දානියෙල් Chapter 11

For English

Read දානියෙල් Chapter 11 Online

Read දානියෙල් Chapter 11 online from the Holy Bible. This chapter is part of the Book of දානියෙල් in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of දානියෙල් and the Holy Bible online.

Choose a Chapter

දානියෙල් 11

පරිච්ඡේදය 11

1. මම මේදියවූ දාරියුස්ගේ පළමුවෙනි අවුරුද්දේදී ඔහුට උපකාරයක්ද ආරක්ෂාවක්ද පිණිස සිටියෙමි.

2. තව රජවරු තුන්දෙනෙක් පර්සියාවෙහි නැගිටින්නෝය; සතරවෙනියා සියල්ලන්ට වඩා මහත් වස්තු සපයාගන තමාගේ වස්තුවෙන් බලවත්වූ කල්හි ග්‍රීක් රාජ්‍යයට විරුද්ධව සියල්ලන් පොලඹවන්නේය.

3. නුමුත් බලවන්ත රජෙක් නැගිට මහත් පරාක්‍රමයෙන් ආණ්ඩුකරමින් තමා කැමැති පරිද්දෙන් කරන්නේය.

4. ඔහු සිටගත්තායින් පසු ඔහුගේ රාජ්‍යය බිඳී, අහසේ සතර හුළඟට බෙදෙන්නේය; නුමුත් එසේ වෙන්නේ ඔහුගෙන් පැවත එන්නන්ටවත් ඔහු ආණ්ඩුකළ පරාක්‍රමයේ හැටියටවත් නොවේ; මක්නිසාද ඔහුගේ රාජ්‍යය උදුරාදමන්ට යෙදී, මොවුන්ට පමණක් නොව අන්‍යයන්ටත් ලැබෙන්නේය.

5. දකුණු දිශාවේ රජ නම් බලවත්වන්නේය; ඔහුගේ අධිපතීන්ගෙන් එක්කෙනෙක් ඔහුට වඩා බලවත්වී, ආණ්ඩු කරන්නේය; ඔහුගේ ආණ්ඩුව මහත් ආණ්ඩුවක් වන්නේය.

6. අවුරුදු ගණනක් ගියායින් පසු ඔව්හු එකතුවන්නෝය; දකුණු දිශාවේ රජුගේ දුව ගිවිසුමක් කරන්ට උතුරු දිශාවේ රජු ළඟට පැමිණෙන්නීය. එහෙත් ඇගේ හස්තයේ බලය පවතින්නේ නැත; ඔහුවත් ඔහුගේ හස්තයවත් නොපවත්නේය; ඈද ඇය ගෙන්වූ අයද ඇය ඉපදවූ තැනැත්තාද ඒ කාලවල ඈට උපකාරකළ තැනැත්තාද පාවාදෙනු ලබන්නෝය.

7. එහෙත් ඇගේ මුල්වල පැළයක්වූ කෙනෙක් ඔහුගේ ස්ථානයෙහි නැගිට, සේනාවට විරුද්ධව පැමිණ, උතුරු දිශාවේ රජුගේ බලකොටුවට ඇතුල්වී, ඔවුන්ට විරුද්ධව ක්‍රියාකොට ජයගන්නේය.

8. හෙතෙම ඔවුන්ගේ දෙවිවරුන්ද ඔවුන්ගේ වාත්තු පිළිමද ඔවුන්ගේ අනර්ඝ රිදී රත්රන් බඩුද අල්ලා මිසරයට ගෙනයන්නේය. තවද ඔහු උතුරු දිශාවේ රජුගෙන් අවුරුදු ගණනක් වැලෙකනවා ඇත.

9. ඔහු වනාහි දකුණු දිශාවේ රජුගේ රාජ්‍යයට විරුද්ධව පැමිණ, පසුව තමාගේ රටට හැරී යන්නේය.

10. නුමුත් ඔහුගේ පුත්‍රයන් යුද්ධකරනවා ඇත, ඔවුන් මහත් සේනාවල් රාශියක් රැස්කරනවා ඇත. ඔහු ඉදිරියටම ඇවිත්, ජලය මෙන් ගලා යටකරගන්ටද හැරී ඇවිත්, ඒ අයගේ බලකොටුව දක්වාත් යුද්ධකරනවා ඇත.

11. දකුණු දිශාවේ රජද කෝපයෙන් උමතුව පිටත්ව ඇවිත් ඔහු සමඟ, එනම් උතුරු දිශාවේ රජු සමඟ, යුද්ධකරන්නේය. ඔහු මහත් සමූහයක් සූදානම්කරගන්න නුමුත්, ඒ සමූහයා ඒ අය අතට පාවාදෙනු ලබන්නේය.

12. ඒ සමූහයා අල්වාගත්තාම ඔහුගේ සිත උසස්වන්නේය. මෙසේ ඔහු දස දහස් ගණන් අය හෙළාදමන නුමුත් ජය නොගන්නේය.

13. උතුරු දිශාවේ රජතෙමේ හැරී පළමු සමූහයාට වඩා මහත් සමූහයක් නැගුටුවාගෙන, අවුරුදු ගණනකට පසු මහත් සේනාවක් සහ බොහෝ සම්පත්ද ඇතුව එනවා ඇත.

14. ඒ කාලවලදී බොහෝ දෙනෙක් දකුණු දිශාවේ රජුට විරුද්ධව නැගිටින්නෝය. නුඹේ සෙනඟගේ බලාත්කාරකම්කරන්නොත් දර්ශනය ඉෂ්ටකරන්ට නැගිට, වැටීයන්නෝය.

15. උතුරු දිශාවේ රජද ඇවිත් ගොඩැල්ලක් නගා, පවුරු ඇති නුවරවල් අල්ලා ගන්නේය. දකුණු දිශාවේ රජුගේ සේනාවල්වත් ඔහුගේ තෝරාගත් සමුදාවවත් විරුද්ධව නොසිටින්නෝය, විරුද්ධව සිටින්ට ශක්තිය නැත.

16. එහෙත් ඔහුට විරුද්ධව එන තැනැත්තා තමාගේ කැමැත්ත ලෙස කරන්නේය, කිසිවෙකුට ඔහු ඉදිරියේ හිටින්ට බැරිවන්නේය. ඔහු අලංකාර දේශයේ සිටින්නේය, එය මුළුමනින්ම ඔහු අතට අසුවන්නේය.

17. ඔහු තමාගේ මුළු රාජ්‍යයේ බලය ඇතුව ඇතුල්වෙන්ට තමාගේ මුහුණ යොමුකරන්නේය; එහෙත් ඔහු ඒ අය සමඟ සමාදානයක් කරගෙන, පසුව ඒක නැතිකරන පිණිස ස්ත්‍රීන්ගෙන් දුවෙක් ඔහුට දෙන්නේය; නුමුත් එය ඉෂ්ටවෙන්නේවත් ඔහුට හරියන්නේවත් නැත.

18. තවද ඔහු තමාගේ මුහුණ ද්වීප දෙසට හරවා, බොහෝ ද්වීප අල්වාගන්නේය. නුමුත් අධිපතියෙක් ඔහු විසින් කරන නින්දාව නවත්වනවාත් ඇර, ඔහු කළ නින්දාව ඔහු පිටට හරවන්නේය.

19. ඔහුද තමාගේ මුහුණ තමාගේම දේශයේ බලකොටු දෙසට හරවා, පැකිල වැටී නැතිවන්නේය.

20. එකල ඔහුගේ ස්ථානයෙහි රාජ්‍යයේ අලංකාර දේශයෙහි ආදායම් අයකරන්නෙකු ඇවිදින්ට සලස්වන කෙනෙක් නැගිට, කෝපයවත් යුද්ධයවත් නැතුව ස්වල්ප දවසකින් විනාශවන්නේය.

21. ඔහුගේ ස්ථානයෙහි නීචයෙක් නැගිටින්නේය; ඔහුට රජකමේ ගෞරවය නුදුන් නුමුත් ඔහු හදිසියෙන් පැමිණ, ඉච්චාවලින් රාජ්‍යය ලබාගන්නේය.

22. ජලගැල්මක් සමාන සේනාවෝ ගිවිසුමක් කරගත් අධිපතියාත් ඇතුව ඔහු ඉදිරියෙන් දියපහරකින් මෙන් බිඳීයන්නෝය.

23. ඔහු සමඟ බැඳුණායින් පසු ඔහු වංචාවෙන් ක්‍රියාකොට, ගොස් ස්වල්ප සෙනඟක් කරණකොටගෙන බලවත්වන්නේය.

24. ඔහු හදිසියෙන් දේශයේ සාරවත් තැන්වලට පැමිණ, තමාගේ පියවරුන්වත් තමාගේ පියවරුන්ගේ පියවරුන්වත් නොකළ දේ කරන්නේය; ඔහු කොල්ලයත් උදුරා ගත් දේත් සම්පතුත් ඔවුන්ට බෙදාදෙන්නේය. කාලයක් යන තුරු බලකොටුවලට විරුද්ධව තමාගේ යෝජනාද යොදන්නේය.

25. ඔහු දකුණු දිශාවේ රජුට විරුද්ධව මහත් සේනාවක් ඇතුව, තමාගේ බලයත් වීර්යයත් පොලඹවාගන්නේය; දකුණු දිශාවේ රජද ඉතා මහත්වූ බලවත්වූ සේනාවක් ඇතුව යුද්ධයට නැගිටින්නේය. නුමුත් ඔහුට හිටින්ට බැරිවන්නේය, මක්නිසාද ඔව්හු ඔහුට විරුද්ධව උපා යොදන්නෝය.

26. එසේය, ඔහුගේ භෝජනයෙන් කන අය ඔහු නැතිකරන්නෝය, ඔහුගේ යුද්ධ සේනාව විසිරයනවා ඇත. බොහෝ දෙනෙක්ම මැරුම්කා වැටෙනවාද ඇත.

27. ඒ රජුන් දෙදෙනාගේ සිත් වනාහි නපුර කිරීමට යෙදී, එක මේසයේ හිඳගෙන ඔව්හු බොරු කියන්නෝය. නුමුත් ඉෂ්ටවෙන්නේ නැත; මක්නිසාද නියම කාලය දක්වා තීන්දුව තව ප්‍රමාද වන්නේය.

28. එකල ඔහු බොහෝ සම්පත් ඇතුව තමාගේ දේශයට හැරීයනවා ඇත; ඔහු තමාගේ සිත ශුද්ධ ගිවිසුමට විරුද්ධව තබා, තමාගේ කැමැත්ත ඉෂ්ටකොට, තමාගේ දේශයට හැරීයන්නේය.

29. නියම කාලයේදී ඔහු නැවත දකුණු දිශාවට එන්නේය; නුමුත් අන්තිම ගමන පළමුවෙනි ගමන මෙන් නොවන්නේය.

30. මක්නිසාද කිත්තීම් නැව් ඔහුට විරුද්ධව එන්නේය; ඔහුද කලකිරී, හැරී ගොස්, ශුද්ධ ගිවිසුමට විරුද්ධව කෝපවී, තමාගේ කැමැත්ත ඉෂ්ටකොට, ශුද්ධ ගිවිසුම අත්හරින්නන් නැවත සලකනවා ඇත.

31. ඔහු විසින් නැගුටුවන සේනා පැමිණ, බලකොටුව වන ශුද්ධස්ථානය කෙලහා, දවස්පතා පූජාව පහකොට, පාළුකරන පිළිකුල පිහිටුවනවා ඇත.

32. ගිවිසුමට ද්‍රෝහිකාරව සිටින්නන් ඔහු ඉච්චාවලින් ඇදගන්නේය. නුමුත් තමුන්ගේ දෙවියන්වහන්සේ හඳුනන්නෝ වන සෙනඟ බලවත්වී, සමර්ථකම් කරන්නෝය.

33. සෙනඟ අතරෙන් නුවණ ඇත්තන් විසින් බොහෝ දෙනෙකු ඥානයට පමුණුවනවා ඇත. නුමුත් දවස් ගණනක් කඩුවෙන්ද ගින්නෙන්ද දාසකමෙන්ද කොල්ලකෑමෙන්ද ඔවුන් වැටෙනවා ඇත.

34. ඔවුන් වැටෙන කල ස්වල්ප වශයෙන් ඔවුන්ට උපකාර ලැබේ. බොහෝ දෙනෙක්ද ඉච්චාවලින් ඔවුන්ට එකතුවෙනවා ඇත.

35. තීන්දුවේ කාලය දක්වා ඔවුන් පිරිසිදුකර ශුද්ධපවිත්‍රකරන්ට ඔවුන්ගෙන් නුවණ ඇති සමහරු වැටෙන්නෝය. මක්නිසාද නියම කාලය තව ප්‍රමාදවන්නේය.

36. රජද තමාගේ කැමැත්තේ හැටියට කර, සියලු දෙවිවරුන්ට විරුද්ධව උසස්වී, උඩඟුවී, දෙවිවරුන්ගේ දෙවියන්වහන්සේටත් විරුද්ධව අපූරු දේ කථාකරනවා ඇත. උදහස තීන්දුවෙන තුරුද ඔහු සඵලවෙනවා ඇත; මක්නිසාද නියමය ඉෂ්ටවන්නේය.

37. ඔහු තමාගේ පියවරුන්ගේ දෙවිවරුන් සලකන්නේවත් ස්ත්‍රීන්ගේ ආශාව හෝ වෙන කිසි දෙවිකෙනෙකු හෝ සලකන්නේවත් නැතුව සියල්ලන්ට විරුද්ධව උඩඟුවන්නේය.

38. එහෙත් බලකොටු දෙවියාට නම් ඔහුගේ ස්ථානයේදී ඔහු ගෞරව දෙමින්, තමාගේ පියවරුන් ඇඳින නොගත් දෙවියෙකුට රන් රිදීවලින්ද මැණික්වලින්ද අගේ ඇති දේවලින්ද ගෞරව දෙන්නේය.

39. ඉතා සවිඇති බලකොටුවලට අන්‍ය දෙවියෙකු ඇතුව ඔහු මෙසේ කරනවා ඇත; ඔහු පිළිගන්න අයින්ට ඔහු බොහෝ ගෞරව දී, බොහෝ දෙනෙකු කෙරෙහි ඔවුන් ආණ්ඩුකාරයන් කර, මුදලට රට බෙදාදෙනවා ඇත.

40. තීන්දුවේ කාලයේදී දකුණු දිශාවේ රජ ඔහුට විරුද්ධව පැමිණෙන්නේය. නුමුත් උතුරු දිශාවේ රජ කුණාටුවක් මෙන් රථද අසරුවන්ද බොහෝ නැව්ද ඇතුව ඔහුට විරුද්ධව ඇවිත්, දේශවලට වැද, ජලය මෙන් ගලාගන සැරෙන් පැමිණෙන්නේය.

41. ඔහු අලංකාර දේශයටත් ඇතුල්වන්නේය, බොහෝ රටවල්ද වැටෙනවා ඇත. එහෙත් ඒදොම්ද මෝවබ්ද අම්මොන් පුත්‍රයන්ගේ ප්‍රධාන කොට්ඨාසයද ඔහුගේ අතින් ගැළවෙනවා ඇත.

42. ඔහු තමාගේ අත් රටවල් කෙරෙහි දිගුකරන්නේය. මිසර දේශයද නොගැළවෙන්නේය.

43. ඔහු මිසරයේ රන් රිදී නිධානද සියලු අගේ ඇති දේවල්ද කෙරෙහි බලය පවත්වන්නේය. ලූබ්වරුද කූෂ්වරුද ඔහුගේ අඩිපාරේ යන්නෝය.

44. නුමුත් නැගෙනහිරෙන්ද උතුරෙන්ද පැමිණෙන ආරංචිවලට ඔහු කැලඹී, බොහෝ දෙනෙක් නාස්තිකරන්ටත් සිඳදමන්ටත් මහත් කෝපයෙන් පිටත්වන්නේය.

45. ඔහු මාළිගා වැනිවූ තමාගේ කූඩාරම් මුහුදටත් අලංකාරවූ කන්දටත් අතරෙහි පිහිටුවා, පසුව තමාගේ අන්තිමයට පැමිණෙන්නේය, කිසිවෙක්ද ඔහුට උපකාර නොකරන්නේය.

About දානියෙල් Chapter 11

Read දානියෙල් Chapter 11 online from the Holy Bible. This chapter is part of the Book of දානියෙල් in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: දානියෙල්
Chapter: 11
Testament: Old Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading දානියෙල්. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading දානියෙල් Chapter 11 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is දානියෙල් Chapter 11?

දානියෙල් Chapter 11 is part of the Book of දානියෙල් in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete දානියෙල් Chapter 11 online for free with easy chapter navigation.

More Chapters from දානියෙල්

  1. දානියෙල් Chapter 1
  2. දානියෙල් Chapter 7
  3. දානියෙල් Chapter 5
  4. දානියෙල් Chapter 12
  5. දානියෙල් Chapter 8
  6. දානියෙල් Chapter 3
  7. දානියෙල් Chapter 2

Explore More from පැරණි ගිවිසුම

  1. යෙරෙමියා Chapter 1
  2. ගණන් කථාව Chapter 22
  3. ගණන් කථාව Chapter 35
  4. විනිශ්චයකාරයන් Chapter 15
  5. ද්වීතීය කථාව Chapter 15
  6. 1 ලේකම් Chapter 11
  7. යෙරෙමියා Chapter 45

Related Chapters & Readings

  1. ශු. මතෙව් Chapter 6
  2. යෝෂුවා Chapter 5
  3. ගණන් කථාව Chapter 25
  4. 1 ලේකම් Chapter 14
  5. ශු. යොහන් Chapter 5
  6. ක්රිරයා Chapter 14
  7. කොලොස්සි Chapter 4
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *