඔවුන් පිටට හැරෙවූසේක; එහෙත් ඉශ්‍රායෙල් පුත්‍රයෝ වියළි භූමිය පිට මුහුද මැදින් ගියෝය.
20. එවිට ආරොන්ගේ සහෝදරීවූ මිරියාම් ප්‍රොපේත දූ තොමෝ රබානක් අතින් ගත්තීය; සියලු ස්ත්‍රීහු රබන්ද නැටුම්ද ඇතුව ඈ පස්සේ ගියෝය.
21. මිරියාම් ඔවුන්ට උත්තරදෙමින්: ස්වාමීන්වහන්සේට ගායනාකරව්, මක්නිසාද උන්වහන්සේ තේජාන්විත ලෙස ජයගත්සේක; උන්වහන්සේ අශ්වයා සහ අසරුවා මුහුදට හෙළූසේකැයි කීවාය.
22. තවද මෝසෙස් ඉශ්‍රායෙල් මිනිසුන් රතු මුහුදේ සිට ගෙනගියේය, ඔව්හු ෂූර් නම් වනාන්තරයට පිටත්ව ගියෝය; ඔව්හු තුන් දවසක් වනාන්තරයෙහි ගොස් වතුර නොලැබුවෝය.
23. ඔවුන් මාරාට පැමුණුණු කල එහි වතුර තික්ත නිසා බොන්ට නොහැකි විය. එබැවින් ඒ ස්ථානයට මාරා 15:23 එනම්, තික්තකම. යන නම තබනලද්දේය.
24. සෙනඟ: අපි කුමක් බොමුදැයි කියමින් මෝසෙස්ට විරුද්ධව කොඳුළෝය.
25. ඔහු ස්වාමීන්වහන්සේට හඬ ගැසීය; ස්වාමීන්වහන්සේ ඔහුට ගහක් පෙන්වූසේක, ඔහු ඒක ජලයට හෙළූ කල ජලය මිහිරි විය. එහිදී උන්වහන්සේ ඔවුන්ට නියෝගයක්ද පනතක්ද දුන්සේක, එහිදී උන්වහන්සේ ඔවුන් පරීක්ෂාකොට:
26. ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ හඬට ඔබ ඕනෑකමින් ඇහුම්කන්දී උන්වහන්සේගේ ඇස් හමුවෙහි හරිව තිබෙන දේ කොට උන්වහන්සේගේ ආඥාවලට කන්දෙමින් උන්වහන්සේගේ සියලු නියෝග රක්ෂාකරන්නෙහිනම් මිසරවරුන් පිට මා පැමිණෙවු රෝගවලින් එකක්වත් ඔබ පිටට නොපමුණුවන්නෙමි. මක්නිසාද මම වනාහි ඔබ සුවකරන්නාවූ ස්වාමීන්වහන්සේයයි කීසේක.
27. ඔව්හු දිය උල්පත් දොළසක් හා ඉඳිගස් සැත්තෑවක් ඇති ඒලිම්ට අවුත් එහි දිය අසල කූඩාරම් ගසාගත්තෝය.
About නික්මයාම Chapter 15
Read නික්මයාම Chapter 15 online from the Holy Bible. This chapter is part of the Book of නික්මයාම in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.
Book Information
Book: නික්මයාම
Chapter: 15
Testament: Old Testament
How to Read this Chapter
Use the Previous and Next Chapter buttons to continue reading නික්මයාම. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.
More Resources
Continue Reading the Bible
Continue reading නික්මයාම Chapter 15 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.
Frequently Asked Questions
What is නික්මයාම Chapter 15?
නික්මයාම Chapter 15 is part of the Book of නික්මයාම in the Holy Bible.
Can I read this chapter online?
Yes. You can read the complete නික්මයාම Chapter 15 online for free with easy chapter navigation.
More Chapters from නික්මයාම
- නික්මයාම Chapter 1
- නික්මයාම Chapter 30
- නික්මයාම Chapter 26
- නික්මයාම Chapter 12
- නික්මයාම Chapter 20
- නික්මයාම Chapter 6
- නික්මයාම Chapter 2
Explore More from පැරණි ගිවිසුම
- 1 සාමුවෙල් Chapter 11
- 2 ලේකම් Chapter 2
- ගණන් කථාව Chapter 5
- 2 රාජාවලිය Chapter 13
- ආමොස් Chapter 1
- එසකියෙල් Chapter 38
- යෙසායා Chapter 2