Read උත්පත්ති Chapter 16 Online
Read උත්පත්ති Chapter 16 online from the Holy Bible. This chapter is part of the Book of උත්පත්ති in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of උත්පත්ති and the Holy Bible online.
Choose a Chapter
උත්පත්ති 16
පරිච්ඡේදය 16
1. ආබ්‍රම්ගේ භාර්යාවවූ සාරයි ඔහුට දාව දරුවන් බිහිනොකළාය. ඈට හාගර් නම් මිසරීය දාසියක් සිටියාය.
2. සාරයි ආබ්‍රම්ට කථාකොට: ස්වාමීන්වහන්සේ මා දරුවන් බිහිකිරීමෙන් වැළැක්වූසේක; මාගේ දාසිය වෙතට පැමුණුණ මැනවි, සමහරවිට ඈ කරණකොටගෙන මට දරුවෝ ලැබෙතැයි කීවාය. ආබ්‍රම් සාරායිගේ හඬට කන්දුන්නේය.
3. ආබ්‍රම් කානාන් දේශයෙහි දස අවුරුද්දක් වාසයකළ පසු ආබ්‍රම්ගේ භාර්යාවවූ සාරයි තමාගේ දාසීවූ මිසරීය හාගර් ගෙන තමාගේ පුරුෂයාවූ ආබ්‍රම්ට භාර්යාවක් කොට පාවාදුන්නාය.
4. ඔහු හාගර් වෙතට පැමිණියේය, ඈ ගර්භිණීවූවාය. ඈ තමා ගර්භිණීවූ බව දැනගත් කල ඇගේ ස්වාමිදුව සුළුකොට සැලකුවාය.
5. සාරයි ආබ්‍රම්ට කථාකොට: මට වූ අයුත්ත ඔබ කෙරෙහි වේවා. මාගේ දාසිය ඔබේ ළයට දුනිමි; ඈ තමා ගර්භිණීවූ බව දැනගත් කල මා සුළුකොට සැලකුවාය. ස්වාමීන්වහන්සේ මා සහ ඔබ අතරෙහි විනිශ්චයකරනසේක්වයි කීවාය.
6. ආබ්‍රම්ද: බලව, ඔබේ දාසිය ඔබ යටතේය; ඔබට යහපත්ව පෙනෙන ලෙස ඈට කරන්නැයි සාරයිට කීය. සාරායි ඈට හිරිහැරකළාය, ඈ සාරයි ඉදිරියෙන් පලාගියාය.
7. කාන්තාරයේ දිය උල්පතක් ළඟදී, එනම්, ෂුර්ට යන පාරේ තිබෙන දිය උල්පත ළඟදී, ඈ ස්වාමීන්වහන්සේගේ දූතයාට සම්බවුණාය.
8. උන්වහන්සේ: සාරයිගේ දාසීවූ හාගර්, ඔබ කොතැන්හි සිට ආයෙහිද? කොතැනට යන්නෙහිදැයි කීසේක. ඈ: මාගේ ස්වාමිදුවවූ සාරයි ඉදිරියෙන් පලායමියි කීවාය.
9. එවිට ස්වාමීන්වහන්සේගේ දූතයා: ඔබේ ස්වාමිදුව වෙතට හැරී ගොස් ඈට යටත්ව සිටින්නැයි කීසේක.
10. තවද ස්වාමීන්වහන්සේගේ දූතයා: ඔබේ වංශය ගණන්කළ නොහැකි තරම් සමූහයක් වන පිණිස බොහෝසෙයින් වැඩිකරන්නෙමියි ඈට කීසේක.
11. ස්වාමීන්වහන්සේගේ දූතයා: බලව, ඔබ ගර්භිණීව සිටියි, පුත්‍රයෙකු වදන්නීය; ස්වාමීන්වහන්සේ ඔබේ පීඩාව ඇසූ හෙයින් ඔහුට ඉෂ්මායෙල් 16:11 එනම්, දෙවියන්වහන්සේ අසනසේක. යන නාමය තබන්න.
12. ඔහු වල් කොටළුවෙකු වැනි මනුෂ්‍යයෙක් වන්නේය; ඔහුගේ අත කාහටත් විරුද්ධවන්නේය, කාගේ අතත් ඔහුට විරුද්ධවන්නේය; ඔහු තමාගේ සියලු සහෝදරයන් ඉදිරියෙහි වාසයකරන්නේයයි කීසේක.
13. ඈ තමාට කථාකළාවූ ස්වාමීන්වහන්සේට: එල් රොයි 16:13 එනම්, සියල්ල දකින දෙවියන්වහන්සේය. යන නාමය කීවාය. මක්නිසාද: මා දක්නාවූ උන්වහන්සේ දෙස මෙහිදී බැලුවායින් පසු පවා ජීවත් වුණා නොවේදැයි ඈ කීවාය.
14. එබැවින් ඒ ළිඳට බෙයෙර්-ලහයි-රොයි 16:14 එනම්, මා දක්නාවූ ජීවමාන තැනන්වහන්සේගේ ළිඳය. යන නම තබනලද්දේය. බලව, එය කාදෙෂ් සහ බෙරෙද් අතරෙහි තිබේ.
15. හාගර් ආබ්‍රම් නිසා පුත්‍රයෙකු බිහිකළාය. ආබ්‍රම් වනාහි හාගර් බිහිකළාවූ තමාගේ පුත්‍රයාට ඉෂ්මායෙල් යන නම තැබීය.
16. හාගර් ආබ්‍රම් නිසා ඉෂ්මායෙල් බිහිකළ විට ආබ්‍රම්ගේ වයස අසූ සාවුරුද්දක් විය.
About උත්පත්ති Chapter 16
Read උත්පත්ති Chapter 16 online from the Holy Bible. This chapter is part of the Book of උත්පත්ති in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.
Book Information
Book: උත්පත්ති
Chapter: 16
Testament: Old Testament
How to Read this Chapter
Use the Previous and Next Chapter buttons to continue reading උත්පත්ති. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.
More Resources
Continue Reading the Bible
Continue reading උත්පත්ති Chapter 16 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.
Frequently Asked Questions
What is උත්පත්ති Chapter 16?
උත්පත්ති Chapter 16 is part of the Book of උත්පත්ති in the Holy Bible.
Can I read this chapter online?
Yes. You can read the complete උත්පත්ති Chapter 16 online for free with easy chapter navigation.
More Chapters from උත්පත්ති
- උත්පත්ති Chapter 2
- උත්පත්ති Chapter 39
- උත්පත්ති Chapter 19
- උත්පත්ති Chapter 1
- උත්පත්ති Chapter 49
- උත්පත්ති Chapter 33
- උත්පත්ති Chapter 30
Explore More from පැරණි ගිවිසුම
- යෝෂුවා Chapter 13
- යෙසායා Chapter 19
- යෙසායා Chapter 25
- නික්මයාම Chapter 5
- එසකියෙල් Chapter 44
- 1 රාජාවලිය Chapter 18
- උත්පත්ති Chapter 33